පැතුම් ජීවිතය රැක ගන්න තීරණය කරාවිද???

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පාර්ලිමේන්තුව අසළ පොල්දූව මංසන්ධියේ සිදුවීම උනේ ජුලි 13 වෙනිදා හවස.

    මම ඒ සිදුවීමට අවතීර්ණ උනේ හවස 5.45 ට. එතන ලයිව් වීඩියෝ 5 ක් කලා. එතනින් පිටත් උනේ රාත්‍රී 8.30ත් 9ත් අතර.

    එතන ගැටුම් උත්සන්න විමත්, හමුදා සෙබළුන්ට පහර දීමත් , අවි සහ පතුරම් නැති වීමත් පිළිබඳව ආරංචි උනේ තවත් රෑ උනාට පස්සේ.

    ඇතැම් ක්‍රියාකරුවන් සූක්ෂම ලෙස මෙය මාගේ වැඩක් යැයි ද මා වගකීම ගත යුතු යැයි ද ප්‍රසිද්ධියේ ක්‍රියා සිටියා. ඒ වීඩියෝව මිලියනයක් ඉක්මවා නරඹා තිබුනා. එහි shares ප්‍රමාණය 42000ක්.

    පසුව දා උදේ පත්තර වල තුවක්කු අතුරුදහන් වීම සහ, අනතුරුව එයට මගේ නම ගෑවෙන ආකාරයේ ප්‍රවෘත්ති පල උනා. ඒවා උදෑසන පත්තරේ කියවන ටීවී වැඩසටහන් වල රසට කියැවුනා. ඒත් එක්කම ජීවිතේ මෙතෙක් අත් නොවිඳි මඩ කැම්පේන් එකක් ක්‍රියාත්මක උනා.

    මර්ධනය අත ළඟ බව පෙනුන නිසා මා නිවසින් ඈත් උනා. 16 වන සෙනසුරාදා රාත්‍රියේ අපේ ගෙදරට පොලිසියේ 8 දෙනෙකුගේ කණ්ඩායමක් ආවා. විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීමට 17වන ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාසයට එන්න කියලා පොඩි කොළයක ලියලා ගිහින් තිබුනා.

    17 ඉරිදාවක්. නීතීඥ උපදෙස් ලැබුනේ ඉරිදා නිසා ඒ දිනය මග හැර සඳුදට යන ලෙසත්. ඒ අනුව මා දුරකථන මගීන් ඔවුන්ට දැනුම් දුන්නා සඳුදා එන බවට.

    18 වන සඳුදා උදේ ලක ලැහැස්ති වී යන්න සැරසෙන විට හදිසි නීතිය දමා තිබුනා. ඒ විතරක් නෙවෙයි 19 සහ 20 දෙදින මහා අධිකරණ වසා දමා තිබුනා. එවන් තත්ත්වයක් මත අපරාධ කොට්ඨාසයට ගිය විට රැඳවුම් නියෝග මත මා කාලයක් තබා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. මා හට කැඳවීම කර තිබුනේ හදිසි නීතියට පෙර බැවින් මේඋගුලට හසුවීම අනුවණ කමක් ලෙස පෙනුණා. ඒ අනුව යමින් මානව හිමිකම් කවුන්සිලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කල මා අපරාධ කොට්ඨාසයට පසුව පැමිණෙන බව නීතීඥයෝ මගීන් ලිඛිතව දැනුම් දී පිටවී ගියා.

    18 හවස ආයෙත් පොලිසියෙන් ගෙදරට පැමිණියා. එවර 10 ක් පමණ, අවි අතැතිව පෑමිණ සිටියා. ඔවුන් මා නොපැමිණීම ගැන හේතු පරීක්ෂා කිරීමට පැමිණ තිබුනේ. මා පසුවු තාවකාලික රෝගී තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කලා. ගෙදර නොසිටි බැවින් මා රැගෙන යෑමට ඔවුන්ට හැකි වූයේ නෑ.

    ඒ අතරතුර කාලයේ අප මානව හිමිකම් නඩුව ගොනු කිරීමට යොමු උනා. හදිසි නීතිය භාවිතා කරමින් ගෝඨාගමට කල ප්‍රහාරය, අත් අඩංගුවට පැමිණ වීම් ඒ අතර සිදු උනා. මර්ධනය ක්‍රියාත්මක බව පැහැදිලිව පෙනෙන්නට තිබුනා.

    ඒ අතර මඩ කැම්පේන් කරුවන් මගේ පළු අරිමින් සිටියා. මා හට වරෙන්තු නිකුත් කර ඇති බවත්, අවි නැතිවීමට මා සම්බන්ධ බවටත් ඔවුන් කට කතා ප්‍රචාරණය කලා. එහෙත් මා හට කිසිදු විටෙක වරෙන්තු නිකුත් කර තිබුනේ නෑ.

    ඒත් සමගම, අපේ නීතීඥයන්ට කතා කල අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ අර රැට්ටා නැමැත්තා විසින් කල වීඩියෝවේ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන්නේ මා හට බැවින් ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙන බවයි.

    මේ අතර අපේ අසල් වැසි නිවසට පැමිණි CID නිලධාරියෙකු යැයි කියලා කෙනෙක්, හැඳුනුම්පත් පෙන්වා මා පිළිබඳව විමසා තිබුනා. ඔහු ඒ නිවැසියන් හට ප්‍රකාශ කර තිබුනේ මා අවි සොරා ගෙන ඇති බවත්, සන්නද්ධ අරගලයකට අවි පුහුණුව ලබා දෙන බවත් ලේ වැගිරවීමකට සූදානම් වන බවත්. එය සාවද්‍ය ප්‍රකාශයක් බැවින් ඒ අසල්වැසියන් සමග ගොස් මාගේ මව මානව හිමිකම් කොමිසමට යලි පැමිණිලි කලා.

    ඊළඟ දවසේ දියවන්නාවෙන් අවියක් ගොඩ ගත්තා. තවත් දවසකින් පතුරම් ගැබ සොරකම් කල අයෙකු අත් අඩංගුවට ගත්තා.

    මේ අතරේ ජුලි 26 වන දින 15 ක පොලිස් කණ්ඩායමක් අවි සහිතව පැමිණ මාගේ නිවස වැටලුවා. මා එහි සිටිනවා දැයි ඔවුන් පරික්ෂා කිරිමට උත්සහ කළා. ඔවුන් සතුව නිවස පරීක්ෂා කිරීමට වරෙන්තු තිබුනේ නෑ. මාගේ මව විසින් එක් පුද්ගලයෙකුට නිවස පරීක්ෂා කිරීමට අවසර ලබා දී තිබුනා. පොලිස් කණ්ඩායම අපේ අයියාගෙ නිවසත් පරීක්ෂා කොට පිටව ගොස් තිබුනා.

    අප මේ සිදුවීම් සියල්ල පිළිබඳව නීතීඥයෝ මාර්ගයෙන් විදෙස් තානාපති වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සග මානව හිමිකම් කොමිසමට දනුම් දුන්නා.

    ඒ අතර ඒ කටයුතු සම්පූර්ණ කර ඇති බැවින්, පොලිසියට හෙට 28 දිනයේ ගොස්, දින 10 ක ඇවෑමෙන්, මා ප්‍රකාශයක් ලබා දෙනවා.

    ඒ දින 10 තුල රටේ බොහෝ දේවල් වෙනස් උනා. නැති වූ අවි හමු උනා. මර්ධනය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු උනා. පාර්ලිමේන්තු මංත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජුලි 27 දින පාර්ලිමේන්තුවේ දී ද මේ බව ඔහුගේ කතාව තුල සඳහන් කිරීමට කාරුණික උනා.

    කතාව සැකෙවින් එපමණයි.

    මේ කාලය තුල අපි තරමක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කලා. ඒ රට නිවෙන්නට හැරීමත් මර්ධනයෙන් මිදී නිදහස හෝ ජීවිතය රැක ගැනීමත් අත්‍යාවශ්‍ය නිසා. මේ ටික විසඳ ගෙන මඩ ටික හෝද ගෙන උඩ මතු වෙන්නම්. එතකං ඔබ ඉවසීමෙන් බලා ඉන්න. මට වදින මඩ ඔබේ ඇස් වල ගාව ගන්න එපා.

    මර්ධනයට මුහුණ දෙන්න පුළුවන්. අපි බලා ගෙන ඉමු.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    උදෑසන අවදි වත්ම හිරු එළිය වැටෙන යකඩ ගේට්ටුව දිහා බලා සිටීමට සිදු වීම හිත තුල වූ 'මා සිර කරුවෙකුයි' යැන හැඟීම වේගයෙන් අවදි කරයි. උදෑසන හය වන විට ඇහෙන යකඩ තැටිය තලන සද්දය ඇහෙන තුරු කන් දෙකට ඉවසිල්ලක් නැතුවා සේය. නැංගුරම් දමූ නැවක නැංගුරම පපුවට වැටුනා මෙන් නිදි පැදුරෙන් නැගිටීමටත් බැරි බරක් හිතේ කැකෑරේ. බොයිලේරුවක පීඩනයෙන් තැම්බෙන වතුර පපුව මැද්දේ නටමින් පිටවෙන වාශ්ප මෙන් සුසුම් සමග වේගයෙන් පිටවීමට තනයි. ඒවායේ සද්දයට අහලින් නිදන මරුවා ඇහෙරේවී යැයි සිතා හැඟීම් හිත තුලම සිර කර ගැනීම වඩා යෝග්‍යයැයි සිතා ඒ වේදනාවන් හිතේම තද කර ගත්තෙමි.

    සිර ගෙදර මේ ගත වන දෙවැනි දවසේ පළමු දිනයට වඩා දැඩි පීඩනයකින් සිත වෙලා ගෙන ය. පෙර දිනයේ මාගේ නීතීඥයා ලෙස හමුවීමට පැමිණි උඳුල් ප්‍රේමරත්න විසින් කියා දී ගිය කරුණු නිසා සිතේ තැවුල වැඩි බී තිබේ.

    " උඹව දාන්න ඉන්නේ පෙරැට්ටුවකට. ඕක වට තුනක් ඇදගෙන යන්න පුළුවන්. ඕකෙන් උඹව අනිවාර්යයෙන් හඳුනා ගන්නවා. උඹ එතන හිටියේ නෑ කියලා එකක් නෑ. එහෙම රාජ්‍යයක උඹ ජීවත් වෙන්නේ. එහෙම රාජ්‍යයක් එක්ක උඹ හැප්පුනේ. ඒවාට මූණ දෙන්න වෙන කොට මේ වගේ තමයි."

    " උඹ අගෝස්තු 4 නඩු දිනේට යන කොට ඇප ලැබෙයි කියලා විශ්වාස කරන්න එපා. හිත හදා ගෙන ඉඳපං. ලැබුනොත් හොඳයි. නොලැබුනොත් උඹට තවත් ඔය පීඩනය වැඩි වෙනවා. මාස 6ක් වත් ඉන්න සූදානම් වෙයන්." - ඔහුගේ වචන මගේ හිතට කඩා පාත් වූයේ අකුණු ගසන්නාක් මෙනි. උඳුල් මේ හිර ගෙදර යාව ජීව සාමාජිකයෙකුව සිටියේ ය. අන්තරේ කැඳවුම් කරු ලෙස කලක් සේවය කල ඔහු ඒ සමයේ හිර ගත වූයේ පුරුද්දට මෙනි. මේ හිර ගෙදර බොහෝ නිලධාරීන් ඔහු සමග තවමත් බොහෝ හිතවත් ය. වාට්ටු තිබෙන තැන්, ඒවායේ ඔහු සිටි අයුරු, එහිදි මාකඳුරේ මදුෂ් ආදීන් ඇසුරු කිරීමට සිදුවූ අයුරු ඔහු මීට පෙර දමා හට කියා තිබුනේ ය.

    කොළඹ නාලන්දයේ 2001 උසස් පෙළට ජීව විද්‍යාව ඉගෙන ගත් මමත් උඳුලුත් එක ලඟින්ම බංකු දෙකේ අන්තිම පේලියේ වූ ගජ මිතුරන් වූයේ ය. මා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සමත් වෙද්දි උඳුල් පේරාදෙණියේ දන්ත වෛද්‍ය පීඨයට ගියේ ය. එහිදී ශිෂ්‍ය දේශපාලනයේ පුරෝගාමියෙකු වූ ඔහු, පූර්ණ කාලීන ක්‍රියාකරුවෙකු ලෙස අන්තරේ සමග එක් වූයේ දන්ත වෛද්‍ය අධ්‍යාපනයට සමු දීමෙනි. එහෙත් ඒ සමගම සමගාමීව නීති විද්‍යාලයට එක් වූ ඔහු පසු කාලීනව නීතීඥයෙකු ලෙස සමත් වූයේ ය. එක කූඩුවේ වූ කුරුල්ලෝ දෙදෙනෙකු දෙපැත්තට වැටුණාක් මෙන් මා සිංගප්පූරුවේ රැකියාවට ගොස් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයට බර වූ දේශපාලනයකට පිවිසි අතර, පේරාදෙණියේ ශිෂ්‍ය දේශපාලනය තෝරා ගත් උඳුල් වාමාංශිකයෙකු වූයේ ය.

    ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ද ඔහු ඇසුරු කල පොත පත ද ඔහු ඇසුරු කල සමාජය ද ඔහුව නිරායාසයෙන් වාමාංශිකයෙකු කරද්දී, රට හදන ධනය ජනිත කරනවන පාර සොයා ගිය මා ඇසුරු කල පොත පත, සමාජය ආදියෙන් ලිබරල් වෙළඳපොළ ආර්ථිකයක් විශ්වාස කරන්නෙකු කරවීය. අප දෙදෙනාගේ දේශපාලන කියෑවීම දෙපොළකට වැටුණත්, අපේ මිත්‍ර කම නොවෙනස්ව ගලා ආවේ ය. මටත් වඩා බොහෝ අත්දැකීම් ලබා ඇති ඔහුගෙන් ලැබෙන අදහස් වලට මා අදටත් ඉතා ගරු කරමි. මා මේ උගුලට හසු වූ මොහොතේ පටන් ඔහු ඉතා ළඟින් සිටිමින් ඒ කාලය ගත කර ගැනීමට මට ශක්තියක් වූයේ ය.

    උදෑසන පෝලීම් කිරීමෙන් අනතුරුව ජෑම් ගහ යට සෙවණේ හිඳ ගෙන සම්බෝලයයි බතයි ගිල දැමූ මා හිතේ ඇතිවූ බර සැහැල්ලු කර ගැනීමට ක්‍රමයක් සෙවූයේ ය. ඉඳල ගෙන මුළු මිදුලම අතු ගෑවේ ය. කැරම් අත් කීපයක් ගැසුවේ ය. පොත අරගෙන කියැවීමට උත්සහ කෙරුවේ ය. ඒත් අද මාගේ හිත මෙල්ල වන පාටක් නොමැත. බිරිඳ තවමත් එංගලන්තයේ බැවින් දරුවන් දෙදෙනා මාගේ මව සමග නිවසේ ය. ඔවුන්ට එය කෙසේ දැනෙනවා ඇත් ද? එංගලන්තයේ සිටින බිරිඳ ලංකාවට පැමිණීමට තව මාසයක් පමණ තිබේ. ඇය තනියෙන් එය කෙසේ දරා ගන්නවා ඇත් ද? දරුවෙක් අසනීප උනොත්? අනතුරක් උනොත්? දුර්වල වූ හිතට ඒවා අභියෝග ය. වෙනදාට නොදැනෙන තරම් දුකක්, වේදනාවක්, බියක් අද දැනෙයි. ඒ හිත අස්වසා ගැනීමට මා ගෙදරට කතා කල යුතුය. සුබසාධනයෙන් කෝල් එකක් ගැනීමට සිතා මා නිලධාරියෙකු ඇමතූයෙමි.

    ඒ නිලධාරියා මා කාරුණික ලෙස සුබසාධන අංශයට රැගෙන ගියේ ය. ඔවුන් මාගේ විස්තර පොතක සටහන් කර ගෙන ඇමතුමේ කොන්දේසි සඳහන් කලේ ය. " කෝල් එක විනාඩි 2යි. ලවුඩ්ස්පීකර් දාලා ගන්න ඕනේ. අපි දෙන්නෙක් අහගෙන ඉන්නවා" - තේරුණා ද? "ඔව්" - මා එකඟ වූයේන් ඔවුන් මාගේ මවගේ නොම්මරය ඇමතුයේ ය.

    " අම්මේ , ඔක්කොම හොඳින් ද? "
    "ඔව් පුතේ, අපි හොඳින්, අපි නෙවෙයි ඔයා හොඳින් ද? - ඇය කියයි.
    " ඔව් මට ඉන්න පුළුවන්. දරුවෝ කොහොමද ? "
    " ඒ දෙන්නත් හොඳින්, ඔයා බය එන්න එපා. අපි ඒ දෙන්නව හොඳින් බලා ගන්නවා. ඔයා හිත හදා ගන්න. මේ දේට ඔයා මූණ දෙන්නම ඕනේ. ඔයාට පුළුවන්."
    " ඔයා ඕක දැන ගෙන හිටියනේ. කවදා හරි ඔහොම වෙනවා කියලා. ඉතිං අපි ඒකට මූණ දෙමු. ඔයාට ඔහොම උනේ රට වෙනුවෙන් වැඩ කරලා. ඒ නිසා කම්පා වෙන්න එපා. හොඳට කෙලින් ඉඳගෙන මූහුණ දෙන්න."
    මාගේ වචන පැටලෙයි. ඇයට පිළිතුරු දීමට නොහැකියි සිතෙයි. දුරකථනයේ විනාඩි 2 පසුවී තත්පර කීපයක් ගොස් තිබේ. තව කතා කරන්න කමක් නෑ යැයි කියමින් නිලධාරීන් මට දෑසින් දුරකථන ඇමතුම කර ගෙන යන ඉඟි කරයි. ඔවුන් ද මාගේ හැඟීම් බර වීම තේරුම් ගත් සෙයකි. එහෙත් වැඩි යමක් කීමට මාගේ මුව නොසෙල්වෙයි. කණ්නාඩි දෙකට ඇතුලෙත් දෑස් පිරී ඇති බව මට දැනෙයි.
    " විශාඛා ට කියන්න මම කතා කලා කියලා, මම හොඳින් කියලා. මම තියන්නම්, ආයේ ගන්නම් දවසක" මා දුරකථන විසන්ධි කළෙමි.

    කණ්නාඩි දෙක ගලවා ගත් මා දැස් මිරිකා පිහිදා දැමීමි. නිලධාරීයා සමග යලිත් අපගේ කූඩුවට පැමිණ ජෑම් ගහ ලඟ මුල්ලේ කොණක වාඩි වී දෑතින් දෑස් වසා ගත්තෙමි. ගල් අටවා තැනූ අමුණක ගල් අස්සෙන් වතුර බේරෙන්නා සේ ඇඟිලි අතරින් මිරිකී ආ කඳුළු බිඳු මුහුණේ තැවරී පහළට ගලා ගියේ ය. නික්මෙන කඳුළු බිංඳුවක් ගාණේ හිතේ කැකෑරුණ බර හෑල්ලු වූයේ විසප්පු ගෙඩියක් පලා හැරව ඉවත් කල පසු ක්‍රමයෙන් වේදනාව අඩු වන්නා සේය. එබැවින් ඒ වේදනාව පිට වෙන තුරු කඳුළු ගලා යාමට ඉඩ දී මා මොහොතක් දෑස් බුරුල් කලෙමි.

    " පුතා, හිතන්න එපා එච්චර. හිතන්න හිතන්න අමාරුයි. ඒ ඒ මොහොතට මුහුණ දෙන්න." - මගේ පිටට තට්ටුවක් දැමු ඩඩා මා අස්වසා ගැනීමට මැදිහත් වූයේ ය.

    මාගේ කණ්ඩායම ඉදිරියේ මන්ත්‍රයක් මෙන් මැතිරූ කරුණක් මා යළි මෙනෙහි කළෙමි. " බෝයිස් අපි දේශපාලනය තෝරා ගෙන තියෙන්නේ, මේකෙදි හිරේ යන්නයි වෙඩි කන්නයි සිද්ද වෙන්න පුළුවන්, ඒ නිසා අපි ඒවට හිත සූදානම් කර ගෙන ඉන්න ඕනේ."- මේ කරුණ මා බිරිඳට ද අම්මාට ද කීපවිට කියා ඇත්තේ ය. ඒ තුලින් යන විට උරුම වේදනාවට අප සියල්ලන් සූදානම් වූවත්, ඒ සූදානම ප්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලි ය.

    දිග වතුර බටයක කෙළවරට මෙගා බෝතලයක කට කපා සවි කිරීමෙන් ජෑම් කැඩීමට උපකරණක් මේ M2 රැඳවියෝ විසින් සකස් කර ගෙන තිබිණ. එකිනෙකා පැමිණ විටින් විට කොළ අස්සේ සැඟවී, ඉදී ඇති ජෑම් කඩා ගෙන සිය මන දොල සපුරා ගනියි. මේ ගසේ සුවිශේෂීත්වය නම් කෙතරම් ජෑම් කඩා ගත්ත ද තවෙකෙකුට කඩා ගැනීමට තවත් ජෑම් සැඟවී තිබීම ය. ලොකුවට රතුවට ඉඳිණු ගෙඩි මෙන්ම යාන්තමින් කහ වූ ගෙඩි ද දුටු දුටු වෝ කඩා ගෙන කෑවෝය. කවුරුන් කඩා ගෙන කෑවත් සිය ඵල නොසඟවා ඒවා සොයා එන ඕනෑම එකෙකුට තරා තිරම නොබලා සංග්‍රහ කල මේ ජෑම් ගස සිරකරුවන් ගේ පිනකට මෙහි පහළ වූවක් යැයි මට සිතිණ. මේ ගස නොවන්නට කොළඹ සිර ගෙදර මීට වඩා බොහෝ දුක්ඛිත වීමට ඉඩ තිබිණ. ගහට කොළට පෙම්බැන්දෙකු වන මා හට මෙසේ ගසක සෙවණකට වී සිටින්නට ලැබීම මා මෙතෙක් සිටවූ මහා ගස් ප්‍රමාණය නිසා ලද කර්මයක ප්‍රතිඵලයක් මැයි මට සිතිණ.

    සිරගෙදර සිමෙන්ති පොළොව පලා ගෙන ඉහළට වැඩී, කුණු කානුවෙන් ආ වතුරෙන් ද කාන්දු වූ අසූචි වලින්ද පෝෂණය වූ මේ ජෑම් ගස දිනපතා, නොනවත්වා මේ සිරකරුවන් ට අහරක් ලබා දුන්නේ ය. සමාජයෙන් ලබා දෙන ජරා වූ සියල්ල අවශෝෂණය කර ගෙන ඒ සියල්ල ප්‍රණීත ඵල බවට පත් කොට උන්ගේම කුස පිරවූ අතර, කොළ බවට පත් කොට හෙවණ ද හුස්ම ද ලබා දුන්නෝ ය. මේ ජෑම් ගස වන් සත්පුරුෂයෝ බිහි වෙන සමාජයක් අප නිර්මාණය කළ යුතුය. එවිට සමාජය සුව පත් කිරීම අමාරු නොවනු ඇත.

    පැතුම් කර්නර්
    #කොළඹ_හිරගෙදර_ජෑම්ගහ
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාංජන් කියන පුද්ගලයාට උක්ත ආඛ්‍යාත ගලපල වාක්‍යයක් ලියාගන්න පුලුවන් ද? 🤣🤣
     
    • Haha
    Reactions: Hecker

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    රාංජන් කියන පුද්ගලයාට උක්ත ආඛ්‍යාත ගලපල වාක්‍යයක් ලියාගන්න පුලුවන් ද? 🤣🤣
    බැරුව ඇති හැබැයි චීත්තයක් වගේ වැලපෙන්නේ නෑ, දවසක් හිරේ ගිහින්
     
    • Haha
    Reactions: Solo Rider