ඔන්න පැරෂුට් වලින් ගුවන් අභ්‍යාසකරන පුද්ගලයෙක් අලුතෙන් පැරෂුට් එකක් මිලදී ගන්න හිතාගෙන පැරෂුට් විකුනන කඩේකට ආවා. දැන් එතන මුදලාලි තියෙන පැරෂුට් වර්ග ගැන අර මනුස්සයට විස්තර කරනවා.
මුදලාලි - මේක ඇමරිකන් එකක්, 22000ක් වෙනවා. මේක ඉංග්ලන්ඩ් එකක්, 18500ක් වෙනවා, මේක ජැපනීස් එකක් 15000ක් වෙනවා.
ඔහොම ඉතිං මුදලාලි තමන් ගාව තියෙන පැරෂුට් ගැන විස්තරයක් කරගෙන යනවා.
පාරිභෝගිකයා - කොහොමද මුදලාලි මේවායේ කල්පැවැත්ම එහෙම.. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්ද?
මුදලාලි - අපොයි ඔව්, මෙච්චර කාලෙකට කාගෙන්වත් කම්ප්ලේන් ඇවිල්ලා නැහැ.
පාරිභෝගිකයා - මේ පැරෂුට් වලට වගකීමක් එහෙම තියෙනවද? හරියට දිග ඇරෙනවද?
මුදලාලි - අපොයි ඔව් මහත්තයා, අවුරුදු 2ක් වග කියනවා, වැරදිලා හරි උඩදි දිග ඇරුනේ නැත්නම් අරගෙන එන්නකෝ. මම මාරු කරලා දෙන්නම්. තාම නම් කවුරුවත් එහෙම අරගෙන ආවේ නැහැ.