පැය 10 ක අඳුරට හුරු වෙමු?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විදුලි කප්පාදුව ඉදිරි දිනවලදී පැය 10 ක් දක්වා දීර්ඝ වියහැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.

    ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ප්‍රමාණය වර්තමාන විදුලි ජනන ධාරිතාවෙන් හෝ තවත් දින 10 ක් පමණක් පවත්වාගෙන යෑමට කළහැකි වීම සහ කෙරවලපිටි විදුලි බලාගාරය වසා දැමීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් විදුලි ජනනයට අවශ්‍ය දැවිතෙල් අවසන් වීම නිසා ඇනවුමක් ලැබෙන තෙක් බලාසිටීම සිදුවීම හේතුවෙන් තත්වය තවත් බරපතල වී ඇති බවත් එම නිලධාරියා කීය.

    පැය 10 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    image_b96524a9dd.jpg



    Source: https://www.lankadeepa.lk/news/පැය-10-ක-අඳුරට-හුරු-වෙමු--/101-610411
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දුටුගැමුණු රජ්ජුරුවෝ රට හැදුවේ කරන්ට් එක තිබිලැයැ නැද්ද @erozan නොදකින් නන්දසේන
    තනි යෝදයෙට්ට රට හදන්න බෑ මිට්ටෝ. ඒකයි දුටුගැමුනුට යෝදයෝ දහදෙනෙක් හිටියේ.
    ඝෝඨාභයට තව නව දෙනෙකුයි රජෙකුයි ඕන රට ගොඩ දාන්න.🙄🤣
    උඹල මේ කලුවරේ හීන මවනවා🤣
     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    ඉන්න රටක් තියෙනවනේ ඒක ගැන හිතලා සතුටු වෙයාල්ල. අනික කවදා හරි බොර තෙල් ඉවර උණු දාට උබල මොකද කරන්නේ. තව ඉස්සරහට ඉරවල් දෙකකුත් පායනවා එතකොට ඔක්කොම ජලය හිඳිලා යනවා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මනුස්සයෙක් දවසේ ඇහැරිලා ඉන්න කාලය පැය 16ක් කියල ගත්තොත්, ඒ කාලයෙන්,
    වැඩක් කරගන්න පැය 6ක්ම තියෙනව.... ඒ මදෑ....
    මං නම් පැය 19 හමාරක් ඇහැරිලා ඉන්නේ
    නිදා ගන්නවා කියන්නේ කාලේ කන වැඩක්
     

    Similar threads