පැය 7 ක් දිනකට නිදා ගන්න. :)

venuscreats

Member
Dec 3, 2007
900
63
0
Ganemulla
පැය 7 ක් දිනකට නිදා ගන්න. :)

2960-660x330.jpg
පැය 7 ක් දිනකට නිදා ගන්න. ව්‍යාපාරික තරුණයෙකුගේ සමු ගැනීම ලෝකයට කියා දෙන පාඩම…

එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන වටිනාම ආයෝජනයකි
උදෑසන අවදි වීමට ඔබ තබන එලාම් එක තවත් පැය බාගයක් පස්සට දාන්න. මා එසේ කියන්නේ ඇයිදැයි යන්න මේ ලිපිය කියැවීමෙන් පසුව ඔබට අවබෝධ වනු ඇති.

රන්ජන් දාස් ව්‍යාපාරික තරුණයාගේ කතාව
රන්ජන් දාස් – ඉන්දියාවේ සාර්ථක ව්‍යාපාරිකයෙකු විය. ඔහු SAP Indian subcontinent නම් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා මෙන්ම සාමාන්‍යාධිකාරීවරයාද විය. ස්වකීය ව්‍යාපාරික ජීවිතය තුරුණූ වියේදීම අරඹා කෙටි කලකින් ඔහු එහි හිනිපෙත්තටම ගමන් කළේය. තවත් විදිහකින් රන්ජන් දාස් හඳුන්වා දුන්නොත් ඔහු භාරතයේ ඉතා තුරුණූ වියේදීම ව්‍යාපාරික ලෝකය ජයගත් එසේම මේ වන විටද තම වයස හා සසඳන විට ව්‍යාපාරික ලෝකයේ ඉහළින්ම වැජඹුණූ ව්‍යාපාරික පතාකයෙකු විය.
එහෙත් ඔහු මීට මාස ගණනාවකට පෙර ව්‍යාපාරික ලෝකයෙන් පමණක් නොව… තම ඥාති හිත මිත‍්‍රාදීන්ගෙන්ද, ජීවිතයෙන්ද සදහටම සමුගත්තේ මුළු මහත් භාරතයේම ව්‍යාපාරික ප‍්‍රජාව ප‍්‍රකම්පනයට පත් කරමිනි. ඒ වන විට ඔහු යන්තම් අවුරුදු 42 සම්පූර්ණ කළා පමණි.
රන්ජන් දාස් කිසි විටෙක අලස ජීවිතයක් ගත කළ අයෙකු නොවේ. ව්‍යාපාරික ජයග‍්‍රහණ පසෙකින් තබමු. ඔහු ඉතා හොඳ නිරෝගී තරුයෙකු විය. හැම විටම ඔහු තම ශරීරය ගැන සැළකිළිමත් විය. තම ව්‍යායාම ගැනද එපමණටම සැළකිල්ලක් දැක්වීය. තම ව්‍යාපාරික කටයුතු පමණටම ඔහු ක‍්‍රීඩාවේ අංශ දෙකක් සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් දක්වන්නට වූයේය. එකක් නම් තම ශරීරය මැනවින් පවත්වා ගැනීමයි. ඒ සඳහා ඔහු කාය වර්ධන මධ්‍යස්ථාන ඇසුරු කළේය. තමන්ටම ආවේණික ව්‍යායාම වැඩසටහනක නිරත වූයේය. අනෙක් දෙවැනි සහ ඉතා වැදගත් කාරණය නම් ඔහු මැරතන් ධාවකයෙකු වීමයි. මැරතන් ධාවනයේ යෙදීමට ඇත්තෙන්ම ඔහුට තිබුණේ පුදුමාකාර ආශාවකි. ඒ නිසාම මුම්බායි හී කාටර් මාවතේ ඔහු ධාවනයේ යෙදීම සුලබ දසුනක්ද විය. සුප‍්‍රකට චෙන්නායී මැරතන් තරගයට ඔහු සෑම වසරකම සහභාගි විය.
පසුගිය වසරේ දීවාලි උත්සවයට පසුව ඔක්තෝබර් 21 වනදා ඔහු ස්වකීය ව්‍යායාම මධ්‍යස්ථානයට ගියේය. සුපුරුදු ලෙස ව්‍යායාම වල යෙදුණේය. නැවත නිවෙසටද පැමිණියේය. ගතවූයේ සුළු වෙලාවකි. ඔහු මහත් වේදනාවෙන් පපුව බදා ගත්තේය. ඊළ`ග මොහොතේ ඔහු බිම පතිත වූයේ තමන්ගේ තුරුණූ ආත්මය දෙවියන් වෙත භාර කරමිනි.
ජීවිතය නම් තණ අග පිණි බිඳක්ම නොවන්නේද ? ව්‍යාපාරික අධිරාජ්‍යයක පතාකයෙකු, සුන්දර තරුණයෙකු කිසිදා නොසිතූ නොපැතූ ලෙසින් ජීවිතයෙන් සමුගත් අරුමය කිමැ…?

වැරදුණූ තැන සොයමු
රන්ජන් දාස් ගේ මරණයෙන් භාරතයේ බොහෝ දෙනා තැති ගත්හ. බහුතරයකට ප‍්‍රශ්නය වූයේ මේ තරම් සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක් මේ සා අසරණ ලෙස හිටිවන ජීවිතයෙන් සමු ගත්තේ කෙසේද යන්නයි. මැරතන් ධාවනය ඔහුට නපුරක් කළාද ? අයෙක් සිතන්නට විය. ඔහු අධි ව්‍යායාමයකට පත්වී මරණයට පත් වුණාද ?
මේ තරම් සෞඛ්‍ය සම්පන්න වූ… මේ තරම් තෝරාගත් ඇවතුම් පැවැතුම් ඇත්තාවූ සොඳුරු ව්‍යාපාරිකයා අදිසියේ මිය ගියේ කෙසේද? රන්ජන් දාස් ගේ ජීවිතය සම්බ්න්ධයෙන් සමාලෝචනය කරන කල්හී ඔහු ස්වකීය ජීවන මග විශාල ආතතියක් දරාගන්නා ලද බව කියැවේ. ආතතිය – රන්ජන් දාස් ට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ. අද අප අතර සිටින වැඩිදෙනෙක් සෑම කල්හීම විශාල ආතතියක් හිසින් දරාන එදිනෙදා කටයුතු වල නිරත වෙයි.
කයට ව්‍යායාම දුන්නාට, ආහාර පාලනය කළාට ආතතිය සමනය කරන මං පිළිබඳව සැළකිල්ලක් ඔබ නොදක්වන්නේ නම් ඒ කළ යහගුණයෙන්ද අරුතක් නොලැබීමට ඉඩ තිබේ.
රන්ජන් දාස් සම්බන්ධයෙන් විමසන කළ ඔහු දිනකට නිදාගෙන ඇත්තේ පැය 4 – 5 අතර කාලයකි. ඒ බව ඔහු තමන් සහභාගි වූ NDTV රූපවාහිනී වැඩසටහනේදී කලකට පෙර කියා පෑවේය.
භාරතයේ සුප‍්‍රසිද්ධ හෘද රෝග විශේෂඥයෙකු භාරතයේ සුප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඔහුට වැරදුණූ තැන් පිළිබඳව සමීප අධ්‍යයනයක නිරත වූයේය. ඔහු අවසානයේදී සිදු වූ ඛේදවාචකයට ආසන්න හේතුව ලෙස දුටුවේ ප‍්‍රමාණවත් නින්දක් නොමැති වීම සහ ආතතියයි.
Some Key points about sleep
ප‍්‍රමාණවත් නින්ද සම්බන්ධයෙන් මෙකල විද්වතුන් අතර පවත්නා සාධණීය කරුණූ කිහිපයක් මෙසේ පෙළ ගස්වමි.

  1. පැය 5-6 ට අඩුවෙන් නිදා ගැනීම විශාල වශයෙන් රුධිර පීඩනයේ අස්ථාවර වීම් වලට හේතු වෙයි.
  2. අවුරුදු 25-49 අතර වයස් කාණ්ඩයේ උදවිය අඩු නින්ද නිසා දැඩි වශයෙන් අධිරුධිර පීඩන අස්ථාවර වීම් වලට ලක් වෙයි.
  3. පැය පහට අඩු නින්දක් ලබන අය හෘදයාබාධ වලට ලක්වීමේ ඉඩකඩ තෙගුණයකින් ඉහළ යයි.
  4. නින්ද අඩුවෙන් ලබන උදවියගේ High sensitivity C-Reactive Protein (hs-cRP) රුධිරගත සාන්ද්‍රණය විශාල වශයෙන් වැඩි වේ. පසුව ඔහු නැවත නින්දක් ලැබුවද මේ මට්ටම අඩු වීමක් සිදු වව්නේ නැත. hs-cRP යනු හෘදයාබාධයක් ඇති වීමේ ඉඩකඩ දක්වන ප‍්‍රබල පෙරැයීමකි.
  5. එක් රාත‍්‍රියක නිදි අඩු වීමක්, වර්ජිත වීමක් වූව ශරීරයේ ධූලකතාවයන් වැඩි කරයි. Tumour Necrosis Factor-Alpha (TNF-alpha) and C-reactive protein (cRP) මෙසේ නිදි වර්ජිත වීමේදී ශරීරයට එකතු වන හානිකර විෂකාරක වේ. මේ විෂකාරක නිසා පිළිකා, හන්දිපත් ආබාධ හා හෘදයාබාධ ඇති වීමේ අවදානම ඉහළ නැංවෙයි.
  6. පැය පහට අඩුවෙන් ලබන නින්ද නිසා හෘදයාබාධ අවදානම සියයට 39කින් ඉහළ නැංවෙයි. පැය 6ට අඩුවෙන් නින්ද ලැබෙන විට හෘදයාබාධ අවදානම සියයට 18 කින් වැඩි වේ.
නින්දේ අවස්ථා දෙකකි. REM ( Rapid Eye Movement ) හා non-REM වශයෙනි. මෙයින් REM නින්ද මානසික ඒකාග‍්‍රතාවයට හේතු වන අතර non-REM නින්ද ශරීරය අළුත්වැඩියා වීමට සහ නැවත ගොඩනැංවීමට හේතු වෙයි. පරිසමාප්ත නින්දකදී මේ අවස්ථා කිහිප වරක් ඇති වේ.
මුලින්ම ඇති වන්නේ non-REM නින්දයි. මේ කාලයේදී ඔබේ ශරීරය අළුත්වැඩියා කරණූ පිණිස පිටියුටරි ග‍්‍රන්ථියෙන් පිටියුටරි හෝමෝනය ඝ‍්‍රාවය කරයි. පසුව වැඩි වශයෙන් ඇති වන්නේ REM නින්දයි.
දිවා කාලයේ මානසික ඒකාග‍්‍රතාව පවත්වා ගැනීමට මෙන්ම දවස පුරා ප‍්‍රබෝධයෙන් සිටින්නට උපකාරී වන්නේ පසු හෝරා කිහිපය තුළ ලැබෙන නින්දයි. පැය පහක පමණ නින්දකින් පසුව දවස ගත කිරීමේදී ජීව ගුණය පිරිහී යාම පුදුමයක් නොවේ. මෙසේ නින්ද අඩු වීමෙන් දවස පුරා නිදිබර බවක් හා වෙහෙසකර බවක් ඇතිවීම වළක්වා ගත නොහැක්කකි. නින්දේ අවසන් හෝරා කිහිපය නොහොත් REM නින්ද තනිකර පසුදිනය තීරණය කරන නින්ද වන්නේය.
තවත් වෙසෙස් කරුණක් නම් දිගු දුර ධාවනයේ යෙදෙන්නන් තවත් අමතර පැයක වැඩි නින්දක් ලබාගත යුතුය. ඒ වැය වන ශක්තිය නැවත උකහා ගැනීම හා ශරීරයට විවේකයක් ලබාදීම වෙනුවෙනි.

රන්ජන් දාස්ට වැරදුණූ තැන
රන්ජන් දාස් ආහාර ගත්තේ ප‍්‍රවේශමෙනි. ඔහු හොඳට ව්‍යායාමයෙහිද යෙදුණේය. හොඳ ශරීර බරක්ද පවත්වා ගන්නට ඔහු සමත් විය. නමුත් අතිශය වැදගත් කරුණක් ඔහුට අතපසු විය. ඒ, හොඳ නින්දක් ලැබීමයි. රන්ජන් දාස් දිනකට ලබා ගත්තේ පැය 4-5 ක නින්දකි. එය ඔහුගේ ආතතියද හෘදයාබාධ අවදානමද සැළකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීය.
රංජන් දාස්ට වැරදුණූ තැන අප බොහෝ දෙනෙකුටද වැරදෙන්නට බොහෝ ඉඩකඩ ඇති කරුණකි. අපද රංජන් දාස් මෙන්ම දවස පුරා වැඩ කරන පුද්ගලයන්ය. විවිධ වගකීම් වල බැඳී සිටින පුද්ගලයන්ය. ව්‍යාපාරයේ… රැුකියාවේ මෙන්ම ආදරණීයන් අතරේද අපේ බැඳීම් විසිර පවතී. මේ සියළු වගකීම මැනවින් ඉටු කරදෙන්නට නම් අප ජීවත්ව සිටිය යුතුය. රංජන් දාස් අපට සදා සිහිපත් කරවන පණිවිඩය එයයි. පුළුවන් නම් දිනකට පැය 7ක් නිදා ගන්න. සුවබර නින්දකට පදනම
සළසාගන්න. එය ඔබේ ජීවිතය වෙනුවෙන් කරන අගනා ආයෝජනයකි.
භාරත ගුණතිලක විසිනි

SOURCE - waidyawaraya.com
හොඳ නම් සලකල යමු.. :yes:
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඉදිපත්කල විස්තරය නම් කියෝනකොට
    දුකක් ආවා මචෝ ඒත් වෙන්නේ නැතිම වැඩක් ඇති වැඩකුත්
    නෑ ඒත් අනේ මන්දා ලොකු නිදහසක් නෑ ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    SAP Indian subcontinent එකේ CEO කියන්නේ සුපිරි සල්ලියක් ඇත්තේ :confused: ඒත් හැමදේම සල්ලි නොවෙන ඒකට හොද example එකක්, නිදි මරාගෙන සල්ලි පස්සෙම යන්නත් හොද නෑනේ :no:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,291
    1
    13,187
    113
    Gotham City
    ඒක තමා කියන්නේ හාර්ඩ් වර්කින්ග් වලට වැඩිය ස්මාර්ට් වර්කින්ග් වටිනවා කියලා .මොකද නිදිමරාගෙන වැඩ කරන එකේ ප්‍රතිඵල තමන්ට දැකලා සතුටු වෙන්න පුළුවන් උනාට තමන්ගේ අනාගත සෞක්‍යට බලපානවා .ඒ වගේම තමන් මහන්සි වෙලා වැඩක් කරලා එකේ ලකුණු වෙන එකෙක් දාගන්නවා අහන කොට දකින් කොට ඇතිවෙන දුක් සහිත මානසිකත්වයත් විවිධ රෝග වලට හේතු කාරක වෙන්න ඉඩ තියෙනවා .මොන දේ කරත් හොඳට නිදාගනින් .හොඳට කාපන් .හොඳට බීපන් .හොඳට ෆන් එකක් ගනින් (ෆන් කිව්වේ අනවශ්‍ය ෆන් නෙමේ .).මොකද අපි ඔක්කෝම මැරෙන මිනිස්සු .බිලියන ගාණක් හම්බ කරත් ස්ටීව් ජොබ්ස් ටත් වලට යන්න උනා .දැන් මෙතන කියන්නෙත් ඒ වගේ දෙයක් .ඉතිං තව මොන කතාද ??? ජීවිතේ විඳපන් .හැබැයි හැමදේකම සීමාවක් තියාගෙන පලයන් .
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    kathawa aththa macho math med yanna kalin paya 4nida gTHTHe dan igena gena baladdi karapu modakama tharune ehema padam karata wadakut na oya widihata durwalath wenawa anika bn man padam kareth pandara et aththa kathawa minihek 12-2 athara kalaye ninde inna onamai.a time ekata hormone secrete wenawa.heta denna tutorial ekak liyanawa math danna wisthara passe dannam
    ela post ekak kollo
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,003
    113
    @ගෙදර
    bump :sorry:
    ane manda eka pathakin job eka anik pathen part time studies
    hamdma nthath samhara dwsta mulu dwstma nidgna tyne paya 3,4i :no:
    bye ba mewa dakinkota
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    ඉදිපත්කල විස්තරය නම් කියෝනකොට
    දුකක් ආවා මචෝ ඒත් වෙන්නේ නැතිම වැඩක් ඇති වැඩකුත්
    නෑ ඒත් අනේ මන්දා ලොකු නිදහසක් නෑ ;)

    ow aniwa.. :)
    SAP Indian subcontinent එකේ CEO කියන්නේ සුපිරි සල්ලියක් ඇත්තේ :confused: ඒත් හැමදේම සල්ලි නොවෙන ඒකට හොද example එකක්, නිදි මරාගෙන සල්ලි පස්සෙම යන්නත් හොද නෑනේ :no:
    ow aniwa.. :)
    thanks
    OMG tfs....
    thanks
    Thanx saho
    ela..
    ඒක තමා කියන්නේ හාර්ඩ් වර්කින්ග් වලට වැඩිය ස්මාර්ට් වර්කින්ග් වටිනවා කියලා .මොකද නිදිමරාගෙන වැඩ කරන එකේ ප්‍රතිඵල තමන්ට දැකලා සතුටු වෙන්න පුළුවන් උනාට තමන්ගේ අනාගත සෞක්‍යට බලපානවා .ඒ වගේම තමන් මහන්සි වෙලා වැඩක් කරලා එකේ ලකුණු වෙන එකෙක් දාගන්නවා අහන කොට දකින් කොට ඇතිවෙන දුක් සහිත මානසිකත්වයත් විවිධ රෝග වලට හේතු කාරක වෙන්න ඉඩ තියෙනවා .මොන දේ කරත් හොඳට නිදාගනින් .හොඳට කාපන් .හොඳට බීපන් .හොඳට ෆන් එකක් ගනින් (ෆන් කිව්වේ අනවශ්‍ය ෆන් නෙමේ .).මොකද අපි ඔක්කෝම මැරෙන මිනිස්සු .බිලියන ගාණක් හම්බ කරත් ස්ටීව් ජොබ්ස් ටත් වලට යන්න උනා .දැන් මෙතන කියන්නෙත් ඒ වගේ දෙයක් .ඉතිං තව මොන කතාද ??? ජීවිතේ විඳපන් .හැබැයි හැමදේකම සීමාවක් තියාගෙන පලයන් .
    math me dema hituwa ban.. math kaaalayak me wage.. :)

    Good post! :)
    :)
    thanks
    kathawa aththa macho math med yanna kalin paya 4nida gTHTHe dan igena gena baladdi karapu modakama tharune ehema padam karata wadakut na oya widihata durwalath wenawa anika bn man padam kareth pandara et aththa kathawa minihek 12-2 athara kalaye ninde inna onamai.a time ekata hormone secrete wenawa.heta denna tutorial ekak liyanawa math danna wisthara passe dannam
    ela post ekak kollo

    Aniwa.

    bump :sorry:
    ane manda eka pathakin job eka anik pathen part time studies
    hamdma nthath samhara dwsta mulu dwstma nidgna tyne paya 3,4i :no:
    bye ba mewa dakinkota

    aniwa hondata nida ganin... :angry:

    :)

    Exam dawasa walata kalin dawase man nidagannema na
    :sorry:

    :yes:

    හොඳ නම් සලකල යමු.. :)
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw

    well said