මට මතක් වෙන්නෙ 2008 වෛද්‍ය උපාධිය අවසන් කරපු දවස.
අද විභාගේ ඉවර කලා, හෙට හොස්ටල් එක අස්කරලා බාර දුන්න, ඊළඟ දවසේ පනාගොඩට වාර්ථා කරලා ලයින් එකට යන්න පිටත් උනා. යුද්දේ නොකළේ මම උනාට මටත් ඒ වෙනුවෙන් වගකීමක් තිබුනා. මට තිබුන ඒ පුංචි කාර්යභාරය හොයා ගෙන මම පිටත් උනා. ඒක ඒ වෙලාවේ උඩුගම් බලා යෑමක්.
ඒ හැඟීමමයි ආයෙත් දැනෙන්නේ. එංගලන්තයේ ගත කල මාස 20 ක පමණ කාලය අවසන් කරලා අපි එන්න පිටත් උනා. ජීවිතේට අලුත් දැනුම් සම්භාරයක් එකතු කර ගත්ත මාස 20 ක් එසේ අවසන් උනා.
හොඳ ගෙයක්, වාහනයක්, රැකියාවක්, දරුවන්ට හොඳ පාසලක්,අධ්‍යාපනයක් මේ සියල්ල එහි තිබුනා. අපි සාමාන්‍ය ජීවිතේ හොයන සියල්ල. ඒත් හිත තිබුනේ නෑ එතන. මගේ විතරක් නෙවෙයි, අපි හතර දෙනාගෙම. හිත තියෙන තැන හොයා ගෙන ඒ නිසා අපි එනවා. තියෙන දෙයක් බෙදා හදා ගෙන කාලා, අර කලින් යුද්දේ වගේම මේ යුද්දෙත් ඉවර කරන්න මගේ වගකීම ඉටු කරන්න.
ඒ වගකීම යුද්දේ කාලෙට වඩා වැඩියි. යුද්දේ තරම්ම අවදානම්. යුද්දය වගේම මේකත් සාමුහික ප්රයත්නයක්. අපි රටේම මිනිස්සුන්ට එකට හිට ගන්න වෙන. අපි හැමෝටම මේක ඇතුලේ වගකීමක් තියෙනවා. මම මගේ කොටස මග හැර යන්නේ නෑ වගේම, ඔබ ඔබේ කොටසත් කරන කං මේක සාර්ථක වෙන එකක් නෑ.
අපි හැමෝම කැමති තම තමන්ගේ comfort zone එකේ ඉන්න. ඒත් මගේ පුරුද්දම ඒකෙන් එළියේ ඉන්න. වාසනාවට ඇයත් ඒකට කැමතියි.
එංගලන්තයේ මතක ජීවිත කාලයක් තියේවි. නමුත් ජීවිතය එංගලන්තයේ නතර වෙන එකක් නෙවෙයි. ඒ නිසා එංගලන්තයට ආයුබෝවන් !!!
පැතුම් කර්නර්