ඔය කියන බිලියන ගනනට ඒ අදාල ශිශ්‍යයාගෙ අම්ම තාත්තගෙ බදු මුදලුත් ඇතුලත්.
කවදාවත් ඒ අය ගෙවපු බදු මුදල් ඒකට සමාන වෙන එකක් නෑ(ළඟටවත් එන්නෙ නෑ). එහෙම සමාන වෙන තරම් බදුගෙවපු එකෙක් නම් ළමය රජයේ යුනිවසිටි එකකට යවන එකකුත් නෑ.
උදාහරණයක් විදියට ඩොක්ටර් කෙනෙක් හදන්න යන වියදම කෝටියකට කිට්ටු හෝ පැනල. ඔය ෆැකල්ටි යන එකෙක්ගෙවත් අම්ම තාත්ත කෙනෙක් ඔය වගේ ගානක් බදු විදියට ගෙවනව තියා හිතලවත් නැතුව ඇති. ලංකාවෙ හැම මනුස්සයෙක්ම උසස් අධ්‍යාපනයට විතරක් මාසෙට රුපියල් 500ක් විතර බදුගෙවනව ඒක කොච්චර ලොකු ගානක්ද බලපං.
(ඩොක්ට කෙනෙක් උදාහරණයට ගත්තෙ දැන් තියෙන ප්‍රශ්නෙ නිසා නැත්නම් මේක හැමෝටම පොදු දෙයක් නැත්නම් හිතයි ඩොකාල එක්ක විතරක් තියෙන ඇරියස් එකක් කියල)
අනික කැම්පස් ගන්නෙ කාටත් සාදාරණ විභාග ක්‍රමයකින්. ශිෂ්‍යයා විශේශ දෙයක් කරන්නෙ නැහැ.
ඒක මේ ප්‍රශ්නෙට අදාළ කාරණයක් නෙමෙයි
රජයෙන් මිනිස්සුන්ට ලබාදෙන අයිතිවාසිකමක් ලබාගැනීම විතරයි කරන්නෙ.
එහෙම අයිතිවාසිකම් දෙන්න ඕන නෑ මේ වගේ හිඟන රටක. අපි අනවශ්‍ය මිනිස්සුන්ට සමෘදිය දෙනවටත් අකමැතියි නේ අන්න ඒ වගේ තමයි මේකත්. ඒක ගැන තමයි මේ කතා කරන්නෙ. මේ වගේ තුන්වෙනි ලෝකෙ රටකට අනවශ්‍ය වැඩක්.
මේක ලංකාවෙ නෙවෙයි ගොඩක් රටවල වෙන දෙයක්නෙ. මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන එකේ වරද මොකක්ද?
ඒක තමයි මම මේකෙ කෙනෙක්ගෙන් ඇහුවෙ. ලෝකෙ රටවල් 195ක් තියෙනව නේ අන්න ඒ 195න් උසස් අධ්‍යාපනය නිකං දෙන රටවල් කීයක් තියේද කියල. පොඩ්ඩක් අදවත් හොයල බලපංකො...
ලංකාවෙ කරන්නෙ "ශිෂ්‍යත්ව" ලබාදීමක්. ඒකෙ වරදක් මට පේන්නෙ නෑ. කැමති අයට සල්ලි වලට ඉගෙන ගන්නත් පුලුවන්.
එහෙම ශීෂ්‍යත්ව දෙන්න ඕන නෑ කියල කියන්නෙ බං. අඩුම ඒකෙන් රටට ප්‍රතිලාභයක්වත් ලැබෙන්නෙ නැත්නම් නිකං මොකටද සෙට් එකක් අපේ සල්ලි වලින් හදල පිටරටට කඹුරන්න යවන්නෙ.
තව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවෙන්න ඕනි මේ රටේ.
අදාළ නෑ නේ මේකට.
මෝඩ කතා කියන්න එපා බං. ලංකාවෙ primary education එකත් free. Higher education එකත් free. හැමෝටම free. උවමනාව කැපවීම තියන ඕනෙ එකෙක්ට කරගන්න පුලුවන්. ඔය හැමෝම වියදම් කරන්නෙ රටේ සල්ලි තමයි.
ඒක තමයි බං මම මුලින්ම කිව්වෙ උසස් අධ්‍යාපනය & මූලික අධ්‍යාපනය පටලව ගන්න එපා කියල. මම දැක්ක ෆේස්බුක් එකේ හෙමත් දාල තියෙනව එක එක පණ්ඩිතයො ඔය වගේ පෝස්ට්. උන්ට ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි තරම් ඇඟපුරා මොලේ.
රටක මූලික අධ්‍යාපනය නිකං දෙන්නෙ නැත්නම් විනාස වෙන්නෙ ඒ රටමයි. සාක්ෂරතාවය නැති උනොත් හොරු මංකොල්ල කාරයො වැඩිවෙලා ඒ රටේ ජීවත්වෙන්න බැරි වටපිටාවක් හැදෙන්න බැරි කමක් නෑ. ඒ නිසා මූලික අධ්‍යාපනය කියන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක් ඒව ඕනම රටක නිකං දෙනව. ඒකයි මේකයි පටලවගන්න එපා.
එතකොට දැන් මෙතැන කතා කරන්නෙ උසස් අධ්‍යාපනය(ඩොක්ටර්ස්ල විතරක් නෙමෙයි ඔක්කොම හරිද)
එතකොට හොයල බලපං ලෝකෙ රටවල් 195න් කීයක් උසස් අධ්‍යාපනය නිකං දෙනවද කියල. එතකොට මේ කියන එක තේරෙවි.
එහෙම උනාම ඕක කරගන්නෙ නැතුව මහන්සිවෙලා ඉගෙනගත්ත එවුන්ට විතරක් වෙනම හැන්දකින් බෙදන්න කියන්නෙ මොන පොන්න කතාවක්ද ඒ.
මොකක්ද බං ඒකෙ තියෙන පොන්න කතාව. සරළවම ලංකාවෙ බදු සල්ලි ගෙවන මිනිස්සුන්ගෙන් එක සෙට් එකකට නිකං උපාධි අරං දීල රට යවන්න අවශ්‍යතාවයක් නෑ. මොන අපරාදයක්ද ඒ?
එක්කො ඒව ගන්න එවුන් මේ රටට සේවය කරන්න ඕන නැත්නම් ඒවට වියදම් කරපු මුදල් හරියට ගෙවල යන්න ඕන.
දැන් උන් කියනව අපිට සලකන්නෙ නැති නිසා යන්නෙ කියල. සමහරවිට ඔය උපාධි නිකං දෙන්න යට කරපු සල්ලි ටික ලංකාවෙ ඉතුරු උනා නම් ඔය ගෙවනව වගේ 3ගුණයක් සැලරි ගෙවන්න රජයට පුලුවන් වෙන්නත් තිබුන(මම නිකං කිව්වෙ)
ඒ නිසා මේ වගේ තුන්වෙනි ලෝකෙ රටවලට ඔරොත්තු නොදෙන වැඩ දැන්වත් නැවැත්තුව නම් තමයි හොඳ බං. ඒකයි මේව ඒක තැන පල්වෙන්නෙ මේවගෙන් වියදම් කරල උන් ගිහිල්ල වෙන රටවල් වලට ලස්සනට සර්විස් එක දෙනව.
මේකට රිප්ලයි එකක් දානව නම් අර Higher education free දෙන රටවල් ගානත් දැනගෙනම එන්න.
---------------------------------------------------
මගේ අදහස primary education free දෙන්න ඕන. නැත්නම් රටේ බයියෝ වැඩි වෙනවා

. අපිටමයි කරදර. ගණං, ඉංග්‍රීසි(රට අමාරුවේ නොදා ගූගල් කරන්න), කොන්ඩම් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන
ඔවු. අනිවාර්යෙන්. මූලික අද්යාපනේ අරමුණ රටට බරක් නැතුව සමාජේ ඉන්න පුළුවන් එකෙක් හදන එක. රැකියා පුහුණුවක් නෙමෙයි. කඩේකට ගිහිල්ල බඩුවක් ගන්න, ලියුමක් ලියාගන්න, බෝඩ් එකක් කියවගන්න, රටේ මූලික නීති ගැන දන්න, මූලික සෞක්‍ය පුරුදු දන්න, පුරවසියෝන්ගේ යුතුකම දන්න, හොඳ ආකල්ප තියෙන, මුදල් කලමානකරණය කරගන්න දන්න, සරල තර්කන හැකියාව තියෙන, එකෙක් බිහි කරන්න තමයි මූලික අද්යාපනේ තියෙන්නේ.
මේක ලංකාවේ ඉස්කෝලවල හරියට වෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. විභාග පස්සේ පන්නන හින්දා මේ දේවල් ගොඩක් වෙන්නේ අඩුවෙන් හැබැයි. හැබැයි මූලික අද්යාපනේ නැත්තන් මේවා නොදන්නා උන් ගොඩක් වැඩි වෙනවා. ඉතින් සමාජේ අනික් උන්ටමයි ප්‍රශ්නයක් වෙන්නේ එහෙම මුකුත් දන්නේ නැති උන්ගෙන්.
අන්න ඕක තමයි ගොඩක් අයට නොතේරෙන්නෙ. ඒකයි Primary education free දෙන්නෙ ලෝකෙ ඕනම රටක. නොදුන්නොත් ඒ රට විනාසයි. ඒකත් එක්ක HIgher education සංසන්දනය කරන්නෙ කොහොමද දන්නෙ නෑ ඇත්තටම?