මිනිසාගේ පහසුව වෙනුවෙන් විවිධ නිර්මාණ සකසා ගන්නවා ඒ අතරින් සමහර නිර්මාණ අද්විතිය වන්නේ ඒවායේ ඇති සුවිශේෂත්වය නිසාවෙනි. පැනමා ඇළද එවැනි අද්විතීය නිර්මාණයක් වන්නේ එය නැව් ගමනාගමනය වෙනුවෙන් රටක් මැදින් කපන ලද තවත් එක් ඇළක් නොවන නිසාවෙනි.
අතීතයෙ දී ඇමරිකාවේ සැන්ෆ්රැන්සිස්කෝ සිට නිව්යෝර්ක් දක්වා නැවකින් යන්නේ නම් ඒ සඳහා දකුණු ඇමරිකානු මහද්වීපය වටා යාමට සිදුවිය. ඒ සඳහා විශාල කාලයක් මෙන්ම විශාල මුදලක්ද වැය විය. මේ බව හදුනාගෙන පළමුවෙන්ම මෙම ඇළ ඉදිකිරීම ආරම්භ කළේ ප්රංශයයි 1881දීය. ඔවුන් මෙම ඇළ ඉදිකිරීම සිදුකරණ විට ඔවුන්ගේ කම්කරුවන් 25000ක් පමණ මියගිය නිසා ඔවුන් මෙම ව්‍යාපෘතිය අතරමග නවතන ලදී. පසුව ඇමරිකාව එය බාරගෙන එම ව්‍යාපෘතිය නිම කළේය.
මෙම ඇළ කිලෝමීටර් 82ක දිගින් යුතුය. ඇළ මුහුදු මට්ටම දක්වා කපන්නේනම් ඒ සඳහා මීටර් 80ක් යටට කැපිය යුතු විය. නමුත් මෙය අසීරු වන්නේ එම ප්‍රදේශයේ පවතින භූමියේ රළු බවයි. නමුත් මේ ඇළ කැපීමේ මාර්ගයේ ගැන්ටන් ලෙසින් හඳුන්වන කුඩා විලක් තිබුණි මේ විලට ජලය ලැබෙන්නේ වර්ෂාව මගිනි. මේ සියල්ල එකතු කර වෙනස්ම ආකාරයේ ඉංජිනේරු නිර්මාණයක් කිරීමට ඉංජිනේරුවෝ සමත් විය. එම නිර්මාණය නම් ඇළ මාර්ගය පහත් කරනවා වෙනුවට ඇළ මාර්ගයට නැව ඔසවා තැබීමේ ක්රමයකි. මේ සඳහා ඔවුන් ලොක් භාවිත කර ඇළ මාර්ගය වෙත නැව මීටර් 26ක් ඔසවා තැබීමට කටයුතු කළේය. එවැනි ලොක් තුනක් මෙම ඇළ මාර්ගයේ තනා ඇත ඉන් ඒ හරහා යන නැව් ඇළ මාර්ගය වෙත මීටර් 26ක් ඔසවා තැබීමට හා මීටර් 26ක් පහළ සාගරයෙන් තැබීමටයොදා ගනියි.
මෙම ලොක් ඇති තැන්වල ජලය පිරවීම සඳහා විශාල කුටීර තනා ඇත. මේවා දොරවල් ඇරෙන වැසෙන පරිදි සකසා ඇත. එක් කුටීරයක් වෙත නැවක් ඇතුළු කළ විට නැවට පිටුපසින් ඇති දොර වැසේ පසුව එයට ජලය පිරීමට පටන්ගනියි එවිට නැව ඉහළට එසවෙයි. මෙවැනි කුටීර කිහිපයක් යොදා ගනිමින් නැව මීටර් 26 ඉහළට එසවීම සිදු කරයි. මෙසේ නැවක් මෙම ඇළ මාර්ගයට ඇතුළුවන විට හා පිටවන විට ජලය ඝන මීටර් 202,000 සාගරයට එකතු වේ.
එක් නැවක් සඳහා විශාල ජල ප්‍රමාණයක් සාගරයට එකතුවීම නිසා අවශ්‍ය ජලය ලබා ගැනීමට ගැන්ටන් විල උපයෝගී කර ගනියි. එහි ජලය රදවා ගැනීම වෙනුවෙන් විල ද විශාල කළේය. මෙම ඇළ මාර්ගයට ඇතුළු වීමෙන් පසු නැව ටග් යාත්‍රා මගින් ඇදගෙන යෑම සිදුවේ. ඉහළට ඔසවන කුටීර තුළදී දුම්රිය ඇන්ජින් මගින් නැව ඉදිරියට ගෙන යාම සිදුවේ. මෙම ගමන සඳහා පැය 12ක් පමණ ගතවේ නමුත් දකුණු ඇමරිකාව හරහා යන්නේනම් එයට දින ගණනක් ගත වේ.
උපුටාගැනීමකි