Fake account ekakin gihn unge ewata oya post eka comment karapan.![]()
මරු idea එක.



Fake account ekakin gihn unge ewata oya post eka comment karapan.![]()



නෑ බං. ජන ඝනත්වය වැඩි චීනේ වගේ රටක් ගනින්කෝ. යම් යම් සාමාජයීය ප්‍රශ්න ඇති වුනත් උන්ගේ රට අපිට වඩා ආර්ථික වශයෙන් දියුණු නැද්ද? අපේ රටේ කොහෙද බං මිනිස්සු වැඩි. ඕන තරම් හිස් ඉඩම් කොළඹින් පිට තියන්නේ. ප්‍රශ්නේ පහසුකම් තියන්නේ නාගරික ප්‍රදේශ වල විතරක් නිසා මිනිස්සු ඒවාට ගාල් වෙලා ඉන්නවා. අපේ ඇත පළාත් හොඳට සංවර්ධනය කලොත් මිනිස්සු කොළඹ වගේ නගර වටා කේන්ද්‍ර වෙන්නේ නැතුව විසිරිලා යයි. දැන් Singapore බලපන්කෝ ජනඝනත්වය වැඩිම රටක් නේ. දියුණු නැද්ද.
ලංකාවට නං එන්න ඕනෙ නෑ පින් සිද්ධ වෙයි අපි මෙහෙ ජනගහනෙ වැඩි වෙලා අඩු කරගන්න විදිහක් නැතුව දඟලනව. යංතං වැහැපු ගමං ඇඳ උඩ දෙන්නයි ඇඳ යට දෙන්නයි ඉස්පිරිතාල වල. තව දාල ගිය උන් ගෙන්නගන්න හදනව. ගෙන්නගන්න නෙමේ පුලුවන් තරම් ලංකාවෙන් මිනිස්සු export කරන්න ක්‍රමයක් ගැන කතා කරපං. ජනගහනෙ අඩුම ගානෙ කාලක් අඩු කරගත්ත නං ලංකාවෙ ගොඩක් ප්‍රශ්න විසඳෙනව.



මචං, පාකිස්ථානය ගනින්කෝ. අපිටත් වඩා සාම්ප්‍රදායික , නූගත් ජන කොට්ටාශයක් ඉඳලත් පවතින ක්‍රමය ප්රගතිශීලී විදිහට වෙනස් කරන්න ඉම්රාන් ඛාන් එක්ක පෙළ ගැහුනේ. ඉතින් අපේ රටේ බැරි ඇයි.
මචං, පාකිස්ථානය ගනින්කෝ. අපිටත් වඩා සාම්ප්‍රදායික , නූගත් ජන කොට්ටාශයක් ඉඳලත් පවතින ක්‍රමය ප්රගතිශීලී විදිහට වෙනස් කරන්න ඉම්රාන් ඛාන් එක්ක පෙළ ගැහුනේ. ඉතින් අපේ රටේ බැරි ඇයි.



මං කිව්වෙ අනික් සේරම මේ තත්වෙ තියාගෙන ජනගහනය අඩු කලොත් ප්‍රශ්න ගොඩකට විසඳුම් ලැබෙනව කියල.
මචන් ළිදේ ඉඳන් ලෝකේ බැලුවට ලෝකේ පෙනෙන් නැහැ . ලින් කටින් එලියට එන්න ඕනේ. ලංකාවේ ඉන්නවා නම් බලය තියන්න ඕනේ. මොකද නීතියක් නැහැ නේ. එක එක නුගත් දෙසපලුවන්ට ඔලුව නමාගෙන උන් පාරේ යනකොට කණුවට බැහැගෙන ඉන්න කැමති නම් අපේ රට හොදයි.තමන්ට හා සමාජයට වෙන හානිය දිහා බලගාන නොද්දක්ක වගේ ඉන්න වනම් ලංකා හොදයි.
අනික අපේ උන් රටේ ඉන්න ප්‍රදාන පක්ෂ දෙකේම උන් රට විනාස කරන කොට උන්ට ම කඩේ යනවනම් ඒක වෙනස් කරන හදන එකෙකුට හදන්න දෙන්නේ නැත්නම් වෙන මොකද කරන්නේ බන් වෙන රටකට වෙලා පාඩුවේ ඉන්නේ නැතුව.
මචං, මම ලිඳෙන් එළියේ ඕනෑතරම් දැකල තියන නිසා තමයි මේක කිව්වේ. උඹ කියපු නූගත් දේශපාලකයන්ට ඔලුව නමාගෙන ඉන්න වෙන කතාව හරියට හරි. ඇත්තම උදාහරණයක් කියන්නම්. මගේ අල්ලපු ගෙදර ඉන්නේ oxford university එකෙන් PhD එකක් ගත්තු senior lecturer කෙනෙක්. හොඳ ගතිගුණ තියන උගත් මනුස්සයෙක්. එත් තාම පාවිච්චි කරන්නේ 2013 විතර හදපු Micro Jeep එකක් . මොකද ලංකාවේ විශ්වවිද්‍යාල වල ගෙවන වැටුපෙන් housing loans වලට එහෙම කැපිලා අතට එන පඩියෙන් වෙන ලොකු දෙයක් කරන්න නොහැකි වීම. නමුත් ගිය පාර පළාත් පාලන චන්දෙන් ආපු ප්‍රාදේශීය සභා මන්ත්‍රියා යන්නේ ලක්ෂ 400 කටත් වඩා වටිනා Landcruiser එකකින්. පඩිය රු.15,000/- යි.මේකා තුන් සැරයක් විතර ප්‍රාදේශීය සභාවේ ඉඳලා තියනවා. OL විතරයි යන්තමට පාස්. පට්ට හොරෙක්. අතේ සතේ නැතුව ඉඳලා දිනුවට පස්සේ කොන්ත්‍රාත් වලින් පගාව අරන් තමයි පොහොසත් වෙලා තියන්නේ. දැන් උන් තමයි ලංකාවේ නූගත් බහුතරයක් පොරවල් විදිහට සලකන්නේ.
මෙන්න මේ දේවල් වෙනස් කරන්න තමයි මචං ඕනේ. ඒක කරන්නෙ නැතුව අපි ඔක්කොම ලංකාවෙන් පැන්නොත් මේ ජරාජීර්ණ ක්රමයම තවත් worst විදිහට වැඩිවෙයි. හැබැයි මම මෑත කාලයේ දැක්ක හොඳ ප්‍රවණතාවයක් තමයි අලුත් සමාජය තුල මේ ගැන විද්වත් කතිකාවතක් සිදුවෙමින් පවතිනවා. විශේෂයෙන් social media භාවිතය වැඩිවීම තුල මිනිස්සු විවෘතව සහ පුළුල්ව මේ ගැන අදහස් පල කරනවා. මෙන්න මේ ක්‍රියාවලියට රටේ රැදී ඉඳිමින් සක්‍රීයව දායක වෙන්න පුළුවන් නම් මිසක් රටෙන් පැනල ගිහින් මේක කවදාවත් හදන්න බැහැ කියා කියා ඉන්න එක නෙමෙයි නියම විසඳුම.
උදාහරණයක් විදිහට යුද්ධය ගනින්කෝ. මේක කවදාවත් දිනන්න බෑ කියලා අපි ඔක්කොම වෙන වෙන රටවල් වලට පැනල හිටියා නම් අපිට රටක් ඉතුරු වෙයිද ? පවතින සමාජ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙන්න ඒ තුලම රැදී ඉඳිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමෙනුයි.
අපේ රටේ හොඳ නැත්තේ systems මිස මිනිස්සු නෙමේ. හරි system එකක් තිබුනානම් මිනිස්සු අනිවාර්යයෙන්ම එකට අනුගත වෙනවා. උදාහරණයක් විදිහට පිටරටවල මිනිස්සු high speed යන්නේ නැත්තේ , බීලා එලවන්නේ නැත්තේ ඒ රටවල් ඒවා මොනිටර් කරන්න හරි සිස්ටම් දාල තියන නිසා . මිනිස්සු බයයි අහුවෙන නිසා. අපේ රටේ වගේ අඳුනන පොලිසියේ ලොක්කෙකුට කතාකරලා බේරිලා යන්න බැහැ. අගමැති වුනත් නීතිය කැඩුවොත් දඩය ගෙවන්න ඕනේ. ඒ නැතුව පිටරට මිනිස්සු හොඳ එවුන් හින්දා නෙමේ. උන් අපිටත් වඩා පට්ට හොරු. නමුත් සිස්ටම් එකට බය නිසා discipline තියනවා. ලංකාවෙත් ඕක කරන්න හොඳටම පුළුවන්. මතකද එක කාලෙක මිනිස්සු පාරේ තැන තැන කුණු දැම්මේ නැහැ. මොකද තමන්ව මොනිටර් වෙන නිසා.
ඉතින් මචං ඕක කරන්න පිටරටට වෙලා ඉඳන් බැහැ. අපිම තමයි මේ කතිකාවත පුළුල්ව සමාජගත කරන්න වගේම ඒ වෙනුවෙන් ක්‍රියාකරන්න ඕනේ. එතකොට අපිට අපරාධ නැති, නීතිය හැමෝටම එකවගේ ක්‍රියාත්මක වෙන, හැමෝටම තම මූලික අවශ්‍යතා සපුරාගත හැකි මට්ටමේ ආදායමක් ලැබෙන, වංචා දූෂණ වලින් තොර , සතුටෙන් ජීවිතය ගෙනියන්න පුළුවන් රටක් හදාගන්න පුළුවන් වෙන්නේ. හරියට නිකන් Scandinavian countries වල වගේ.
ඒ හින්ද මේක ලිං කටෙන් එළියේ ලෝකය හදාගන්න ලිඳ ඇතුලෙම ඉඳන් කරන්න ඕන දෙයක් .



මම නම් කියන්නේ අර ආරියසීල වික්‍රමනායක කිව්වා වගේ අපිට ඇයි කෘෂි ආර්ථිකයට යන්න බැරි ? යුරෝපයේ අපිට වඩා පොඩි රටවල් කොච්චර දේවල් වවලා පිටරට යවනවද ? අපේ රටේ අපිට කන්න දේවල් නෑ . අඹ ගෙඩියක ගාන බලපන් ඇපල් ගෙඩියකට වඩා වැඩියි . හැබැයි ගොවියෝ නහයෙන් අඩනවා බෝග විකුණ ගන්න බෑ කියලා . රුපියල් තිස්හතලිස්දාහක් පඩියක් ගන්න එකෙක්ට පුළුවන් කන්න බොන්න විතරයි . ලණු කැරැල්ල උනත් පිටරටින් එන්නේ . හාල් පොල් අනිකුත් ප්‍රධාන දේවලුත් එච්චරයි . අර ඉස්සර සින්දුවක් තිබ්බා පිට දීප දේශ ජයගත්තා කියලා . ඔය සින්දුවේ ඔය කතන්දරේ කියනවා . මිනිස්සු අළුත් දේවල් හැදුවට ඒවාට තැනක් නෑ . අනුග්‍රහය නෑ .මිනිස්සුන්ට රට ගැන හිතන්නත් කලින් බඩ පිරිලා ඉන්න එපයි . ඇයි ආණ්ඩුත් පෙරළුවේ කන්න නෑ කියලනේ .මන්ද පෝෂණය අනික් හැම කාලෙටම වඩා වැඩි වෙලා . මෙන්න මේ දේ මුලින් හැදුවනම් ඒ කියන්නේ කෑම බීම සාදාරණ ගාණක් උනාම අනික් දේවල් හදන්න පටන් ගන්න පුළුවන් . ෆූඩ් සිටියේ චීස් තියෙන්නේ වෙනම මොකද උස්සන නිසා . බලපන් අපි ඒ ගානට වැටිලා අද. සිරිමාවෝ ඇරෙන්න ඊට පස්සේ ආපු කිසිම නායකයෙක් මේ දේ ගැන හිතුවේ නෑ හැමදේම පිටරටින් ගේන එකයි තියෙන දේ විකුණන් කන්නේ කොහොමද කියන එකයි ඇරුණුකොට .
ඉස්සර කිව්වේ පෙරදිග ධාන්‍යාගාරය දැන් මන්ද පෝෂණය .
අඩුම ගානේ අපි ගෙදර වත්තේ මිරිස් පැළයක් වත් හිටවලා නෑ . ඒවගේම ගොවියෙක් උනාම තැනක් නෑ . කවුරුත් ගෑණියෙක් දෙන්නේ නෑ .
ඔන්න ඔය බලන කෝණයත් වෙනස් වෙන්න ඕනේ .
හැබැයි dual citizens ලාට විතරයි චන්දෙ දාන්න පුළුවන්. ඒ රටේ PR/ citizenship විතරක් තියන අයට ලංකාවේ චන්දය දාන්න බැහැ.
PR yhibuna kiyala lankawe citizenship eka nathi wenne na. Votebkaranna puluwan.
හරියට හරි. මුලින්ම රටට අත්‍යාවශ්‍ය දේ හඳුනාගෙන ඒ දේවල් වලින් ස්වයංපෝෂිත වෙන්න බලන්න ඕනේ. අපේ රටට අවශ්‍ය ආහාර බොහොමයක් අපිට වගා කරගන්න සුදුසු දේශගුණය අපේ රටේ තියනවා. 1970-1977 කාලයේ සමගි පෙරමුණු රජය කාලේ හැම ගෙදරකම පුළුවන් විදිහට වගා කළා. තට්ටු ගෙවල් වල ඉන්න අය පවා මල් පෝච්චි වල මිරිස් හිටෙව්වා. ඒ කාලයේ අපේ රටට කර්මාන්තශාලා නොමිලේ ප්‍රදානයන් විදිහට ලැබුනා. ඔරුවල වානේ සංස්ථාව, ටයර් සංස්ථාව, පූගොඩ තුල්හිරිය වේයන්ගොඩ වගේ පෙහෙකම්හල්, කඩදාසි , උකු කිරි නිෂ්පාදන කම්හල් අපිට තිබුනා. හොඳ නිෂ්පාදන ආර්ථිකයක් අපි තිබුනා.මම උඩින් කියපු විදිහට රටේ ශ්‍රම බලකායෙන් මිලියන 5 ක් ඉන්නේ ත්‍රීවීලර් හා ප්‍රවාහන ආශ්රිත රැකියා වල. ත්‍රීවීලර් වලට ගිහින් අපරාදේ නාස්තිකරන තරුණ ජවයෙන් යුතු ශ්‍රමය අර වගේ නිෂ්පාදන ක්‍රියාවලියකට යොදාගත්තොත් කොහොමට හිටීද ?
ඒ වගේම රට වටේ තියන සාගර සම්පත් මිල කල නොහැකියි. එහෙම තියද්දීත් ටින් මාළු කන්ටේනර් ගණන් පිටරටින් ගේනවා. අර කිව්වා වගේ මිනිසාගේ මූලික අවශ්‍යතාවක් වන කැම බීමට වැයවෙන මුදල අඩුනම් ඉතිරියෙන් ඊ ළඟ අවශතා සපුරාගන්න තියන හැකියාව වැඩියි. අනික තමයි රටට ඔරොත්තු නොදෙන මට්ටමේ සුඛෝපභෝගී වාහන භාවිතය යම් කාලයකට හෝ සීමා කල යුතුයි. අපේ ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදනය නොකරන නිසා ඒවා ආනයනයට විශාල විදේශ විනිමයක් වැයවෙනවා. ඉස්සෙල්ල කියපු අධි සුඛෝපභෝගී වාහනවල ඉන්ධන කාර්යක්ෂමතාවය හරිම අඩුයි. ලීටරයකට කිලෝ මීටර් 3 ක් හෝ 4 ක් වගේ දුවන්නේ. ඒක නාස්තියක්. ඔච්චර දියුණු සිංගප්පූරුවේ වාහනයක් මිලදී ගන්න කලින් certificate of entitlement (CEO) කියලා සහතිකයක් වෙන්දේසියකින් ගන්න ඕනේ. සීමිත සහතික ගණනක් වසරකට නිකුත් කරන නිසා සමහර විට එකේ මිල වාහනයේ මිලටත් වැඩියි. මේ විදිහට පෞද්ගලික අධි සුඛෝපභෝගී වාහන අධර්යමත් කරන ගමන් පොදු ප්‍රවාහනය උපරිමයට දියුණු කරලා තියනවා. මේකෙන් රටේ විදේශ සංචිත ඉතුරුවෙනවා. අය වැය පරතරය අඩුවෙනවා. පොදු ප්‍රතිලාභය රටේ හැමෝටම ලැබෙනවා.
අවශ්‍ය හොඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් සැම වැදගත් අංශයක් කෙරෙහිම පවත්වා ගැනීමයි රටේ සම්පත් නිසි කලමනාකරණයකින් යුතුව රටේ සංවර්ධනයට භාවිතා කිරීමයි.
good post atha kathawa
EK ekath inawa rata indala meheta chande danawath enne nathuwa janadipathi apakshakayek thorana aya.
