ගුණාදරී....
ගුණාදරී යන්නම ගියා.
මාණික්කාවත ඉවර වෙන්න ලඟයි.
කතාව ආරම්භ වෙන්නේ ගුණාදරී ගේ උපතින්. ඉවර වෙන්නේ ගුණාදරී ගේ මරණයෙන්....
මේ චරිතයේ ගුණාදරී වැඩිවිය පත් වෙන දවසේ ඉඳලා, මැරෙනකං ම රඟපාන්නෙ වොල්ගා කල්පනී. මා ඇයගේ රසිකයෙක්. මීට පෙර ඇය රඟපෑ ටෙලි රැසක්ම මා නරඹා තිබෙනවා.
නමුත් මාණික්කාවත ඇයගේ දිවියේ උපරිමය වේවි.
දිරා ගිය වයසක ගැහැණියකගේ ශරීරයට ඇය ඇතුලේ වූවා වගේ යැයි බොහෝ විට සිතුණා, ඉතාමත් ස්වාභාවික රංගනයකින්, එයට සරිලන හඬ පෑමකින් ඇය ගුණාදාරීව ඉතා ගුණාත්මකව මවා පෑවා. ඇය ඇවිදින අයුරු, අතපය හසුර වන අයුරු පවා ඉතා තාත්වික මට්ටමේ තිබුනා.
පිච්චි සහ ගුණාදරී ඒ ටෙලියේ ආත්මය වගේ.
කෙටි හාමිගේ චරිතය එහි ප්‍රභලම චරිතය වූවත්, ජගත් චමිල හඬ හැසිරවීමෙන් තරමක් දුර්වල උනා. ඇතැම් විට ඒ වයසට ගැලපෙන කට හඬේ භාවිතය හරියට ඇවිත් තිබුනේ නෑ කියලා මට හිතුනා. ඒ එහෙම වෙලාවට නාට්ටියෙන් අපිව එළියට විසි වෙන නිසා. කෙසේ වූවත් ඔහුගේ රංගනයේ දක්ෂකම් පරීක්ෂාවට ලක් කල නිර්මාණයක් ලෙස මෙය සළකන්න පුළුවන්.
ලබන සතියේ මාණික්කාවත ඉවර වෙයි.
සිරස Voice වේදිකාව ආයෙත් පටන් අරගෙන නිසා පාළුවක් දැනෙන එකක් නෑ. අලුත් දක්ෂයෝ රැසක් ආයෙත් ඇවිත්. කොහෙන් එන අය ද දන්නේ නෑ. හැබැයි ලංකාවේ මිනිස්සු.
මාණික්කාවත මග ඇර ගන්න එපා. ගම්පෙරළිය මග ඇර ගත්තට සමානයි.
මස් ඉඹුල ඇතුළු ඒ මහා නිර්මාණ කරුවන් සියළු දෙනාට මාගේ ගෞරවණීය උපහාරය.
පැතුම් කර්නර්