පිටරට යන රජයේ කැම්පස් උන්ගෙන් සල්ලි ඕනද එපාද?

පිටරට යන රජයේ කැම්පස් උන්ගෙන් සල්ලි ඕනද? එපාද?

  • ලංකාවේ රජයේ කැම්පස් ගිය ඔක්කොගෙන්ම සල්ලි ගන්න ඕන පිටරට ස්ථිර පදිංචියට යනවා නං.

    Votes: 11 15.9%
  • අවුරුදු 5 ට අඩුවෙන් වැඩ කරලා තියෙන උන් ස්ථිර පදිංචියට යනවා නං සල්ලි ගන්න ඕන

    Votes: 3 4.3%
  • රජයේ උපාධියට ගිය වියදම රස්සාවක් කරද්දී direct tax විදියට ගෙවලා ඉවර වෙනකන් පිටරට යද්දී සල්ලි ගන්න ඕන

    Votes: 4 5.8%
  • රජයේ කැම්පස් වලට ඇතුලත් කරද්දී ගිවිසුමක් එළඹෙන්න ඕන පිටරට යන්නේ නෑ කියලා අවුරුදු 5 ඇතුලත.

    Votes: 1 1.4%
  • නොමිලේ කැම්පස් අද්‍යාපනය දෙන්න ඕන නෑ. student loan ක්‍රමයක් ගේන්න ඕන.

    Votes: 24 34.8%
  • කැම්පස් විතරක් නෙමෙයි AL කරපු හැමෝගෙන්ම සල්ලි ගන්න ඕන අවුරුදු 5 ඇතුලත ස්ථිරව යනවා නන්

    Votes: 10 14.5%
  • කැම්පස් එද්දී අත්‍යවශ්‍ය සේවා කීපෙකට විතරක් ගිවිසුමක් ගහන්න ඕන අවුරුදු 5 අනිවාර්යෙන් ඉන්නවා කියලා.

    Votes: 1 1.4%
  • එහෙම සල්ලි ගන්න ඕන නෑ.

    Votes: 15 21.7%

  • Total voters
    69

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,332
    36,445
    113
    කෑගල්ල
    එහෙම සල්ලි ගන්න ඕනෙ නෑ. රට යන එවුන්ගෙන් එහෙම සල්ලි ගන්නවනම්, o/l වෙනකල් උගන්නලා ඉගෙනගත්තෙ නැති එවුන්ට කාලකන්නි බද්ද කියල එකක් වෙනම ගහන්න ඕනෙ.
    එකෙන්ම... :lol: :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    මොකද්ද Higher education free දෙන රටවල් එක්ක පෝස්ට් එකේ තියන සම්බන්දෙ?
    ඒව Facts නේ බං. හරවත් විදියට විවාදයක් කරනව නම් ලෝකෙ අනිත් රටවල් කරන දේවල්තුත් දැනගන්න ඕන. දැන් උඹල වෙන ටොපික්ස් වලටත් කම්පෙයා කරන්නෙ අපේ රටේ වාහන මිල මෙච්චරයි, ඕස්ට්‍රෙිලියාවෙ මෙච්චරයි. ගෙයක් එහේ ගණං මෙහේ ලාබයි. අන්න ඒ වගේ තමයි.
    දැන් කියපං ඒක අදාළ නැද්ද මේ වගේ විවාදයකට?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සමෘද්ධි අද්‍යාපනයක් ඕන නෑ. student loan ක්‍රමයක් ගේන්න ඕන.
    Universities ව්තරක් මොකද? අඩුවම 6 වසරේ ඉදලා education වලට pay කරලා යන්න කියන්න ඕනේ
    ඉගෙන ගන්න දේට මෙහෙ රස්සාවක් නැත්තං බලෙන් තියාගන්න ඕනේ නෑ නේ මොකා උනත්.
    Student loan දෙන්න ඕනේ 50% වගේ.
    නොමිලේ සෞඛ්‍ය සේවා දෙන්න ඕනෙ නෑ. හැම ලෙඩකටම බෙහෙත් ගත්තම Patient Loan™ ක්‍රමයක් මගින් ඒ ණය පියවන්න ලෙඩ්ඩුන්ට අවස්ථාව හදල දෙන්න ඕනෙ

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒව Facts නේ බං. හරවත් විදියට විවාදයක් කරනව නම් ලෝකෙ අනිත් රටවල් කරන දේවල්තුත් දැනගන්න ඕන. දැන් උඹල වෙන ටොපික්ස් වලටත් කම්පෙයා කරන්නෙ අපේ රටේ වාහන මිල මෙච්චරයි, ඕස්ට්‍රෙිලියාවෙ මෙච්චරයි. ගෙයක් එහේ ගණං මෙහේ ලාබයි. අන්න ඒ වගේ තමයි.
    දැන් කියපං ඒක අදාළ නැද්ද මේ වගේ විවාදයකට?
    ඒක අදාලම නෑනෙ. මේ ටොපික් එක අහන්න හේතුව වෙන්නෙත් මේ අර්බුද කාලේ රටේ වාතාවරණයත් එක්ක දරුණු විදියට උගත් මිනිස්සු රට යන්න පටන් ගත්ත එක. higher education free දෙන එක රටේ ප්‍රතිපත්තියක්. මොකද්ද උඹට තියන අමාරුව higher education free දෙන එකට?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    එහෙම සල්ලි ගන්න ඕනෙ නෑ. රට යන එවුන්ගෙන් එහෙම සල්ලි ගන්නවනම්, o/l වෙනකල් උගන්නලා ඉගෙනගත්තෙ නැති එවුන්ට කාලකන්නි බද්ද කියල එකක් වෙනම ගහන්න ඕනෙ.
    අනිවා.
    උසස් අධ්‍යාපනය නොමිලේ ගන්න හැමෝටම සම අවස්ථාවක් තියනව. ඒක කරගන්න බැරුව පස්සේ ගිය උන්ගෙන් සල්ලි ගන්න වගේ කිව්වට වැඩක් නෑ .

    හැබැයි පුද්ගලික විදිමත් විශ්ව විද්‍යාල තියෙන්න ඕන ඕන එකෙක්ට සල්ලි ගෙවල තමන් කැමති දෙයක් හරියට ඉගෙන ගන්න.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මගේ අදහස primary education free දෙන්න ඕන. නැත්නම් රටේ බයියෝ වැඩි වෙනවා 😂. අපිටමයි කරදර. ගණං, ඉංග්‍රීසි(රට අමාරුවේ නොදා ගූගල් කරන්න), කොන්ඩම් පාවිච්චි කරන හැටි කියලා දෙන්න ඕන 😁

    Secondary එකට ලෝන් එකක් දුන්නම හරි කැමති මගුලක් ඉගෙනගන්න ඕන දීප දේසංකරය රස්සා කරල දවසක ගෙවන්න.
    rata yana un foreign remittance widihata degree cost eka+ ewanne na kiyalada kiyanne ethakota
     
    • Haha
    Reactions: kasun090354t

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඒක අදාලම නෑනෙ.
    ඒක අදාළ වෙන්නෙ නැත්තෙ නෑ. අදාළයි. ඒක පිළිගනිං මුලින්ම. මම දන්න විදියට ලෝකෙ රටවල් 10ක් වගේ තියෙන්නෙ Higher education free දෙන. ඒත් ප්‍රභලම රටවල් ටිකක්. එහෙම රටවල් වල කරන දේවල් මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක කරාම මේ වගේ රටවල් වල පල්ලට යන්න තවත් එක ප්‍රධාන හේතුවක් ඒක.
    මොකද්ද උඹට තියන අමාරුව higher education free දෙන එකට?
    ඒක මාර මෝඩ කතාවක් නේ බං උඹ හිතුවද මහ බැංකුවෙන් සල්ලි ගස් වලින් කඩල ඕවට වියදම් කරනව කියල?
    අපේ බදු මුදල් වලින් තමයි ඕවට වියදම් කරන්නෙ. හොඳට දැනෙන ප්‍රමාණයක් බදුගෙවන මනුස්සයෙක් විදියට මට නම් අවුලක් තියෙනව මේකෙ(මේක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල්, මෙතැන කතා කරන්නෙ මේක නිසා මේ ගැන කිව්වෙ)
    ඇයි නිකං උපාදි දීල වෙන රටවල් වලට උංව පූජා කරන්නෙ. ඒ සල්ලි අයකරගන්න එක නෙමෙයිද කරන්න ඕන?

    මේකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. Free higher education දෙන නිසා තමයි මේ රටවල් වල Health sector එක වගේ තවත් ගොඩක් ක්ෂ්‍රේත්‍රයන් යම් මට්ටමක් හරි හොඳට දිව්වෙ. ඒ නිසා නිකං ඒක දීපු එක Appreciate කරන්න ඕන. ඒත් මේ වනකල් එහෙම රට යන්න රැල්ලක් ඇවිල්ල නෑ. මේ රට යන ට්‍රෙන්ඩ් එක ලංකාවෙ ආවෙ ළඟදි. ඉතිං දැන් මේවට විරුද්ධව ඇක්ෂන් ගන්න ඕන. මෙච්චර කාලෙකට ලංකාවෙ මෙහෙම ප්‍රශ්නයක් නොවුන නිසා ඒ ගැන කවුරුත් කතා කරේ නෑ ඒත් දැන් කතා කරන්න කාලෙ ඇවිල්ල තියෙන්නෙ.
    ------ Post added on Aug 23, 2023 at 9:09 PM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    rata yana un foreign remittance widihata degree cost eka+ ewanne na kiyalada kiyanne ethakota
    STEM කට්ටිය ඒවන්නේ නෑ නේද. ඒ අය රටෙන් යන්නේ ආයේ එන්න බලාගෙන නෙවේ නේ. Foreign remittance ගොඩක් මෙහෙට ඒවන්නෙ එහෙම යන්න යන්න තරම් සුදුසුකම් අඩු ජොබ් වලට විතරක් යන අය නේ. පහුගිය දවස් වල ආපු details වලින් එක පෙනුනා නේ.
     
    • Like
    Reactions: poopoo

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    STEM කට්ටිය ඒවන්නේ නෑ නේද. ඒ අය රටෙන් යන්නේ ආයේ එන්න බලාගෙන නෙවේ නේ. Foreign remittance ගොඩක් මෙහෙට ඒවන්නෙ එහෙම යන්න යන්න තරම් සුදුසුකම් අඩු ජොබ් වලට විතරක් යන අය නේ. පහුගිය දවස් වල ආපු details වලින් එක පෙනුනා නේ.
    අනේ මංද ඒකවත් වෙන් කරල අඳුරගන්න බෑ නේ අපේ කට්ටියට,

    ඔය රට යන අය වර්ග 3යි ඉන්නෙ ප්‍රධානවම,
    1. ආතල් එකට ටුවර් එකක් දාල එන්න යන එවුන්.
    2. ජීවත් වෙන්න සල්ලි නැතිකමට තමන්ගෙ තියෙන හැකියාවකින් සුලු රැකියා කරල ලංකාවට සල්ලි එවන අය. (මේ අයගෙන් තමයි ලොකු සේවයක් වෙන්නෙ මොකද උං හම්බකරන හැම සතේම එවනව එහේ වියදමට කීයක් හරි තියාගෙන, ඒ වගේම මෙහෙන් අරගෙන යන්නෙත් නෑ)
    3. බුද්ධිගලනය. ඔය වගේ Professional අය රට යන එක. (එහෙම එවුන් යන්නෙ ලංකාවෙ තියෙන සල්ලි ටිකත් පිටරටට ඇදල. ඒ අදින්නෙත් ලංකාවෙ තියෙන රුපියල් අර වගේ මහන්සියෙන් වැඩ කරල රටට ඩොලර් එවන මිනිස්සුන්ගෙ ඩොලර් වලට විදල. ඒ වගේ ගිය එවුන් ලංකාවට සල්ලි අරගෙන එන්නෙ නෑ මෙහේ තියෙන එකක් අරං යනව මිස)

    ඇත්තටම මේ 3 වෙනි පොයින්ට් එකේ කියපුව මේ ත්‍රෙඩ් එකට අදාළ දෙයක්. ඔය රටින් යද්දි සල්ලි අරගෙන යන එකත් රටට කරන ඊළඟ විනාසය.

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒක අදාළ වෙන්නෙ නැත්තෙ නෑ. අදාළයි. ඒක පිළිගනිං මුලින්ම. මම දන්න විදියට ලෝකෙ රටවල් 10ක් වගේ තියෙන්නෙ Higher education free දෙන. ඒත් ප්‍රභලම රටවල් ටිකක්. එහෙම රටවල් වල කරන දේවල් මේ වගේ තුන්වෙනි ලෝකෙ රටක කරාම මේ වගේ රටවල් වල පල්ලට යන්න තවත් එක ප්‍රධාන හේතුවක් ඒක.

    ඒක මාර මෝඩ කතාවක් නේ බං උඹ හිතුවද මහ බැංකුවෙන් සල්ලි ගස් වලින් කඩල ඕවට වියදම් කරනව කියල?
    අපේ බදු මුදල් වලින් තමයි ඕවට වියදම් කරන්නෙ. හොඳට දැනෙන ප්‍රමාණයක් බදුගෙවන මනුස්සයෙක් විදියට මට නම් අවුලක් තියෙනව මේකෙ(මේක විතරක් නෙමෙයි තව ගොඩක් දේවල්, මෙතැන කතා කරන්නෙ මේක නිසා මේ ගැන කිව්වෙ)
    ඇයි නිකං උපාදි දීල වෙන රටවල් වලට උංව පූජා කරන්නෙ. ඒ සල්ලි අයකරගන්න එක නෙමෙයිද කරන්න ඕන?
    උඹට වෙන ඇරියස් එකක් නේද තියෙන්නෙ? ගෙවන්න තියන බදු වැඩි උනේ Higher education free දීලා නෙවෙයි බන්. මෝඩයො රැලක් ඇවිල්ල හොරාකාපු නිසා. ඒක පිලිගනින්කො මුලින්ම. රටවල් වලපල්ලට යන්නෙ Higher education free දෙන හින්දා නෙවෙයි. ඒකත් තේරුම් ගනින්.

    මිනිහෙක් උපාධිය අරගෙන වෙන රටකට යන්නෙ ඌට මේකෙ ඉඳල තේරුමක් නැති නිසා කියල පිලිගනිං.

    උගත් මිනිස්සු රට යන එකට එකට, උන්ට කනෙහෙිලිකම් කරලා නොමිලේ අධාපනය මුලු රටටම නැති කරන එක තමයි උඹට තියන විසඳුම නේද ? බයියෙක්ද බං උඹ :angry:
     
    • Like
    Reactions: හෙනයා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ලංකාවේ ඉදන් උසස් අධ්‍යාපනය ට කියලා රට යන උන්ට මොකද්ද ගහන්න ඕන බද්ද ?
    උන් රටේ තියන සල්ලි එලියට යවන එක නේ කරන්නේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ungen ganna oni na. Lankawe unta migrate wenna chances hadala dunnanan apitath 225 http lage muspenthu muunu dakinne nathuwa jeewath wenna thibba. Apita paare natanna onith na api natanne nathi hinda unta karadarekuth naane :rofl: Win Win
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    උඹට වෙන ඇරියස් එකක් නේද තියෙන්නෙ?
    මාතෘකාවට අදාළ නෑ.
    ගෙවන්න තියන බදු වැඩි උනේ Higher education free දීලා නෙවෙයි බන්. මෝඩයො රැලක් ඇවිල්ල හොරාකාපු නිසා. ඒක පිලිගනින්කො මුලින්ම. රටවල් වලපල්ලට යන්නෙ Higher education free දෙන හින්දා නෙවෙයි. ඒකත් තේරුම් ගනින්.
    මාතෘකාවට අදාළ නෑ.
    මිනිහෙක් උපාධිය අරගෙන වෙන රටකට යන්නෙ ඌට මේකෙ ඉඳල තේරුමක් නැති නිසා කියල පිලිගනිං.
    හරි වෙන්න පුලුවන් ඒත් ඒක අපිට අදාළ නෑ. එහෙම එක එකාට නිකං උපාධි දීල රට යවන්න අපිට අමාරුවක් නෑ. යනව නම් ඒක එයාලගෙ කාරණාවක් හැබැයි ඒකට නීති ගේන්න ඕන එහෙම යන එවුන්ගෙන් හරි විදියට ඒව අය කරගන්න. නැතුව මේක පිනට උගන්නල වෙන රටවල් වලට පූජා කරන්න පිනට උගන්නන පොට් එකක් නෙමෙයි නේ.
    උගත් මිනිස්සු රට යන එකට එකට, උන්ට කනෙහෙිලිකම් කරලා නොමිලේ අධාපනය මුලු රටටම නැති කරන එක තමයි උඹට තියන විසඳුම නේද ?
    මම එහෙමද කිව්වෙ මෙච්චර වෙලා?
    බයියෙක්ද බං උඹ :angry:
    මාතෘකාවට අදාළ නෑ.
     
    • Like
    Reactions: dayt0na

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මාතෘකාවට අදාළ නෑ.

    මාතෘකාවට අදාළ නෑ.

    හරි වෙන්න පුලුවන් ඒත් ඒක අපිට අදාළ නෑ. එහෙම එක එකාට නිකං උපාධි දීල රට යවන්න අපිට අමාරුවක් නෑ. යනව නම් ඒක එයාලගෙ කාරණාවක් හැබැයි ඒකට නීති ගේන්න ඕන එහෙම යන එවුන්ගෙන් හරි විදියට ඒව අය කරගන්න. නැතුව මේක පිනට උගන්නල වෙන රටවල් වලට පූජා කරන්න අම්බලමක් නෙමෙයි නේ.

    මම එහෙමද කිව්වෙ මෙච්චර වෙලා?

    මාතෘකාවට අදාළ නෑ.
    කෙටියෙන් කියපන්. උඹට සෑහෙන්න බදු ගෙවන්න වෙච්ච නිසා මුලු රටටම දෙන free higher education නවත්තලා බදු අඩුකරගන්න ඕනෙ කියල නේද උඹ ඔය කියවන්නෙ? :angry:
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    මම දන්න එකෙක් හිටියා. මු හොඳටම බීලා bike එකේ ගිහින් accident උනා. ඔළුවයි පපුවයි හොඳටම damage . අතකුයි කකුලකුයිත් කැඩුන.
    ICU එකේ දවස් 17ක් හිටියා. දවසක ICU cost එක ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන නැනේ. Private ICU එකක special treatment මොකුත් නැතුව නිකන් bed එකේ දාලා හිටියත් ලක්ෂ 2කට වැඩි. Treatment එක්ක එනකොට ලක්ෂ 3ක් 4ක් දවසකට. බලපං ඉතින්, අපේ බදු සල්ලි.
    එහෙම එක එකාට නිකං treatment දීලා උන්ව ගොඩ දාන්ඩ අපිට අමාරුවක් නෑ. උන් හිතාමතා කරගත්ත දේවල්නෙ.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,440
    113
    වැලිවේරිය
    ලංකාවේ අදයාපනය total privatize කරනවනම්,අනිවා සාදාරණ තරගකාරී වෙලෙදපොල ආර්තික ක්‍රමයක් තියෙන්න ඕනේ..ලංකාවේ තියන crony capitalism එක්ක ඔය වගේ දෙයක් කරොත් lanakaවේ tile market එකට උන දේ තමයි වෙන්නේ
     
    • Like
    Reactions: හෙනයා

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    කෙටියෙන් කියපන්. උඹට සෑහෙන්න බදු ගෙවන්න වෙච්ච නිසා මුලු රටටම දෙන free higher education නවත්තලා බදු අඩුකරගන්න ඕනෙ කියල නේද උඹ ඔය කියවන්නෙ? :angry:
    අනේ මංද බං මෙච්චර කියල තේරුම් ගන්න බැරිද? මම කියන්නෙ නිකං දෙන්න හැබැයි ඒකට හරියන්න ලංකාවෙ වැඩ කරන්න අනිවාර්ය කාලයක් දෙන්න ඕන. නැත්නම් ඒ මුදල හරියට අය කරගන්න ඕන. එහෙම නැතුව රට යනව නම් මේ කරන වැඩෙන් තේරුමක් නෑ නැටුව නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ. එයිට වැඩිය හොඳයි මේක නවත්තල දාන එක.
    කොටින්ම කිව්වොත් ඩීල් එකක් යන්න ඕන. ඒ ඩීල් එකේ කොන්දේසි තමයි එක්කො මෙහේ වැඩ කරන්න ඕන නැත්නම් සල්ලි හරියට ගෙවන්න ඕන. දැන් තේරුනාද?

    මම කියන දේ සාදාචාරාත්මක නැද්ද?

    මම දන්න එකෙක් හිටියා. මු හොඳටම බීලා bike එකේ ගිහින් accident උනා. ඔළුවයි පපුවයි හොඳටම damage . අතකුයි කකුලකුයිත් කැඩුන.
    ICU එකේ දවස් 17ක් හිටියා. දවසක ICU cost එක ආයේ අමුතුවෙන් කියන්ඩ ඕන නැනේ. Private ICU එකක special treatment මොකුත් නැතුව නිකන් bed එකේ දාලා හිටියත් ලක්ෂ 2කට වැඩි. Treatment එක්ක එනකොට ලක්ෂ 3ක් 4ක් දවසකට. බලපං ඉතින්, අපේ බදු සල්ලි.
    මම ඔයිට වඩා කතන්දර දන්නව බං. ඒවගෙ අගයක් නෑ මිනිස්සුන්ට. අපේ එවුන් අහන්නෙ ගෙවන බදු සල්ලි වලින් මොනවද උනේ කියල.
    ------ Post added on Aug 23, 2023 at 9:43 PM
     
    • Like
    Reactions: poopoo and dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,010
    28,927
    113
    අනේ මංද බං මෙච්චර කියල තේරුම් ගන්න බැරිද? මම කියන්නෙ නිකං දෙන්න හැබැයි ඒකට හරියන්න ලංකාවෙ වැඩ කරන්න අනිවාර්ය කාලයක් දෙන්න ඕන. නැත්නම් ඒ මුදල හරියට අය කරගන්න ඕන. එහෙම නැතුව රට යනව නම් මේ කරන වැඩෙන් තේරුමක් නෑ නැටුව නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ. එයිට වැඩිය හොඳයි මේක නවත්තල දාන එක.
    කොටින්ම කිව්වොත් ඩීල් එකක් යන්න ඕන. ඒ ඩීල් එකේ කොන්දේසි තමයි එක්කො මෙහේ වැඩ කරන්න ඕන නැත්නම් සල්ලි හරියට ගෙවන්න ඕන. දැන් තේරුනාද?

    මම කියන දේ සාදාචාරාත්මක නැද්ද?

    මම ඔයිට වඩා කතන්දර දන්නව බං. ඒවගෙ අගයක් නෑ මිනිස්සුන්ට. අපේ එවුන් අහන්නෙ ගෙවන බදු සල්ලි වලින් මොනවද උනේ කියල.
    ------ Post added on Aug 23, 2023 at 9:43 PM
    makes total sense
     
    • Like
    Reactions: chami2015

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනේ මංද බං මෙච්චර කියල තේරුම් ගන්න බැරිද? මම කියන්නෙ නිකං දෙන්න හැබැයි ඒකට හරියන්න ලංකාවෙ වැඩ කරන්න අනිවාර්ය කාලයක් දෙන්න ඕන. නැත්නම් ඒ මුදල හරියට අය කරගන්න ඕන. එහෙම නැතුව රට යනව නම් මේ කරන වැඩෙන් තේරුමක් නෑ නැටුව නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ වගේ. එයිට වැඩිය හොඳයි මේක නවත්තල දාන එක.

    මම කියන දේ සාදාචාරාත්මක නැද්ද?
    ඒක හරි. ඒක කරන්න පුලුවන්.

    උඹ කලින් කිව්වෙ මුලු ලෝකෙම free higher education දෙන්නේ බලවත් රටවල් 10යි. ඒවා බලවත් නිසා ලංකාව වගේ දුප්පත් රටවල් ඒවා කරන්න යන්න ඕනෙ නෑ. ලංකාවට free higher education හරියන්නෑ. ඒක නිසා රටේම free higher education නවත්තන්න ඕනෙ කියලනෙ.
     
    • Like
    Reactions: Aki992

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,326
    3,943
    113
    එහෙම සල්ලි ගන්න ඕනි නැහැ. ගන්න කිසිම සදාචාරාත්මක අයිතියකුත් නැහැ. :yes:
    වැඩ කරන තැන තීරණය කිරීමේ අයිතිය තමන් සතුයි. ඕනිම ප්‍රජාතන්ත්‍රවාදී රටක.

    එහෙම කරනවනම් ඒ මනුස්සයගෙ පුද්ගලික නිදහසට කරන ලොකු බලපෑමක් ඒක. හරිම අමානුෂික බලපෑමක්.
    සල්ලි වියදන් කරල උගන්නල රටට කිසි ප්‍රයෝජනයක් නැත්නම් මොකක් හරි වෙනස් වෙන්න ඕන
    එක්කෙනෙක් දෙන්නෙක් යද්දි ඕක වැඩිය දැනුනේ නැහැ
    දැන් දුසින් ගණන් යද්දි ඕක අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් වෙනවා
    ලංකාවේ මූලික අවශ්‍යයතා ටිකවත් කරගන්න බැරි වුනහම මොකද්ද කරන්නෙ

    එක්කො නිකන් උගන්නන එක නවත්තන්න වෙනවා
    නැත්නම් උගන්නන ගාණට හරියන්නවත් වැඩ කරන්න කියල කියන්න වෙනව

    මේ බලපන් ඇමරිකාවෙ federal ආණ්ඩුවෙන් දෙන Student Loan එක default වුනහම කෙලවන විදිහ
    තමන් කරන රස්සාවෙන් 15% දක්වා ස්ටූඩන්ට් ලෝන් එක කැපෙනකන් අඩු කරගන්නවා
    ප්‍රජාත්‍රන්ත්‍රවාදයට අනුව එහෙම කරන්න බෑ අනම් මනම් Logic නම් කිසි තේරුමක් නැති කතා
    මේ ලෝකෙ කොහේවත් Free Lunch කියල දෙයක් නෑ

    1692808039013.png
     
    Last edited:
    • Love
    Reactions: chami2015