පැල්මයිරා මුදා ගැනීම
මැදපෙරදිග යනු වර්තමානය වන විට ලොව අනාරක්ෂිතම කලාපය බවට පත්ව තිබේ.ඉස්ලාමයේ නිජබිම වූ මෙම භූමිය අද වන විට එම ආගම නිසාම විනාශ කරා යමින් තිබෙන්නේ නිකායික යුද්ධ නිසා සහ එම නිකායික වෛරය යොදාගෙන ඇමෙරිකා එක්සත් ජනපදය තම අවශ්‍යතා ඉටුකරගැනීමට යෑම නිසාය.අරාබි වසන්තය නමින් මැදපෙරදිග ඒකාධිපති පාලකයන් ඉවත් කිරීමේ කැරැලිවලට හසුවූ රටවල් අද පෙර පැවතියාටත් වඩා දුර්වල තත්ත්වයට පත්ව තිබේ.ඒකාධිපති පාලකයන් ඉවත් කිරීම ඔස්සේ ඒ ඒ රටවල ජනයා බලාපොරොත්තු වූ ප්‍රජාතන්ත්‍රවාදය ලැබීම කෙසේවෙතත් ඔවුන්ගේ ආයු අපේක්ෂාව සහ ජීවත්වීමේ නිදහස නම් සැලකිය යුතු අයුරින් අවම වී තිබෙන බව ලිබියාව,යේමනය,සිරියාව ආදී රටවල වර්තමාන තත්ත්වය දෙස බලද්දී පැහැදිලිව පෙනෙන දෙයකි.මේ තත්ත්වයෙන් යම් ප්‍රමාණයකට හෝ මිදී සිටින අරාබි වසන්තය යටතේ පාලනාධිකාරිය වෙනස් වූ රටක් වන්නේ ඊජිප්තුවයි.
අරාබි වසන්තයේ එක් ගොදුරක් වූයේ සිරියාවයි.ඒ එක්සත් ජනපදයේ ආධාර අනුබල සහිතව එතෙක් කාලයක් එරට පාලනය කල බෂාර් අල් අෂාඩ් ජනපතිවරයා බලයෙන් පහ කිරීමයි.2011 වසරේදී ඇරඹි මෙම සිවිල් යුද්ධය ඔස්සේ ඇමෙරිකාව බලාපොරොත්තුවු අරමුණ මේවන තෙක් ඉටුකර ගැනීමට හැකිවී නොමැත.ඒ රුසියානු මැදිහත් වීම නිසාය.
2015 වසර වන විට මෙම යුද්ධය බෂාර් අල් අෂාඩ්ගේ පක්ෂය(රජයේ හමුදාව)පරාජය වන තැනට තල්ලු වෙමින් තිබිණි.ඇමෙරිකානු සහාය ලැබූ නිදහස් සිරියානු හමුදාව මෙම සටනේදී බෂාර් අල් අෂාඩ්ගේ විරුද්ධ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් විය.නමුත් ISIS ත්‍රස්තවාදීන් සාපේක්ෂව විශාල භූමියක් අල්ලාගෙන සිටියෝය.ISIS ත්‍රස්තවාදීන් පැල්මයිරා නම් ලෝක උරුම භූමියට ඇතුලුවන්නේ 2015 මැයි 21 දාය.මෙය පුරාණ රෝම නගරයකි.පුරාවිද්‍යාත්මක වටිනාකම අතින් මෙහි වැදගත්කම මිල කල නොහැකි තරම්ය.සිරියානු සිවිල් යුද්ධය නිසා මෙම යුනිස්කෝ ලෝක උරුම භූමියේ පෞරාණික ඉදිකිරීම් රැසකට හානි සිදුවිය.මිලේච්ඡ ISIS ත්‍රස්තවාදීන් විසින් ආගමික උමතුවෙන් මෙම ඉදිකිරීම් විනාශ කිරීමට ක්‍රියා කලේ 2015 වසරේ පටන්ය.2015 මැයි මාසයේ පටන් මෙම භූමිය සිරකරුවන් ඝාතනය කිරීමට යොදාගෙන තිබේ.වරක් ඔවුන් පැල්මයිරා රංඟ පීඨයේදී යොවුන් වියේ පසුවන ඝාතකයන් යොදාගෙන සිරකරුවන්ගේ හිස ගසා දමන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පවා නිකුත් කරන ලදි.එහිදී පුද්ගලයන් 25ක් ඝාතන කලහ.
රත්‍රන් ටොන් ගණනක් මෙම නගරයේ සඟවා තිබෙන බව පවසමින් එම වස්තුව සොයාගැනීමට ISIS ත්‍රස්තවාදීන්ගේ අත් අඩංගුවට පත් පුරාවිද්‍යාඥ කලීඩ් මොහමඩ් අල්-අෂාඩ් දරුණු වධ බන්ධනයන්ට ලක්කරමින් ප්‍රශ්න කරන ලදි.2015 අගෝස්තු මස 18 දා ඔහුව ඝාතනය කලේ හිස ගසා දැමීමෙන්ය.
ඇසින් දුටු සාක්ෂිවලට අනුව සිංහයෙක්ගේ ප්‍රතිමාවක් වන Lion of Al-lāt සහ තවත් ප්‍රතිමා 2015 මැයි 23 දා විනාශ කර තිබේ.එම වසරේදීම බාල්ෂාමින් නම් දේවස්ථානය වනසා දමන ලදි.2015 අගෝස්තු 30 දා ISIS ත්‍රස්තවාදීන් විසින් බෙල් නම් දෙවොල විනාශ කල අතර එහි බාහිර බැමි පමණක් ඉතිරිව තිබිණි.2015 සැප්තැම්බර් 4 දා කුළුණුමය සොහොන්ගෙවල් තුනක් විනාශ කලේ Elahbel නම් කුළුණත් සමගයි.2015 ඔක්තෝම්බර් මස 5 දා විජයග්‍රහණයේ ආරුක්කුව ඇතුලු ආගමික නොවන ඉදිකිරීම් පවා විනාශ කරන ලදි.
තමන් ISIS ත්‍රස්තවාදීන්ට පහරදෙන බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ රටවල් ලෝකයා මුලා කරමින් සිටියදී සිරියානු යුද්ධයේ බෂාර් අල් අෂාඩ්ගේ සතුරන්ට නියම ප්‍රහාරය ඇරඹුවේ රුසියානු ගුවන් හමුදාවයි.2015 සැප්තැම්බර් මස අගදී සිය සිරියානු ගුවන් මෙහෙයුම් ඇරඹූ රුසියාව ISIS ත්‍රස්තවාදීන්ට පමණක් නොව එක්සත් ජනපදයේ සහාය ලබන මධ්‍යස්ථ කැරලිකරුවන්ටද බෝම්බ හෙළන්නට පටන් ගැනීමත් සමග ඇමෙරිකාව නොසන්සුන් විය.බැරක් ඔබාමා විසින් රුසියාවෙන් ඉල්ලා සිටියේ තම මධ්‍යස්ථ කැරලිකරුවන්ට පහරදීම නවත්වන්න කියාය.
2016 මාර්තු මාසයේදී ආරම්භ වන පැල්මයිරා මුදාගැනීමේ සටනට ප්‍රබල දායකත්වයක් ලැබුණේ රුසියානු ගුවන් ප්‍රහාරවලිනි.සිරියානු රජයේ හමුදාව විසින් 2016 මාර්තු මස 27 දා වන විට ත්‍රස්ත ග්‍රහණයේ පැවති පැල්මයිරා නගරය සම්පුර්ණයෙන්ම මුදාගනියි.
උපාය මාර්ගික වශයෙන් වැදගත් මංසන්ධි අත්පත් කරගැනීමට සඳහා 2016 මාර්තු මස 7 වනදා ඇරඹි ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුමේ එක් සන්ධිස්ථානයක් වූයේ සිරියානු රජයේ හමුදාව විසින් නැගෙනහිර හෝම්ස් හි පිහිටි පැල්මයිරා පෞරාණික නගරය සහ ඊට ආසන්න පැල්මයිරා ගුවන් කඳවුරු භූමිය මාර්තු මස 27 දා වන විට මුදාගැනීමයි.මෙම මෙහෙයුම ඉරාක හමුදා එරට මෝසුල් නගරයට දෙසට ඇදෙන අතරේ සමකාලීනව දියත් කලේ ISIS ත්‍රස්තවාදීන්ට අතිරේක හමුදා කැඳවීමට තිබෙන අවස්ථාව අහිමි කරමින්ය.ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි රුසියා-ඉරාක-සිරියා-ඉරාන ඒකාබද්ධ යුද මෙහෙයුම් මධ්‍යස්ථානය මෙහිදී තීරණාත්මක කාර්යභාර්යක් සිදුකරන ලදි.
සිරියානු අරාබි හමුදාව,සිරියානු නාවික හමුදා සෙබලු,කාන්තාර උකුස්සා සේනාංකය,ජාතික ආරක්ෂක බලකාය,හිස්බුල්ලා සහ ලිවා අල්-ෆාටිමියන ආදී බහුතරයක් සහිත 5000කට වැඩි පාබල හමුදාවක් යොදාගෙන මෙම මෙහෙයුම සිදුකරන ලදි.සිරියානු රජයට මෙතරම් කණ්ඩායම් ගණනක් මේ සඳහා එකතුකර ගැනීමට හැකිවූයේ ඇමෙරිකා-රුසියා අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ සටන් විරාමය නිසාය.
පැල්මයිරා ප්‍රහාරය දියත් කෙරුණේ කලින් සිදුකෙරුණු ප්‍රධාන මෙහෙයුම් හා සමාන ආකාරයකින් වන අතර මෙහෙයුම් සැලසුම් කිරීමේදී රුසියානුවන්ගේ මැදිහත්වීම විශාල වශයෙන් ලැබිණි.සමහර වාර්තාවලට අනුව මෙහෙයුම සඳහා *රුසියානු විශේෂ කාර්‍ය බලකා සෙබලුන් සහභාගී වූ බව කියවේ.ඔවුන් ඉලක්ක නියම කිරීම සහ විශේෂිත මෙහෙයුම් කටයුතු සඳහා සහභාගී වූ බව වාර්තා කෙරේ.ඉදිරි පෙරමුණේ සිටින රුසියානු සෙබලුන් ප්‍රමාණය කොපමණ දැයි හෙළිවී නොමැත.කෙසේ වෙතත් පාබල මෙහෙයුම් සාර්ථක වීම පිටුපස රුසියානු විශේෂ බලකායේ සහභාගීත්වය ප්‍රධාන හේතුවක්ව තිබෙන බව පැහැදිලිය.පැල්මයිරා මුදා ගැනීමේ සටනේදී වැඩිම හානියක් සිදුවූයේ බිම් බෝම්බ සහ වැඩිදියුණු කල පුපුරණද්‍රව්‍ය උපාංග(IED) නිසා යැයි සිරියානු රජයේ හමුදාව ප්‍රකාශ කර සිටියි.මෙම මර උගුල් ඉවත් කිරීමට රුසියානු රජය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.ඒ සඳහා ඔවුන් බිම් බෝම්බ සහ අනෙකුත් පුපුරණද්‍රව්‍ය ඉවත් කිරීමට නිපදවූ රෝබවන් මේ වන විටත් සිරියාවට එවා තිබෙන බව මාධ්‍ය විසින් වාර්තා කරයි.
*රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව රුසියානු විශේෂ බලකා සෙබළුන් සිරියාවේ විරෝධී පාබල මෙහෙයුම් සහ පැල්මයිරා මුදා ගැනීමට සටනට සහභාගී වී නැතිබව කියවේ.ක්‍රෙම්ලිනයට අනුව සිරියානු භූමියේ සිටින රුසියානු සෙබළුන්ගේ එකම කාර්යය වන්නේ රුසියානු ගෞවන් හමුදාවට සහාය වීම සහ හමුදා බුද්ධි තොරතුරු සිරියානු අරාබි හමුදාවට සැපයීමයි
පැල්මයිරා ප්‍රදේශය මුදා ගැනීමේදී ගුවනින් ලබාදුන් සහාය වැදගත් භූමිකාවක් නිරූපණය කලේය.රුසියානු ප්‍රහාරක යානා මාර්තු මස 22දා සිට පැල්මයිරා ප්‍රදේශය අවට සතුරු ඉලක්ක වෙත දිනකට ප්‍රහාර 40ක් පමණ එල්ල කර තිබේ.මෙම ප්‍රහාර ගණනට එම ප්‍රදේශයේ සැරිසරන රුසියානු Mi-28 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා එල්ල කල ප්‍රහාර සංඛ්‍යාව ඇතුලත් නොමැත.
දැන් පැල්මයිරා මුදාගෙන අවසානය.සිරියානු රජයේ හමුදාව සහ ඔවුන්ගේ මිතුරන්ගේ ඊළඟ ඉලක්කය වන්නේ පැල්මයිරා-සුක්නා-ඩිර් එස්සොර් මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් ඩිර් එස්සොර් නගරය අල්ලා ගැනීමයි.වාර්තාවලට අනුව ISIS ත්‍රස්තවාදීන් අල් සුක්නා හි නව ආරක්ෂක පෙළක් නිර්මාණය කිරීම අරඹා තිබේ.
පැල්මයිරා නගරය යළි අෂාඩ් රජයේ යටතට පත්වීම ගැන සතුටක් නැති බව ඇමෙරිකානු රජයේ ප්‍රකාශවලින් පැහැදිලිවේ.ඔවුන් කියන්නේ ත්‍රස්තවාදීන් සම්පුර්ණයෙන්ම පරාජය කිරීමට තවත් වසර ගණනාවක් ගත විය හැකිබවයි.කෙසේවෙතත් පෞරාණික නගරය ISIS ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීම සම්බන්ධව යුනිසෙකෝ සංවිධානය සතුට පලකර තිබේ.ISIS ත්‍රස්තවාදීන් විනාශ කල ඉදිකිරීම් සහ පුරාවස්තු යළි පිළිසකර කිරීමට සිරියානු රජය ක්‍රියාකරන බව ප්‍රකාශ කර තිබේ.නමුත් එම භූමියේ තිබූ බොහෝ වටිනා පුරා වස්තූන් ත්‍රස්තවාදීන් විසින් විකුණා දමා තිබෙන බව කියවේ.මෙම ඓතිහාසික භූමිය මේවන විට බිම් බෝම්බවලින් ග්‍රහණ භූමියක් ව තිබේ.ඒ පලාගිය ත්‍රස්තවාදීන් බිම් බෝම්බ වළලා තිබීම නිසාය.බිම් බෝම්බ උවදුර තුරන් කිරීමට රුසියානු රජය සිය සහාය ලබාදෙන බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.ඒ සඳහා අවශ්‍ය උපකරණ,සෙබළුන් සහ රොබෝ යන්ත්‍ර ඉදිරියේදී සිරියාවට යවනු ඇති(සිරියානු යුද්ධයේදී රුසියාව නියමුවන් රහිත යුද ටැංකි සහ තවත් හමුදා රොබෝ යන්ත්‍ර යොදාගත් බවට වාර්තා වී තිබිණි)
Source:Southfront.org
-HarshaLulzSec-

2016 මාර්තු මස 27 වන විට සිරියාවේ පාලනය විවිධ පාර්ශ්වවලට නතුව තිබූ අයුරු
අරාබි වසන්තයේ එක් ගොදුරක් වූයේ සිරියාවයි.ඒ එක්සත් ජනපදයේ ආධාර අනුබල සහිතව එතෙක් කාලයක් එරට පාලනය කල බෂාර් අල් අෂාඩ් ජනපතිවරයා බලයෙන් පහ කිරීමයි.2011 වසරේදී ඇරඹි මෙම සිවිල් යුද්ධය ඔස්සේ ඇමෙරිකාව බලාපොරොත්තුවු අරමුණ මේවන තෙක් ඉටුකර ගැනීමට හැකිවී නොමැත.ඒ රුසියානු මැදිහත් වීම නිසාය.
පැල්මයිරා නගරයේ පිහිටීම
2015 වසරේදී ත්‍රස්තවාදීන් පැල්මයිරා නගරය යටත් කරගද්දී හසුවූ සිරියානු රජයේ හමුදා සෙබලුන්ගේ හිස ගසා දමා ඇති අයුරු
2015 වසර වන විට මෙම යුද්ධය බෂාර් අල් අෂාඩ්ගේ පක්ෂය(රජයේ හමුදාව)පරාජය වන තැනට තල්ලු වෙමින් තිබිණි.ඇමෙරිකානු සහාය ලැබූ නිදහස් සිරියානු හමුදාව මෙම සටනේදී බෂාර් අල් අෂාඩ්ගේ විරුද්ධ පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙක් විය.නමුත් ISIS ත්‍රස්තවාදීන් සාපේක්ෂව විශාල භූමියක් අල්ලාගෙන සිටියෝය.ISIS ත්‍රස්තවාදීන් පැල්මයිරා නම් ලෝක උරුම භූමියට ඇතුලුවන්නේ 2015 මැයි 21 දාය.මෙය පුරාණ රෝම නගරයකි.පුරාවිද්‍යාත්මක වටිනාකම අතින් මෙහි වැදගත්කම මිල කල නොහැකි තරම්ය.සිරියානු සිවිල් යුද්ධය නිසා මෙම යුනිස්කෝ ලෝක උරුම භූමියේ පෞරාණික ඉදිකිරීම් රැසකට හානි සිදුවිය.මිලේච්ඡ ISIS ත්‍රස්තවාදීන් විසින් ආගමික උමතුවෙන් මෙම ඉදිකිරීම් විනාශ කිරීමට ක්‍රියා කලේ 2015 වසරේ පටන්ය.2015 මැයි මාසයේ පටන් මෙම භූමිය සිරකරුවන් ඝාතනය කිරීමට යොදාගෙන තිබේ.වරක් ඔවුන් පැල්මයිරා රංඟ පීඨයේදී යොවුන් වියේ පසුවන ඝාතකයන් යොදාගෙන සිරකරුවන්ගේ හිස ගසා දමන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පවා නිකුත් කරන ලදි.එහිදී පුද්ගලයන් 25ක් ඝාතන කලහ.
පුරාණ පැල්මයිරා නගරයේ රංඟ පීඨිකාවේදී ISIS ත්‍රස්තවාදීන් විසින් සිරියානු හමුදා සෙබලුන් පිරිසක් මරා දැමීමට සැරසෙන අයුරු - 2015
අත්අඩංගුවට පත් සිරියානු රජයේ හමුදා සාමාජිකයින් ඝාතනය කිරීමට පැවරී තිබුණේ අඩු වයස්වල පසුවන පිරිමි ළමුන් පිරිසකටය
රත්‍රන් ටොන් ගණනක් මෙම නගරයේ සඟවා තිබෙන බව පවසමින් එම වස්තුව සොයාගැනීමට ISIS ත්‍රස්තවාදීන්ගේ අත් අඩංගුවට පත් පුරාවිද්‍යාඥ කලීඩ් මොහමඩ් අල්-අෂාඩ් දරුණු වධ බන්ධනයන්ට ලක්කරමින් ප්‍රශ්න කරන ලදි.2015 අගෝස්තු මස 18 දා ඔහුව ඝාතනය කලේ හිස ගසා දැමීමෙන්ය.
ISIS ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කල පුරාවිද්‍යාඥ කලීඩ් මොහමඩ් අල්-අෂාඩ්
ISIS ත්‍රස්තවාදීන් පැල්මයිරා නගරය වැනසූ අයුරු
ඇසින් දුටු සාක්ෂිවලට අනුව සිංහයෙක්ගේ ප්‍රතිමාවක් වන Lion of Al-lāt සහ තවත් ප්‍රතිමා 2015 මැයි 23 දා විනාශ කර තිබේ.එම වසරේදීම බාල්ෂාමින් නම් දේවස්ථානය වනසා දමන ලදි.2015 අගෝස්තු 30 දා ISIS ත්‍රස්තවාදීන් විසින් බෙල් නම් දෙවොල විනාශ කල අතර එහි බාහිර බැමි පමණක් ඉතිරිව තිබිණි.2015 සැප්තැම්බර් 4 දා කුළුණුමය සොහොන්ගෙවල් තුනක් විනාශ කලේ Elahbel නම් කුළුණත් සමගයි.2015 ඔක්තෝම්බර් මස 5 දා විජයග්‍රහණයේ ආරුක්කුව ඇතුලු ආගමික නොවන ඉදිකිරීම් පවා විනාශ කරන ලදි.
පැල්මයිරා පැරණි නගරයේ තිබී ISIS ත්‍රස්තවාදීන් විනාශ කල පෞරාණික සිහිවටන
ISIS ත්‍රස්තවාදීන් විනාශ කල සිහිවටන සහිත භූමියේ ගුවන් ඡායාරූපයක්
ISIS ත්‍රස්තවාදීන් වනසා දැමූ ස්මාරක සහ ගොඩනැගිලි සමහරක්
Lion of Al-lāt
Temple of Bel
Arch of Triumph
ISIS ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හැරි Elahbel සොහොන් ගෙය
බෙල් නම් දෙවොල විනාශ කිරීමට පෙර සහ පසු
බාල්ෂාමින් නම් දේවස්ථානය - විනාශයට පෙර සහ පසු
තමන් ISIS ත්‍රස්තවාදීන්ට පහරදෙන බව පවසමින් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු නේටෝ රටවල් ලෝකයා මුලා කරමින් සිටියදී සිරියානු යුද්ධයේ බෂාර් අල් අෂාඩ්ගේ සතුරන්ට නියම ප්‍රහාරය ඇරඹුවේ රුසියානු ගුවන් හමුදාවයි.2015 සැප්තැම්බර් මස අගදී සිය සිරියානු ගුවන් මෙහෙයුම් ඇරඹූ රුසියාව ISIS ත්‍රස්තවාදීන්ට පමණක් නොව එක්සත් ජනපදයේ සහාය ලබන මධ්‍යස්ථ කැරලිකරුවන්ටද බෝම්බ හෙළන්නට පටන් ගැනීමත් සමග ඇමෙරිකාව නොසන්සුන් විය.බැරක් ඔබාමා විසින් රුසියාවෙන් ඉල්ලා සිටියේ තම මධ්‍යස්ථ කැරලිකරුවන්ට පහරදීම නවත්වන්න කියාය.
පැල්මයිරා නගරය මුදා ගැනීමේ සටන
2016 මාර්තු මාසයේදී ආරම්භ වන පැල්මයිරා මුදාගැනීමේ සටනට ප්‍රබල දායකත්වයක් ලැබුණේ රුසියානු ගුවන් ප්‍රහාරවලිනි.සිරියානු රජයේ හමුදාව විසින් 2016 මාර්තු මස 27 දා වන විට ත්‍රස්ත ග්‍රහණයේ පැවති පැල්මයිරා නගරය සම්පුර්ණයෙන්ම මුදාගනියි.
පැල්මයිරා පුරාණ නගරයේ සවිකර තිබූ ISIS ධඡයක් ඉවත් කරන හමුදා සාමාජිකයෙක්
පැල්මයිරා මුදාගැනීමෙන් පසුව ISIS ධඡය පුළුස්සා දමන සිරියානු රජයේ හමුදා සාමාජිකයින් පිරිසක්
සිරියානු ජාතික ධඡය යළිත් පැල්මයිරාහි ලෙලදෙන අයුරු
උපාය මාර්ගික වශයෙන් වැදගත් මංසන්ධි අත්පත් කරගැනීමට සඳහා 2016 මාර්තු මස 7 වනදා ඇරඹි ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුමේ එක් සන්ධිස්ථානයක් වූයේ සිරියානු රජයේ හමුදාව විසින් නැගෙනහිර හෝම්ස් හි පිහිටි පැල්මයිරා පෞරාණික නගරය සහ ඊට ආසන්න පැල්මයිරා ගුවන් කඳවුරු භූමිය මාර්තු මස 27 දා වන විට මුදාගැනීමයි.මෙම මෙහෙයුම ඉරාක හමුදා එරට මෝසුල් නගරයට දෙසට ඇදෙන අතරේ සමකාලීනව දියත් කලේ ISIS ත්‍රස්තවාදීන්ට අතිරේක හමුදා කැඳවීමට තිබෙන අවස්ථාව අහිමි කරමින්ය.ඉරාකයේ බැග්ඩෑඩ් හි පිහිටි රුසියා-ඉරාක-සිරියා-ඉරාන ඒකාබද්ධ යුද මෙහෙයුම් මධ්‍යස්ථානය මෙහිදී තීරණාත්මක කාර්යභාර්යක් සිදුකරන ලදි.
සිරියානු අරාබි හමුදාව,සිරියානු නාවික හමුදා සෙබලු,කාන්තාර උකුස්සා සේනාංකය,ජාතික ආරක්ෂක බලකාය,හිස්බුල්ලා සහ ලිවා අල්-ෆාටිමියන ආදී බහුතරයක් සහිත 5000කට වැඩි පාබල හමුදාවක් යොදාගෙන මෙම මෙහෙයුම සිදුකරන ලදි.සිරියානු රජයට මෙතරම් කණ්ඩායම් ගණනක් මේ සඳහා එකතුකර ගැනීමට හැකිවූයේ ඇමෙරිකා-රුසියා අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ සටන් විරාමය නිසාය.
පැල්මයිරා මුදා ගැනීමේ සටනට එක්වූ falcon hawk නම් සිරියානු සේනාංකය සතු සන්නාහ සවිකල රථ
ISIS ත්‍රස්තවාදීන් පැල්මයිරා නගරයෙන් පලා යන විට එම භූමියේ බිම් බෝම්බ රැසක් වළලා ගොස් තිබේ-පිපිරීමකට හසුවූ හමුදා සෙබලෙක්
පැල්මයිරා ප්‍රහාරය දියත් කෙරුණේ කලින් සිදුකෙරුණු ප්‍රධාන මෙහෙයුම් හා සමාන ආකාරයකින් වන අතර මෙහෙයුම් සැලසුම් කිරීමේදී රුසියානුවන්ගේ මැදිහත්වීම විශාල වශයෙන් ලැබිණි.සමහර වාර්තාවලට අනුව මෙහෙයුම සඳහා *රුසියානු විශේෂ කාර්‍ය බලකා සෙබලුන් සහභාගී වූ බව කියවේ.ඔවුන් ඉලක්ක නියම කිරීම සහ විශේෂිත මෙහෙයුම් කටයුතු සඳහා සහභාගී වූ බව වාර්තා කෙරේ.ඉදිරි පෙරමුණේ සිටින රුසියානු සෙබලුන් ප්‍රමාණය කොපමණ දැයි හෙළිවී නොමැත.කෙසේ වෙතත් පාබල මෙහෙයුම් සාර්ථක වීම පිටුපස රුසියානු විශේෂ බලකායේ සහභාගීත්වය ප්‍රධාන හේතුවක්ව තිබෙන බව පැහැදිලිය.පැල්මයිරා මුදා ගැනීමේ සටනේදී වැඩිම හානියක් සිදුවූයේ බිම් බෝම්බ සහ වැඩිදියුණු කල පුපුරණද්‍රව්‍ය උපාංග(IED) නිසා යැයි සිරියානු රජයේ හමුදාව ප්‍රකාශ කර සිටියි.මෙම මර උගුල් ඉවත් කිරීමට රුසියානු රජය සහාය ලබාදෙන බව ප්‍රකාශ කර තිබිණි.ඒ සඳහා ඔවුන් බිම් බෝම්බ සහ අනෙකුත් පුපුරණද්‍රව්‍ය ඉවත් කිරීමට නිපදවූ රෝබවන් මේ වන විටත් සිරියාවට එවා තිබෙන බව මාධ්‍ය විසින් වාර්තා කරයි.
*රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයට අනුව රුසියානු විශේෂ බලකා සෙබළුන් සිරියාවේ විරෝධී පාබල මෙහෙයුම් සහ පැල්මයිරා මුදා ගැනීමට සටනට සහභාගී වී නැතිබව කියවේ.ක්‍රෙම්ලිනයට අනුව සිරියානු භූමියේ සිටින රුසියානු සෙබළුන්ගේ එකම කාර්යය වන්නේ රුසියානු ගෞවන් හමුදාවට සහාය වීම සහ හමුදා බුද්ධි තොරතුරු සිරියානු අරාබි හමුදාවට සැපයීමයි
සිරියානු රජයේ හමුදාවලට පැල්මයිරා මුදාගැනීමේදී මුහුණ දෙන්නට සිදුවූ දරුණුම ප්‍රශ්නය - බිම් බෝම්බ සහ මර උගුල්ය
පැල්මයිරා නගරය මුදාගැනීමට බෂාර් අල් අෂාඩ් පාර්ශ්වයට විශාල කැපකිරීමක් සිදුවූ බව කියවේ.
පැල්මයිරා නව නගරය යළි අල්ලාගත් සිරියානු රජයේ හමුදාවන්
පැල්මයිරා ප්‍රදේශය මුදා ගැනීමේදී ගුවනින් ලබාදුන් සහාය වැදගත් භූමිකාවක් නිරූපණය කලේය.රුසියානු ප්‍රහාරක යානා මාර්තු මස 22දා සිට පැල්මයිරා ප්‍රදේශය අවට සතුරු ඉලක්ක වෙත දිනකට ප්‍රහාර 40ක් පමණ එල්ල කර තිබේ.මෙම ප්‍රහාර ගණනට එම ප්‍රදේශයේ සැරිසරන රුසියානු Mi-28 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා එල්ල කල ප්‍රහාර සංඛ්‍යාව ඇතුලත් නොමැත.
රුසියානු Mi-24 සහ Mi-28 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා

Last edited: