මෙගා නාට්‍යය ආගමනයෙන් පස්සේ ටෙලිනාට්‍ය බැලිල්ල එපා කරවපු රටේ ආයේත් නාට්‍යය බලන්න මාව පුරුදු කෙරෙව්වේ කූඹියෝ.
කූඹියන්ගෙන් පටන් අරගෙන සහෝදරයා , වීරයා ගෙදර ඇවිත්, සත්‍යා, තණමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ වගේම පස්සේ ඊට කලින් කරලා තිබ්බ බොහෝමියානුවත් හොයාගෙන බැලුවා. ටෙලිනාට්‍ය මගේ ජීවිතේ වැදගත් රසවින්දනයේ කොටසක්. ඒ වගේම ජීවිතෙට යමක් එකතු කර ගත්ත මාධ්‍යයක්. මගේ දේශපාලන කියවීමටත් ඉවහල් උන නාට්‍යය ඕන තරම්. විශේෂයෙන් නාමල් ජයසිංහ ගේ ඒවා.
දැන් මේ මම බලන්නේ මාණික්කාවත. මේක යන්නේ ITN එකේ සති අන්තවල. මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත පොතේ යන අවුරුදු 100ක් විහිදෙන කතාවක්.
මුල ඉඳලා බොහෝම ආසාවෙන් මේක බලන්නේ පොතේ කියන විදියටම ලංකාවේ සමාජයේ පරිවර්තනය ඒ තුලින් ලස්සනට පෙන්වන නිසා. නාට්ටි හදන්න වැඩිය බජට් නැති මේ කාලේ ඒ සීමා මායිම් තියෙද්දි, මෙච්චර මහන්සි වෙලා මේ නිර්මාණය කරපු එකට ඔවුන්ට උපහාර කරන්න ඕනෙ. අවුරුදු 100ක පරාසයක් තුල මිනිස්සුන්ගේ වෙනස් වීම්, මේකප්, රඟපෑම්, පසුබිම්, ඇඳුම් පැළඳුම් ආදිය සකස් කර ගැනිල්ල ලේසි දෙයක් නෙවෙයි.
කැලයක් ජනපදයක් වෙනකං පරිවර්තනයක් කියන කොට කොච්චර පසුබිම් වෙනස් කිරීම්ම එන්න ඕනෙ ද? ඒ නිසා මාණික්කාවත කණ්ඩායම ඒ වෙනුවෙන් නොසෑහෙන්න මහන්සි වෙලා තියෙනවා.
කතාවේ මුල හිටවන පොල් ගහක් දැන් ලොකු වෙලත් තියෙනවා අවුරුදු 50 , 60 ක වයසකට. පැල් කොටේ ගෙයක් වෙලා, දැන් ඒක දිරා ගිය කඩා වැටෙන මට්ටමට පත් වෙලා. ඒවා කලේ කොහොමද කියන එක මට තාම හිතා ගන්න බෑ. කලත් සීමිත පිරිවැයකින් කරපු එක කොහොමටවත් හිතා ගන්න බෑ.
නළු නිළියන්ගේ කැප වීම, වයස ගාණක් යනකං අගේට රඟපාන පිච්චි, ගුණාදරී සහ කෙටිහාමි චරිත වලට පණ පෙව්ව ඈයෝ මගේ හිතේ නාට්‍ය කලාවට ඇති ගෞරවය වැඩි කලා. මට දුක හතරියන් රාළගේ චරිතේ කෙටි වෙච්චි එක.
මේක ඉතා ලස්සන team work එකක් ගොඩක් මහන්සි වෙලා කරපු කලා කෘතියක්. ඒ නිර්මාණය වෙනුවෙන් වෙහෙස වූ සියළු දෙනාට අපේ උපහාරය.
අපේ රටේ ටෙලිනාට්‍ය කලාව ඉතා උසස් ගණයේ සම්පතක්. චැනල් වල මෙගා නිසා බාල ඒවා කෙරුණට හරියට මහන්සි වෙලා හදන නිර්මාණ බොහෝම උසස්. එම කලාව විනාශ නොවී රැඳී තිබීම අපේ වාසනාවක්.
මාණික්කාවත
බලන්නම ඕනේ.
හැබැයි නිවී හැනහිල්ලේ.
පාඩුවේ.
කලබලේට බලන්න එපා.
ඉවසීමෙන් බලන්න.
පොඩි පොඩි ඩිටේල් විඳින්න.
ඒ මුල් ගැමි ජීවිතේ තියෙන slowness එක විඳින්න.
බොහෝම ස්තුතියි
පැතුම් කර්නර්