පැලවත්තේ බුදුරුව යළි
මිසදුටු දනන් බිද දැමූ පැලවත්තේ බුදුරුව යළි ඉදි වූ වගයි !
දොනෝදාහක් දෙනා උදේ සවස වන්දනාමාන කළ බත්තරමුල්ල පැලවත්ත පාලම්තුන මංසන්ධියේ බෝධීන් වහන්සේ අභියස ඉදිකැර තිබූ බුද්ධ මන්දිරය නාගරික සංවර්ධන අධිකාරියේ සහ කඩුවෙල නගරසභාවේ පූර්ණ අනුදැනුම මත අන්‍යාගමික පොලිස් ප්‍රධානියෙකුගේ මූලිකත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක ආරක්ෂාව මධ්‍යයේ අත්තනෝමතික ලෙස කඩා බිද දමා තිබුණේ 2012.11.08 වන දිනයි. අවට කාර්යාල සේවකයින්, ත්‍රීරෝද රථ රියැදුරන් මෙන්ම ප්‍රදේශවාසී බෞද්ධ ජනතාවද සිරිතක් ලෙස උදේ සවස වන්දනාමාන කළ මෙම බෝධීන් වහන්සේ අභියස පිහිටි බුදු මැදුර කුළුගෙඩි පහර දී ඩෝසර් යන්ත්‍ර යොදාගෙන හිටි හැටියේ බිමට සමතලා කර දැමීම ඒ කාටත් අදහාගත නොහැකි වූ හද කම්පා කරවන සිදුවීමක් විය.
මේ රට බෞද්ධ රටක් දැයි සැක සිතෙන තරම් සිත් පිත් නැති ලෙස විනාශකර දැමූ මෙම බුදු මැදුර වෙනුවට තාවකාලිකව හෝ බුදු මැදුරක් ඉදිකරන්නට බලධාරීන් කිසිදු සූදානමක් කර නොතිබිනි. මේ සම්බන්ධයෙන් සිංහල රාවය සංවිධානය වෙත දැනුම් දීමෙන් අනතුරුව එම සිදුවීමට විරෝධය දක්වමින් බුදු මැදුර යළි එම ස්ථානයේ ඉදිකරන ලෙස බලධාරීන්ට දැන්වීම සදහා පසු දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු සංවිධානය විය. ඒ අනුව 2012.11.09 දින පැලවත්ත පාලම්තුන මංසන්ධියට එක්වුණු භික්ෂුන් වහන්සේ ප්රමුඛ ප්‍රදේශවාසීන් විසින් සිද්ධිය හෙළා දකිමින් විරෝධය දක්වන්නට වූ අතර ගරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ද ඊට මැදිහත් වන්නට සිදුවිය. ඒ අනුව එතුමාගේ විශේෂ නියෝගය පරිදි එම ස්ථානයට පැමිණි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා භික්ෂූන් වහන්සේලා හමුවේ කරුණු දක්වමින්, බුදු මැදුර මෙසේ අත්තනෝමතික ලෙස කබා බිද දැමීම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්තුමා ද දැඩි කණස්සල්ලට පත්ව සිටින බවත්, මේයට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගන්නා බවත් දැනුම් දුන් අතර, විනාශ කරන ලද බුදු මැදුර වෙනුවට දර්ශනීය බුදු මැදුරක් මාස තුනක් ඇතුලත එම ස්ථානයේ ඉදිකරන බවට ලිඛිතව පොරොන්දු විය.
නියෝජ්‍ය පොලිස්පති වරයාගේ ප්‍රකාශය සටහන් හඩ පටයට මෙතැනින් සවන් දිය හැකිය
http://www.youtube.com/watch?v=sw77Y9CqiUQ&feature=youtu.be
එදා පොරොන්දු වූ පරිදිම මාස තුනක් යන්නට මත්තෙන් බුදු මැදුර අවට ප්‍රදේශය දර්ශනීය ලෙස සකස් කර නව බුදු පිළිම වහන්සේ නමක් එහි වඩා හිදුවා තිබේ. බෝධීන් වහන්සේ වටා කුඩා ප්‍රාකාරයක්ද ඉදි කර තිබේ. බොදු ජනතාවගේ හැගීම් වලට ගරු කරමින් සුවහසක් බොදු ජනතාවගේ වන්දනාමාන කටයුතු උදෙසා හැකි ඉක්මනින් බුදු මැදුර යළි ස්ථාපනය කර දීම සම්බන්ධයෙන් අති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට අපේ ප්‍රණාමය පුද කර සිටින අතර, බොදු අයිතිය වෙනුවෙන් හඩ අවදි කළ සිංහල රාවය ජාතික සංවිධානයටත් සෙසු ජාතිමාමක සහෝදර සහෝදරියන්ටත්, ප්‍රදේශවාසී බොදු ජනතාවටත් හිස නමා ආචාර කර සිටිමු.
මේ රටේ බෞද්ධ ජනතාවෙගේ ආත්ම ගෞරවය තුට්ටුවකට මායිම් නොකරමින් එදා අත්තනොමතික ලෙස බුදු මැදුර ඩොසර් කර දැමූ අවස්ථාවේ එම සිදුවීම හෙළා දකිනවා වෙනුවට එයට විරෝධය පෑ භික්ෂූන් වහන්සේලා හා දෑහිතකාමී පිරිස් මූලධර්මවාදී, අන්තවාදී (ෆන්ඩමෙන්ටලිස්ට්) බෞද්ධයන් ලෙස හංවඩු ගසන්නට මෙරට ප්‍රධාන පෙලේ රාජ්‍ය (ජඩ)මාධ්‍ය ආයනයක් සේම අන්තර්ජාලය හරහා බෞද්ධයන්ට මඩ ගහන අන්‍යාගමික පිරිස් ද ඉදිපත් වී සිටියා අපට මතකයි. එහෙත් එදා භික්ෂූන් වහන්සේ හා බෞද්ධයන් පාරට නොබැස්සානම් මෙම ස්ථානය අදටත් කැළිකසල ගොඩක් වීමට බොහෝ දුරට ඉඩ තිබුණු බව කිව යුතුව තිබේ. මේ සිංහල බෞද්ධ රටේ ඇස් පනා පිටම සිංහලයන්ගේ අයිතිය පැහැර ගන්නවානම්, වගකිවයුත්තන් වගකීම පැහැර හරිනවානම් පාරට බහිනව හැර අපි කුමක් කළ යුතුද?

Last edited: