අද අපූරු උත්සවයකට ලැබුන ආරාධනාවක් නිසා මහනුවර ගියා.
ඒ සෙංකඩගල විශේෂ පාසලට. මේ ඉස්කෝලේ ඉන්නේ ශාරීරික ආබාධ සහිත දරුවන්. ඒ කියන්නේ කොටසක් අන්ධයි, නැත්නම් කන් ඇහෙන්නේ නෑ. කන් ඇහෙන්නේ නැති නිසාම ගොළුයි.
මේ උත්සවය සූදානම් කරලා තිබුනේ දරුවන්ගේ දක්ෂකම් එළිදැක්වීමට උනත්, එහි හැබෑ අරමුණ උනේ මේ සමාජයේ ආබාධිත ජනතාව ගැන තිබෙන ජන මතය වෙනස් කරන එක. ඒ දරුවෝ ගැන කතා කරන එක. ඒ දරුවන්ට පුළුවන් තරම් සාමාන්‍ය සමාජයට හුරු කරවන එක වගේම පිළිගැනීමට ලක් කරන එක.
මේ ඉස්කෝලෙට පය ගහන කොටම එහි ඇති වෙනස තේරුම් යනවා. පිළිගැනීමේදීම මාත් එක්ක යන්න කන් නෑසෙන, කතා නොකරන දරුවෙක් සූදානම් කරලා තිබුනා. ඒ පොඩි දරුවා තමයි මාව ඒ ප්‍රදර්ශන කුටි වලට එක්කගෙන ගියේ. ඒ ඉස්කෝලේ වත්ත හරිම සශ්‍රීකයි. හැම තැනම පිළිවෙලට දාපු පාත්ති වල එළවළු පළතුරු වවලා තිබුනා. කාලයක් ඉඳලා මහන්සි වෙලා ගොඩ නගපු ලස්සන පාසල් වත්තක ආඩම්බරයෙන් ඒ දරුවා මාව එක්කගෙන ගියා.
මුලින්ම පොඩි කෑම කඩයක්. රස වින්දේ පානි පූරියි, කැවුමකුයි, ප්ලේන්ටියයි. ළමයින්ගේ චිත්‍ර, පොඩි අත්කම්, වෘත්තීය පුහුණු නිර්මාණ ආදිය බොහෝමයි. ගුරුවරුන් සමග ඇති වුන සාකච්ඡාව හරි සුවිශේෂයි. ඔවුන් දරන මහන්සිය ඒ පංති කාමර පුරාවට පෙනෙන්නට තිබුණා. ඒ වගේම ඒ හැමෝම හරි සතුටින් ඉන්න බව ලේසියෙන් කියවා ගන්න පුළුවන්. ඒ ගුරුවරුන් මේ දරුවන්ට ලොකුම සම්පතක්.
මේ අපූරු ඉස්කෝලේ ලොකුම ශක්තිය තමයි විදුහල්පතිනිය. ඇය ඉතා දක්ෂ කළමනාකාරිණියක් බව පැහැදිලිව පේන්න තිබුනා. හොඳ නායකත්වයක්, ඒ නායකත්වය විශ්වාස කරන ටීම් එකක්, මනාව සකස් කළ වැඩපිළිවෙලක් නිසා අද ලැබුන අත්දැකීම ඉතාමත් වටිනවා.
අවසානයේ දරුවන්ගේ නැටුම් ගැයුම් බලලා තවත් සතුටු උනා. අන්ධ දරුවන් සිංදු කිව්වා. ගොළු දරුවන් කන් ඇහෙන්නේ නැති උනත්, සිංදුවලට නැටුවා. ඒ ස්ටේජ් එක ඉස්සරහ නටන ගුරුතුමිය දිහා බලා ගෙන. ඒ පුංචි හිත් වගේම මගේ හිතත් ප්‍රබෝධයෙන් පිරිලා ගියා.
ඔවුන් දෙන පණිවිඩය ලෝකය එක්ක බෙදා ගන්න මම උත්සාහ කරන්නේ. පේජ් එක restricted නිසා ලොකු පිරිසකට පේන එකක් නෑ. පේන ඔබට ඒ පණිවිඩය දැනේවා.
පැතුම් කර්නර් #හරිත