පැලුණු තනපුඩු වලට වෙදකමක්..

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පැලුණු තනපුඩු වලට වෙදකමක්..

    තනපුඩු(Nipples) පැලීම කියන්නේ කාන්තාවන් බොහෝ දෙනෙක් මුහුණ දෙන තත්වයක්. මේක විවාහක හෝ අවිවාහක භේදයකින් තොරව ඇතිවන තත්වයක්. ඒ කියන්නේ තරුණියන් අතරේ පවා තනපුඩු පැලීම නිසා වේදනාවෙන් ගතකරන අවස්ථා බොහොමයක් හමුවෙනවා.

    මේ විදිහට තනපුඩු පැලීයාමට හේතු ගණනාවක් බලපාන්න පුළුවන්. මව්කිරි දීමේදී ඇතිවෙන තත්වයන්, අධික ලෙස සම වියලීමට භාජනයවීමේදී, බැක්ටීරියා තත්වයක් හෝ ආසාදනයක් නිසා, පැතලි හෝ නොපිටට පෙරළුනු තනපුඩු සහිතවීම වගේ අවස්ථාවලදි කාන්තාවන්ට මේ තනපුඩු වියලීම හෝ පැලීම කියන රෝගී තත්වයට මුහුණ දෙන්නට වෙනවා.

    ඇතැම් කාන්තාවන් මෙය බරපතල රෝගී තත්වයක් කියලා හිතලා බොහොම බයවෙන අවස්ථාත් තිබෙනවා. කොහොම වුනත් මේ තත්වය බරපතල රෝගී තත්වයක ලක්ෂණයක් දක්වා යන්න වුනත් පුළුවන්. හැබැයි මූලික වශයෙන් කරන වෙද හෙදකම් වලදි මේ තත්වය මගහැරෙනවා නම් බයවෙන්න දෙයක් නෑ.

    මව්කිරි දීමේදී දරුවා තදින් තනපුඩු ග්‍රහණය කරගැනීම, දරුවාගේ දිවෙහි ඇතිවෙන යීස්ට් සාරය නිසා තනපුඩු ආසාදනයකට පත්වීම, දරුවා තනපුඩු හැපීම නිසා කිරිදෙන මවකගේ තනපුඩු පැලීම සිදුවෙන්න පුළුවන්. බොහෝ විට මේ වගේ අවස්ථාවලදි මවගේ තනපුඩු පැලී ඇති ස්ථානවලින් රුධිරය වහනය වන නිසා මව්කිරි දීමේදී දැඩි අසීරුතාවයකට පත්වෙන්න පුළුවන්.

    මුලින්ම දරුවාට කිරිදෙන ස්වභාවය මදක් වෙනස් කරන්න, එක් පියයුරකින් බොහෝ වෙලාවක් කිරි දෙන්නේ නැතිව කෙටි කාල සීමාවකට වරක් පියයුරු මාරු කරන්න. තදින් පියයරු මිරිකීම කරන්නට එපා, ඒ වගේම නිතර දරුවාගේ දිව මදින්න, ඒවායේ මැලියම් බැඳෙන්නට දෙන්න එපා. පැලීම වැඩිවෙලානම් මව්කිරිවලින් ම ඒ තැන් තවන්න. මදක් රස්නේ ජලයෙන් වුණත් හොඳයි.තවත් දෙයක් තමයි දරුවාට දත් එන කාලය වෙද්දි මව්කිරීදීම අඩු කරන්න. මේ දේවල් වලින් මව්කිරි දෙන කාන්තාවකට ඇතිවන තනපුඩු පැලීම වලක්වන්න පුළුවන්.

    අනෙක් කාන්තාවන්ට හෝ තරුණියන්ට මේ විදිහට තනපුඩු පැලීම සිදුවෙන්නේ බොහෝ විට සමතුල ජල සාන්ද්‍රණය අඩුනිසා හෝ අධික ලෙස සම වියලීමට භාජනය වීමේ ප්‍රතිඵලයක් විදිහට තනපුඩු පැලීමට ලක්වෙන්න පුළුවන්. තනපුඩු කියන්නේ ඉතා සංවේදී ස්ථානයක් නිසා ඌෂ්ණය, බැක්ටීරියා ආසාදන වලටත් පැලීම සිදුවෙන්න පුළුවන්.

    තව ස්වභාවයෙන්ම තනපුඩු පැතලිව හෝ නොපිටට (ඇතුලට නෙරාඇති) කාන්තාවන්ගේ තනපුඩු පැලීයාම දකින්න පුළුවන්. මේකට හේතුව තනපුඩු වල පිහිටීම වගේම අඳින තනපටත් හේතුවක් වෙනවා. ඒ නිසා මේ දේවල් වෙනස් කරලා බලන්න. කෝමාරිකා වගේ දෙයක් පිරිසිදුව ඒ ස්ථානවල ආලේප කිරීමත් හොඳ බෙහෙතක්. ඒ හැරුණම වෛද්‍යවරයෙක් හමුවෙලා උපදෙස් ලබාගෙන තනපුඩුවල විටමින් ඊ කරල්වල ඇති සාන්ද්‍රණය ආලේප කරන්නත් පුළුවන්. මේ වෙදකම් වලින් බොහෝ විට මේ පැලීම් තත්වය නිට්ටාවටම සුවකරගන්න පුළුවන්. නැත්නම් හොඳම දේ නාරිවේදය සම්බන්ධ වෛද්‍යවරයෙක් හමුවෙන එකයි.

    උපුටා ගැනීම - www.her.lk
     
    • Like
    Reactions: FREEZZEER