පැන්සල් වැඩ කෑලි
පැන්සල් වලින් මාර වැඩ කෑලි බන් දාන්නේ. හරිම ලස්සනයි මට නං...............
“ආභරණ නිර්මාණය කිරීම මම පටන් ගත්තේ 2010 අවුරුද්දෙ ලිබරෙත් (Liberec) හි පිහිටි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන කාලයේදී. එක සමාසිකයක මාතෘකාව උනේ ලොව තිබෙන සංකීරණම මෙවලම කියන්නේ මිනිස් අත කියන දේ. ඒදේ මගේ හිතේ තදින් රැඳුනා. ඒ නිසා මම දෑතින් කල හැකි නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කලා“ ඇනා අපිට කිව්වා.
ඇනා මුලින්ම කල නිර්මාණයන් අතර එතරම් සාර්ථක නොවූ මෙන්ම සාර්ථක වූ නිර්මාණයන්ද තිබුනා. අධ්‍යයන කටයුතු කරන අතර තුරදී ඇය ප්ලෙක්සි ග්ලාස් (Plexi Glass) (එනම් ප්ලාස්ටික් විශේෂය) යොදාගන සහ පැන්සල් යොදාගන කරන ලද නිර්මාණයන් සාර්ථකත්වයට පත්වුනා.
“අධ්‍යාපන කටයුතු අවසන් උනාට පස්සේ මම පැන්සල් භාවිතයෙන් පමණක් ආභරණ නිර්මාණය කරා මට එදිනෙදා පළඳින්න. ටික කාලයක් යද්දි අන් අයගේ අවධානය ඒ වෙතට යොමු වීම නිසා මට මා වෙනුවෙන් විතරක් නෙවෙයි අනිත් අයටත් ආභරණ නිර්මාණය කරලා දෙන්න සිදු වුනා. ඒ එක්කම මම මේ නිර්මාණ ස්ලෝවැකියානු අත් කම් වෙලඳාම් වෙබ් අඩවියක් (www.sashe.sk) හරහා විකුණන්නත් පටන් ගත්තා.“.
එසේ කුඩාවට ඇරඹුන මෙම ආභරණ නිර්මණ කිරීම මේ වනවිට විශාල පරිමාණයෙන් කරන තරමට දියුණු වෙලා.
ඇගේ ව්‍යාපාරයේ පැතිරීම ගැන වැඩි දුරටත් අදහස් දක්වන ඇනා
“අපිට දැන් ලෝකෙ හැමතැනින්ම වාගේ ඇණවුම් එනවා. මමත් මගෙ පෙම්වතාත් එකතු වෙලා තමයි මේ ආභරණ දැන් නිර්මාණය කරන්නේ. ඒ වගේම අපේ නිර්මාණවලට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය වන විවිද වර්ගයේ පැන්සල් අපි අපේ රටෙන් (චෙක් ජනරජය) වගේම අනෙකුත් රටවලිනුත් ගෙන්නා ගන්නවා. අපිට වරක් Koh-i-Noor Hardtmuth (පැන්සල් සහ පෑන් නිපදවන ලොව විශාලතම සමාගම් වලින් එකක්) වලිනුත් ආරාධනාවක් ලැබුනා.“
1989 දී ස්ලෝවැකියාවේදී උපත ලැබූ ඇනා ආභරණ නිර්මාණය සහ වීදුරු නිර්මාණ සම්බන්ධයෙන් උපාදියක් හදාරා ඇති අතර මෝස්තර නිර්මාණය සහ ඡායාරූපකරණය සම්බන්ධ උපාදියක්ද ඇයට තිබෙනවා. අධ්‍යාපනයෙන් ලත් පන්නරයත් සහජයෙන් ලද නිර්මාණශීලීත්වයත් කැටිකොට නිර්මාණ කරනයේ යෙදෙන ඇනාට මරු අයිඩියාස් අපි සුභ පතනවා.
ඇගේ ඔන්ලයින් වෙළඳ සැල
ඇගේ ෆේස්බුක් පිටුව
සියලු ඡායාරූප වල අයිතිය ඇනා චුර්ලෙඕවා (Anna Čurlejová) සතුය.
පසු සටහන : මෙම ලිපියේ එන පුද්ගල නාම සහ ස්ථාන නාම චෙක් භාෂාවේ වචන වරනැගෙන ආකාරයට සටහන් කර ඇත.
උස්සපු තැන www.maruideas.com

පැන්සල් පළඳනා
පැන්සල් වලින් මොනවද කරන්න පුලුවන් ? ලියන්න එහෙම නැතිනම් අඳින්න යැයි ඔබ කියාවි. ඒත් චෙක් ජනපදයේ වාසය කරන ඇනා චුර්ලෙඕවා (Anna Čurlejová) ට නම් පැන්සල් කියන්නේ ආභරණ සෑදීමට අගනා අමුද්‍රව්‍යක්. විවිද පැහැයෙන් යුතු පැන්සල් උපයෝගී කරගන බොහොම අපූරු අත් පලඳනා , හිස පළඳනා , කර පළඳනා ඇනා නිර්මාණය කරනවා.මෙම සතියේ මරු අයිඩියාස් හි විශේෂාංග ලිපිය වෙනුවෙන් අපි, ඇනා එහෙමත් නැතිනම් මේ අපූරු නිර්මාණ ශිල්පිනිය සමඟ කතා බහක නියැලුනා.

Last edited: