පාර්ලිමේන්තුව අසළ පොල්දූව මංසන්ධියේ සිදුවීම උනේ ජුලි 13 වෙනිදා හවස.
මම ඒ සිදුවීමට අවතීර්ණ උනේ හවස 5.45 ට. එතන ලයිව් වීඩියෝ 5 ක් කලා. එතනින් පිටත් උනේ රාත්‍රී 8.30ත් 9ත් අතර.
එතන ගැටුම් උත්සන්න විමත්, හමුදා සෙබළුන්ට පහර දීමත් , අවි සහ පතුරම් නැති වීමත් පිළිබඳව ආරංචි උනේ තවත් රෑ උනාට පස්සේ.
ඇතැම් ක්‍රියාකරුවන් සූක්ෂම ලෙස මෙය මාගේ වැඩක් යැයි ද මා වගකීම ගත යුතු යැයි ද ප්‍රසිද්ධියේ ක්‍රියා සිටියා. ඒ වීඩියෝව මිලියනයක් ඉක්මවා නරඹා තිබුනා. එහි shares ප්‍රමාණය 42000ක්.
පසුව දා උදේ පත්තර වල තුවක්කු අතුරුදහන් වීම සහ, අනතුරුව එයට මගේ නම ගෑවෙන ආකාරයේ ප්රවෘත්ති පල උනා. ඒවා උදෑසන පත්තරේ කියවන ටීවී වැඩසටහන් වල රසට කියැවුනා. ඒත් එක්කම ජීවිතේ මෙතෙක් අත් නොවිඳි මඩ කැම්පේන් එකක් ක්‍රියාත්මක උනා.
මර්ධනය අත ළඟ බව පෙනුන නිසා මා නිවසින් ඈත් උනා. 16 වන සෙනසුරාදා රාත්‍රියේ අපේ ගෙදරට පොලිසියේ 8 දෙනෙකුගේ කණ්ඩායමක් ආවා. විමර්ශනයකට ප්‍රකාශයක් ලබා ගැනීමට 17වන ඉරිදා දින කොළඹ අපරාධ කොට්ඨාසයට එන්න කියලා පොඩි කොළයක ලියලා ගිහින් තිබුනා.
17 ඉරිදාවක්. නීතීඥ උපදෙස් ලැබුනේ ඉරිදා නිසා ඒ දිනය මග හැර සඳුදට යන ලෙසත්. ඒ අනුව මා දුරකථන මගීන් ඔවුන්ට දැනුම් දුන්නා සඳුදා එන බවට.
18 වන සඳුදා උදේ ලක ලැහැස්ති වී යන්න සැරසෙන විට හදිසි නීතිය දමා තිබුනා. ඒ විතරක් නෙවෙයි 19 සහ 20 දෙදින මහා අධිකරණ වසා දමා තිබුනා. එවන් තත්ත්වයක් මත අපරාධ කොට්ඨාසයට ගිය විට රැඳවුම් නියෝග මත මා කාලයක් තබා ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. මා හට කැඳවීම කර තිබුනේ හදිසි නීතියට පෙර බැවින් මේඋගුලට හසුවීම අනුවණ කමක් ලෙස පෙනුණා. ඒ අනුව යමින් මානව හිමිකම් කවුන්සිලයේ පැමිණිල්ලක් ඉදිරිපත් කල මා අපරාධ කොට්ඨාසයට පසුව පැමිණෙන බව නීතීඥයෝ මගීන් ලිඛිතව දැනුම් දී පිටවී ගියා.
18 හවස ආයෙත් පොලිසියෙන් ගෙදරට පැමිණියා. එවර 10 ක් පමණ, අවි අතැතිව පෑමිණ සිටියා. ඔවුන් මා නොපැමිණීම ගැන හේතු පරීක්ෂා කිරීමට පැමිණ තිබුනේ. මා පසුවු තාවකාලික රෝගී තත්ත්වය පිළිබඳව ඔවුන්ව දැනුවත් කලා. ගෙදර නොසිටි බැවින් මා රැගෙන යෑමට ඔවුන්ට හැකි වූයේ නෑ.
ඒ අතරතුර කාලයේ අප මානව හිමිකම් නඩුව ගොනු කිරීමට යොමු උනා. හදිසි නීතිය භාවිතා කරමින් ගෝඨාගමට කල ප්‍රහාරය, අත් අඩංගුවට පැමිණ වීම් ඒ අතර සිදු උනා. මර්ධනය ක්‍රියාත්මක බව පැහැදිලිව පෙනෙන්නට තිබුනා.
ඒ අතර මඩ කැම්පේන් කරුවන් මගේ පළු අරිමින් සිටියා. මා හට වරෙන්තු නිකුත් කර ඇති බවත්, අවි නැතිවීමට මා සම්බන්ධ බවටත් ඔවුන් කට කතා ප්‍රචාරණය කලා. එහෙත් මා හට කිසිදු විටෙක වරෙන්තු නිකුත් කර තිබුනේ නෑ.
ඒත් සමගම, අපේ නීතීඥයන්ට කතා කල අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ අර රැට්ටා නැමැත්තා විසින් කල වීඩියෝවේ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරන්නේ මා හට බැවින් ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙන බවයි.
මේ අතර අපේ අසල් වැසි නිවසට පැමිණි CID නිලධාරියෙකු යැයි කියලා කෙනෙක්, හැඳුනුම්පත් පෙන්වා මා පිළිබඳව විමසා තිබුනා. ඔහු ඒ නිවැසියන් හට ප්‍රකාශ කර තිබුනේ මා අවි සොරා ගෙන ඇති බවත්, සන්නද්ධ අරගලයකට අවි පුහුණුව ලබා දෙන බවත් ලේ වැගිරවීමකට සූදානම් වන බවත්. එය සාවද්‍ය ප්‍රකාශයක් බැවින් ඒ අසල්වැසියන් සමග ගොස් මාගේ මව මානව හිමිකම් කොමිසමට යලි පැමිණිලි කලා.
ඊළඟ දවසේ දියවන්නාවෙන් අවියක් ගොඩ ගත්තා. තවත් දවසකින් පතුරම් ගැබ සොරකම් කල අයෙකු අත් අඩංගුවට ගත්තා.
මේ අතරේ ජුලි 26 වන දින 15 ක පොලිස් කණ්ඩායමක් අවි සහිතව පැමිණ මාගේ නිවස වැටලුවා. මා එහි සිටිනවා දැයි ඔවුන් පරික්ෂා කිරිමට උත්සහ කළා. ඔවුන් සතුව නිවස පරීක්ෂා කිරීමට වරෙන්තු තිබුනේ නෑ. මාගේ මව විසින් එක් පුද්ගලයෙකුට නිවස පරීක්ෂා කිරීමට අවසර ලබා දී තිබුනා. පොලිස් කණ්ඩායම අපේ අයියාගෙ නිවසත් පරීක්ෂා කොට පිටව ගොස් තිබුනා.
අප මේ සිදුවීම් සියල්ල පිළිබඳව නීතීඥයෝ මාර්ගයෙන් විදෙස් තානාපති වරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සග මානව හිමිකම් කොමිසමට දනුම් දුන්නා.
ඒ අතර ඒ කටයුතු සම්පූර්ණ කර ඇති බැවින්, පොලිසියට හෙට 28 දිනයේ ගොස්, දින 10 ක ඇවෑමෙන්, මා ප්‍රකාශයක් ලබා දෙනවා.
ඒ දින 10 තුල රටේ බොහෝ දේවල් වෙනස් උනා. නැති වූ අවි හමු උනා. මර්ධනය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු උනා. පාර්ලිමේන්තු මංත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් ජුලි 27 දින පාර්ලිමේන්තුවේ දී ද මේ බව ඔහුගේ කතාව තුල සඳහන් කිරීමට කාරුණික උනා.
කතාව සැකෙවින් එපමණයි.
මේ කාලය තුල අපි තරමක නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කලා. ඒ රට නිවෙන්නට හැරීමත් මර්ධනයෙන් මිදී නිදහස හෝ ජීවිතය රැක ගැනීමත් අත්‍යාවශ්‍ය නිසා. මේ ටික විසඳ ගෙන මඩ ටික හෝද ගෙන උඩ මතු වෙන්නම්. එතකං ඔබ ඉවසීමෙන් බලා ඉන්න. මට වදින මඩ ඔබේ ඇස් වල ගාව ගන්න එපා.
මර්ධනයට මුහුණ දෙන්න පුළුවන්. අපි බලා ගෙන ඉමු.

wadak nane ubalage buddi ansheta wartha unnadda pathum mokekkda bn ooth ekka baladdi ganu bara ganakata gahala.thoge pathuma sathiyak wath hiregiyada nane .mata nam penne ub maha ekata puke arapu tharahata post daanne LOL