පැරණි සෝවියට් රාජ්‍යය ජෝර්ජියාව
පැරණි සෝවියට් රාජ්‍යය ජෝර්ජියාව
"එක් මිනිසකුගේ මරණය නම් අභාග්‍යයකි. එහෙත් මිනිසුන් මිලියන ගණනකගේ මරණයන් එකතු වන්නේ සංඛ්‍යා ලේඛනවලට පමණි"
- ජෝෂප් ස්ටාර්ලින්
මා කීප වතාවක් පැරණි සෝවියට් රාජ්‍යයක් වන ජෝර්ජියාවේ සංචාරය කර ඇතත් මෙවර සංචාරය මගේ මතකයේ සදාකල් තිබේවි. ඒ ජෝර්ජියාවේ අගනුවර වන තිබිලිසි නගරයට කි. මී. 80 ක් පමණ දුරින් පිහිටා ඇති ගෝරි නගරයේ ජෝෂප් ස්ටාර්ලින් අනුස්මරණ කෞතුකාගාරය වෙත යැමට මට අවස්ථාවක් ලැබීම නිසා. ගෝරි නගරය එතරම් විශාල නගරයක් නොවේ. නමුත් ඒ නගරය බොහෝ පුද්ගලයන් සහ සංචාරකයන් අතර ප්‍රසිද්ධ වී ඇත්තේ සෝවියට් දේශයේ හිටපු නායක ජෝෂප් ස්ටාර්ලින්ගේ උපන් ගම නිසාත් ලොව පිහිටා ඇති එකම අනුස්මරණ කෞතුකාගාරය පිහිටා ඇති නිසාත්.
ගෝරි නගර සභාවේ තීරණයක් අනුව නගරයේ ප්‍රධාන චතුරශ්‍රයෙන් ස්ටාර්ලින්ගේ ප්‍රතිමාව ගලවා ඉවත් කෙරුණා. හැබැයි තවමත් ස්ටාර්ලින් අනුස්මරණ කෞතුකාගාරය නම් විවෘතව තිබෙනවා. කෞතුකාගාර පරිශ්‍ර භූමියට ඇතුළු වෙද්දීම මට දිස්වූයේ පැරණි සෝවියට් ආකෘතියකට අනුව ඉදි කළ දැවැන්ත එහෙත් පැරණි ගොඩනැඟිල්ලක්. එතරම් විශාල නොවූ ස්ටාර්ලින්ගේ ප්‍රතිමාවක් ගොඩනැඟිල්ල ඉදිරිපස ඇති අතර තවත් විශාල ප්‍රතිමාවක් සෑදීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණා.
කෞතුකාගාරයේ භාරකාර අධ්යක්ෂ ස්වෙත්ලානා පැවසුවේ නගරයේ ප්‍රධාන චතුරශ්‍රයෙන් ගලවා ඉවත් කළ ස්ටාර්ලින්ගේ ප්‍රතිමාව ඒ ස්ථානයේ තැබීමට අදහස් කර ගෙන ඇති බවයි.
ගොඩනැඟිල්ලේ එක් පැත්තක කොන්ක්‍රීට්වලින් ඉදිකළ ආවරණයක් ස්ටාර්ලින් ඉපදුණු සහ සිය දෙමවුපියන් සමඟ ජීවත් වූ කුඩා නිවසට අමතර වහලක් ලෙස ඉදිකර තිබෙනවා. 1989 වර්ෂයේදී මෙම කෞතුකාගාරය වසා දැමුවත් සංචාරකයන් වෙනුවෙන් මේ ස්ථානය විවෘත කිරීමේ අවශ්‍යතාව වටහා ගත් ගෝරි නගර සභාව මීට වසර කිහිපයකට උඩදී නැවත විවෘත කළා. 2008 වර්ෂයේදී මේ කෞතුකාගාරය රුසියානු ආක්රමණයේ කෞතුකාගාරය නමින් වෙනස් කිරීමට අදහස් කළත් අද වෙනතුරුත් ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබී නැහැ.
ගොඩනැඟිල්ලට දකුණු පසින් ඇත්තේ ස්ටාර්ලින් සිය ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගත් විශේෂ දුම්රිය මැදිරියයි. කුමන්ත්රණවලට හසුවෙයි බියෙන් ස්ටාර්ලින් කිසිම දිනෙක ගුවන් ගමන්වල යෙදී නැහැ. ඔහුගේ සියලුම ගමන් සිදුවූයේ වෙඩි නොවදින සියලුම් පහසුකම්වලින් සමන්විත මේ විශේෂ දුම්රිය මැදිරියක් මඟින්.
කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වූ මට දක්නට ලැබුණේ කිරි ගරුඬවලින් සමන්විත පොළොව සහ ඒ මත රතු පලසක්. ඒ රතු පලස දිවෙන්නේ ස්ටාර්ලින්ගේ විශාල උඩුකය ප්‍රතිමාවක් වෙතට. නිශ්ශබ්දතාව පිරි එම විශාල ශාලාව තුළට ඇතුළුව මට දැනුණේ හරියට ආගමික මධ්‍යස්ථානයකට ඇතුළු වූවා වැනි දැනීමක්. ප්‍රදර්ශන ශාලා තුනකින් සමන්විත මේ කෞතුකාගාරයේ පළවැනි ශාලාවේ ප්‍රදර්ශනය වෙන්නේ ස්ටාර්ලින්ගේ ජීවිතයේ මුල් අවදියේ ඡායාරූප සහ තම දේශපාලන ජීවිතයේ තරුණ යුගය හා සම්බන්ධ විස්තර හා ඡායාරුපයි. දෙවැනි ශාලාවේ ඇත්තේ ඔහුගේ කොමිනිස්ට් පක්ෂය හා සම්බන්ධ ඡායාරූප සහ ලියකියවිලියි. තුන්වැනි ශාලාවේ ඡායාරූපවලින් දෙවැනි ලෝක සංග්‍රාමයේ සෝවියට් දේශයේ සහ ඔහුගේ නායකත්වය ගැන කරුණු පැහැදිලි කෙරෙනවා මේ සියලු ශාලාවල සැරිසැරූ මට හැඟුණේ මේ කෞතුකාගාරය ස්ටාර්ලින්ගේ ගරුත්වය රැකගැනීම වෙනුවෙන්ම පිළියෙල නොවූ බවත් ඔහුගේ පාලන සමයේ දරුණුව පැවති ස්ටාර්ලින්ගේ නිලධාරීවාදය විවේචනය වෙන සිද්ධීන් සහ ඡායාරූප ද ඇතුළත් වෙන බවත්. සාමාන්‍ය වශයෙන් මෙවැනි ප්‍රදර්ශනයකදී කෙරෙන සෝවියට් කොමියුනිස්ට් ප්රචාරක අදහස් නොව සත්‍ය වශයෙන්ම ඡායාරූප සහ ලිපි ලේඛන ප්‍රදර්ශනය කිරීම සිදු කර තිබෙනවා.
1879 දෙසැම්බර් මස 21 වැනි දින උපත ලැබූ ස්ටාර්ලින්ගේ පිය ඉතා දුප්පත් සපත්තු මහන්නකු වුණා. ඔහුගේ මව ඇඳුම් මැසීම සහ රෙදි සේදීමෙන් ලබාගත් මුදල් වලින් ස්ටාර්ලින්ගේ අධ්‍යාපනය සඳහා විය හියදම් දැරුවා. ඔහුගේ නියම නම වන්නේ ඉඔසිප් වසාරිනොවිච් ජුගාශ්විලි. වයස 7 දී ගෝරි නගරයේ ආගමික පාසලකට ඇතුළු වූ ස්ටාලින් හට එහි වසර 4 ක අධ්‍යාපනය නිමකිරීමට වසර 6 ක් ගත වුණා. ආගමික පාසල තුළ ස්ටාර්ලින් ඉතා සැර පරුෂ සිසුවෙක් හැටියට නම් දරා හිටියත් නමුත් ශරීර ප්‍රමාණයෙන් කුඩා වූ ස්ටාලින් කිසිම විටෙක තම අනික් සිසුවන් සමඟ වාදවලට ගියත් රණ්ඩුවලට සම්බන්ධ වුණේ නැහැ. වැඩිම කාලයක් ස්ටාර්ලින්ගේ ළමා විය ගතවූයේ මහ පාරේ. මවට සහ පියාට ස්ටාර්ලින් වෙනුවෙන් තම කාලය වැය කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. එවකට ප්‍රසිද්ධ ජෝර්ජියානු ලේඛකයකු වූ කස්බේගී විසින් රචිත පීතෘ ඝාතකයා නමැති කෘතිය ස්ටාර්ලින්ගේ මනසේ හොල්මන් කරන්නට පටන් ගත්තේ මේ කාලයේදී. නිදහස සහ ස්වාධීනත්වය උදෙසා සටන් කෙරෙන ගොවි කම්කරුවකුගේ ජීවිතය අලලා ලියෑවුණු මේ කෘතියේ ප්‍රධාන චරිතය වූ කෝබා ස්ටාලින් හට වීරයෙක් වුණා. ඇත්තෙන්ම ඔහුව හැඳින්වීම සඳහා ද කෝබා යන නම භාවිත කළ බව ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. එසේම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වීමෙන් පසු ද බොහෝ අවස්ථාවලදී ඔහුව හැඳින්වූයේ කෝබා යන නමින්.
පාසලේ ක්‍රියාකාරකම්වලදී පළමුවෙන්ම ඔහු මාක්ස්වාදීන් සමඟ සම්බන්ධතා ඇති කරගෙන පළමුවන ජෝර්ජියානු සමාජ ප්‍රජාතාන්ත්‍රිකවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා. 1902 සිට 1913 වසර කාලය තුළදී හය වතාවක් අත්අඩංගුවට පත්වුවත් ඒ සෑම අවස්ථාවකදීම පැන යැමට සමත් වුණා. 1912 වර්ෂයේදී ලෙනින් හා සම්බන්ධව කටයුතු කර අවසානයේදී රුසියානු බෝල්ෂෙවික් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද ස්ටාලින් පත්වුණා.
ලෙනින්ගේ අභාවයෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයට පත්වූ ස්ටාලින් මියයන තෙක්ම සෝවියට් දේශයේ නායකත්වය දැරුවා. 1953 මාර්තු මස 5 වැනි දින ස්ටාලින් මියගියත් ඔහුගේ පාලන කාලය තුළ පීඩාවට සහ මරණයට පත්වූවා යෑයි කියවෙන අති විශාල ජනතාවකගේ නෑදෑයන් අදත් යුක්තිය උදෙසා සටන් කරනවා. අවම වශයෙන් මිලියන 3 ක අධික සෝවියට් ජනතාවක් සිර කඳවුරුවල සහ කොලනිවල මරුමුවට පත් වී ඇති බව සඳහන් ෙ වනවා. ස්ටාර්ලින්ගේ මුවඟ නිතර රැඳුණු වචන කිහිපයක් වුණේ සෑම ප්‍රශ්නයකටම පිළිතුර මරණය යන්නත් පුද්ගලයා මියගොසින් නම් සියලුම ප්‍රශ්නත් ඔහුත් සමඟ මියදෙනු යන බවත්.
ජෝර්ජියාව සහ රුසියාව අතර සම්බන්ධතා අද උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. නතාලියා පවසන්නේ ස්ටාර්ලින් කොතරම් දරුණු පාලකයෙක් හැටියට වර්තමාන රුසියාව හංවඩු ගසා ඇතත් මිලියන් හයක් ජීවත් වන කුඩා ජෝර්ජියාවේ ඉපිද මුළු සෝවියට් දේශයම පමණක් නොව ලොව හෙල්ලූ නායකයෙක් හැටියට ලොව පතළ වීම ගැන තවමත් පැරණි ජෝර්ජියන් ජාතිකයන් ආඩම්බර වෙන බවයි. ජෝර්ජියානු වර්තමාන රජය ස්ටාලින්ගේ ප්රතිමාවන් නැවත ප්රතිස්ථානගත කිරීම් සම්බන්ධයෙන් තම විරෝධය ප්‍රකාශ කර ඇතත් නතාලියා පවසන්නේ එය විපක්ෂය යම් තරමකට හෝ සනසන්නට ලබා දුන් ප්‍රකාශක් හැටියටයි. ස්ටාර්ලින්ගේ අභාවයෙන් 1956 වර්ෂයේදී සෝවියට් දේශයේ බලයට පත්වූ නිකීතා කෘෂෙව් ස්ටාර්ලින් එකාධිපතිවාදියෙක් වශයන් නම් කළ විට තිබිලිසි නගරයේ කෘෂෙව් ට විරුද්ධව පෙළපාලි ගියබව නතාලියා පවසනවා. නාසි ජර්මනියට විරුද්ධව දෙවැනි ලෝක සංග්‍රාමයේදී සෝවියට් දේශයේ ජයග්‍රහණය පිටුපස සිටි ප්රබලතම සාධක වලින් එකක් වන්නේ ස්ටාලින්ගේ නායකත්වය බවත් එහෙත් අද වර්තමාන රුසියාව දෙවැනි ලෝක යුධ ජයග්රහණයෙන් ස්ටාර්ලින්ගේ නාමය ඉවත් කිරීමට කටයුතු යොදමින් තිබෙන බවත් ඇය තවදුරටත් පවසා සිටියා.
තව දුරටත් නතාලියා පවසන්නේ "කෙසේ වුවත් සෝවියට් ඉතිහාසයේ ස්ටාර්ලින්ගේ භූමිකාව මකා දමන්නට කිසිම දවසක හැකි වන්නේ නැහැ. කවුරුන් කෙසේ කීවත් අද වර්තමාන රුසියාව ලබා ඇති ආර්ථික සහ තාක්ෂණික දැනුම පිටිපස සහ අද රුසියාව ලොව බලවත් රාජ්‍යයක් වශයෙන් පෙනී සිටීමේ හැකියාව ලැබී ඇත්තේ එදා ස්ටාර්ලින් ප්රමුඛ නායකයන් විසින් දැමූ පදනමට ස්තුති වන්නටයි".
ඔබ කවදා හෝ ජෝර්ජියාවට යන්නේ නම් එහි අගනුවර වන තිබිලිසි සිට කි.මී. 80 ක් දුරින් පිහිටා ඇති මේ ස්ටාලින් අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට යන්න. ඔබට සෝවියට් ඉතිහාසය ගැන උනන්දුවක් ඇත්නම් මේ ස්ථානය නැරඹීමට යැම තුළින් මහත් වූ දැනුම් සම්භාරයක් ලබාගැනීමට හැකි වනු නොඅනුමානයි.
රොහාන් ඩිරෙක්ස්

Last edited: