ඒ වුනාට දෑන් පිටරට ඉන්න ගොඩක් එවුන් හෙන සතුටින් බන් ඉන්නේ ලන්කාවෙන් ගිය එක ගෑන. ලන්කාව එක්ක බලනකොට උන්ගෙ ජීවිත සෑහෙන්න හොදයි. ප්‍රශ්න අඩුයි
උඹ පිටරටක ගිහිල්ලා ඉන්නම ඕනේ ඒක දැන ගන්න . මගෙත් යාළුවෝ ගොඩක් රට රටවල් ඉන්නවා . හැබැයි ටික දෙනෙක් තමයි අවංකව ඇත්ත කියන්නේ . මම මේ විස්තර කිරියේ කලිනුත් දාලා තියෙනවා .
රට හිටියත් ලංකාවේ හිටියත් තමුන් දේවල් දිහා බලන කණ්ණාඩිය තමා වැදගත් . මෙහෙමයි අපි අතරේ සමහර අය ඉන්නවා ජීවිතේ සල්ලි කියලා හිතාගෙන ඉන්න . ඒ අයට පිටරට යන එක හොඳයි මොකද සල්ලි හම්බ කරන්න පුළුවන් මාර්ග වැඩි නිසා . හැබැයි සමහර රටවල බදු ඉහලයි . එතකොට ඉතිරි කරන්න අමාරුයි . සමහර අය පිස්සෝ වගේ වැඩ කරලා ඇත්තටම පිස්සු හැදෙනවා නැත්තම් ලෙඩ වෙනවා . ගොඩ ගිය එවුනුත් ඉන්නවා .
තව සමහර කට්ටිය ඉන්නවා සරල විදියට ඉන්න කැමතියි තමුන්ගේ අම්මා ,තාත්තා ,නෑදෑයෝ යාළු මිත්‍රයෝ එක්ක . මේ වගේ අයනම් රට ගිහිල්ලා එච්චර වැඩක් නෑ මුදල් ප්‍රශ්ණ හරි ඉගෙනීම කරන්න හරි තිබ්බොත් ඇරෙන්න . ගොඩක් රටවල ඉන්න ලංකාවේ එවුන් කට්ට වෙට්ට වෙලා ඉන්නේ . ඒක නිසා උන්ව විශ්වාස කරන්නත් බෑ .
තව කට්ටියක් රට යනවා වයිෆ්ට ළමයින්ට ඕනේ නිසා නිකන් රැල්ලට වගේ . යන රටේ හොඳ රස්සාවක් කරන්න පුළුවන් නම් අවුලක් නෑ . නැත්තම් ඉතින් වහලෙක් වගේ වැඩ කරන්න වෙන්නේ මොකද තනියෙන් ගියා වගේ නෙමේනේ .
දැන් ඉස්සර වගේ නෙමේ ඕනෙම රටක විස්තර ජීවන රටාව හොයලා කියවලා බලන්න පුළුවන් . තමුන් ගිහිල්ලා මොනවද කරන්නේ අනාගතය මොනවගේ වෙයිද කියලා අදහසක් අරගෙන යන එක තමා හොඳ .
යාළුවො තමා මේ විස්තර කිව්වේ . උන් කියන්නේ කවුරුහරි අළුතෙන් එන්න ඇහුවොත් ඇවිල්ලා බලන්න කියලලු . ඇයි එන්න එපා කිව්වොත් ඉරිසියාව කියලා ලංකාවේ එවුන් කියනවලු . එන්න කියලා වැඩේ අවුල් වුනොත් කියපු එකාව මරන් කන්න යනවා .
ගොඩක් එවුන් මචං පිටරට වල ඉඳන් suffer කරනවා. සුද්දෝ උන්ගේ සංස්කෘතියට අපිව වැද්දගන්නේ නැහැ. අපිව තුන්වන පන්තියේ පුරවැසියෝ විදිහට තමයි සලකන්නේ. මට මතකයි දවසක් සාකච්චාවකදී අමරදේව මාස්ටර් කිව්වා, හැම විදේශ ප්‍රසංගයකදීම ලංකාවෙන් ගිහින් ඉන්න එවුන් ඉල්ලන්නේ " සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා " කියන ගීතය කියලා . ඒ සින්දුව කීප පාරක් ගායනා කරන්න කියලා ඉල්ලනවලු. ඒක ඇහෙනකොට හැමෝම ඉකි ගගහා අඩනවා ලු. එච්චරට මිනිස්සුන්ට තමන්ගේ හුදකලාව දැනෙනවා.










මේ කතාව නම් සහතික ඇත්ත මචන්.
මම දැන් අවුරුදු හයක් විතර තිස්සෙ වැඩ කරන්නෙ US මාකට් එකට නිසා මම ඒ දේ අත්දැකීමෙන්ම දන්නවා.
උන් අපිත් එක්ක හිතලම ලොකු ගැප් එකක් තියන් ඉන්නෙ. උන්ට ඕන අපිව හැමදාම යටහත් පහත් සේවකයො විදිහට තියාගන්න.
මම සමහර එවුන් එක්ක දැන් අවුරුදු හතරක් විතර තිස්සෙ වැඩ කරනවා. ඒත් උන් කිසිම දවසක මගෙ පුද්ගලික දෙයක් අහලා නෑ. උන්ගෙ පුද්ගලික දෙයක් අහන්න පුලුවන් ලෙවල් එකට අපිට ක්ලෝස් වෙන්නෙත් නෑ.
මම කරන්නෙ බිස්නස් එකක් නිසා මට ඒක කිසි අවුලක් නෑ. ඒත් උබ කියපු දේ මට හොදටම දැනිලා තියෙනවා.
උඹට පිටරටක ජීවත් වෙන්න ලෑබුනොත් උඹ යනවද නෑද්ද? දෑන් මේ රට යන තාලේ අනුව මෙහේ ඉන්න එක වෑඩක් වෙයිද නෑද්ද? මගේ යාලුවෝ නම් හෑම එකාම කියන්නේ ඒ රටවලට එන්න කියලා.. එහේ ජීවිත් වෙන එවුන් සතුටින් ඉන්නේ. මේ රටේ වෙන දේවල් හින්දා උන්ට කොහොමත් එහේ ඉන්න එක වටිනවා ඈති
පුද්ගලික දෙවල් අහන් නැත්ට්න් හොදයිනෙ....ලන්කවෙ වගෙ අබ්ලින් වගෙ හැම එකම හොයන උන්ට වඩා කොච්චර හොද්ද?සුද්දෝ සුද්දොවත් එකට වැඩ කරන උන් එක එකාගේ පුද්ගලික දෙවල කතා කරන්ව මට නම් ඇහිලා නෑ

ඒක තමා මචන් මම උඩ ගහලා තියෙන්නේ . ඔක්කොම වෙන්නේ තමුන් ඒ දිහා බලන විදියෙන් . ලංකාවේ පැය 8 හරියට වැඩ කරගන්න බැරි එවුන් රට ගිහිල්ලා සුපිරියට කටු කාගෙන වැඩ කරනවා . ඒ මොකද උන්ගේ ඔළුවේ තියෙන්නේ අපි රට ඉන්නේ . ලංකාවේ පොඩි පඩියක් ගන්න එවුන්ට වඩා අපි සුපිරි කියලා . හැබැයි උඹ අහපන් රට ඉන්න යාළුවන්ගෙන් උන් දවසට පැය කීයක් එක දිගට වැඩ කරනවද ? ට්‍රිප් එකක් යන්නේ කොච්චර කාලෙකට පස්සෙද ? කොච්චර බදු මුදල් ආණ්ඩුවට ගෙවනවද ? ගෙවල් දොරවල් තියෙනවනම් ඒවගේ බදු කොහොමද ? වාහන තියෙනවනම් ඒවාට අදාල බදු ? ළමයින්ගේ ඉස්කෝල වලට කොච්චර ගාස්තු ගෙවන්න ඕනෙද ? ගෙවල් කුලිය කොහොමද ? මාසෙකට කොච්චර ඉතුරු කරන්න පුලුවන්ද ? කෑම බීම ගණන් වගේ දේවල් . ඊට පස්සේ තීරණය කරලා බලපන් . අනික් එක එක්කෙනෙක් දාලා තිබ්බා වගේ ඒ රටවල්වල අපේ ජාතියේ එවුන්ව ගණන් ගන්නවා අඩුයිලු . බොරුනම් මැද පෙරදිග හරි කොරියාවේ හරි ඉන්න එවුන්ගෙන් අහපන් . සුද්දන්ගේ රටවල්වල නම් පොඩ්ඩක් හරි ශේප්ලු .
නිව්සිලන්ඩ් වල ගන්න පඩියෙන් 28% විතර ටැක්ස්.. වක්‍ර බදු නෑ.. ළමය්න්ට අධ්‍යාපනය,බේත් උසස්ම තත්වේන් නොමිලේ...හොඳට පහසුවන් යන්න පොදු ප්‍රවාහන සේවය විනාඩි 5න් 10න්..ටිකට් එක ටිකක් ගනන් ඒත් සේවාව නියමයි..අනික පොලිසිය උනත් මිනිස්සු එක්ක හරිම ෆ්‍රෙන්ඩ්ලි.. ඇක්සිඩට්න් එකක වෙලා වාහනේ යන්න බැරි නම් පොලිසිය එක්ක ගිහින් දානවා... ඒතරම් හිතනව.. දෙසැම්බර් 25,26 වගේ දවස් වල හවස පොද ප්‍රවාහන සේවා නිදස්.. මිනිස්සු බීල ඩ්‍රය්ව් කරයි කියල.. මන්ද මානසික ළමෙක් ඉන්නව නම් ඒ ළමයගේ ජීවිත කාලෙම රජයෙන් න්ඩත්තු කරන... ශොපින් යන්න.. ෆිල්ම් බලන්න යන ටිකට් එකට පවා රජයෙන් ගෙවනවා.. රජයේ වියදමින් ළමය එක්ක කාලය ගෙවන්න ඒ ලෙඩේ ගැන අවබොධයක් තියන ස්ටාෆ් එවනන්ව ඉතින් ඇයි මිනිස්සුන්ට එච්චර සැප පහසුවක් හම්බෙලා තියෙන්නේ.. නිකමට ඔය මොළ වලින් අහපන්...


පුද්ගලික දේවල් කිව්වේ ඕපදුප නෙමෙයි බං.![]()
පිටරට ඉන්න උන්ට කොහෙවත් ඉත්තෑවෝ නෑ මචන්.. ලංකාවේ ඉන්න හරක් ටිකකයි උන් පාලනය කරන කම්බ හරක් ටිකයි නඩත්තු කරන්න..රට ඉන්න උන් උන්ගේන් යැපෙන ලංකාවේ ජීවත් වෙන අයටයි යාලුවොන්ටයි කරන්න ඕන යුතුකම් ටික කරනව. තව රටට කලගුනසලකීම වෙනුවෙන් පන්සල්/පල්ලි අසරණ පවුල් වලට SOS එකට වගේ උදව් කරණව වගේ දේවල් කරනව ඇරෙන්න...
- ඉස්සෙල්ල හිතපන් මිනිස්සු පිටරට යන්නේ මොකද කියල
හොඳ ආර්තික සාමජීය පසුබිමක ජීවත් වන්න. උදාහරණයක් විදියට කවුද කැමති පැය විසිහතරෙන් පැය 5ක් පාරේ ඉන්න??- ඇයි ඒ මිනිස්සු ලංකාවේ පවුල් අඳුනන අය එක්ක ඉන්න කැමති නැත්ද??
ඇයි නැත්තේ ඒ මිනිස්සු පට්ට ආසයි.. නමුත් මිනිස්සු කැමතී නිදසේ රස්සවක් කරගෙන පාඩුවේ ඉන්න පුලුවන් වාතාවරණයක් ලංකාවේ තියනවද?? ගොඩක් මිනිස්සු ආයේ ලංකාව හොඳවෙනකන් බලාගෙන ඉන්නව එන්න..- ඇයි ලංකාවෙ හැදෙන්නේ නැද්ද??
නෑ ලංකාව හදන්න්න බෑ.. පාලයක ඉඳල එක වසරේ ළමය දක්වා කරන්නේ බොරුව..ඉතින් රටක් හදන්න පුලුවන්ද??- ඉතින් චන්දෙකදී මිනිස්සු හරි පාලකයෙක් පත්කරගනී නේ..
ඒ ක ලංකාව ඇතුලේ යතාර්තයක් වෙන්නේ නෑ. ඒකට 2020 හොඳටම සාක්ශි.. මිනිස්සු දැන දැන වැරදිකාරයෝ පස්සෙ යනකොට තව මොන කතාද??- වෙන රටවල ඉන්දන් ලංකාව හදන්න හදන්නේ මොකද??
උන් ආසයි ලංකාවට ඇවිත් ටිකක හරි කට්ට අඩුවෙන ජීවත් වෙන්න රට හොඳ පැත්තට යනව නම්.. ඒක කරගන්න තමා හදන්නේ- ඉතින් රට ඉන්න මිනිස්සු පට්ට හම්බ කිරිල්ලක් හම්බ කරනව නේ..
ඔව් ලංකාවේ මිනිස්සුන්ට සාපේක්ෂව ඔවි.. නමුත් පට්ට කට්ට කාල හරි රිස්ක් එකක් අරගෙන හරි.. ලංකාවේ රජයේ රැකියා කරන උන් වගේ අයිස් ගහල නෙමේ
තව ලියන්න නම් ඕන තරම් දේවල් තියනව.. ටිකක් සැරට ලිව්වට සමා වෙයල්ල.. ඕනනම් බැනපල්ල කමක් නෑ


Honda.putha; කියලා වැඩක් නෑ බන්. මගෙත් යාලුවෝ නෑයෝ කීපදෙනෙක් ඉන්නවා. පී ආර් තියෙන. මුන් "මේ රට බේරගන්න හම්බෙන අන්තිම අවස්ථාවයි. අපේ ළමයින්ට රටක් ඕනෙ " කිය කිය මැරෙන්න හදනවා. මම් දෙතුන් දෙනෙකුගෙන් ඇහුවා නිකමට වගේ උඹලා ළඟදී එනවද කියලා? උන් අහනවා උඹට පිස්සුද කියලා. ආයෙ ලංකාව දිහා බලන් බත් කන්නෙවත් නෑලු. ඔන්න ඕඉකයි ගොඩක් උන්ගෙ තත්වෙ. said:ගොඩක් එවුන් මචං පිටරට වල ඉඳන් suffer කරනවා. සුද්දෝ උන්ගේ සංස්කෘතියට අපිව වැද්දගන්නේ නැහැ. අපිව තුන්වන පන්තියේ පුරවැසියෝ විදිහට තමයි සලකන්නේ. මට මතකයි දවසක් සාකච්චාවකදී අමරදේව මාස්ටර් කිව්වා, හැම විදේශ ප්‍රසංගයකදීම ලංකාවෙන් ගිහින් ඉන්න එවුන් ඉල්ලන්නේ " සසර වසන තුරු නිවන් දකින තුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා " කියන ගීතය කියලා . ඒ සින්දුව කීප පාරක් ගායනා කරන්න කියලා ඉල්ලනවලු. ඒක ඇහෙනකොට හැමෝම ඉකි ගගහා අඩනවා ලු. එච්චරට මිනිස්සුන්ට තමන්ගේ හුදකලාව දැනෙනවා.
Nice joke![]()
All things are cyclic patterns.Hoping sri lanka will improve is an illusion within the cycle.How many lifetimes we may have done the same thing.One day world will get distroyed all talks becomes pointless.and the cycle again continues.nirvana is the only true satisfaction.others are merely an cyclic illusion![]()

ඒ කියන්නේ මචන් මගෙ අනාවැකි දෙකම හරි.
1) උබේ අම්ම තාත්ත නිසා - උබට ලංකාවෙ ඉන්න වෙලා.
2) රස්සාවක් කරන නිසා - උබට බදු ගෙවන්න වෙලා.
අම්මා තාත්තා නිසා රට යන්නෙ නැතුව මෙහෙ හිරවෙලා ඉන්න එවුන් දහස් ගානක් ඉන්නවා මචන්.
ඒ වගේම අදාල මුදලෙන් ඉහල වැටුප් ලබන හැම පුද්ගලික අංශයේ සේවකයෙක්ම අනිවාර්යෙන්ම බදු ගෙවීමට නීතියෙන් බැදිලා ඉන්නවා.
එහෙම බැලුවාම ලංකාවෙන් පිටරටවල්වලට ගිය එවුන්ට මෙහෙම ප්‍රසිද්ධියේ අපහස කරන්න උබට කිසිම විශේෂ සුදුසුකමක් නෑ.![]()


adoo emiyaa uba dan patta talks ne denne
monada kiyawana poth ?![]()
