ඊයේ උදේ නැගිටලා ගෙදරින් ආව කෝල් එකට හිතෙන් බැන බැන ආන්සර් කලේ. මොකද මම පැය ගාණේ වෙනස කියල තියෙන නිසා ඒක අමතක කරලා කලින් කෝල් ගත්ත එකට. සීතල නිසා සැරට නින්ද යනවා. හැබැයි බලද්දි පෙරේදා තිබ්බ ටයිම් ඩිෆරන්ස් එකට තව පැයක් වැඩි වෙලා. යකෝ මාර කෙලියක්නේ එක. ගෙදරින් කියනවා මේ අපේ වෙලාව කියලා. මම කියන මේ මගේ වෙලාව කියලා. දෙකම හරි. හැබැයි වෙනස පැයක් වැඩි වෙලා. පස්සේ නෙට් එකේ බලද්දි තමයි කේස් එක දැක්කේ. යුරෝපේ හැම අවුරුද්දෙම ඔක්තෝමබර් අන්තිම ඉරිදා ඉදලා ඊලග අවුරුද්දේ මාර්තු අන්තිම ඉරිදා වෙනකල් එක පැයක් ආපස්සට අදිනවා. ඒ කියන්නේ ලංකාවට වඩා තවත් පැයක් පස්සට යනවා. මේක උඹලට කුණුහරුපයක් වගේ නේද. ඒක නිසා මටත් හිතුනා බෙදා හදා ගන්න. මේ ලියුම මගේ නෙමේ. ඔච්චර හෑල්ලක් මට ගහන්නත් බෑ. මේක ලියපු එකා පටන් අරන් තියෙන්නේ ඉවර වෙන තැනින්. බට් ැඩේ තේරුම් ගන්න මේක ඇති. ලියුමේ කීර්තිය ඒක ලියපු උත්තමයට යන්න ඕනේ. ගෙඩි පිටින් ඉස්සුවේ නම්බුව ගන්න නෙමේ. තව එකෙක්ට දැන ගන්න.
෴෴෴෴ අවුරුද්දකට වතාවක් පැයක් අඩුවෙන් නිදාගන්න ලැබෙන දුර්ලභ රාත්‍රිය ෴෴෴෴෴
ලිපිය ලියන මා.... නම දන්නවනේ
ඉන්නේ ....... යුරෝපා කලාපයේ ඉතාලියේ
ඇයි අද පැයක් අඩුවෙන් නිදන්නේ ?
වෙලාව පැයක් ඉදිරියට ගන්නවානේ !!
මොකක්ද ඒ හරුපේ ?
කලින් තිබ්බෙ ලංකාවයි යුරෝපයයි අතර කාල පරතරය පැය 4 යි විනාඩි 30 ක්,
හෙට ඉදලා ( 2017.03.26 ) දැං අලුත් වෙලාව අනුව වෙනස පැය 03 යි විනාඩි 30 ක් වෙනවා.
සෑම වසරකම මාර්තු මස අවසන් සතියේ සෙනසුරාදා රාත්‍රියේ සද මැදියමින් පැය දෙකකට පසු තව පැයක් ඉදිරියට වෙලාව සංශෝධනය කරනවා....
එතකොට පාන්දර 2.00 කියන්නෙ පාන්දර 3.00 ට තමයි. ඒ පැය තමයි අපේ නිංදෙන් අපට අහිමි වෙන්නේ
මෙලෙස පැයකින් ඉදිරියට ගන්නා වෙලාව නැවතත් ඔක්තෝබර් මස අවසන් ඉරිදා අලුයම දී පෙර පරිදිම පසුපසට සකස් කරනවා...
අද නින්දෙන් අඩුවෙන පැය එදාට හිලව් කරගන්න පුලුවන්,
යුරෝපීය රටවල ඉන්න අපගේ මේ වෙලාවේ වෙනස හැමෝටම බලපානවා. අපිට සිදු වුනා ඔරලෝසුවේ කටුව පැයක් ආපස්සට කරකවන්න. (ඩිජිටල් ඔරලෝසු වලනම් කටු නෑනේ
)
ඇයි මේ?
මේකට කියන්නෙ Day Light Saving Time [DST] කියලා.
මිහිතලයට ලැබෙන හිරු එලිය උපරිමයෙන් ලබා ගැනීම තමයි මෙහි මූලික අරමුණ වන්නේ.
( $$ ඇයි හිරු එලිය හැම රටටම එක විදියට නොලැබෙන්නේ...
$$ ඇයි අවුරුද්දේ හැම කාලෙම හිරු එලිය එක විදියට පතිත නොවන්නේ...
සාමාන්‍ය පෙළ විද්‍යා පාඩම මතක් කර ගමු. )
කෙටියෙක් කිව්වොත් යුරෝපය ට දැං ශීත කාලේ අවසන් වේගෙන යනවා...
සමකය ආසන්නයේ ඉන්න අපිට වැදගත්කමින් අඩු වුනාට හිරු එලිය වාර්ශිකව අඩුවෙන් ලැබෙන අනෙක් රටවලට හරිම වැදගත් මේ DST ක්‍රමය.
යුරෝපීය රටවල සෑම වසරකම මෙලෙස මාර්තු මස අවසන් ඉරුදින ඉදිරියට ගන්නා වෙලාව ඊලග ඔක්තෝබර් මස අවසාන ඉරු දින ආයෙමත් පැයක් පසුපසට ගන්නවා.
මෙදින සිට ඔක්තෝබර් අවසාන ඉරු දින දක්වා, දිනයක් තුල වැඩිපුර පැයක් එලිමහනේ ගත කිරීම තමයි මෙහිඅරමුණ.
මෙයින් සිදුවන තවත් වාසියක් තමයි බලශක්තිය යම් තරමකට ඉතිරි කර ගැනීම.
෴෴෴෴෴෴
මගේ මතකය නිරායාසයෙන්ම දිව යනවා අතීතයට, මේ සිද්ධියේම ෆොටෝ කොපියක් මට මැවිලා පේන්න ගන්නවා දැං. නොකියාම බැහැ මගෙත් කට කහනවනේ,
ලොව ප්‍රථම අගමැතිතුමියගේ දියණිය අප රටේ විධායක ජනාධිපතිතුමිය වෙලා ඉන්න සමයේ එතුමියගේම මාමණ්ඩියෙක් බලශක්ති ඇමැත්තයා වෙලා ඉන්න වෙලාවක බලශක්ති අර්බුධයට විසදුමක් ලෙස මෙලෙසම වෙලාව පැයකින් ආපස්සට ගත්තා....
පසුව එතුමියට පක්ෂයැයි එතුමිය මෙන්ම අපද සිතා සිටි, එහෙත් සැබවින්ම ඇයට ප්රතිපක්ෂ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී, ජනපති තුමන් වෙලා ඉන්න සමයේදී එම පැය "උඹට භාගයයි මටත් භාගයයි" කියලා පැය භාගයක් ඉදිරියට ගත්තා,
ඉංදියන් සාගරයේ මුතු ඇටය තුල දැනටත් ක්‍රියාත්මකව පවතින්නේ එම වේලාව බව කියමින් මම යනවා ඉදිරියට,
෴෴෴෴෴෴෴
මෙම පැයක් වෙලාව වෙනස් කිරීම තුල බලශක්ති භාවිතය යම් මට්ටමකින් පිරිමැසෙන බව නවසීලන්තය කල සමීක්ශනයකදී හෙලි උනා, එය 3.5% ක ප්‍රමාණයක්.
මෙම ක්රමයේ අතීතය ගැන විමසා බැලීමේදී 1784 බෙන්ජමින් ෆ්රැන්ක්ලීන් සමය දක්වා දිව යන අතර එය ඉංග්‍රිසි ජාතික විලියම් විලට් විසින් [ 1857/1915 ] නියම ආකාරයට ක්‍රියාවට නංවා ඇත. සමස්තයක් ලෙස ගත් කල ලෝක යුධ සමයේ සිට මෙම ක්‍රමය පැවති බව තහවුරු වේ.
1996 සිට යුරෝපා සංගමයේ රටවල මාර්තු අවසාන ඉරිදා සිට ඔක්තෝබර් අවසාන ඉරිදා දක්වාද ,
උතුරු ඇමරිකා රටවල මාර්තු 02 වන ඉරිදා සිට නොවැ 01 වන ඉරිදා දක්වාද,
ඔස්ට්‍රේලියාවේ අප්‍රියෙල් 01 වන ඉරිදා සිට ඔක්, 01 වන ඉරිදා දක්වාද
DST ක්‍රමය යොදා ගැනේ.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
කෙසේ වුවත් මෙම ක්‍රමයට අකමැති අයද සිටින බව අප දත යුතුයි.
පුද්ගලයින්ගේ ජීවන රටාව තුල සිදුවන විපර්යාසය,
නිදි කාල සටහන වෙනස් වීම,
එම නිසා අනවශ්‍ය ආතතියක් තුල රිය පැදවීමෙන් මාර්ග අනතුරු වල වැඩි වීමක්
පෙන්නුම් කිරීම,
මේ අකමැත්තට හේතු වශයෙන් දක්වන්න පුලුවන.
වෙනත් රටවලද විටින් විට මේ ගැන අත්හදා බැලීම් කරන බව මේ ගැන වැඩි දුර තොරතුරු සොයා බැලීමේදි දැන ගැත හැක.........
ඇයි මේ කාල වෙනසක් ඇති වෙන්නේ රටින් රටට ???
අපි දන්නවනේ අපේ ලෝකේ සහ තවත් (ග්‍රහ+ලෝක) අටක් හිරු දෙයියෝ වටේ කැරකි කැරකි ඒ ගමන් ක්ෂීර පථයෙත් කැරකි කැරකි ඉන්නේ කියලා...
ඒ නිසා වෙන්න ඇති ජින්ජර් අක්කාත් සිංදුවක් කිව්වෙ "කැරකී කැරකී........ " කියලා.
අපෙ ලෝකේ හිරු දෙයියෝ වටේ කැරකෙන්න පැය වලින් ගත්තොත් 24 ක් යනවා,
ඒ ගමන් ක්ෂීර පථය වටා එක රවුමක් කැරකවෙන්න දින 365.25 ක් ගන්නවා, දශම .25 අමතක කරලා 365 ක් විදියට ආසන්න ඔත්තේ සංඛ්‍යාවට වටයමු.
මේ කැරකෙන ලෝකේ උස්සන් ඉන්නේ ඇට්ලස් යෝධයාය උන්දගෙ කකුලක කොරයක් නිසා ඇලේට ඉන්නවාය කියලා කට කැඩිච්ච කථා එක එකා කිව්වට, සැබවින්ම පෘථුවිය ක්ෂීර පථයේ පිහිටා තියෙන්නෙ අංශක 23.5 ක් ඇලවයි. ඔන්න ඔය ඇලේ නිසා තමයි හැම රටටම එකම විදියට අවුරුද්ද පුරාම හිරු එලිය නොවැටෙන්නේ..
සරලව කියනවානම් බකල් රෝදයක් සහිත බයිසිකලයක් පැදං යද්දි විටින් විට දැනෙන ආතල් එක මතක් කර ගන්න....
කිංස්ලි ප්‍රසාද් පෙරේරා,
නාපෝලිය,
ඉතාලිය.
2017.03.25