අනුරාධපුරයේ යන්න හිතා ගෙන හවස කෝච්චියේ නගින්න ගියා.
ඉන්ටර්නෙට් එකේ බැලුවම අනුරාධපුරයේ යන කෝච්චියක් තියෙනවා හවස 3.45 ට.
බුකිං නම් නෑ.
එතනට කලබලේ ගිහින් ටිකට් පෝළිමේ ඉඳලා කවුන්ටර් එකට ගියාම ඒ කෝච්චිය දැන් අවුරුද්දක ඉඳලා නෑ කිව්වා.
වෙන කෝච්චිත් අද නෑලු.
එළියේ හතර අතේ බෝඩ් තිබුනට එකකවත් කෝච්චියක් යන වෙලාවක් ගැන විස්තරයක් නෑ. තියෙන ඒවත් මකලා හෝ මැකිලා.
කෝච්චි යන ඉසව්වක්, වෙලාවක්, කලාවක් හොයා ගැනිල්ල සෑහෙන්න අමාරුයි.
අමාරුවෙන් හරි සුද්දා හදපු කොටුවේ ස්ටේෂන් එකේ තත්ත්වය දැක්කම කනගාටුයි.
ඇවිදගෙන ගියා පේමන්ට් එක දිගේ බස් නැවතුම් පොළට. අනුරාධපුරයේ යන්න නවත්තලා තිබුනා අශෝක් ලේලන්ඩ් ලංගම බස් එකක්. ඉඳගෙන හිටියා, ටික ටික සෙනඟ පිරුණා. ඉන්න බැරි මට්ටමක් ආවා. රස්නෙයි, දාඩියයි. මේ බස් එකේ පැය 5ක් ඉන්න එක දඬුවමක් වගේ. එක්කෝ අත ඇරලා දානවා. හෙටම යනවා.
බස් නැවතුම් පොළ විනාශයට ගිය තැනක්. ස්ටේෂන් එකට දෙවෙනි නෑ ඒක. ඔක්කොම ඉන්නේ සාමාන්‍ය දුප්පත් මිනිස්සු. දරුවෝ කර ගහ ගෙන, බඩු මළු උස්ස ගෙන. දුර යන්න බලාගෙන. පැය ගාණක් ලේලන්ඩ් බස් එකක තැම්බෙන්න බලා ගෙන. ඒ මූණවල් කොහෙද හිනාවක්. හැම මූණෙම තියෙන්නේ පීඩනයක්.
ආයේ පේමන්ට් එක දිගේ ඇවිදගෙන ආවා ස්ටේෂන් එක පැත්තට. ඒ කඩ පේළීය වෙනදා වගේමයි. අම්මා මාව එක්කගෙන වයස අවුරුදු 5 දී විතර මේ පේමන්ට් එක දිගේම යනවා බඩු ගන්න. වෙනස් වෙලා තියෙන්නේ විකුණන බඩු විතරයි. රුපියල් 100 ට 50ට 150 ට පොඩි පොඩි කෑලි. ලාභයි. හිලයි. ඒ වෙළෙන්දෝ තාම කෑ ගහන්නේ එකම විදියට. ඒ සද්දෙ, ඒ දහඩිය ගඳ, ඒ රස්නේ, ඒ අව්ව, තාම එහෙමයි. ඒවායින් හෙම්බත් උන මිනිස්සු තාම ඒ පේමන්ට් එකේ ඔබ මොබ ඇවිදගෙන යනවා. වෙනදා වගේම කලබලෙන්.
ඒ මම අවුරුදු 5 දී දැක්ක මිනිස්සු ද නැත්නම් අලුත් ඈයෝ ද මම දන්නේ නෑ. හැබැයි ඒ හැමෝගෙම තිබුණේ එකම මුණූ. එකම ඉරියව්. එකම මාදිලියේ ඇඳුම්.
මේ කෝච්චි වල නොයන, මේ බස් වල නොයන, මේ පේමන්ට් වල නොයන, මේ අව්ව, දුගඳ, රස්නේ නොදන්න මිනිස්සු අපි පාලකයෝ විදියට තෝර ගෙන, මේ ප්‍රශ්න විසඳන කම් බලා ගෙන ඉන්නවා. මට තියෙන ගැටලුව ඔවුන්ට ප්රශ්නය තේරුණා ද?
මේක ඔවුන්ගේ ප්‍රශ්නයක් ද?
ඔවුන්ගේ නොවන ප්‍රශ්නයක් ඔවුන් විසඳයි ද?
මම දන්නේ නෑ.
අනිත් ප්රශ්නය මේ විඳින්නේ දුකක් බව මේ දුක විඳින මිනිස්සුන්ට තේරුණා ද?
එය දුකක් බව දැනෙන්න, ඔවුන් සැපය දැක තිබේ ද?
සැපය විඳ තිබේ ද?
මම දන්නේ නෑ.
උත්තර හොයා ගන්න ඕනේ.
පැතුම් කර්නර්