පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    eth oya ratawala inna suddo kiyana widiyata unge ratawal wala health care anthimai.. UK issarata sapakesawa goo 70i lu!

    මම ඉන්නේ කෙන්යා නයිරෝබි නුවර.

    අපේ නං හන්දියේ ඩිස්පැන්සරිය වහල තිබුනම A&E දුවන්නේ නෑ හදිස්සියක්, කක්කබරක්, මැරෙන්න ඔන්න මෙන්න නැත්තං වෝක් ඉන් සෙන්ටර් තියෙනවා බේත් ගන්ට.
    thel berana kalu huthu hodaida?
    ------ Post added on Sep 19, 2025 at 9:13 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 10 දරුවට අසනීපයක් තිබ්බ. දොස්තර කිව්වා scan එකක් කරන්න දානවා කියල. scan එක කරගන්න දවස හම්බවෙන්නේ මාස හයකට පස්සේ. ඒ ගොල්ලෝ ලංකාවට එන්න හිතුවා scan එක කරගන්න. මොකද පොඩි එකෙක්ගේ අසනීයපක් එහෙම බලාගෙන ඉන්න පුලුවන්ද?

    දොස්තර හම්බවෙලා මාසයකට පස්සේ එකපාරටම තදින්ම අසනීපය අවා. emergency ගිහාම scan කරලා රෝගය අදුනගෙන බෙහෙත් දුන්න.

    ඔන්න ඕකයි තත්වේ
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    eth oya ratawala inna suddo kiyana widiyata unge ratawal wala health care anthimai.. UK issarata sapakesawa goo 70i lu!
    ඇත්තටම මොලේ නැති මිනිස්සුන්ට ෆ්‍රී හෙල්ත් කෙයා සුපිරී

    පොඩ්ඩක් හරි ලෙඩේ ගැන අවබෝධයක් තියන කෙනෙකුට නම් ගූ 70යි.

    ඉස්සරත් ඕවා හොඳ නෑ සාමාන්‍යයෙන් මිනිස්සු අඩු අධ්‍යාපන මට්ටමේ අය නිසා උන් හිතන්නෙ දොස්තරලා කියන එක තමයි හරි කියලා.

    දැ‍‍ං හැම දේ ගැනම හොයලා බලලා තේරුම් ගන්න තරම් තාක්ෂණය දියුණු නිසා මිනිස්සුන්ට බොරු කරන්න බැහැ ඉස්සර වගේ. ඉතිං 💩 .😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? well, to get in to the system, it may not that easy. Once you are in the system, the situation is fine.
    මේක නම් තෙරුනෙ නෑ

    වෝක් ඉන් සෙන්ටර්
    එ මොනවද ඒ
    ------ Post added on Sep 19, 2025 at 9:26 PM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක නම් තෙරුනෙ නෑ

    එ මොනවද ඒ
    ------ Post added on Sep 19, 2025 at 9:26 PM
    හන්දියේ වෙද මාතියා නැති වෙලාවට, මරණාසන්න ලෙඩක් නොවන වෙලාවට ළඟම තියෙන වෝක් ඉන් සෙන්ටර් එකට යනවා බේත් ගන්න. ඒකේ දොස්තරලා, නර්ස් නෝනලා ටිකක් රෑ බෝවෙනකන් වැඩ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    1. ඉන්න රට - UK (London)
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඕනම කෙනෙක්ට free NHS තියනවා (National Health Service). Private hospital ත් තියනවා.
    3. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - පොඩි ලෙඩකට නම් එහෙම ගොඩක් කල් waiting ඉන්න ඕන නෑ. GP ට online appointment එකක් දාල හරි, උදේ 8 වෙද්දි call කරලා හරි ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. සමහර Surgery (GP practice) වල සතියට දවස් දෙකක් walking clinic තියනවා. Out of GP working hours නම් A&E යන්න වෙනවා. එතන නම් පට්ට waiting time එකක් තියනවා. ඒක පැයක් වෙන්නත් පුළුවන්, පැය 14ක් වෙන්නත් පුළුවන්. හැබැයි ලෙඩේ life threatening නම් සුටුස් ගාල ගන්නවා. හදිසියටක ambulance කෝල් කරන්න පුළුවන් free. Surgery එකක් වගේ කරනවනම් waiting list එකක් තියනවා හැබැයි. හෙම්බිරිස්සාවට කැස්සට නම් බෙහෙත් දෙන්නේ නෑ. Antibiotics නම් දෙන්නෙ හරිම අඩුවෙන්. ලෙඩක් හැදුනම අපේ immunity එකෙන්ම ඒක සනීප වෙන්න අරිනවා. Antibiotics බිව්වම අපේ immunity එකට කෙල වෙනවා. බෙහෙත් හදන කොම්පැනි ගොඩ යනවා. ලෙඩේ අඩු වෙන්නෙම නැත්නම් තමයි Antibiotic එකක් දෙන්නේ. Antibiotic නොබී ඉන්නකොට අපේ ඇගෙන්ම ලෙඩ සනීප වෙලා යනවා. ලෙඩ හැදෙන එකත් අඩුයි. ආපු මුල් කලේ මටත් අවුල් මුන් බෙහෙත් දෙන්නේ නැති නිසා, පස්සෙ තමයි තේරුනේ ලංකාවේ ඉදන් පොඩි හෙම්බිරිස්සවටත් බෙහෙත් අහුරු ගනන් බිව්වේ මොන ගොන්කමකටද කියල. මෙහෙ ඉන්න අපේ මරි මෝඩ හැත්ත ලන්කාවෙන් Antibiotic ගෙන්නන් බොනවා. කුඩැල්ල මෙට්ටේ තියන්න බෑ කියනවනේ.
    4. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? අති විශිෂ්ටයි
    5. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - Pharmacy එකෙන් ගන්න දෙන බෙහෙත් වලට ගෙවල ගන්න ඕන. බෙහෙතට නෙමෙයි ගෙවන්නේ prescription එකට. ඒකට කියන්නේ prescription charge එක කියල. එක බෙහෙතකට එක prescription එකක් issue කරනවා. එකකට පවුම් £9.90. Doctor ලෙඩේ බලනවට සල්ලි ගන්නේ නෑ, නමුත් බෙහෙත අපි සල්ලි දීල ගන්න ඕන. හැබැයි hospital admit වෙලා treatment කරොත් ඔක්කොම free. තව සමහර ලෙඩ තියනවනම් (උදා Diabetes) lifetime free NHS prescription ගන්න පුළුවන්. වයස 60 ට වැඩි සහ වයස 18ට අඩු සියලුම අයට NHS fully free. මේ අයට ඇස් කන්නාඩිත් නොමිලේ. සල්ලි තියනවනම් private හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්නත් පුළුවන් හැබැයි පට්ටම ගණන්. ගොඩක් අය medical insurance cover එකක් ගන්නවා. එතකොට NHS යන්න ඕන නෑ කෙලින්ම private ගිහින් බෙහෙත් ගන්න පුළුවන් එකෙන් cover වෙන ලෙඩ වලට. සමහර company වල පඩියට අමතරව free illness cover එකක් දෙනවා, එකක් තියනවනම් private යන්න පුළුවන් එකෙන් cover වෙනවා.
    6. Pregnancy, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මම දන්න අයට බබල හම්බුනා ගොඩක් හොදයි කිව්වා.
    7. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - පවුලේ ඉරණම නම් මම දන්නේ නෑ, free බෙහෙත් දෙනවා. කෙහෙළිය වගේ ලුණු වතුර විදින්නේ නෑ high quality බෙහෙත් දෙනවා. කිමෝ රේඩියෝ තෙරපි කරනවා. මෙහෙ දොස්තරලා ලෙඩාව මරාගෙන කන්නේ නැති නිසා කිසිම අවුලක් නෑ. තියන සේසතම විකුණලා ඉන්න ගේත් උකස් තියල බේත් කරන්න ඕන නෑ.
    ශා..
    කාලෙකින් දැකපු පට්ට කමෙන්ට් එකක්..
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,903
    3,408
    113
    Kalin Aussie hitiya. Doctorsla responsibly weda karanawa. Process eka hariyatama follow karanawa. Eka nisaama samahara welawata lankawe healthcare system ekata wada samahara ten waladi slow. E.g. danna kenekge wifege womb eke infection ekak ewilla pain killers didee dawas gaanak tiyagena hitiya. Passe tamai surgery ekakda koheda kale. Lankawe wuna nam immediately eka karanawa.

    Malaysia wala nam Foreignerslata gaana wediyi. Hospitals wala facilities nam hondatama hondai. Maybe because they manufacture medical equipments, even the smallest clinic has equipments like ultrasound machines, rapid urinalysis machines. GPla nam e taram experienced naa. Specialist kenekma allanna wenawa poddak hari serious nam. Ekata itin LKR15000kwath yanawa. Salli tyenawa nam eheth godak welawata lankawe wagema private hospital yanne. Nettan itin government hospitals.

    Me ratawal dekedima mage experience eken nam kiyanna tyenne lankaweth healthcare system eka kiyana taram naraka naa. Honda godak tyenawa. Anika lankawe doctorslage experience ekath hondai. Hebeyi attitudes walin nam lankawe doctorsla pattama awul. Okama tamai apita okun ekka arrears set wenne.
     
    • Love
    Reactions: windows_ubuntu

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඉන්න රට : ආසියාවේ ආශ්චර්යය.
    සියලුම ලෙඩ වලට බෙහෙත් නොමිලේ. ශල්‍ය කර්ම නොමිලේ. ලිවර් එකක් උනත් ට්‍රාන්ස්ප්ලාන්ට් කරගන්න පුළුවන්. පට්ට වැඩ්ඩො ඉන්නේ. එම් බී බී එස් එවුන් නම් පිස්සුමයි කෙලින් නෙ. ලෙඩේ හරියට හොයා ගන්න බැරිවෙන වෙලාවට වෙන ලෙඩකට හරි බෙහෙත් කරනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    1. ඉන්න රට - UK (London)
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඕනම කෙනෙක්ට free NHS තියනවා (National Health Service). Private hospital ත් තියනවා.
    3. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - පොඩි ලෙඩකට නම් එහෙම ගොඩක් කල් waiting ඉන්න ඕන නෑ. GP ට online appointment එකක් දාල හරි, උදේ 8 වෙද්දි call කරලා හරි ගිහින් බෙහෙත් ගන්න පුළුවන්. සමහර Surgery (GP practice) වල සතියට දවස් දෙකක් walking clinic තියනවා. Out of GP working hours නම් A&E යන්න වෙනවා. එතන නම් පට්ට waiting time එකක් තියනවා. ඒක පැයක් වෙන්නත් පුළුවන්, පැය 14ක් වෙන්නත් පුළුවන්. හැබැයි ලෙඩේ life threatening නම් සුටුස් ගාල ගන්නවා. හදිසියටක ambulance කෝල් කරන්න පුළුවන් free. Surgery එකක් වගේ කරනවනම් waiting list එකක් තියනවා හැබැයි. හෙම්බිරිස්සාවට කැස්සට නම් බෙහෙත් දෙන්නේ නෑ. Antibiotics නම් දෙන්නෙ හරිම අඩුවෙන්. ලෙඩක් හැදුනම අපේ immunity එකෙන්ම ඒක සනීප වෙන්න අරිනවා. Antibiotics බිව්වම අපේ immunity එකට කෙල වෙනවා. බෙහෙත් හදන කොම්පැනි ගොඩ යනවා. ලෙඩේ අඩු වෙන්නෙම නැත්නම් තමයි Antibiotic එකක් දෙන්නේ. Antibiotic නොබී ඉන්නකොට අපේ ඇගෙන්ම ලෙඩ සනීප වෙලා යනවා. ලෙඩ හැදෙන එකත් අඩුයි. ආපු මුල් කලේ මටත් අවුල් මුන් බෙහෙත් දෙන්නේ නැති නිසා, පස්සෙ තමයි තේරුනේ ලංකාවේ ඉදන් පොඩි හෙම්බිරිස්සවටත් බෙහෙත් අහුරු ගනන් බිව්වේ මොන ගොන්කමකටද කියල. මෙහෙ ඉන්න අපේ මරි මෝඩ හැත්ත ලන්කාවෙන් Antibiotic ගෙන්නන් බොනවා. කුඩැල්ල මෙට්ටේ තියන්න බෑ කියනවනේ.
    4. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? අති විශිෂ්ටයි
    5. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - Pharmacy එකෙන් ගන්න දෙන බෙහෙත් වලට ගෙවල ගන්න ඕන. බෙහෙතට නෙමෙයි ගෙවන්නේ prescription එකට. ඒකට කියන්නේ prescription charge එක කියල. එක බෙහෙතකට එක prescription එකක් issue කරනවා. එකකට පවුම් £9.90. Doctor ලෙඩේ බලනවට සල්ලි ගන්නේ නෑ, නමුත් බෙහෙත අපි සල්ලි දීල ගන්න ඕන. හැබැයි hospital admit වෙලා treatment කරොත් ඔක්කොම free. තව සමහර ලෙඩ තියනවනම් (උදා Diabetes) lifetime free NHS prescription ගන්න පුළුවන්. වයස 60 ට වැඩි සහ වයස 18ට අඩු සියලුම අයට NHS fully free. මේ අයට ඇස් කන්නාඩිත් නොමිලේ. සල්ලි තියනවනම් private හොස්පිටල් ගිහින් බෙහෙත් ගන්නත් පුළුවන් හැබැයි පට්ටම ගණන්. ගොඩක් අය medical insurance cover එකක් ගන්නවා. එතකොට NHS යන්න ඕන නෑ කෙලින්ම private ගිහින් බෙහෙත් ගන්න පුළුවන් එකෙන් cover වෙන ලෙඩ වලට. සමහර company වල පඩියට අමතරව free illness cover එකක් දෙනවා, එකක් තියනවනම් private යන්න පුළුවන් එකෙන් cover වෙනවා.
    6. Pregnancy, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මම දන්න අයට බබල හම්බුනා ගොඩක් හොදයි කිව්වා.
    7. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - පවුලේ ඉරණම නම් මම දන්නේ නෑ, free බෙහෙත් දෙනවා. කෙහෙළිය වගේ ලුණු වතුර විදින්නේ නෑ high quality බෙහෙත් දෙනවා. කිමෝ රේඩියෝ තෙරපි කරනවා. මෙහෙ දොස්තරලා ලෙඩාව මරාගෙන කන්නේ නැති නිසා කිසිම අවුලක් නෑ. තියන සේසතම විකුණලා ඉන්න ගේත් උකස් තියල බේත් කරන්න ඕන නෑ.

    ඔස්ට්‍රේලියාත් මේ වගේ තමයි.

    ලංකාවටත් මේ සිස්ටම් ටික ටික ගෙනෙයි මේ ආණ්ඩුව. Family doctor concept එක පටන් ගන්න බලනවා කිව්වනේ. ඒක පට්ට. ඒකත් එක්ක printed or e- prescription එකකට විතරක් බෙහෙත් දෙන එක පටන් ගන්න ඕන.

    සෞඛ්‍ය අධ්‍යාපනය කොලිටියි ඒ කාලෙ ඉඳන් ඒක වනසන්න දුන්නෙ නැති නිසා. ඒ නිසා දොස්තරල කොලිටියි ප්‍රතිකාර පට්ටයි.

    රට කරපු බංකොළොත් මූසලයො සිස්ටම් එක හරියට හදල තිබුණ නං පහසුකම් එහෙමත් හොඳ වෙන්න තිබුණා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    දෙක දෙක නෙවෙයි බයියෝ හතර පහක් උනත් ඔය යන්නෙ. 😹
    උබ ඉන්න මතුරට තත්වෙ කොහොමද? 🤭
    උඹේ අම්මා ඉන්න කල් ජිවිතේ මල්🤏
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මා ප්‍රිය එළකිරි වැසියනි.
    උබලා ඉන්න රට රාජ්‍යවල සෞක්‍ය ක්ශේත්‍රය කෙබඳුද?
    1. ඉන්න රට,
    2. නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ.
    3. Insurance වලින් මුලු ගානම හම්බෙනවද
    4. පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද
    5. ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද?
    6. දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද
    7. Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද
    8. පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද?
    Europe, America Regions and Ausi Sri lankans අනිවා කියාගෙන යන්ඩ.

    පහල වීඩියො එක නිකමට දැම්මේ .

    ඉන්න රට - ඇමෙරිකාව

    නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ - ඔක්කොම ප්‍රයිවට්

    Insurance වලින් මුලු ගානම හම්බෙනවද - අතින් ගෙවන්ඩ වෙනවා පොඩි ගානක්. විස්තර ඕනනම් දාන්නම්

    පොඩි ලෙඩකටත් සති ගණන් Appointment දාගෙන ඉන්න ඕනෙද - එක ලෙඩේ මත තීරණය වෙන්නේ. හදිස්සි නම් ඉකමනට Appointment එකක් දාගන්ඩ පුළුවන් primary care කෝල් කරලා. ඊටත් වැඩිය හද්දිසි නම් urgent care යන්ඩ පුළුවන්.

    ප්‍රතිකාර ලබන කාල සීමාවල caring එක කොහොමද? - සල්ලි දෙන හින්දා හොද....ට සලකනවා

    දිනපතා ගන්ඩ වෙන medical drugs මිල සාමාන්‍යද - හරිටම දන් නැ හැබැයි ගොඩාක් ඒවා Insurance cover වෙනවා. කොහොමත් co-pay එකක් තියවා

    Pregnency, Baby delivery වගේ අවස්තාවල අත්දැකීම් කෙබඳුද - මගේ යාලුවෙක්ගෙ වයිෆ් කෙනෙක් මේ ලගදි ගෙව්වා $1000 ක් අතින් (සීසර් කරන නැතුව)

    පවුලේ කෙනෙක්ට cancer හැදුනොත් එ පවුල පත්වෙන ඉරණම කෙබදුද? - Cancer වලට මෙහෙ ගොඩාක් හොදට සලකනවා. ගොඩාක් Insurance වලින් කවර් වෙනවා හැබැයි ටිකක් ලොකු ගානක් අතින් ගෙවන්ඩ වෙනවා.

    හොද ජොබ් එකක් තියවා නම් කම්පැනි එකෙන් හොද Insurance එකක් දෙනවා මාසෙකට $150 වගේ ගෙවන්ඩ. හොද Insurance එකක් නැත්තම් පොඩ්ඩක් කෙස්. හැබැයි ඔය කොෆි ෂොප්, amazon වගේ එවලත් Insurance දෙනවා. එක දිගට බෙහෙත් ගන්නවා නම් තමා අවුල, සමහර එවල අතින් ගෙවන්ඩ වෙනවා ටිකක්.

    Insurance තිබ්බත් නැතත් ලෙඩ වලට බෙහෙත් කරනවා. 911 කෝල් කරොත් ඇවිල්ලා අරන් යනවා. Insurance තියන කෙනෙකුටයි නැති කෙනෙකුටයි ගාන වෙනස්. Insurance නැති කෙනෙක්ට ගාන අඩුයි. තමන්ට ගෙවන්ඩ බැරිනම් එක වැර. පොඩි ගානක් මාසෙකට ගෙවන්ඩ හදා ගන්ඩ පුළුවන්. ජොබ් එකක් නැත්තම් සල්ලි ගන් නෑ.
    (යාලුවෙක් ගේ තත්තා කෙනෙක් මෙහෙ ඇවිත් හාර්ට් ඇටැක් එකක් ඇවිල්ලා Air Lift කරා bypass එකටත් එක්ක $35000. ඌ මාසෙකට $50 ගෙවන්ඩ හදා ගත්තා.

    ඊට අමතරව මෙහෙ දොස්තරලා ලංකාවේ වගේ දෙවිවරු සීන් එකක් නැ. රේටින් සිස්ටෙම් එකක් තියනවා එක අඩු උනොත් මිනිස්සු ඒ කෙනා ගාවට යන එක අඩු කරනවා. ඒ හින්දා දොස්තරලට ලෙඩ්ඩු දෙවිවරු වගේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,150
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ අම්මා ඉන්න කල් ජිවිතේ මල්🤏

    1662660899596-png.183707