බුදුහාමුදුරුවන්ගෙ සර්වඥතාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,287
    113
    Fb


    මට ඇත්තේ බුදුහාමුදුරුවන් ගැන ශ්‍රද්ධාවක්. ශ්‍රද්ධාව භක්තියෙන් වෙනස් වෙනවා. අපි සමහර වෙලාවට අන්ධ භක්තිය කියාත් කියනවා. භක්තියේ ඇත්තේ විශ්වාසයක්. හරියට ඇතැමුන්ට බටහිර විද්‍යාව, විද්‍යාත්මක විධි ක්‍රමය, තර්කය වගේ දේ ගැන ඇති විශ්වාසය වගේ. බටහිර විද්‍යාව කටගාගත් අයටත් අන් බොහෝ අයටත් ඒ භක්තිය තියෙනවා. ඒ බොහෝ දෙනා තවමත් විසිවැනි සියවසේ මුල තිබූ රදර්ෆර්ඩ්ගේ ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන සහිත න්‍යෂ්ටිය වටේ රවුම් ගහන ඉලෙක්ට්‍රෝන සහිත පරමාණුව විශ්වාස කරනවා. ඒ පරමාණුව සුනු විසුනු (ශුන්‍යය මතක් කර ගන්න) වෙලා බොහෝ කල්.

    මා බුදුහාමුදුරුවන් ගැන සොයා බලනවා. උන්වහන්සේ දෙසූ ධර්මය මට දැනෙන ආකාරයට තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ බටහිර තර්කය අනුවවත් වෙනත් බටහිර ආකාරයක් අනුවවත් නො වෙයි. මා උන්වහන්සේට කිසිම ආකාරයකින් නිගරුවක් කරන්නේ නැහැ. මට බටහිර දැනුම නිසා ඇති වන මෝඩාභිමානයක් නැහැ. මා කොහොමටත් උගතකුවත් බුද්ධිමතකුවත් නො වෙයි. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. මා භක්තියෙන් බුදුදහම පිළිගන්නා අයකුත් නො වෙයි. එහෙත් මා සිදුහත්ගෙ ආතලය, දරුවා රැක බලා නොගෙන ගිහිගෙයින් නික්ම යෑම, වගේ බටහිර දැනුමෙන් මත් වෙලා බොරු රැඩිකල් කතා කියන්නෙ නැහැ.

    මා සූත්‍ර කිහිපයකට වඩා කියවලා නැහැ. එහෙත් මා ධර්මය මෙනෙහි කරනවා. මා පෘථග්ජනයෙක්. මට ද්වේෂය ඇති වෙනවා. ඒත් මා පන්සිල් රකිනවා. මා බොරු කියනවා. ඒ බොරු නොකියා බැරි නිසා. ඒත් මා මුසාබස් කියන්නෙ නැහැ. මට බුදුදහම ගැනවත් මෝඩාභිමානයක් නැහැ. කවුද කියල තිබුණ මට අවශ්‍ය බුදුහාමුදුරුවන් වැඩ්ඩෙක් කරන්න කියා. අපොයි නැහැ. බුදුහමුදුරුවන් අසමසමයි. වැඩ්ඩන් කියන්නෙ වැඩ පුළුවන් අය. බුදුහාමුදුරුවන් වැඩ පෙන්නන්න ගියේ නැහැ. උන්වහන්සේ කෙළේ වැඩවල ඇති බොරුව පෙන්වීමයි.

    ඇතැමුන්ට බුදුහාමුදුරුවන් ලෝකයේ පහළ වූ ඉහළ ම විද්‍යාඥයා. ඒ අර බටහිර විද්‍යාවට භක්තියක් ඇති අය. තර්කයට භක්තියක් ඇති සමහරුත් එහෙම කියනවා. බුදුහාමුදුරුවන් විජ්ජාචරණ සම්පන්න වෙන්න වෙනින් අරුතකින්. තර්කය තර්කානුකූල කියා කිසිවකුටත් පෙන්නන්න බැහැ. බුදුහාමුදුරුවන් ඉහළ ම විිද්‍යාඥයා නම් උන්වහන්සේ රදර්ෆර්ඩ්ගේ පරමාණූ ආකෘතිය දැන සිටිය යුතු ව තිබුණා ද? රදර්ෆඩ්ගේ පරමාණුව සුනු විසුනු වූ පසු උන්වහන්සේගේ දැනුමත් සුනු විසුනු විය යුතු ව තිබුණා ද?

    උන්වහන්සේ අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය දැන සිටියා ද? අහවල් දේකට ද? සාධාරණ සාපේක්‍ෂතාවාදය තවමත් ක්වොන්ටම් ක්‍ෂෙත්‍ර ප්‍රවාදය සමග මුහුන් කරන්න බැහැ. ඒ අවුරුදු සියයක පමණ කාලයක් වෑයම් කරලා. අවකාශය ක්වොන්ටම්කරණයට ලක්කරන්න පුළුවන් ද? ලක්කරත් මොකක් වෙයි ද? මා අසා ඇති ආකාරයට ථෙරවාදයේ පරමාණුව කියනනෙ දිග (අවකාශය) මැනීමේ දී ගන්නා අඩුම ඒකකය. එය ප්ලෑන්ක් දිග ද? මා මෙයින් කියන්න හදන්නේ ථෙරවාදය බටහිර විද්‍යාවට වඩා දියුණු ය කියන එකක් නො වෙයි. මට එවැනි මෝඩාභිමානයකුත් නැහැ.

    බුදුහාමුදුරුවන් සර්වඥ ද? මා කියනවා ඔව් කියා. ඒත් ඒ ක්වොන්ටම් සාපේක්‍ෂතාවාදය පරිණාමවාදය බටහිර මනෝ විශ්ලෙෂණය මාක්ස්වාදය ආදිය දැන ගෙන සිටි අර්ථයකින් නො වෙයි. ඒ සියල්ල අද පිළිගත්තත් හෙට නො පිළිගනීවි. එවැනි දේ දැනගැනීමෙන් අද යම් යම් දේ සීමීිත වපසරියක විස්තර කරන්න පුළුවන්. ඒත් හෙට එයින් වැඩක් වෙන්නේ නැහැ. මේ වන විටත් මිනිසා විකාශයේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රිකාවේ ඇති වුණා ය කියන මතය වෙනුවට විවිධ තැන්වල ඇති වුණා කියන මතය ඇතැමුන් විසින් පිළිගැනෙනවා. එවිට පරිණාමවාදයට මොකක් ද වෙන්නෙ?

    මා මෙහි කියන දේ ගැන බොහෝ බෞද්ධයන් ද විරුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඒකට කමක් නැහැ. බොහෝ කලකට පෙර මා ලිපියක හරි පොතක හරි කියෙවුවා බුදුහාමුදුරුවන් සර්වඥ කියා කියන්නේ උන්වහන්සේ සියල්ල දැන සිටි නිසා නොව දැනගත යුතු සියල්ල දැන සිටි නිසා. එහෙත් මට මතකයක් නැහැ දැනගත යුතු සියල්ල යනුවෙන් අදහස් කෙරුණේ කුමක් ද කියා. එවැන්නක් සඳහන් වුනා කියා මතකයකුත් නැහැ. සමහර විට සසර කෙළවර කිරීමට අවශ්‍ය දේ වෙන්න පුළුවන්.

    මා හිතන්නේ නම් උන්වහන්සේ සියල්ල දැන සිටි බවයි. මෙහි සියල්ල කියන එක මා වෙනත් ආකාරයකින් විවරණය කරනවා. උන්වහන්සේ මේ සියල්ල, ඊනියා දැනුම් සියල්ල, බොරු බව දැන හිටියා. මේ දැනුම් සියල්ල අවිජ්ජාව නිසා සංස්කරණය කෙරෙන බොරුවක් මායාවක් බව උන්වහන්සේ දැන සිටියා. ඒ බොරු ඇත්ත කියා පිළිගැනීම නිසා සසර ඇති වන බවත් උන්වහන්සේ දැන සිටියා. සසර කෙළවර කිරීමට නම් බොරු බොරු බව සම්මාබෝධ කර ගත යුතු බව උන්වහන්සේ දැන සිටියා. බුදුහාමුදුරුවන් සර්වඥ වන්නේ සියලු බොරු දැනුම් දත් නිසා නොව සියලු බොරු දැනුම් බොරු බව දැන සිටි නිසා කියායි මා හිතන්නෙ.

    බුදුහාමුදුරුවන් ආත්මය කියන එක බොරුවක් බව දේශනා කළා. සසර කෙළවර කිරීමට බොරු බොරු බව පසක් කළ යුතු බව දේශනා කළා. අප සාමාන්‍යයෙන් කියනවා තණ්හාව නැති කරන්න ඕන කියා. අපට තණ්හාව ඇති වන්නේ මා කියා එකකු ඉන්නා බව හා අනෙක් මිනිසුන් සතුන් ආදින් ඉන්නා බව, පවතින බව හිතන නිසා. පවතින්නේත් නැති නොපවතින්නේත් නැති අප විසින් අවිජ්ජාව නිසා සංස්කරණය කෙරී ඇති පැවැත්මක් පිළිබඳ දැනුමක් විශ්වාස කිරීම නිසා දුක ඇති වෙනවා. ප්‍රියයන් කියා පිරිසක්, නැති අපේ සංස්කරණයක් බව පසක් කළ විට ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් වන්නේ නැහැ. දුක නැති කරන්න පුළුවන් තණ්හාවටත් හේතු වන බොරු සංස්කරණයෙන් කෙරෙන බොරු, බොරු බව පසක් කිරීමෙන්. බුදුහාමුදුරුවන් ඒ පසක් කරගෙන හිටියා.

    මට ඒ කිසිවක් පසක් වෙලා නැහැ. එහෙත් මට අවබෝධයක් තියෙනවා. අවබෝධය කියන්නේ තවත් බොරුවක් හදා ගැනීමටයි. පසක් කර ගැනීම යන්නට මා වෙනත් වචනයක් යොදා ගන්නවා. ඒ වචනයක් අවශ්‍ය නිසා පමණයි. මා එයට සම්මාබෝධය කියනවා. සම්මාදිට්ඨිය සම්මාබෝධය සඳහා. මට සම්මාබෝධය නැහැ.

    ඒත් මාගේ අවබෝධය තමයි අපට බොරු නොකියා ඉන්න බැරි බව. අප කියන එක ම බොරුවක්. අපට මුසා නොකියා නම් ඉන්න පුළුවන්. මුසාව හා බොරුව අතර වෙනස මා කිහිප වතාවක් කියා ඇති. ඒකත් බොරුවක් තමයි. ඒත් මේ බොරු කියන උගත් බුද්ධිමතුන් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කී සැණින් බූමිතෙල් ගෑවිච්ච ගැරඬින් මෙන් දඟලනවා. ඒ බටහිර විද්‍යාව ගැන ඇති භක්තිය නිසා. ඇතැම් ජාතිකවාදීන් යැයි කියන නොදත් දොස්තරලාටත් ඒ භක්තිය තියෙනවා. නැති මා ඒ ගැන කුමක් කරන්න ද?

    නලින්ද සිල්වා

    https://www.facebook.com/share/p/d18EJ8gFyYaA77JV/?mibextid=oFDknk
     

    nipund

    Well-known member
  • May 17, 2007
    806
    1,104
    93
    මට හිතෙන දේ !!
    අපිට බිත්තියක් ඇතුලින් යන්න බැරි ඇයි ?අපිට බිත්තිය දෘඩ , ඝණ දෙයක් හින්ද , කෙනෙක්ට පරිපූර්ණ අවබෝධයක් අවොත් එක එහෙම්ම නෙමේ කියලා, එතැනදී බිත්තිය දෘඩ නොවන්න පුළුවන්.
    අහසින් යන එක එහෙම වෙන්න පුළුවන් ඇති.
    කාලය අවකාශය , basic ම හදුනා ගැනීම් 11 උඩ තමා ලෝකය ,(අතීත ,අනාගත වර්තමාන , දුර ලග,හිනා ප්‍රණීත , ඝන ,සියුම් ,ඇතුලත පිට )
    Sayings.jpg
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    බුදුහාමුදුරුවෝ සිවුර ගැලෙව්වම නිර්වස්ත්‍රද?
    නිර්වස්ත්‍රයි මහත්මයා.
    උන්වහන්සේත් කෑවා,බිවුවා,ස්නානය කළා , මලපහ පිට කළා සියල්ල කළා.
    ඔබට එය වැටහෙන්නෙත් නැති තරම්ම මුග්ද මෝඩ ආත්මයක්ද? ඔය මෝඩ කම් අතහැර ඔබේ මරණය දිහා බලන්න පටන්ගන්න.එය අද හෙටම සිදුවෙනවා. ඊට පෙර යන තැන දැන සකසා ගන්න උත්සහ කරන්න
    .(දැන් ඉතින් ඔබ ඇති තරම් නින්දා කරන්න,මගේ යුතුකම ඉෂ්ට කළා )
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ජම්ගියක් වගේ?
    උඹ දැක්ක ද?
    ජාතක කතාවක තියෙනවා. නිකන් හාමුදුරුවො නම් ලන්කට් අඳිනවා. බෞද්ධ කොඩියෙ පාටට මහපු ලන්කට්. :-)
    උබල මේ වගේ කතා කියලා වින්දනයක් ලබනවද බං? මට හිතාගන්න බෑ මොන මානසිකත්වයක ඉන්නවද කියලා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    ජාතක කතාවක තියෙනවා. නිකන් හාමුදුරුවො නම් ලන්කට් අඳිනවා. බෞද්ධ කොඩියෙ පාටට මහපු ලන්කට්. :-)
    බෞද්ධ කොඩියෙ පාට හුඟක් තියනවනෙ 🏳️‍🌈 🤔?
    උබල මේ වගේ කතා කියලා වින්දනයක් ලබනවද බං? මට හිතාගන්න බෑ මොන මානසිකත්වයක ඉන්නවද කියලා.
    යකෝ කුතුහලය කියලා දෙයක් තියනවා ලෝකෙ?
    උඹට මතක නැද්ද පොඩිකාලේ උඹට තිබ්බ ළමයි හම්බෙන විදිහ ගැන කුතුහලය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    උබල මේ වගේ කතා කියලා වින්දනයක් ලබනවද බං? මට හිතාගන්න බෑ මොන මානසිකත්වයක ඉන්නවද කියලා.
    මට නම් නෑ. මම නිකන් කිව්වෙ බන්.

    බෞද්ධ කොඩියෙ පාට හුඟක් තියනවනෙ 🏳️‍🌈 🤔?

    යකෝ කුතුහලය කියලා දෙයක් තියනවා ලෝකෙ?
    උඹට මතක නැද්ද පොඩිකාලේ උඹට තිබ්බ ළමයි හම්බෙන විදිහ ගැන කුතුහලය
    ඇත්තට බෞද්ධ කොඩියෙ පාට වලින් මොකද්ද සංකේතවත් වෙන්නේ ?

    360_F_367831182_1ST2iPwsRdaj77l2biaUcm6bUsrm6D6x.jpg


    Blue represents the spirit of universal compassion, yellow is the Middle Way, red is the blessings of practice, white is the purity of Dhamma, and orange is wisdom. The last stripe, which combines all five colors, represents the overall aura or the truth of Buddha's teachings.

    අඩෝ මම අදයි දැනගත්තෙ.
    ------ Post added on Aug 2, 2024 at 10:07 AM

    Who introduced the Buddhist flag?


    Buddhist flag - Wikipedia


    The flag was originally designed in 1885 by the Colombo Committee, in Colombo, Ceylon (now Sri Lanka). The committee consisted of Ven. Hikkaduwe Sri Sumangala Thera (chairman), Ven.
    ------ Post added on Aug 2, 2024 at 10:09 AM
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,377
    3,686
    113
    මොනර තැන්න
    උබල මේ වගේ කතා කියලා වින්දනයක් ලබනවද බං? මට හිතාගන්න බෑ මොන මානසිකත්වයක ඉන්නවද කියලා.
    Ubata pissuda ban ? Agamak unath vivechnya karanna one. Ethakota thamai atta Mokak da? Kiyala therum ganna puluwan
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    මාරයි නේද බන්. ඉස්සර ලංකාව බුද්ධහගමේ කේන්ද්‍රස්තානයක් වෙන්න ඇති. හරියට ජිනීවා අගනුවර වගේ. international Buddhist flag එක ලංකාවෙ හැදුවා කිව්වම. දැන් ඉන්දුනීසියා මියන්මාර් භූතාන් වගේ රටවලත් පාවිච්චි කරන්නෙ මේ කොඩියම තමයි නේද ? :nerd:
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Ubata pissuda ban ? Agamak unath vivechnya karanna one. Ethakota thamai atta Mokak da? Kiyala therum ganna puluwan
    විවේචනය කරන්න අයිතියක් අපි හැමෝටම තියෙනවා. ඒත් ආගම විවේචනයට එකේ නායකයාගේ ඇඳුම වැදගත් වෙන්නේ කොහොමද?