හිතුවට වඩා සැහෙන පිරිසක් රට යන්න හිතාගෙන ඉන්නවනේ![]()
ඒකෙන් පෙන්නුම් කරන්නේ මිනිස්සුන්ට තමන්ගේ රට ගැන තියෙන කළකිරිමයි මචන්. ඇත්ත තත්වේ තමයි ලංකාව කියන්නේ ජීවත් වෙන්න සුදුසු රටක් නෙවෙයි, ඒක රටේ ප්රශ්ණයක් නෙවෙයි, ඒක මිනිස්සු පත් කරලා තියන නායකත්වයේ ප්රශ්ණයක්. නූගත්, මෝඩ මිනිස්සු තමයි ලංකාවේ වැඩිහරියක්ම ඉන්නේ උන් ජන්දේ දීලා පත් කරගන්නේ උන් වගේම නායකයන් කොටසක් තමයි, එතකොට රටට හරියයිද? පාලකයන්ට විතරක් බැනලා වැඩක් නෑ, මේක හරියට කිකිළි සහා බිත්තරේ වගේ, මෝඩ මිනිස්සු නිසා මෝඩ පාලකයන් පත් වෙනවා, ඊට පස්සේ මෝඩ පාලකයන් මෝඩ මිනිස්සු ඇතිවෙන තැනට රට පත් කරනවා. මේක දිගට හරහට 1948 ඉදලා වෙනඑකයි තාම වෙන්නේ.

ලංකාව ගැන සුද්දෝ කරපු විඩියෝස් එහෙම දකිනකොට මට මතක් වෙන්නෙම ඕක තමයි. දාහකින් හොයාගන්න බැරි රටක් නේද මේ මිනිස්සු විනාශකරන්නේ කියල 





