පැනඩෝල් ගැන ඔබ නොදන්නා දේ

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    පැනඩෝල් ගැන ඔබ නොදන්නා දේ

    Item633861089725312500.jpg


    පැරසිටමොල් එසේත් නොමැතිනම් පැනඩොල් ලෙස අපි කවුරුත් හඳුන්වන මේ ඖෂධය බොහොම සුලභව අපි කවුරුත් එදිනෙදා භාවිතා කරන බෙහෙතක්. ඉතින් මේ බෙහෙත ගැන දන්න හා නොදන්නා කරුනු කිහිපයක් මේ කෙටි ලිපිය තුල අන්තර්ගත වෙලා තියනවා.



    •අතීතය: මේ බෙහෙත පලමුව සොයාගෙන තිබෙන්නේ 1877 දී පමන හාර්මන් මෝර්ස් කියන පුද්ගලයා විසින්. නමුත් එය ඇමරිකානු වෙලඳ පොලට පිලිගත් ඖෂධයක් ලෙස එක් වන්නේ නවසිය ගනන් වල මුල් භාගයේ ලෙසයි සඳහන් වී ඇත්තේ.



    •රසායනික නාමය: පැරසිටමොල් හෝ ඇසිටොමිනෝ‍ෆින් (C8H9NO2)



    •වෙලඳ නාම: පැනඩොල්, පැර්සිටෝල් (ලංකාවේ)



    •ලබා ගන්න පුලුවන් මොන විදිහේ තත්ත්වයන් වලදීද?
    මෙය කුඩා හා මධ්‍යම ප්‍රමානයේ වේදනාවන් වලදී වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා (හිසේ කැක්කුම්, මාංශ පේශි වල වේදනාවන්, දත් කැක්කුම්)
    දේහ උෂ්ණත්වය අඩු කරන නිසා උණ වැනි තත්ත්වයන් වලදී හා වෛද්‍යය නිර්දේශය මත තවත් රෝග ගනනාවකදී.




    •ලබාගන්න පුලුවන් ආකාර : පෙති, සිරප්, කරල්, suppository(ගුද මාර්ගය ඔස්සේ) වගේම සේලයින් දෙන විදිහට දෙන්නත් පුලුවන්.



    •මාත්‍රාව: මෙය OTC (over the counter drugs) ලෙස සලකනවා. ඒ කියන්නේ වෛද්‍යයවරයෙක්ගේ තුන්ඩුවක් නැතුව ෆාමසියකින් ලබා ගන්න පුලුවන්

    සාමාන්‍යයයෙන් වැඩිහිටියෙක් වරකට ග්‍රෑම් 1යි(පෙති2) උපරිම ගන්න පුලුවන් මාත්‍රාව ලෙස සැලකෙන්නේ. දවසකට වේල් 3ක් හො 4ක් ලබා ගන්න පුලුවන්(පැය 6න් 6ට) කිසිවිටකත් දවසකට ග්‍රැම් 4කට වැඩියෙන් ලබා ගැනීම නොකල යුතුයි(පෙති8ක්)



    •වැඩ කරන්න කොච්චර වෙලා යනවද?
    පෙති වශයෙන් ලබා ගත්තොත් සාමාන්‍යයයෙන් විනාඩි 11කින් විතර බෙහෙත තමන්ගේ වැඩ කොටස ආරම්භ කරන්න පටන් ගන්නවා.




    •කොච්චර වෙලා ඇඟේ තියනවද?
    සාමාන්‍යය අර්ධ ආයුකාලය පැය 2ක්. ඒ කියන්නේ පෙති 2ක් බිව්වොත් (ග්‍රෑම් 1ක්) පැය 18ක් විතර බෙහෙත ඇඟේ තියනවා. පස්සේ අක්මාව මගින් මේ බෙහෙත නිෂ්ක්‍රීය කරල මුත්‍රා මගින් පිට කරනවා.




    •අතුරු ආබාධ:
    මේ බෙහෙත සාමාන්‍යයයෙන් ආරක්ෂාකාරී බෙහෙතක් ලෙස වර්ග කලත් ඇතැම් පුද්ගලයන්ට පැරසිටමෝල් අතුරු ආබාධ ඇතිකරන්න පුලුවන් වගේම සමහර පුද්ගලයන්ට යම් යම් රෝග ත්ත්ත්වයන් වලදී මෙම ඖෂධය අතුරු ආබාධ ඇති කරන්න පුලුවන්.




    පොදුවේ හමේ rashes හා ආසත්මිකතා(ඇලර්ජික්) ඇතිකරන්න පුලුවන්. දිගුකාලීනව නොනවත්වා භාවිත කිරීම වකුගඩුවලට හානි පමුනුවන්න පුලුවන් වගේම එකවර විශාල පෙති සංඛ්‍යාවක් ගැනීම මගින් අක්මාවට හානි වීම සිදුවෙනවා. සාමාන්‍යයයෙන් එකවර පෙති 20-24ක් ලබා ගැනීම අක්මාවට ඉතා හානිකර හා ඉක්මනින් ප්‍රතිකාර නොකලහොත් පැය 72-96ත් අතර කාලයකදී අක්මාව නරක් වීම්ට පටන් ගැනීම නිසා මරණය අත් වෙන්නත් පුලුවන්. නිකමට හරි බේරුනත් ඔබේ අක්මාව නැවත හැරවිය නොහැකි ලෙස හානි වී අවසන්.



    අපි අතරින් බොහෝ දෙනෙක් පැනඩෝල් බොන්නේ හරියට සීනි බෝල ගිලිනව වගේ. හිතෙන හිතෙන වෙලාවන් වලට හිතෙන හිතෙන ප්‍රමානයන් ගන්නවා. දැන ගත යුතු දෙයක් තියනවා. ඖෂධය(බෙහෙත්) වල එක නිර්වචනයක් තමයි ප්‍රයොජනවත් වස (useful poisons)කියන එක. ඒ වචන දෙකේ ලොකු තෙරුමක් තියනවා. ඒ නිසා මොන බෙහෙතක් උනත් කටේ දාගන්න කලින් දෙපාරකට වැඩිය හිතන්න. මොකද බෙහෙත කියන්නෙම ඒ තරම් හොඳ දෙයකට නොවෙන නිසා. කොයි බෙහෙත උනත් වෛද්‍ය නිර්දෙශය මත ලබා ගන්න එක තමා සුදුසුම.



    විශේෂයෙන් ගැබිනි මවුවරුන්ට කියන්න තියන දෙයක් තමා ඕනම උනොත් ඇරෙන්න වෛද්‍යවරයෙක් ගෙන් අහන්නෙ නැතුව පැනඩෝල් පෙත්තක් උනත් කටේ තියන්න එපා. 2010 කලින් ගැබිනි මවුවරුන් සඳහා ආරක්ෂාකාරී බෙහෙතක් ලෙස සැලකුවත් 2010න් පස්සේ මේ බෙහෙත ඒ ලැයිස්තුවෙන් අයින් කරල තියනවා, එමගින් දරුවාට යම් යම් අහිතකර තත්ත්වයන් ඇතිකරන්න පුලුවන් කියල හොයා ගත්තට පස්සෙ...



    දැක්ක නේද පැරසිටමෝල් වල තරම?



    බලල හොඳනම් කැමති එකක් දීල යන්නකෝ
    :yes::yes::yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මම අඳුරන එකෙක් පැනඩෝල් 10ක් අරගෙන... කොහොමහරි මැරෙන්නේ නැතුව බේරිලා.. reports එහෙම අවුලක් නෑලු... ඒත් අනාගතයේදී මොනවහරි අවුලක් වෙන්න ඉඩ කඩ තියෙනවද දන්නේ නෑ නේද? පැනඩෝල් ගැන තිබ්බම එක මතක් වුණේ... :) ඒ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මොනවහරි කිව්වට කමක් නෑ... :)
    වැදගත් දේවල් ටිකක්... ස්තුතියි බෙදා ගත්තට... :)