පැහැර_ගැනීමක්

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    (UPDATE)
    චීන චන්ද්‍රිකා ඡායාරූප අතුරුදන් යානය නොවෙයිලු ත්‍රස්තවාදී පැහැර ගැනීමක්ද? -

    අතුරුදන් වූ මැලේසියානු යානයේ සුන්බුන් යැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ඔස්සේ සිදුකළ නිරීක්ෂණයන්හිදී කිසිවක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව නිරීක්ෂණ යානා පවසයි.

    ඒ අනුව, යානය අතුරුදන්ව ගත වී ඇති හය වැනි දිනටත් ඵල රහිත බලාපොරොත්තු සුන්වීමක් පමණක් ඉතිරි කර තිබේ.

    මේ අතර, පුද්ගයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානය අවසන් වරට සලකුණු වූ ස්ථානයේ සිට පැය හතරකට වැඩි කාලයක් ගමන් කර ඇති බවට ඇමෙරිකානු බුද්ධි අංශ තොරතුරු සොයා ගනිමින් සිටින බව වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කරයි. මේ තත්ත්වය තුළ යානය කිසිවෙකු බලෙන් ග්‍රහණය කරගැනීමේ සැකය මතුව තිබේ.

    බෝයිං 777 යානයේ වූ රෝල්ස් රොයිස් එන්ජිමෙන් ස්වයංක්‍රීයව ඩවුන්ලෝඩ් වන දත්ත උපයෝගී කරගනිමින් යානය සම්පූර්ණ වශයෙන් පැය 5ක කාලයක් ගමන් කර ඇති බව එහිදී අනාවරණය වී ඇති බවද වෝල් ස්ට්‍රීට් ජර්නලය පවසයි.

    මේ තත්ත්වය තුළ ඇමෙරිකානු ප්‍රතිත්‍රස්ත කණ්ඩායම් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අතර, මගීන් 239 දෙනා සමග හඳුනා නොගත් ස්ථානයක් වෙත යානය රැගෙන ගොස් ඇති බවටද සැකයක් මතුව ඇති බව කියැවෙයි.

    මේ අතර, චීන නායක ලී කෙකින්ග් අවධාරණය කර සිටියේ අතුරුදන් වූ යානය සොයා ගැනීමේ බලාපාරොත්තු කොතරම් සුන් වුවද, එය සෙවීමේ මෙහෙයුම් අත් නොහරින බවයි.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oka mcn supernatural widiyata disappear unada danne na....
    ochchara amaru wenne kohomada bn plane ekak hoya ganna....

    balamuko mokada wela tiyenne kiyala. godabimakata giya nam wenna ba. muhudata watuna wennat amarui.