ලොව මිල අධිකම "පැන්ඩා තේ"
කෝප්පයක මිල ඩොලර් 200
තේ ගැන නොදන්නා කෙනෙක් නැත. ඒ හැම දෙනාම තේ බොන බැවිනි. තේ මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ චීන ජාතිකයන් විසිනි. ඒ ඉතිහාසය ක්‍රි.පූ. දහවැනි ශතවර්ෂය දක්‌වා ඈතට විහිද යයි. ඇත්තෙන්ම තේවලට වසර තුන්දහසක ඉතිහාසයක් ඇත. කවරක් නමුත් ජලයට පසුව ලෝකවාසීන් වැඩියෙන්ම පානය කරන්නේ තේ බව කියෑවේ. තේ බීම වටා උප සංස්‌කෘතියක්‌ද ගොඩනැඟී ඇත. අපේ රටේ ප්‍රධාන අපනයන භෝගයක් වන තේවලට ලෝකයේ හොඳ නමක් ඇත. 2003 වසරේ දී ලෝක තේ නිෂ්පාදනය ටොන් මිලියන 3.21 ක් වූ අතර 2008 දී එම නිෂ්පාදන ධාරිතාව මිලියන 4.73 දක්‌වා ඉහළ ගියේය. ලොව වැඩියෙන්ම තේ නිපදවන රට චීනයයි. ඉන්දියාව හා කෙන්යාවට පසු සිව්වැනි ස්‌ථානය අපට හිමිවේ. තුර්කියද තේ වගාව සිදු කරයි. ලෝකයේ වැඩියෙන්ම තේ බොන රට නම් ඉන්දියාවයි. සාමාන්‍යයෙන් ඉන්දීය වැසියෙක් වසරකට තේ ග්‍රෑම් 750 ක් පරිභෝජනය කරන බව ගණන් බලා ඇත. අපි උණුවෙන් තේ බිව්වද ඇමරිකාවේ මෙන්ම කැනඩාවේ පානය කරන තේවලින් 80% ක් භාවිතයට ගැනෙන්නේ ශීතකළ බීමක් ලෙසය.
ඇත්තෙන්ම අපට තේ ගැන කතා කරන්නට සිතුණේ ලොව අධිකම වටිනාකමක් ඇති තේ කෝප්පය චීනයේ සිචුආන් ප්‍රාන්තයේ 41 හැවිරිදි ගොවියකු විසින් අලෙවි කිරීමට සූදානම් නිසාය. "පැන්ඩා ටී" නමැති සමාගම මේ ගොවියාට අයිතිය. යන්ෂි නමැති මේ ගොවියා සිය මිල අධික තේ වගාව සඳහා පොහොර ලෙස යොදා ගන්නේ පැන්ඩා වලසුන්ගේ වසුරුය.
අක්‌කර දෙකහමාරක භූමියක මොහු තේ වගාකර ඇති අතර පැන්ඩා වසුරු ටොන් 11 ක් මේ වගාවේ පොහොර ලෙස යොදා ඇත. සිචුආන් විශ්වවිද්‍යාලයේ රැකියාව අත්හැර තේ වගාව ජීවිකාව කරගෙන ඇති යන්ෂි පවසන්නේ පැන්ඩා වසුරු රසායනික පොහොරවලට වඩා හොඳ පොහොරක් බවයි.
මෙලෙස පැන්ඩා වසුරු යොදාගෙන වගාකරනු ලැබූ තේ කොළ ග්‍රැම් 500 ක් අලෙවි කරනුයේ ඩොලර් 35,000 කටය. ඒ අනුව තේ කෝප්පයක මිල ඩොලර් 200 ක් පමණ වේ. ලංකාවේ මුදලින් නම් මේ පැන්ඩා තේ කෝප්පයක මිල රුපියල් විසිහයදාහක් පමණ වේ. මෙලෙස අධික මුදලක් වැයකර තේ බොන්න යන්නේ කවරෙක්‌ද යන්න අපි දන්නේ නැත. සමහර චීන මාධ්‍ය නම් මේ ගොවියාගේ ක්‍රියාකලාපය විහිළුවට ලක්‌කර ඇත. කෙසේ නමුත් පැන්ඩා නිසා මේ තේ කෝප්පයට වටිනාකමක් එන බව නම් පැහැදිලිය.
චීනයේ හා ජපානයේ තේ උත්සව පැවැත්වෙයි. චීනයේ තේ උත්සව සඳහා යොදා ගන්නේ යිසින්ග් මැටි කෝප්ප ය. ඉදිරියේදී චීන තේ උත්සව සඳහා පැන්ඩා තේ යොදා ගනීද යන්න නම් අපට පැහැදිලි නැත. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ චීනය පාලනය කළ කුයින් රාජවංශයට අයත් රජවරුන් මෙන්ම ටැන්ග් රාජවංශයට අයත් රජවරුද තේ පානය කළ බව ඉතිහාසය කියයි. බටහිර ලෝකයට තේ ලබාදුන්නේ චීනයයි. පෘතුගීසින් හරහා චීන තේ බටහිර ලෝකයට ලැබිණි. චීන විශේෂඥයන් 1750 දී අසෝර් දූපතේ තේ පැළ හිටවූයේ සමන්පිච්ච ගස් සමගය.
19 වැනි සියවස අගභාගයේ දී තේ පානය සමාජයේ සෑම පංතියකටම පොදු වුවත් ඊට පෙර එය බටහිර ප්‍රභූන් විසින් විශේෂ උත්සව අවස්‌ථාවේදී පමණක් පානය කළ බීමක් පමණක් විය. ඉදිරියේ දී පැන්ඩා තේ නම් බීමට හැකිවන්නේ ධන කුවේරයන්ට පමණක් බව නම් පැහැදිලිය.
උපුටා ගැනීම දිවයින පුවත්පතෙනි.