පැමිණිලි විසි වේ

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පැමිණිලි විසි වේ

    පැමිණිලි 1400 කින් වැඩි හරියක් විසි වේ
    2016 ජනවාරි මස 15 මනෝප්‍රිය ගුණසේකර

    පසුගිය රාජ්‍ය පාලන සමය තුළ සිදු වු බව කියන වංචා සහ දුෂණ සිද්ධින් පිළිබඳ පැමිණිලි 1400 ක් පමණ මේ වන විට බරපතල වංචා සහ දුෂණ චෝදනා පිළිබඳ ජනිධිපති පරිකෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇතැයි එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
    රාජ්‍ය බලය අනිසි ලෙස යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව මෙලෙස පැමිණිලි ලැබී ඇතැයි ද 2010 සහ 2015 අතර කාල සීමාව තුළ දී මෙම සිද්ධීන් සිදු වී ඇති බවද එම පැමිණිලි වල සඳහන් වී ඇතැයි ද ඔහු කීවේය.
    මෙම පැමිණිලි 1400 අතුරින් පැමිණිලි 900 ක් සම්බන්ධයෙන් කරන ලද මුලික විමර්ශණ වලදී පැමිණිලි 600 කට අදාළ තොරතුරු වල සත්‍යතාවය පිළිබඳව මතු වු ගැටලූ හේතුවෙන් එම පැමිණිලි 600 බැහැර කිරීමට සිදු වු බවද පැවසු සිල්වා මහතා ඉතිරි පැමිණිලි 300න් පැමිණිලි 100 ක් පිළිබඳ මුලික විමර්ශණ සිදු කළ බවද පැවසීය.
    එම විමර්ශණ 100 න් 60 ක් නිසි සාක්කි නොමැතිවීම හේතුවෙන් ඉවත දැමීමට සිදු වු බවද පැවසු සිල්වා මහතා ඉතිරි පැමිණිලි 40 පිළිබඳව සක‍්‍රීයව පරිෂණ සිදු කරන බවද පැවසීය.
    http://www.lankadeepa.lk/index.php/articles/377253
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවෙ විශාලම මුල්‍ය වංචාව මහ බැංකු බැදුම්කර වංචාව ගැන කේස් එකක් ෆයිල් කරන්න එකෙක් ආණුඩුවේ නැති උනානේ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදාළ තොරතුරු වල සත්‍යතාවය පිළිබඳව මතු වු ගැටලූ හේතුවෙන්, නිසි සාක්කි නොමැතිවීම හේතුවෙන් වගේ තැන්වලට "අදාළ පුද්ගලයන් නව රජයට සහයෝගය දැක්වීම නිසා" කියල දැම්මනං හරි :yes:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අදාළ තොරතුරු වල සත්‍යතාවය පිළිබඳව මතු වු ගැටලූ හේතුවෙන්, නිසි සාක්කි නොමැතිවීම හේතුවෙන් වගේ තැන්වලට "අදාළ පුද්ගලයන් නව රජයට සහයෝගය දැක්වීම නිසා" කියල දැම්මනං හරි :yes:
    :yes::yes:

    ඉතිරිවෙලා ඉන්න සෙට් එකත් ආණ්ඩුවට පැන්නන් 1400 යම කුණු බක්කියෙ
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය දූශන වන්චා වලට දඩුවම් දෙන කතා නම් සුරගන කතා.. වෙනසකට කියලා වෙන්නේ අලුත්ය් විවස්තාවක් හැදෙයි. ජාතික ගැටලුවට විසදුමක් එයි.. ඊටින් එහා මහින්දව හිරේ දාන්නවත්, ගොටා එල්ලන්නවත්, ඔව්වා නම් බොලද කතා.. අර කිව්ව දෙකත් වෙන්නේ ජාතියන්තර බලපැමට විනා රටේ කැමැත්තට නම් නෙමෙයි..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අදාළ තොරතුරු වල සත්‍යතාවය පිළිබඳව මතු වු ගැටලූ හේතුවෙන්, නිසි සාක්කි නොමැතිවීම හේතුවෙන් වගේ තැන්වලට "අදාළ පුද්ගලයන් නව රජයට සහයෝගය දැක්වීම නිසා" කියල දැම්මනං හරි :yes:

    Siraaa :yes:
     

    Similar threads