පිටරට යන රජයේ කැම්පස් උන්ගෙන් සල්ලි ඕනද එපාද?

පිටරට යන රජයේ කැම්පස් උන්ගෙන් සල්ලි ඕනද? එපාද?

  • ලංකාවේ රජයේ කැම්පස් ගිය ඔක්කොගෙන්ම සල්ලි ගන්න ඕන පිටරට ස්ථිර පදිංචියට යනවා නං.

    Votes: 11 15.9%
  • අවුරුදු 5 ට අඩුවෙන් වැඩ කරලා තියෙන උන් ස්ථිර පදිංචියට යනවා නං සල්ලි ගන්න ඕන

    Votes: 3 4.3%
  • රජයේ උපාධියට ගිය වියදම රස්සාවක් කරද්දී direct tax විදියට ගෙවලා ඉවර වෙනකන් පිටරට යද්දී සල්ලි ගන්න ඕන

    Votes: 4 5.8%
  • රජයේ කැම්පස් වලට ඇතුලත් කරද්දී ගිවිසුමක් එළඹෙන්න ඕන පිටරට යන්නේ නෑ කියලා අවුරුදු 5 ඇතුලත.

    Votes: 1 1.4%
  • නොමිලේ කැම්පස් අද්‍යාපනය දෙන්න ඕන නෑ. student loan ක්‍රමයක් ගේන්න ඕන.

    Votes: 24 34.8%
  • කැම්පස් විතරක් නෙමෙයි AL කරපු හැමෝගෙන්ම සල්ලි ගන්න ඕන අවුරුදු 5 ඇතුලත ස්ථිරව යනවා නන්

    Votes: 10 14.5%
  • කැම්පස් එද්දී අත්‍යවශ්‍ය සේවා කීපෙකට විතරක් ගිවිසුමක් ගහන්න ඕන අවුරුදු 5 අනිවාර්යෙන් ඉන්නවා කියලා.

    Votes: 1 1.4%
  • එහෙම සල්ලි ගන්න ඕන නෑ.

    Votes: 15 21.7%

  • Total voters
    69

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කාගෙන් වුනත් සල්ලි ඉල්ලන්නෙ තරහකටද? නැත්නම් දඬුවමක් විදිහටද? එහෙමත් නැත්නම් සල්ලි අහේනියටද?

    ටැක්ස් ගෙවන එක අඩු කරගන්න 🤷

    ගෙවන අයට ප්‍රතිලාභයක් තියේද දැන්?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    එතකොට උඹ කියන්නෙ මිනිස්සුන්ගෙ බිලියන ගනං සල්ලි යට කරල පිනට උපාධි දීල රට යවන්න කියලද? මොකක්ද බං ඒකෙ තියෙන සදාචාරය. ලගින්න තැනයි ගොරවන්න තැනයි කියන්නෙ ඕකට තමයි.
    ඔය කියන බිලියන ගනනට ඒ අදාල ශිශ්‍යයාගෙ අම්ම තාත්තගෙ බදු මුදලුත් ඇතුලත්. අනික කැම්පස් ගන්නෙ කාටත් සාදාරණ විභාග ක්‍රමයකින්. ශිෂ්‍යයා විශේශ දෙයක් කරන්නෙ නැහැ. රජයෙන් මිනිස්සුන්ට ලබාදෙන අයිතිවාසිකමක් ලබාගැනීම විතරයි කරන්නෙ.
    මේක ලංකාවෙ නෙවෙයි ගොඩක් රටවල වෙන දෙයක්නෙ. මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන එකේ වරද මොකක්ද?
    ඒක නිසා තමයි රජයෙන් පිනට උපාධි දෙන එක නවත්වන්න ඕන. එතකොට ණය ගෙවන්න වෙන නිසා රැකියා විරහිත කලා උපාධිධාරියොත් නැති වෙනවා.
    ලංකාවෙ කරන්නෙ "ශිෂ්‍යත්ව" ලබාදීමක්. ඒකෙ වරදක් මට පේන්නෙ නෑ. කැමති අයට සල්ලි වලට ඉගෙන ගන්නත් පුලුවන්. තව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවෙන්න ඕනි මේ රටේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක්ම තරහට තමයි
    :-D
    ටැක්ස් ගෙවන එක අඩු කරගන්න 🤷

    ගෙවන අයට ප්‍රතිලාභයක් තියේද දැන්?
    ප්‍රතිලාභ බලනවා නම් මම කැමති නෑ කොළඹ ඉන්න මගෙන් බදු ගහල දකුණේ පාරවල් හදනවට, මොණරාගල දොස්තරලට පඩි ගෙවනවට.:-D
     
    • Haha
    Reactions: gnilukshi

    Sen-lu

    Well-known member
  • ෆ්රී ඉගෙන ගත්ත උංට ගෙවන්න කියන එක නම් සාධාරණ ත් නෑ උංට යන්න රිස්ට්‍රික්ෂන් දාන එක සාධාරණත් නෑ. ඒව වෙලා ඉවර දේවල්. උං නිකං ඉගෙන ගත්තට ඔතන උංගෙ බදු සල්ලිත් තියෙනව.

    හැබැයි අපි වගේ ජන ගණත්වය වැඩි සම්පත් අඩු රටකට ෆ්රී හයි එඩියුකේෂන් හරියන කන්සෙප්ට් එකක් නෙවේ. ඉස්සරහට ලෝන් ක්‍රමේකට ඉගෙනගන්න හදලදෙන එක තමා කරන්න පුළුවන් හොඳම දේ.
     
    • Like
    Reactions: hariuda and zid2021

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    යම් මට්ටමකින් රීම්බර්ස් කරගන්න එක අසාදාරණ නෑ. විශේෂයෙන් STEM වල අයගෙන්. ඒත් ඕක වෙන්නෙ නෑනෙ, ව්‍යාපරිකයොන්ගෙ ටැක්ස් ටික හරියට එකතු කරගන්න බැරි රටේ ඕක කරයි මේන් කියල.

    දැන් මේ කතාව එකපාරටම ආවෙ ප්‍රධාන වශයෙන් ඩොක් ලා ගෙ එක්සෝඩස් එකත් එක්කනෙ. උන් එලියට යන එක සාදාරණයි— අනිත් වෘත්තිකයොන්ට තරම් අඟහිඟකම් නොතිබ්බත් උද්ධමනෙන් පස්සෙ එයාල හුරු වෙලා හිටි ජීවිතය ඇරන් යන්න, ළමයින්ට වියදම් කරන්න අපහසුයි. ඒ මදිවට තෘප්තිමත්ව ප්‍රැක්ටිස් කරන්න හිතෙන වාතාවරණයක් නෙවේ ඉස්පිරිතාල වල තියෙන්නෙ බෙහෙත් අරව මේව හිඟකම නිසා. තත්ත්වෙ ඔහොම තියෙද්දි ලීව් ගන්න එක තහනම් කරන්නයි, ඩොක්ලගෙ ඉන්කම් ඩෙෆිසිට් එක පියවගන්න හවසට කරන ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකට කෙලවන්න ෆින්ගර් ප්‍රින්ට් මැශින් හයිකරන විකාර වෙනුවට එයාලට අවශ්‍ය නිදහස දීලා ඕනෙනම් පඩියත් වැඩිකරල රටේ ඉන්න හිතීම ප්‍රවර්ධනය කරන්නයි අවශ්‍ය (බජට් එක කොහෙන් හරි එහෙ මෙහෙ කරල උන්ට පඩිය වැඩි කරන එක පාඩු නෑ රටට). ඔය ටික කරල ඊට පස්සෙ රටෙන් පිට යන අයගෙන් යම් මුදලක් අයකරන ස්කීම් එකක් ඇරන් එන එක සාදාරණයි. අනිත් වෘත්තිකයන්ටත් අදාලයි.

    වෛද්‍යවරු ගැනම විශේෂයෙන් කතා කලේ උන් රස්සාවක් වගේම ප්‍රජා සේවයක් කරන උන් නිසා. ඉන්ජිනියරින් සහ අනිත් ටෙක්නිකල් ක්ෂේත්‍ර වල අය රට යෑම ඇත්තටම රටට වාසියක්.

    ඒක නෙමේ පාසැල් අධ්‍යාපනේ ඉදන්ම ගාස්තු නියම කරන්න ඕනෙ කියන උන් දන්නවද ලංකාවෙ මිනිස්සුන්ගෙ ආදායම් ගැන. කොයිල්ද. ඕව කියන්න ලේසියි අපි ඉගෙනගෙන ඉවර නිසා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    :-D

    ප්‍රතිලාභ බලනවා නම් මම කැමති නෑ කොළඹ ඉන්න මගෙන් බදු ගහල දකුණේ පාරවල් හදනවට, මොණරාගල දොස්තරලට පඩි ගෙවනවට.:-D
    ඒකට 13+ එනවා ටිකක් ඉවසලා ඉන්න 😄
     
    • Haha
    Reactions: topkollek

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පේන විදියට හොඳම ක්‍රමය loan එකකට උපාධිය දෙන එක. වාසි කීපයක් වෙනවා.

    1) වැඩකට නැති උපාධි කරලා රස්සාවල් නැතුව, අන්තිමේ රජයේ සේවයට යන්න ඕන කියල නහයෙන් අඬල, බදු සල්ලි කකා, කිසි වැදගත් වැඩක් නොකර නිකන් රජෙ සේවයේ ඉන්න උන් නැති වෙනවා.

    2) කවුරු හරි පිටරට ගියොත් ඒක රජයට (බදු ගෙවන මිනිස්සුන්ට) පාඩුවක් වෙන්නේ නැහැ.

    ඕනම නන් රටට අත්‍යවශ්‍ය සේවා කීපෙකට අදාල වෙන කෝසස් කීපෙකට ගිවිසුමක් අත්සන් කරන්න පුළුවන් අවුරුදු අහවල් ගානක් රට ඇතුලේ වැඩ කරනවා නං loan එක ගෙවන්න ඕන නෑ කියලා. win - win සීන් එකක්.

    සමහරු කියනවා එක වසරේ ඉඳන් ඉස්කෝලේ ඉගෙන ගත්තු ඒවාට මොකද වෙන්නේ කියලා. මූලික අද්‍යාපනය කියන්නේ හැමෝගෙම අයිතියක්. ජාත්‍යන්තරව හැම රටක්ම වගේ පිළිගන්න දෙයක්. උසස් අද්‍යාපනය එහෙම නෙමෙයි. අනික මූලික අද්‍යාපනය කාට හරි නැත්තන් (අකුරු කියන්න, සරල ගණිතය වගේ දේවල් බැරි නං) ඌ සමාජෙට බරක්. නරක වැඩ වලට යොමු වීමේ චාන්ස් එක වැඩියි. සමාජෙටම වාසිය් ඌට අතින් ගෙවලා හරි මූලික දේවල් උගන්නන එක.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,908
    1
    15,278
    113
    (Government Degree Cost Adjusted to Inflation) - ලංකාවෙ ඉන්නකන් ගෙව්ව Tax

    ඕක OK
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    Higher Education and primary education වෙනස තේරුම් ගන්න බලපං මුලින්ම. ඊට පස්සෙ හොයල බලපං ලෝකෙ Higher education free දෙන රටවල් කීයක් තියේද කියල.

    මෝඩ කතා කියන්න එපා බං. ලංකාවෙ primary education එකත් free. Higher education එකත් free. හැමෝටම free. උවමනාව කැපවීම තියන ඕනෙ එකෙක්ට කරගන්න පුලුවන්. ඔය හැමෝම වියදම් කරන්නෙ රටේ සල්ලි තමයි.

    එහෙම උනාම ඕක කරගන්නෙ නැතුව මහන්සිවෙලා ඉගෙනගත්ත එවුන්ට විතරක් වෙනම හැන්දකින් බෙදන්න කියන්නෙ මොන පොන්න කතාවක්ද ඒ.

    තොට ඒ බද්ද වැදුනා නේද🤣🤣
    8000ට පෝස්ට් දාන එවුන්ට ඕක ගහන්න ඕනෙ. තව වේස බද්ද කියල තව එකක් ගහන්න ඕනෙ උඹ වගේ මාරුවෙන් මාරුවට පුක දෙන එවුන්ට @2osama :rofl:

    XObzJTX.png

    ------ Post added on Aug 23, 2023 at 7:30 PM
     
    • Like
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මගේ අදහස primary education free දෙන්න ඕන. නැත්නම් රටේ බයියෝ වැඩි වෙනවා 😂. අපිටමයි කරදර. ගණං, ඉංග්‍රීසි(රට අමාරුවේ නොදා ගූගල් කරන්න), කොන්ඩම් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන 😁

    Secondary එකට ලෝන් එකක් දුන්නම හරි කැමති මගුලක් ඉගෙනගන්න ඕන දීප දේසංකරය රස්සා කරල දවසක ගෙවන්න.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මගේ අදහස primary education free දෙන්න ඕන. නැත්නම් රටේ බයියෝ වැඩි වෙනවා 😂. අපිටමයි කරදර. ගණං, ඉංග්‍රීසි(රට අමාරුවේ නොදා ගූගල් කරන්න), කොන්ඩම් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන 😁

    Secondary එකට ලෝන් එකක් දුන්නම හරි කැමති මගුලක් ඉගෙනගන්න ඕන දීප දේසංකරය රස්සා කරල දවසක ගෙවන්න.

    ඔවු. අනිවාර්යෙන්. මූලික අද්යාපනේ අරමුණ රටට බරක් නැතුව සමාජේ ඉන්න පුළුවන් එකෙක් හදන එක. රැකියා පුහුණුවක් නෙමෙයි. කඩේකට ගිහිල්ල බඩුවක් ගන්න, ලියුමක් ලියාගන්න, බෝඩ් එකක් කියවගන්න, රටේ මූලික නීති ගැන දන්න, මූලික සෞක්‍ය පුරුදු දන්න, පුරවසියෝන්ගේ යුතුකම දන්න, හොඳ ආකල්ප තියෙන, මුදල් කලමානකරණය කරගන්න දන්න, සරල තර්කන හැකියාව තියෙන, එකෙක් බිහි කරන්න තමයි මූලික අද්යාපනේ තියෙන්නේ.

    මේක ලංකාවේ ඉස්කෝලවල හරියට වෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. විභාග පස්සේ පන්නන හින්දා මේ දේවල් ගොඩක් වෙන්නේ අඩුවෙන් හැබැයි. හැබැයි මූලික අද්යාපනේ නැත්තන් මේවා නොදන්නා උන් ගොඩක් වැඩි වෙනවා. ඉතින් සමාජේ අනික් උන්ටමයි ප්‍රශ්නයක් වෙන්නේ එහෙම මුකුත් දන්නේ නැති උන්ගෙන්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඔය කියන බිලියන ගනනට ඒ අදාල ශිශ්‍යයාගෙ අම්ම තාත්තගෙ බදු මුදලුත් ඇතුලත්.
    කවදාවත් ඒ අය ගෙවපු බදු මුදල් ඒකට සමාන වෙන එකක් නෑ(ළඟටවත් එන්නෙ නෑ). එහෙම සමාන වෙන තරම් බදුගෙවපු එකෙක් නම් ළමය රජයේ යුනිවසිටි එකකට යවන එකකුත් නෑ.
    උදාහරණයක් විදියට ඩොක්ටර් කෙනෙක් හදන්න යන වියදම කෝටියකට කිට්ටු හෝ පැනල. ඔය ෆැකල්ටි යන එකෙක්ගෙවත් අම්ම තාත්ත කෙනෙක් ඔය වගේ ගානක් බදු විදියට ගෙවනව තියා හිතලවත් නැතුව ඇති. ලංකාවෙ හැම මනුස්සයෙක්ම උසස් අධ්‍යාපනයට විතරක් මාසෙට රුපියල් 500ක් විතර බදුගෙවනව ඒක කොච්චර ලොකු ගානක්ද බලපං.
    (ඩොක්ට කෙනෙක් උදාහරණයට ගත්තෙ දැන් තියෙන ප්‍රශ්නෙ නිසා නැත්නම් මේක හැමෝටම පොදු දෙයක් නැත්නම් හිතයි ඩොකාල එක්ක විතරක් තියෙන ඇරියස් එකක් කියල)
    අනික කැම්පස් ගන්නෙ කාටත් සාදාරණ විභාග ක්‍රමයකින්. ශිෂ්‍යයා විශේශ දෙයක් කරන්නෙ නැහැ.
    ඒක මේ ප්‍රශ්නෙට අදාළ කාරණයක් නෙමෙයි
    රජයෙන් මිනිස්සුන්ට ලබාදෙන අයිතිවාසිකමක් ලබාගැනීම විතරයි කරන්නෙ.
    එහෙම අයිතිවාසිකම් දෙන්න ඕන නෑ මේ වගේ හිඟන රටක. අපි අනවශ්‍ය මිනිස්සුන්ට සමෘදිය දෙනවටත් අකමැතියි නේ අන්න ඒ වගේ තමයි මේකත්. ඒක ගැන තමයි මේ කතා කරන්නෙ. මේ වගේ තුන්වෙනි ලෝකෙ රටකට අනවශ්‍ය වැඩක්.
    මේක ලංකාවෙ නෙවෙයි ගොඩක් රටවල වෙන දෙයක්නෙ. මනුස්සයෙක් තමන්ගෙ පෞද්ගලික දියුණුව ගැන හිතන එකේ වරද මොකක්ද?
    ඒක තමයි මම මේකෙ කෙනෙක්ගෙන් ඇහුවෙ. ලෝකෙ රටවල් 195ක් තියෙනව නේ අන්න ඒ 195න් උසස් අධ්‍යාපනය නිකං දෙන රටවල් කීයක් තියේද කියල. පොඩ්ඩක් අදවත් හොයල බලපංකො...
    ලංකාවෙ කරන්නෙ "ශිෂ්‍යත්ව" ලබාදීමක්. ඒකෙ වරදක් මට පේන්නෙ නෑ. කැමති අයට සල්ලි වලට ඉගෙන ගන්නත් පුලුවන්.
    එහෙම ශීෂ්‍යත්ව දෙන්න ඕන නෑ කියල කියන්නෙ බං. අඩුම ඒකෙන් රටට ප්‍රතිලාභයක්වත් ලැබෙන්නෙ නැත්නම් නිකං මොකටද සෙට් එකක් අපේ සල්ලි වලින් හදල පිටරටට කඹුරන්න යවන්නෙ.
    තව පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතිවෙන්න ඕනි මේ රටේ.
    අදාළ නෑ නේ මේකට.

    මෝඩ කතා කියන්න එපා බං. ලංකාවෙ primary education එකත් free. Higher education එකත් free. හැමෝටම free. උවමනාව කැපවීම තියන ඕනෙ එකෙක්ට කරගන්න පුලුවන්. ඔය හැමෝම වියදම් කරන්නෙ රටේ සල්ලි තමයි.
    ඒක තමයි බං මම මුලින්ම කිව්වෙ උසස් අධ්‍යාපනය & මූලික අධ්‍යාපනය පටලව ගන්න එපා කියල. මම දැක්ක ෆේස්බුක් එකේ හෙමත් දාල තියෙනව එක එක පණ්ඩිතයො ඔය වගේ පෝස්ට්. උන්ට ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි තරම් ඇඟපුරා මොලේ.
    රටක මූලික අධ්‍යාපනය නිකං දෙන්නෙ නැත්නම් විනාස වෙන්නෙ ඒ රටමයි. සාක්ෂරතාවය නැති උනොත් හොරු මංකොල්ල කාරයො වැඩිවෙලා ඒ රටේ ජීවත්වෙන්න බැරි වටපිටාවක් හැදෙන්න බැරි කමක් නෑ. ඒ නිසා මූලික අධ්‍යාපනය කියන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක් ඒව ඕනම රටක නිකං දෙනව. ඒකයි මේකයි පටලවගන්න එපා.

    එතකොට දැන් මෙතැන කතා කරන්නෙ උසස් අධ්‍යාපනය(ඩොක්ටර්ස්ල විතරක් නෙමෙයි ඔක්කොම හරිද)
    එතකොට හොයල බලපං ලෝකෙ රටවල් 195න් කීයක් උසස් අධ්‍යාපනය නිකං දෙනවද කියල. එතකොට මේ කියන එක තේරෙවි.
    එහෙම උනාම ඕක කරගන්නෙ නැතුව මහන්සිවෙලා ඉගෙනගත්ත එවුන්ට විතරක් වෙනම හැන්දකින් බෙදන්න කියන්නෙ මොන පොන්න කතාවක්ද ඒ.
    මොකක්ද බං ඒකෙ තියෙන පොන්න කතාව. සරළවම ලංකාවෙ බදු සල්ලි ගෙවන මිනිස්සුන්ගෙන් එක සෙට් එකකට නිකං උපාධි අරං දීල රට යවන්න අවශ්‍යතාවයක් නෑ. මොන අපරාදයක්ද ඒ?
    එක්කො ඒව ගන්න එවුන් මේ රටට සේවය කරන්න ඕන නැත්නම් ඒවට වියදම් කරපු මුදල් හරියට ගෙවල යන්න ඕන.
    දැන් උන් කියනව අපිට සලකන්නෙ නැති නිසා යන්නෙ කියල. සමහරවිට ඔය උපාධි නිකං දෙන්න යට කරපු සල්ලි ටික ලංකාවෙ ඉතුරු උනා නම් ඔය ගෙවනව වගේ 3ගුණයක් සැලරි ගෙවන්න රජයට පුලුවන් වෙන්නත් තිබුන(මම නිකං කිව්වෙ)
    ඒ නිසා මේ වගේ තුන්වෙනි ලෝකෙ රටවලට ඔරොත්තු නොදෙන වැඩ දැන්වත් නැවැත්තුව නම් තමයි හොඳ බං. ඒකයි මේව ඒක තැන පල්වෙන්නෙ මේවගෙන් වියදම් කරල උන් ගිහිල්ල වෙන රටවල් වලට ලස්සනට සර්විස් එක දෙනව.
    මේකට රිප්ලයි එකක් දානව නම් අර Higher education free දෙන රටවල් ගානත් දැනගෙනම එන්න.

    ---------------------------------------------------
    මගේ අදහස primary education free දෙන්න ඕන. නැත්නම් රටේ බයියෝ වැඩි වෙනවා 😂. අපිටමයි කරදර. ගණං, ඉංග්‍රීසි(රට අමාරුවේ නොදා ගූගල් කරන්න), කොන්ඩම් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන 😁

    ඔවු. අනිවාර්යෙන්. මූලික අද්යාපනේ අරමුණ රටට බරක් නැතුව සමාජේ ඉන්න පුළුවන් එකෙක් හදන එක. රැකියා පුහුණුවක් නෙමෙයි. කඩේකට ගිහිල්ල බඩුවක් ගන්න, ලියුමක් ලියාගන්න, බෝඩ් එකක් කියවගන්න, රටේ මූලික නීති ගැන දන්න, මූලික සෞක්‍ය පුරුදු දන්න, පුරවසියෝන්ගේ යුතුකම දන්න, හොඳ ආකල්ප තියෙන, මුදල් කලමානකරණය කරගන්න දන්න, සරල තර්කන හැකියාව තියෙන, එකෙක් බිහි කරන්න තමයි මූලික අද්යාපනේ තියෙන්නේ.

    මේක ලංකාවේ ඉස්කෝලවල හරියට වෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. විභාග පස්සේ පන්නන හින්දා මේ දේවල් ගොඩක් වෙන්නේ අඩුවෙන් හැබැයි. හැබැයි මූලික අද්යාපනේ නැත්තන් මේවා නොදන්නා උන් ගොඩක් වැඩි වෙනවා. ඉතින් සමාජේ අනික් උන්ටමයි ප්‍රශ්නයක් වෙන්නේ එහෙම මුකුත් දන්නේ නැති උන්ගෙන්.
    අන්න ඕක තමයි ගොඩක් අයට නොතේරෙන්නෙ. ඒකයි Primary education free දෙන්නෙ ලෝකෙ ඕනම රටක. නොදුන්නොත් ඒ රට විනාසයි. ඒකත් එක්ක HIgher education සංසන්දනය කරන්නෙ කොහොමද දන්නෙ නෑ ඇත්තටම?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒක තමයි බං මම මුලින්ම කිව්වෙ උසස් අධ්‍යාපනය & මූලික අධ්‍යාපනය පටලව ගන්න එපා කියල. මම දැක්ක ෆේස්බුක් එකේ හෙමත් දාල තියෙනව එක එක පණ්ඩිතයො ඔය වගේ පෝස්ට්. උන්ට ඒ දෙකේ වෙනස අඳුරගන්න බැරි තරම් ඇඟපුරා මොලේ.
    රටක මූලික අධ්‍යාපනය නිකං දෙන්නෙ නැත්නම් විනාස වෙන්නෙ ඒ රටමයි. සාක්ෂරතාවය නැති උනොත් හොරු මංකොල්ල කාරයො වැඩිවෙලා ඒ රටේ ජීවත්වෙන්න බැරි වටපිටාවක් හැදෙන්න බැරි කමක් නෑ. ඒ නිසා මූලික අධ්‍යාපනය කියන්නෙ මූලික මිනිස් අයිතිවාසිකමක් ඒව ඕනම රටක නිකං දෙනව. ඒකයි මේකයි පටලවගන්න එපා.

    එතකොට දැන් මෙතැන කතා කරන්නෙ උසස් අධ්‍යාපනය(ඩොක්ටර්ස්ල විතරක් නෙමෙයි ඔක්කොම හරිද)
    එතකොට හොයල බලපං ලෝකෙ රටවල් 195න් කීයක් උසස් අධ්‍යාපනය නිකං දෙනවද කියල. එතකොට මේ කියන එක තේරෙවි.

    මොකක්ද බං ඒකෙ තියෙන පොන්න කතාව. සරළවම ලංකාවෙ බදු සල්ලි ගෙවන මිනිස්සුන්ගෙන් එක සෙට් එකකට නිකං උපාධි අරං දීල රට යවන්න අවශ්‍යතාවයක් නෑ. මොන අපරාදයක්ද ඒ?
    එක්කො ඒව ගන්න එවුන් මේ රටට සේවය කරන්න ඕන නැත්නම් ඒවට වියදම් කරපු මුදල් හරියට ගෙවල යන්න ඕන.
    දැන් උන් කියනව අපිට සලකන්නෙ නැති නිසා යන්නෙ කියල. සමහරවිට ඔය උපාධි නිකං දෙන්න යට කරපු සල්ලි ටික ලංකාවෙ ඉතුරු උනා නම් ඔය ගෙවනව වගේ 3ගුණයක් සැලරි ගෙවන්න රජයට පුලුවන් වෙන්නත් තිබුන(මම නිකං කිව්වෙ)
    ඒ නිසා මේ වගේ තුන්වෙනි ලෝකෙ රටවලට ඔරොත්තු නොදෙන වැඩ දැන්වත් නැවැත්තුව නම් තමයි හොඳ බං. ඒකයි මේව ඒක තැන පල්වෙන්නෙ මේවගෙන් වියදම් කරල උන් ගිහිල්ල වෙන රටවල් වලට ලස්සනට සර්විස් එක දෙනව.
    මේකට රිප්ලයි එකක් දානව නම් අර Higher education free දෙන රටවල් ගානත් දැනගෙනම එන්න.
    උඹ පෝස්ට් එකේ මාතෘකාව කියවලද ඔය කතා කරන්නෙ? :lol:
     
    • Like
    Reactions: Aki992

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    උඹ පෝස්ට් එකේ මාතෘකාව කියවලද ඔය කතා කරන්නෙ? :lol:
    ඔව් ඒකට අදාළව තමයි කතා කරන්නෙ ඇයි මම මෙතැන වෙන දේවල් කතා කරාද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔව් ඒකට අදාළව තමයි කතා කරන්නෙ ඇයි මම මෙතැන වෙන දේවල් කතා කරාද?
    මොකද්ද Higher education free දෙන රටවල් එක්ක පෝස්ට් එකේ තියන සම්බන්දෙ?