පැරැඩොක්සිය - බුදු දහම පිළිපැදීමට බුදු දහ&#351

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
මේක ප්‍රො සෙක්ශන් එකේ දැම්මා නම් වැඩිය හොදයි නේ?:confused::confused:

PRO section ekata wadiya kattiya yanne naha wagei kiyala hithuna machan. eekai methana damme.

Ube Dutugamunu scene ekata and anith ewwata uththara dennam hawasata gedara gihin machan k? :) Methana Sinhala naha.

EDIT:
Danui dakke. Sorry. Kawuru hari thread eka mata kiyanneth nathuwama PRO ekata daala... Karana deyak kiyala korapanko please!
 
Last edited:
Jan 24, 2009
3,532
130

එල එල. ඔන්න උත්තරයක් හම්බෙනකන් බලාගෙන ඉන්නවා
 
Nadz19

Member
Oct 9, 2009
361
9
0
ඔයාට වැරදිලා, කවුරුවත් හොද අයට බැනලා නෑ. ගිහින් බලන්න අලී, ෆාසිල් වගේ අයට කවුරුවත් ඇගිල්ල දික් කරලාවත් වචනයක් වත් කියලා නෑ:no::no:
ow ow..eka aththa honda unta banala nea..eth godak aya banala thiyenne mulu muslim jathiyatama.....ekai mama kiwwe..:):):)
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
ජාත්‍යාලයෙන් මත්ව ගිය උපාසක තුමන්ලා කතෘ ත්‍රස්තවාදියෙක් කියල කියන්න ගනීද දන්නැ.;)
බුදු සසුන වෙනුවෙන් සයිබර් ලොකයේ යුද වදින බැතිමතුන්ට වඩා උසස් බෞද්ධ දර්ශනය පිලිබද දැනුමක් අබෞද්ධයෙකුට තිබීම අගය කරනව.

හෙහ් එහෙම කියන එකක් නැහැ කියලා සිතමු ;)
බොහොමත්ම ස්තූතියි මිත්‍රයා ඔබේ අදහස් දැක්වීමට.

කොටුවෙන් එළියට එන්නෙ නැති එකයි අවුල . . . .

හ්ම්ම්ම්... ඒක නම් එහෙම තමයි නේද හේමාල්... හිමින් හිමින් ඔක්කොම අය කොටු වලින් එලියට ඇවිත්, ඇත්ත ඇති සැටියෙන් දැකලා යථාර්තවාදීව හිතලා වැඩ කරයි කියලා හිතමු අනාගතයෙදිවත්.

Budu amme dige :nerd: Machan siw helaya kiyana eka mama dakala tibbata echchara meter karala na. Ethakota siw helaya kiyanne me gothra (tribe) 4 hindada?

hehe digai nam thamai neda :) Himin kiyawanna machan.

Owu. Siwu helaya -> Sinhala unaa kiyala mathayak thiyenawa machan.

meaka balannako :D : http://www.elakiri.com/forum/showthread.php?t=194706
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Wow What a comment.i'll give you 100% marks . This is the TRUTH.... :)

ස්තූතියි නිශාන් මල්ලිය ප්‍රතිචාරයට :D
100% දුන්නටත් එළ :P

yeah. the word Sinhala is considered to be a derivative from 'Siw Hela'
Check the PRO section. X-pert has a whole thread on the 'Siw Hela'.

Thanks for pointing it out bro.

im a buddhism teacher i hold a YMBA diploma and has learnt a lot of damma and history..im genuinly happy to see ppl like u on Ek(im new) i tried to tel da same thing bt all i got ws insults from our own "defenders of buddagama"..but in da real world only few come forward to assist us or to learn damma...

Glad to have someone who teaches Buddhism in the forum brother.
New or Old, does not really matter as long as he/she transfers their real knowledge into others bro. So please feel free to open yourself up and discuss about real 'ධම්ම'.

People will eventually realise the truth when they become mature enough to understand it. What ElaKiri does is, it just creates a tacit image in their memories. When the time comes, people will connect everything together :yes:

Insults are inevitable brother. Even people insulted Buddha :)

Thanks so much for your comment bro, and sorry I couldn't respond yesterday as I was in a bit of a hurry.

Pissu hadena oi ! patta artical eka

hehe පට්ට උනාට පිස්සු හදාගන්න එපා මචෝ :lol:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
අයියා දසිස් රාවණා කියන්නෙ නිකටමද ඉතින්,මං අහල තියෙනවා 'මූ' රාජධානිය ගැන,විස්තර දන්නවද?ඒකමද මේ ඇට්ලාන්ටික් දේශය? :oo:

මූ, ලෙම්‍යෞරියා, ඇට්ලෑන්ටිස් කියන්නේ මම හිතන විදියට වෙනත් මහද්වීප 3ක් මචං.
මූ මහද්වීපයේ සිටි මිනිසුන්ගෙන් තමයි ඊජිප්තුව ආරම්භ වුනේ කියලා මම දැකල තියෙනවා ඇතැම් තැන් වල. හරියටම සාධක හමු වෙලා නැහැ.

සහතික ඇත්ත වචනයක් නැර ගන්න දෙයක් තියෙනව..... මෙදෙ හැම ශ්‍රිලාංකිකයෙක් අතින්ම සිදවෙනව නම් ප්‍රශ්න ගොඩක් දුරට නැතිවෙයි...අපෙ මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඉතා ඉක්මනටම අවශැයයි. කාලෙකෙන් වැඩකට ඇති නුලක් දැක්කෙ ... බොහොම පිං එක්ස්පර්ට් සහො :D

ස්තූතියි මචං වටිනා අදහසට. :yes: :)
 
dilshan_n

Member
Oct 28, 2008
354
15
0
36
Galle
Lankaawa aithi Sinhalayanta? Ape Wijaya kumaraya, Lankawa me rate hitapu yaksha, naaga adie ayagen aithi karagaththa nam, wena jathiyak awith apen aithi kara gaththa nam mokada? :P

Issarama nam ohoma awlak thibila naa lu neda... Redith nathuwa kalae inna kaale, eka jathiyai ne thibila thiyenne, manussa kiyala :rofl:
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
නෑ ඉතින් දුටුගැමුණු රජතුමාත් බුදුදහම සුරක්ශිත කරන්න එලාර රජතුමා එක්ක සටන් කරා නේ:D:nerd: හැබැයි එකක් කියන්න ඕන,ඒ මනුස්සයා නිසයි අපිට වැටිලා ඉන්න මෙහෙම හරි රටක් තියෙන්නෙ

එළාර දුටුගැමුණු රජවරු ගැන කවදාවත් නැතුව ඇයි මිනිස්සු මේ ළඟදි ඉඳන් වැඩියෙන් කථා කරන්නේ කියලා හිතලා බැලුවාද?

ඔය සංකල්පය ප්‍රභාගේ අවසාන හරියෙදි අපේ මිනිස්සු කථා කරන්න ගත්තු සංකල්පයක්නෙ මචං.
ඇත්තෙන්ම කියුවොත් දේශපාලනික වාසි තකා දේශපාලුවෝ කියන්න ගත්තු සංකල්පයක්.

ඔව්, දුටුගැමුණු රජ ලංකාවේ බුදු සසුනට ගොඩක් සේවයක් කල කෙනෙක් කියන්න පුළුවන් එතුමා නිම කරපු දාගැබ් දිහා බලපු ගමන්ම. නමුත් දුටුගැමුණු කියන්නේ තම පියාගේ උපදෙසට විරුද්ධ ව වැඩ කරපු තරුණ කාලයේ දී දඩබ්බර පුද්ගලයෙක් යන්න මහාවංශයේත් සඳහන් වෙනවා. මේ හේතුව නිසාම එතුමට කොත්මලේට පැනලා යන්නත් වුනා කියලා කියනවා (කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ ත්‍යාග කල නිසා).

කාවන්තිස්ස රජ එදා එළාර සමඟ සටනට නොපිවිසෙන්න ඇත්තේ යක්ශ ගොත්‍රිකයන්ගේ සහය නොලැබෙන්නට ඉඩ තිබුනු නිසයි කියලත් මතයක් පවතී (පුරාණ ග්‍රන්ථ වලට අනුව). කෙසේ හෝ කොත්මලයට ගිය ගැමුණු කුමරා (මෙය පලායෑමකටත් වඩා, කාවන්තිස්ස රජුගේ අනුදැනුම යටතේ වුනු දෙයක් විදියටයි මම පෞද්ගලීකව දකින්නේ) යක්ශ ගෝත්‍රයේ සහයත් අරගෙන තමයි එළාර සමඟ සටන් වදින්නේ. නන්දිමිත්‍ර, ගෝටයිම්භර, සුරනිමල වැනි යෝධයෝ යක්ශ ගෝත්‍රිකයන් බවත් සදහන් වේ.

කොහොමින් කොහොමහරි සොළී පාලකයෙක් වූ එළාර රජතුමාව මර්ධනය කරන්න දුටුගැමුනු රජතුමාට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මෙහිදී යුද්ධය ගැන, මිනිස්සුන් මැරීම ගැන එතුමා සෑහෙන්න කළකිරුනු බවක් දකින්න පුළුවන්. මෙයට මානසීක සහනයක් පිණිස දාගැබ් අති විශාල ගනණක් එතුමා සාදන්නට තීරනය කල බව සිංහල ථූපවංශය, ධාතුවංශය වැනි ග්‍රන්ථ වල සඳහන් වේ. ඒ විතරක් නෙවෙයි එළාර රජතුමා වෙනුවෙනුත් මෙතුමා සොහොනක් නිමවා ගෞරව කල බවත් සඳහන් වෙනවා.

ඒ කෙසේ වෙතත් බුදු දහමට පිටුපා ජීවිත විනාශ කල දුටුගැමුණු රජ හට දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දුන්නු බවත් පැහැදිලිව පෙනෙන දෙයක්. මොකද එතුමාගේ මහාර්ඝ නිර්මානය වූ මහාථූපය (රුවන්වැලිසෑය) නිම කරන තෙක් ජීවත් වන්නට නොහැකිව රෝගී වී එතුමා අකාලයේ මියගිය බවට ඉතිහාසය සාක්ශි දරනවා.

අනිත් කාරණේ තමයි අපි ජීවත් වෙන්නේ 2010 වසරේ.
රජ කාලයේ කරපු කෙළි හරියන්නේ නැහැනෙ දැන්. මිනිහා දියුනු වෙනකොට ඉහමොළත් දියුනු විය යුතුයි. ඒ කාලේ හැම දෙයකටම කලේ යුද්ධ කරපු එක නිසා එකල දුටුගැමුනු රජ කල දෙයෙහි වරදක් මම දකින්නේ නැහැ කොහෙත්ම. නමුත් මිනිසා දැන් ඉන්නේ ඊට වඩා දියුණු තත්වයක පෙනෙන විදියට. (එක අතකින් එහෙම කියන්නත් බැහැ හැබැයි!)

ඉදින්, එදාට වඩා සිතා බලා ක්‍රියා කල යුතුයි සැමවිටම.
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Lankaawa aithi Sinhalayanta? Ape Wijaya kumaraya, Lankawa me rate hitapu yaksha, naaga adie ayagen aithi karagaththa nam, wena jathiyak awith apen aithi kara gaththa nam mokada? :P

Issarama nam ohoma awlak thibila naa lu neda... Redith nathuwa kalae inna kaale, eka jathiyai ne thibila thiyenne, manussa kiyala :rofl:

අනිවාර්යෙන්ම ඔබගේ ජීවිත දර්ශණය එක්ක මම එකඟයි මුලු හිතින්ම සහෝදරයා.
දැනුත් අපි උත්සාහ කරන්න ඕනේ අන්න ඒ මනුස්ස ජාතියට මුල් තැන දීල වැඩ කටයුතු කරන්න.
විජය ගැන නම් මම පෞද්ගලීකව එකඟ නැහැ හැබැයි.

කොහොමහරි... ඔව්. මිනිස්සු ඔක්කොම මිනිස්සු හැටියට තමුන්ගේ වටිනාකම් රැකගෙන හිතන්න පටන් ගත්තු දාට තමයි ලංකාව ලෝකේ පරිපූර්ණම රට වෙන්නේ.

උපහාසාත්මක ලෙස වුවත් හොඳ දෙයක් මතු කලාට තුති මිත්‍රයා.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන ඇවිත් මේ ත්‍රෙඩ් එකේ කියන අදහසට එකහෙලාම එකග වන අයම වෙනත් තැන් වල මේකට පටහැනිව ක්‍රියාකිරීමයි.
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ow aniwaryen..mama meka daala giye naththe eka nisa..naththan mata epa wela thibbe....ape college eke Islam,Bhuddhist,catholic,and hindu aya bohoma hondin ekamuthuwa innawa..mama kohewath pita ehema dakala nea....mata godak dukai lankawe aya mehema hithana eka gana...EK eke ithin godak aya innawane eka eka backgrounds walin ena..eka nisa ithin karanna deyak nea...mama hithanne admin godak hondata meka handle karanawa..
    Most memebers lack descepline..which is da most important thing...!

    ඔව් මචන්. mamth giyapu iskole api okkomalla ekata hitiya kisima prashnayak nathuwa. Interval ekata kaama kanakota thamai poddak gatalu mathu une hehe.

    aththenma ithin samahara welaawata kalakirenawa machan samahara minissunge attitudes dakkahama nam. Namuth ithin hoda minissuth godak innawa machan wadiya sadda karanne nathuwa :yes:

    Owu. Discipline eka thamai gataluwa... hariyata point ekata argue karannawath danne nahane samaharu. Kiyala demu eyaalata ;)

    mulinma kiyanna onaa... umba nam siraawatama "x-pert".. umba godak bauddayo danne nethi godajk dewal wala hari arthaya ea widyatama daala thiyenawa... perfect..

    machan... umba kiyala thiyena dee sahathika atta.. namut oka practicaly karanna giyaama tikak amarui... mokada anit aagam kohoma wetat buddagame nam wedi hariyak inne lable bauddayo... budu daha kiyanne mokakda..? eken kiya wenne mokakda?? budun sarana yeemen awasaanayedi api langa karaganne monawada?? oya wage kisma deyak danne nethi, boruwata porawal wenna dangala card board weerayo thamai wedi pura inne...

    namut budu dhahama hari heti dena gattat samaHARAK kiyana dewal ehuwama ape enget maalu natanawa (thaamat api pruthgjana nisa) eat ea dewal walatama sudda sinhala pawichchi nokara samanya basawenma kiyanna ona dewal kiwwanam Budu dhahamatat gaurawayak... ea wagema umba kiwwa wage dewal sanvidhanaya kereemen ape hemogema sanskruthiyan araksha karaganna puluwan...

    maxxama maxxa thread eka ma bro... i'm so proud that i'm having friend like you... :)

    mee eka nemei... mokakda bung ara anthimata warahan ethule daala thiyenne??? siraada??

    Thanks for the valuable comment machan.

    (haiyo.. lajjai bung ohome kiyaddi :rofl: :rofl: I'm proud to have you as a friend bro. Who has an open, clear viewpoint)

    Owu uba kiyana eka aththa machan. hama aagamakama wage inne Lable ekata witharak aagame kiyala kiyana minissu thamai. Thamunge aagama/darshanaya hariyata danne naha, pilipadinne naha. namuth boruwata kaagahanawa thamun thamai loke inna hodama aagamikaya kiyala. Koi aagameth oka ithin thiyenawa bung... pruthagjanayone api ithin...

    Owu machan. eekama thamai mamath kiyuwe. api kath kala yuthu thanadi katha karanna oni. namuth anith ayawa pahath nokara, unta apahaasa nokara, hari point ekata, iwaseemen, hithala mathala. ;)

    (warahan athule thiyena eka damme ithin nodaa bari kamata macho... :))
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන ඇවිත් මේ ත්‍රෙඩ් එකේ කියන අදහසට එකහෙලාම එකග වන අයම වෙනත් තැන් වල මේකට පටහැනිව ක්‍රියාකිරීමයි.

    :lol::lol::lol::lol: සිරාවට! මමත් මේ බලං හිටියේ :rofl: haha
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    වටිනා අදහස් ටිකක්.. වෛරයෙන් නැතිව බුද්ධියෙන් ප්‍රතිවාදියාට මුහුණ දෙන එක තමයි කරන්න පුලුවන් හොදම දේ
    හැබැයි අර කිව්වා වගෙ ඉවසනවා කියලා හැම දේම ඉවසන් ඉන්නත් බෑ.. කතා කල යුතු දෙයට කතා කල යුතුයි

    ස්තූතියි මිත්‍රයා ප්‍රතිචාර දැක්වුවාට.

    පළමුවෙන් ම කියන්න ඕන අර්තාන්විත සංවාදයකට ඔබින කරුණු රාශියකින් සමන්විත ත්‍රේඩ් එකක්. ඒ පිළිබඳ මෙහි රචකයාට මාගේ ප්‍රණාමය.

    බුදු දහමට එන භාහිර බලවේගයන්ගෙන් බුදු දහම රැක ගැනීම බෞද්ධයින් වන කාට වුණත් පැවරෙන වගකීමක්. හැබැයි ඒ දේ කළ යුත්තේ බුදු දහම රැකෙන අයුරින් මිස බුදු දහමට අවැඩක් වන අයුරින් නෙමෙයි. උදාහරණයක් වශයෙන් අන්‍ය ආගමක් පැතිරෙන එක වලක්වන්නට ඒ ආගමට සම්බන්ධ ස්ථානයක් විනාශ කිරීම ගමු. එවැනි දේකින් තමන්ගෙ ආගමට වෙන සෙත කුමක් ද? කාට හෝ කියන්න පුලුවන් ඒ දේ නිසා ඒ ආගම ‍ඒ ප්‍රදේශයේ පැතිරීම නැවතුනා කියල. නමුත් ඒ දේ ම සිය ආගමට සම්බන්ධ ස්ථානයකට ඊට පසුව වුවහොත් එවිට තමාගේ වටින කියන ස්ථානය නැති කරගැනීමට තමාත් වක්‍ර ලෙස දායක වී තියනව. මෙය දිගින් දිගට ම සිදු වීමෙන් වෙන්නෙ ආගමික සංවිධාන දෙක කෙරෙහිම කළ කිරෙන එක ජනයා. ඒකට හොඳ ම උදාහරණයක් තමයි අද ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය. ඡන්දයක දී එකී කරුණ මැනවින් පෙන්වනව.

    පළමු උදාහරණය ම වෙනත් පැත්තකින් දැන් බලමු. තමා අදහන ආගම රැකගැනීමට කියමින් අනිත් ආගමික ස්ථානයක් විනාශ කරනව. එකී විනාශ කිරීමට ලක්වුන ආගමික සංවිධානයේ පිරිස් හා අනුගාමිකයින් තම ආගමික ස්ථානය විනාශ කරන්නෙ නෑ පළමු අවස්ථාවෙදි මෙන්. එකට එක කිරීමක් නෑ. ඔවුනගේ ආගමික ස්ථානයට වුණු සිදුවීම සම්බන්ධ ක්‍රියාමාර්ගයට ඔවුන් යොදාගන්න මාර්ගය වෙනස්. ඔවුන් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරනව. බුද්ධිමත් ජනතාව තුළ අර පහර දුන් ආගමික සංවිධානය කෙරෙහි යම් කළකිරීමක් හටගන්නව. එය අන්‍යාගමිකකරණයට හොඳ තෝතැන්ක් ගොඩ නගනව. එතනදීත් තමාගෙ ආගමේ විනාශයට තමා දායක වෙලා.

    අතීතයේ ද්වන්ද සටන්, ආක්‍රමණ ආදී කොට ඇති විවද දේ තිබුණ. එවලදි අපේ ජනතාව නොබියව සටන් කළා. නමුත් කාලයක් යත්ම එකී ශිෂ්ධාචාරයන් කාලානුරූපීව වෙනස් වෙන්නට ගත්ත. මිනිසා වඩා ශිෂ්ටත්වයට පා නැගීම යැයි කියමින් සමහර දේවල් ප්‍රතික්ෂේප කළා. ඒ සමඟ ම කාලානූරූපීව ආක්‍රමණයන්ගෙත් හැඩය වෙනස් වුණා. එහෙත් ආක්‍රමණයන්ට පිළිතුරු දීමේ හැඩය වෙනස් කලා ද අප?

    අවි හා පිරිස් බලය යොදමින් කරණ ආක්‍රමනවලට එසේ පිළිතුරු දුන් අප වාග් ‍බලයෙන්, මිනිසුනගේ මූලික අවශ්‍යතා සැපිරීමෙන් කරන්නාවූ අක්‍රමණයන්ට පිළිතුරු දිය යුත්තෙ අවියෙන්‍ නොව එකී ආක්‍රමණය පැමිණෙන අයුරින්මයි. ඒ දේවලට ලේ කුපිත කොට සියල්ලන් ම එළවා දමන්නට හෝ මරා දමන්නට යෑමෙන් පිළිතුරු දිය නොහැක. අපේ ආදි මුතුන් මිත්තෝ තැනට සුදුසු දේ කළහ. ඒ දේ අපත් කළ යුතුය.

    ඉතාමත් වටිනා අදහසක් පළකලාට උඹට තුති මචං.
    ඕකම තමයි මමත් ඉන්න පුද්ගලීක මතය මගේ.

    අපි දන් කල යුත්තේ දැන් කල යුතු දේ. නැතුව දුටුගැමුනු රජතුමා යුද්ධ කලා කියා දැනුත් යුද්ධ කලොත් කෝ අපේ දියුණුව මෙපමණ කාලයක් තුල සිදුවුනු?

    නමුත් ඔබ කී ලෙසටම, සිදුවන්නේ අනෙකක්. මෙම මතය, ආකල්ප වෙනස් විය යුතු බවයි මගෙත් හැඟීම. රට දැය රැකීමට රට දැයෙහි වටිනාකම් පාවා දීමෙන් ඵලක් නැත. :)
     
    Jan 24, 2009
    3,532
    130
    0
    එළාර දුටුගැමුණු රජවරු ගැන කවදාවත් නැතුව ඇයි මිනිස්සු මේ ළඟදි ඉඳන් වැඩියෙන් කථා කරන්නේ කියලා හිතලා බැලුවාද?

    ඔය සංකල්පය ප්‍රභාගේ අවසාන හරියෙදි අපේ මිනිස්සු කථා කරන්න ගත්තු සංකල්පයක්නෙ මචං.
    ඇත්තෙන්ම කියුවොත් දේශපාලනික වාසි තකා දේශපාලුවෝ කියන්න ගත්තු සංකල්පයක්.

    ඔව්, දුටුගැමුණු රජ ලංකාවේ බුදු සසුනට ගොඩක් සේවයක් කල කෙනෙක් කියන්න පුළුවන් එතුමා නිම කරපු දාගැබ් දිහා බලපු ගමන්ම. නමුත් දුටුගැමුණු කියන්නේ තම පියාගේ උපදෙසට විරුද්ධ ව වැඩ කරපු තරුණ කාලයේ දී දඩබ්බර පුද්ගලයෙක් යන්න මහාවංශයේත් සඳහන් වෙනවා. මේ හේතුව නිසාම එතුමට කොත්මලේට පැනලා යන්නත් වුනා කියලා කියනවා (කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ ත්‍යාග කල නිසා).

    කාවන්තිස්ස රජ එදා එළාර සමඟ සටනට නොපිවිසෙන්න ඇත්තේ යක්ශ ගොත්‍රිකයන්ගේ සහය නොලැබෙන්නට ඉඩ තිබුනු නිසයි කියලත් මතයක් පවතී (පුරාණ ග්‍රන්ථ වලට අනුව). කෙසේ හෝ කොත්මලයට ගිය ගැමුණු කුමරා (මෙය පලායෑමකටත් වඩා, කාවන්තිස්ස රජුගේ අනුදැනුම යටතේ වුනු දෙයක් විදියටයි මම පෞද්ගලීකව දකින්නේ) යක්ශ ගෝත්‍රයේ සහයත් අරගෙන තමයි එළාර සමඟ සටන් වදින්නේ. නන්දිමිත්‍ර, ගෝටයිම්භර, සුරනිමල වැනි යෝධයෝ යක්ශ ගෝත්‍රිකයන් බවත් සදහන් වේ.

    කොහොමින් කොහොමහරි සොළී පාලකයෙක් වූ එළාර රජතුමාව මර්ධනය කරන්න දුටුගැමුනු රජතුමාට හැකියාව ලැබිලා තියෙනවා. නමුත් මෙහිදී යුද්ධය ගැන, මිනිස්සුන් මැරීම ගැන එතුමා සෑහෙන්න කළකිරුනු බවක් දකින්න පුළුවන්. මෙයට මානසීක සහනයක් පිණිස දාගැබ් අති විශාල ගනණක් එතුමා සාදන්නට තීරනය කල බව සිංහල ථූපවංශය, ධාතුවංශය වැනි ග්‍රන්ථ වල සඳහන් වේ. ඒ විතරක් නෙවෙයි එළාර රජතුමා වෙනුවෙනුත් මෙතුමා සොහොනක් නිමවා ගෞරව කල බවත් සඳහන් වෙනවා.

    ඒ කෙසේ වෙතත් බුදු දහමට පිටුපා ජීවිත විනාශ කල දුටුගැමුණු රජ හට දිට්ඨ ධම්මවේදනීය කර්මය පළ දුන්නු බවත් පැහැදිලිව පෙනෙන දෙයක්. මොකද එතුමාගේ මහාර්ඝ නිර්මානය වූ මහාථූපය (රුවන්වැලිසෑය) නිම කරන තෙක් ජීවත් වන්නට නොහැකිව රෝගී වී එතුමා අකාලයේ මියගිය බවට ඉතිහාසය සාක්ශි දරනවා.

    අනිත් කාරණේ තමයි අපි ජීවත් වෙන්නේ 2010 වසරේ.
    රජ කාලයේ කරපු කෙළි හරියන්නේ නැහැනෙ දැන්. මිනිහා දියුනු වෙනකොට ඉහමොළත් දියුනු විය යුතුයි. ඒ කාලේ හැම දෙයකටම කලේ යුද්ධ කරපු එක නිසා එකල දුටුගැමුනු රජ කල දෙයෙහි වරදක් මම දකින්නේ නැහැ කොහෙත්ම. නමුත් මිනිසා දැන් ඉන්නේ ඊට වඩා දියුණු තත්වයක පෙනෙන විදියට. (එක අතකින් එහෙම කියන්නත් බැහැ හැබැයි!)

    ඉදින්, එදාට වඩා සිතා බලා ක්‍රියා කල යුතුයි සැමවිටම.

    අයියෝ ප්‍රශ්ණේ වටේ කැරකිලා නේ.අන්‍යාගමිකකරනය එදා/අද කියලා වෙනසක් නෑ. මේ බණ අන්තවාදීන්ට කියලා වැඩකුත් නෑ. අන්න අදත් මුස්ලිම් අය 5 දෙනෙක් මාතලේ-ගලේවෙල පාර අයිනේ තිබුන බුද්ධ ප්‍රතිමාවක් කඩලා පොලීසී දාලා. දැන් මෙයාලා වගේ අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරාට එයාලා හැදෙන්නෙත් නෑ, එයාලා කරන වැරදි නවතින්නෙත් නෑ. මෙයාලා වගේ අයට විරුද්ධව අවම බලය හෝ පාවිච්චි කලයුතුමයි
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0

    අයියෝ ප්‍රශ්ණේ වටේ කැරකිලා නේ.

    අන්‍යාගමිකකරනය එදා/අද කියලා වෙනසක් නෑ.

    ප්‍රශ්නේ වටේ කැරකිලාද, ප්‍රශ්නේ අන්ත දෙකම කියලාද තියෙන්නේ කියල ආයිත් කියවලම බලන්න. :) ප්‍රශ්නෙකදි ගොඩක් වෙලාවට හරි , වැරදි කියන අන්ත 2 දකින්නයි මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ මචන්. නමුත් ඕනෑම ප්‍රශ්නෙකදි සහ අවස්ථාවකදි ඒ අන්ත 2 ඇරුනහම තවත් මානයක් තියෙනවා. හරි සහ වැරදි, හෝ, හරිවත් වැරදිවත් නොවන අවස්ථා බහුලයි.

    ඒ අනුව බැලුවහම දුටුගැමුණු රජතුමා කලේ ඒ කාලෙට ඔබින ලෙස වැඩ කරපු එකයි.
    නමුත් ක්‍රමයෙන් මිනිසුන්ගේ දියුණුවත් සමඟ, වැඩ කලයුතු විදියත් වෙනස් විය යුතුයි.
    අද මිනිස්සු ගෑනියෙක් වෙනුවෙන් කව්බෝයි ච්ත්‍රපටි වල වගේ වෙඩි තියාගන්නේ නැහැනෙ?

    මේ බණ අන්තවාදීන්ට කියලා වැඩකුත් නෑ.

    ඒ කියුවේ ඔයා අන්තවාදියෙක් කියලා ද? :eek:

    අන්න අදත් මුස්ලිම් අය 5 දෙනෙක් මාතලේ-ගලේවෙල පාර අයිනේ තිබුන බුද්ධ ප්‍රතිමාවක් කඩලා පොලීසී දාලා. දැන් මෙයාලා වගේ අයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරාට එයාලා හැදෙන්නෙත් නෑ, එයාලා කරන වැරදි නවතින්නෙත් නෑ. මෙයාලා වගේ අයට විරුද්ධව අවම බලය හෝ පාවිච්චි කලයුතුමයි

    ඉතින් ඒක නරකයි ද? ඒක තමයි වෙන්නත් ඕනෙ. වැරදි වැඩක් කලොත් ඒකට දඬුවම් නීතියෙන් ලැබිය යුතු යි. පොලීසිය ඉන්නේ ඒකට තමයි. හැබැයි පුරාවස්තු විනාශ කලොත් දැඩි දඬුවම් පමුනුවන්න ඕනෙ. එතකොට තමයි ඕවා කරන අය ඒවා නතර කරන්නේ. නැතුව පොඩි පගාවක් අරගෙන උන්ව නිදහස් කලොත් ඒ මිනිස්සු ආයෙත් බය නැතුව එම වැඩේම කරනවා. ඒක තමයි වෙන්න ඕනෙ. නැතුව "අවම බලේ" යොදලා උන්ගේ පල්ලි කැඩුවොත් වෙන්නේ අපිත් අපේ දර්ශණය පිටුදකිනවා කියලා කෑ ගහල කියන එක විතරයිනෙ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තමන්ගේ ජාතියට ආගමට හානියක් වන විට නැගී සිටිය යුතුයි. නමුත් අගමේ හෝ ජාතියේ නාමයෙන් මනුශ්‍යත්වයට් නිගා දෙන දේවල් නොකල යුතුය.නමුත් තමන්ට පහර ගසන්නේ නම් පෙරලා පහර දිය යුතුය. බුදු රජාණන් වහන්සේ දේශනා කල වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන කරුන පමනක් අදාල කරගෙන වර්තමානයේ කටයුතු කල නොහැකි බව මගේ හැඟීමයි.නමුත් පහර දිය යුත්තේ පහර ගසන්නාට මිස අන් අයටවත් අන් දෙයටකවත් නොවේ.