පිටරවල් ගැන කතා කරමු

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    හොදයි මචන් තව continents ගෙන දාපන්

    මම ඉන්නේ Brisbane වල.

    ඉන්දියන් එවුන්ට ගැහුව seen එක ගියේ Melbourne වල. අනික එක Brisbane වල restaurant එකක ඉන්දියන් එකෙකුට ගහල තිබ්බා , ඒවගේ පොඩි පොඩි ඒවා වෙනවා. ඉන්දියන් අය හැම job එකක්ම අල්ලාගන්නවා, taxi එහෙම හැමෝම දුවන්නේ ඉන්දියන් කාරයෝ, උන් අනික cheat කරනවා, හැසිරෙන්න දන්නේ නෑ :rolleyes: taxi එකකට නැග්ගොත් සමහර විට උන්ගේ අර ජටාවෙන් ගඳ එනවා :lol: . හැබැයි මාර gentlemen ඉන්දියන් අයත් මට taxi වලදී හම්බවෙලා තියෙනවා :yes:


    දැන් බලමු ලංකාවේ අය ගැන . දැන් ඔය බෝට්ටු වලින් එන අය හින්දා අපි චා වෙලා ඉන්නේ :( . බෝට්ටුවෙන් ආපු එවුන් ඔහේ නිකං ඇඳගෙන , ඔහේ පාරේ යනවා එවුන් දැක්කාම කියන්න පුළුවන් :angry: අපි හොඳට ඇඳගෙන පැළඳගෙන ගියොත් අන්න අපට හොඳ නමක් ලැබෙනවා :yes:

    මට නම් කිසි කෙනෙක් වචනයකින් වත් කිසි දෙයක් කියල නෑ කවුරුත් තවම :yes:

    උදව් කරන මිනිස්සු වැඩියි උදව් නොකරන අයට වඩා , හැබැයි නරක අයත් ඒ අතර ඇති :)

    මචන් ප්‍රශයක් තියෙනවා ලංකාවේ එව්නුයි ඉන්ඩියන් එව්නුයි පිටින් එක වගේනේ බං... එතකොට ලංකාවේ උන්ට අව්ලක් එන්නෙ නැත්ත බං... උන් කියලා හිතලඅ පිට ගහන්නෙ නැත්තද?
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ඇබට් ගේ වැඩේ job කපනවා :angry: , හැබැයි බෝට්ටුවේ එන එවුන්ට නීති තද කරනවා, දැන් එකෙක් වත් ගන්නේ නෑ ඇතුලට.ඒත් එක්කම ඉතිං අනිත් අයටත් immigration rules තදයි . දැනට ඕස්ට්‍රේලියාවේ අයවැය අතිරික්තයක් තියෙනවා මේ gillard ගේ ආණ්ඩුව කරපු වැඩෙන්. ඔක්කොම සල්ලි asylum seekers ල ටයි , අනං මනං වලටයි වියදම් කරනවා.:rolleyes:

    ඇබට් එහෙම නෑ, එයා පුළුවන් තරම් අනවශ්‍ය වියදම් කපා හරිනවා, වෙන එකක් තියා මිනිහා බස් ගමන් වල timetable එකත් නැවත සැකසුවා මගියන්ගේ ගමන් අනුව, ඒ කියන්නේ බස් ගමන් අඩු කළා :yes:

    අර බෝට්ටුවෙන් දාපු එවුන් හැසිරෙන්නේ නිකං සත්තු වගේ. අපේ අක්කලා toowoomba වල සංවිධානය කරපු අවුරුදු උත්සවයකට එකෙක් ආවා. ඌ කන්න ඉල්ලල කෑම දුන්නම ඌ නිකං සතෙක් වගෙ ලු කෑවේ , ඒ එක්කම ඌ කුස්සියට ගිහින් desert එකට ගිහින් ඇඟිල්ල දාල රහ බලල, අක්ක ඌටම දුන්නලු මුළු desert එකම කාපං කියල :D . ආයේ ඌ එකේ ඇවිල්ල හිටිය ළමයි දිහා කන්න වගේ බලං ඉඳල තියෙනවා :eek: . සමහර එවුන් පාරේ යනකොට සුද්දීයෝන්ගේ අරව මේවා අල්ලනවලු :rolleyes::eek: . ඒ අය නම් පිටුවහල් කළා :yes:

    අපොයි අපේ උන් හෙනම චා වෙලා එහෙනම්
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    1f1s.jpg


    New Zealand වල දුපත් 2ක් තියෙනවා North Island සහා South Island අපේ ලන්කාවෙ අය ගොඩාක් ඉන්නේ North Island වල මොකද jobs වලට හෙන demand පෑත්තක් තමා ඒ....ඉතින් north Island කිව්වම ගොඩාක් ජනප්‍රිය Auckland ඒ පෑත්ත නිකන් අපේ කොලබ වගේ ගොඩාක් කාර්යබහුලයි...පාරේ එහෙම හෑම වෙලාවෙම මිනිස්සු...මුලු රටෙම ඉන්නේ 5 million වගේ පිරිසක් .

    night clubs , pubs , casino , zoo's, Restaurants ඒ වාගේ හෑම දෙයක්ම තියෙනවා...ගොඩාක් ලොකු ලොකු trade jobs එහෙම හොඩාක් එහේ තියෙනවා. north island වල job oppurtunities එහෙම south island වලට වඩා වෑඩි ඒ පෑත්ත ගොඩාක් දියුනුයි.... මාර happening chinese මිනිස්සු එහෙම හෙනට පිරිලා ඒ පෑත්ත තනිකරම run කරන්නේ immigrants ලා ඒ කියන්නේ....taxi කිව්වොත් indian, real estate කිව්වොත් kiwi උන්ට වඩා chinese එවුන් තමා ගොඩාක් ඉන්නේ අයිතිකාරයො විදිහට. සමහර kiwi යන් ගෙවල් ගන්නෙත් උන්ගෙන් එච්චරටම උන් business එක අල්ලගෙන ඉන්නේ. ඒ වගේම තමා cost of living වෑඩි north island වල south island වලට වඩා. rent එහෙම දෙගුනයක් වෑඩි, ඒ වගේම තමා electricity and water bills. south island වල ඉන්න කට්ටියට වතුර බිල් නෑ....වතුර free.

    දෑන් බලමු South island මෙ පෑත්තේ ගොඩාක් ජනප්‍රිය farms.....farms අයිතිකාරයො තමා රටේ ඉන්න ලොකුම සල්ලි කාරයො උන් එලවන්නේ හොද වාහන හබෑයි කිසි පිලිවෙලක් නෑ....වාහනෙ කොච්චර අලුත් වුනත් අතුල නිකන් මඩ ගොහොරක් වගේ..... christchurch ඉදලා පල්ලෙහාට farming තමා . මචන් උබලාට agriculture degree එකක් තියෙනවානම් හොදම ඉලලමක් තමා new zealand එන එක...north island වලට වඩා south island වල farms වලට තියෙන demand එක වෑඩි...PR දාන්නත් ලේසී, සල්ලිත් හොදයි...හෑබයි පුතො යක්ස කට්ට....උදේ පාන්දර 4 ට නෑගිටලා හරක් 2500 ක වාගේ වෑඩ කරන්නේ 2ක් 3ක්......උන් ගොඩාක් labour save කරනවා farm වල....ඒ වුනාට පුතො සල්ලි හොදයි.....ගෙයක දෙනවා free උබෙ මුලු family එකටම ඉන්න, rent free, electricity bill free, fully furnished house with kitchen ware, furniture with the house ඔය වාගේ facilities දෙනවා උබලා කන කට්ටට. හෑබයි මචන්ග් farms තියෙන්නේ හෙන ඩොටේ...towns ලග farms නෑ ඉතින් උබලාට ගෙදට්ට බඩු ගෙන්න ඔනෙ නම් KM 100 විතර වාහනේ එන්න ඔනේ town එකට. මොක්ද ගෙවල් තියෙන්නේ කවුරුත් නෑති හෙන පාලු තෑන්වල මිනිහෙක් අහලක නෑ අඩුමගානේ සමහර ගෙවල් තියෙන තෑන්වල පරේ lights වත් නෑ හෑබයි ගෙවල් නම් උපරිමයි රටේ තියෙන ලස්ස්නත් එකක එක ගානක් නෑ හෑබෑයි මට නම් එහෙම life දිරවන්නෙ නෑ. ඒ වුනාට ඒක තෙරෙන්නෙ නෑ මොකො ලන්කාවෙ වාගෙ කොහෙවත් traffic නෑ.....ආතල් එකේ සින්දුවක් අහගෙන යන්න එනන පුලුවන්....km 100 ක් වගේ යන්න යන්නේ විනඩ් 20 ක් වගේ කාලයක් හො අඩු...උබලාට වෑඩිය වියදම් වෙන්නෙත් නෑ මොකො shopping කරන්න වෙන්නේ අඩුවෙන්....සල්ලිත් ඉතිරියි....farms වල ගොඩාක වෑඩ කරන්නවා සින්හල, ෆිලිපීන්ස්, ඉන්දියන් අය....agri කරපු නෑති එවුනුත් යනවා farming කරන්න මොකො සල්ලි හොද නිසා....සහ Pr වලට ලේසි හින්දා, but එහෙම වුනාම උබලාට short course එකක් කරන්න වෙනවා farming related හෑබයි මම කිව්වා වාගෙ කට්ට උපරිමයි යලුවා.


    මේ රටේ මිනිස්සුන්ට වඩා ඉන්නේ හරක් ඉතින් සත්තු එක්ක වෑඩ කරාට කමක් නෑ හෑබෑයි සත්තු වාගෙ හෑසිරෙන්න එපා කියන එකයි යාලුවා මගේ අව්වාදය.

    North island වලට වඩා south island වල මිනිස්සු අඩුයි ...ඉතින් හවස 5න් පස්සේ පාරේ බල්ලෙක් නෑති ගාන්ට පාලුයි. හවස 5 වෙද්දි ගොඩාක් කඩවල් වහනවා...හෑබෑයි super markets නම් ඈරලා තියෙනවා ටිකක් රෑ වෙනකන්. day n night කඩවල් සහා macdonalds නම් 24hours හෑබෑයි day n night කඩවල් වල බඩු වල ගාන සෑරයි supermarkets වලට වඩා.

    තව new zealand studies වලට කට්ටිය එන්න අදහසක් තියෙනවානම් මමන්ම් කියන්නේ හොදට හොයලා බලලා එන්න කියලා....තමාගේ field එකට හරියන ජොබ් ඩිමාන්ඩ් කොහෙද තියෙන්නෙ කියලා. මම එහෙම කිව්වේ nz වල jobs ausi වගේ ගොඩාක් නෑති හින්ද. North Island යන්න ඔනේ...ඒ පෑත්තෙ jobs oppurtunities වෑඩී හොද trade qualifcations තියෙන අයට හොදයි north island.

    තව මෙහේ minium wage වෙන්නේ 13.75 after taxes 11.75 වගේ තමා හම්බවෙන්නේ...මෙහෙ cash in hand දෙනවා අඩුයි.....හෑම මගුලක්ම tax කරනවා ඔක්කොම පඩි යන්නෙ bank එකට...

    studies වලට හොද රටක් තමා new zealand දෑනට රටෙ තියෙන educational providers ලගෙන් උඩින්ම north island වල හොදම Auckland University Of Technology එකයි UNITEC Polytechnic එකයි....New Zealand වල තියෙන හෑම POLYTECHNIC INSTITUTE එකක්ම government accredited ඒ කියන්නේ uni වගෙම polytechnic වලටත් degrees award කරන්න පුලුවන්, හෑබෑයි bachelor's Programmes විතරයි polytechnic වලට දෙන්න පුලුවන්...Msc. Phd. එහෙම UNI වලින් විතරයි. හොර institute එහෙම අඩුයි...එහෙම කරපු ගොඩක් අය ආන්ඩුවෙන් raid කරලා අල්ලුවා. දෑන් ඒ තත්වේ නෑ.....ගොඩාක් uni fees යන්නේ 21,000 - 23,000 NZ$ Polytechnic 15,000 - 19,000NZ$ වාගේ. උබලා studies වලට යන්න ඉන්නවානම් හොද migration agent කෙනෙක්ව consult කරන්න....මොනම කෙනෙක්ටවත් සල්ලි සත් පහක් දෙන්න එපා වෑඩේ කරලා දෙනකම් මොකො...උබ ගියාට පස්සෙ උන්ට හොද commision එකක් හම්බවෙනවා....යවපු uni හො polytechnic වලින්.


    තව දෙයක් කියන්න ඔනේ New Zealanders ලා මාර diversed, හෑම කෙනෙක්වම පිලිගන්නා සුලු racism කියන දෙවල් අහලකවත් ගෑව්ලා නෑති හොද මිනිස්සු ඉන්න රටක්..chinese , indian , sri lankan , phillipines මේ හෑම ජාතියක්ම මෙහෙ ඉන්නවා. තම්න් හොදට හෑසිරෙනවා නම් , හොදට මහන්සිවෙලා වෑඩ කරනවානම් ඒ අයට හොද සෑලකීමක් තියෙනවා...ගොඩාක බ්පු එවුන් තමා එක එක එවා කියාගෙන එන්නේ taxi කාරයන්ට ගොඩාක් ම එන්නේ, ඉන්දියන් කාරයන්ට....ඒ වුනාට ඒවා පොඩි පොඩි scene ලන්කාවෙ මිනිස්සුන්ට ලොකු පිලිගෑනීමක් තියෙන්වා...මොකද ලන්කාවෙ මිනිස්සු යන තෑන චා කරගන්නේ නෑ....මට මතකයි මම හිටපු city එකේ ඉන්දියන කරයෙක් බඩු හොරකම් කරලා මාට්ටු වුනා caltex gas station එකක ඊට පස්සේ එතනට එක ඉන්දියන් කාරයෙක් ගත්තේ නෑ...ඔක්කොම ගත්තේ ලන්කාවෙ අය...ඔය වගේ හොදින් ඉන්නවා නම් ඒ රටේ මිනිස්සුත් ඒ respect එක අපිට දෙනවා.

    හොද විස්තරයක්... රෙප්+
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඌ ඉන්නේ මම මෙල්බන් වල, මම ඉන්නේ Brisbane. වෙනම ප්‍රාන්ත දෙකක්

    I thought he is in NSW ( New South Wales )


    Australia has Six States

    New South Wales (NSW) - ( Sydney)
    Queensland (QLD) - (Brisbane)
    South Australia (SA)- (Adelaide)
    Tasmania (TAS) - ( Hobart )
    Victoria (VIC)- ( Melbourn )
    Western Australia (WA) (Perth )

    and Two Major Mainland territories machan.

    Capital Territory (ACT) - (Canberra)
    Northern Territory (NT) - (Darwin)

    The ones which are in Blue are Just cities in each of the states / territories. I just added them so anyone can Link them with their memory.
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    හිතුවක්කාරයා;19335785 said:
    මචන් ප්‍රශයක් තියෙනවා ලංකාවේ එව්නුයි ඉන්ඩියන් එව්නුයි පිටින් එක වගේනේ බං... එතකොට ලංකාවේ උන්ට අව්ලක් එන්නෙ නැත්ත බං... උන් කියලා හිතලඅ පිට ගහන්නෙ නැත්තද?

    Pitin ekavage unata accent venas godak velavata... kohoma unath mama nam mama SL kiyala kiyanava chance ekak aapu gaman.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    හිතුවක්කාරයා;19335785 said:
    මචන් ප්‍රශයක් තියෙනවා ලංකාවේ එව්නුයි ඉන්ඩියන් එව්නුයි පිටින් එක වගේනේ බං... එතකොට ලංකාවේ උන්ට අව්ලක් එන්නෙ නැත්ත බං... උන් කියලා හිතලඅ පිට ගහන්නෙ නැත්තද?

    ඉන්දියන් එවුන්ට ගැහුවොත් අපිටත් ගහන්න පුළුවන් එකම ස්වරූපය නිසා :dull:, හැබැයි මේ දවස් වල attention එක තියෙන්නේ ඉන්දියන් අයට නොවෙයි මුස්ලිම් අයටයි :)
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය ගැන නම් කියලා වැඩක් නෑ.

    මහ පිස්සු ක්‍රම තියෙන්නෙ.තාම ලංකාවෙ අය හිතන්නෙ කම්පියුටර් ලමයින්ට දෙන්න හොද නෑ කියලා.
    ඩොක්ටර්ස් ලා කියන්නෙත් එහෙමනෙ.

    ඉතින් බන් ඔය වගේ දේවල් එක්ක කොහොමද රටක් දියුනු වෙන්නෙ.

    නැහැ බන් මගේ ළමයට MAC BOOK PRO එකක් අරන් දෙද්දී එයාට අවුරුද්දයි...සින්දු දාල දුන්න..දැන් එයා පුදුම විදිහට IMPROVED ..මම ලංකාවේ
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    වසර 2කට ආසන්න අත්දැකීමත් සමඟ මට දැනෙන මම දන්න එංගලන්තය පිලිබඳ යමක් කියන්න ඔනේ කියලා අදහස් කරා. හැම කෙනෙක්ටම තේරුම් ගන්න පුලුවන් වෙන්න කොටස් කරල ලිවුවොත් හොදයි කියල හිතනවා.

    1. සමාජීය පරිසරය

    මුලින්ම කියන්නම් මෙහෙ ජීවත් වෙන මිනිස්සු කොයි වගේද කියලා. හැම රටකින්ම සංක්‍රමණය වුන විවිද භෂා කතා කරන හැම වර්ගෙකම උන් ඉන්නවා. සාමාන්‍ය එංගලන්ත සුද්දෙක් ගත්තාම ඌ අපේ ප්‍රමානයම තමා මහ ලොකු උසකුත් නෑ මිටිත් නෑ. උන් හරි කැමති උන් හරි මහත්මා ගති තියෙන උන් කියල පෙන්නන්න

    පාරේ යද්දි වේවා බස් එකක යද්දි වෙවා සොරි තැන්කිව් තමා කටේම තියෙන්නේ. හැබැයි උන් පස්සට හිනා වෙන ජාතියක් පුදුම ආත්මාර්තකාමී. උදාහරනයක් ලෙස පාරේ එකෙක් මැරෙන්න පන ඇද ඇද හිටියත් ඇම්බියුලන්ස් එකකට කතා කරනවා ඇරෙන්න ලගටවත් යන්නේ නෑ.

    ප්‍රාන්ත වලට ආවේනික භාෂා විලාසයන් තියෙනවා මචන්ලා. ඊට ගැලපෙන සමාජීය රටාවත් වෙනස් වෙන්න පුලුවන්.
    ගෙවල් දොරවල් ගත්තොත් ඔය ලන්කාවේ තියෙන ෆ්ලැට් වගේ තම්යි.. ඔක්කොම එක වගේ.හැබැයි 800, 900 ගනන් වල හදපුවා ලොකු මිදුලක් නෑ පිටිපස්සක් නෑ.

    522100-System__Resources__Image-572751.jpg

    අල්ලපු ගෙදර එකාව දන්නේ නෑ. ගෙදරක මාසේ කුලිය ලන්කාවේ මුදලින් 140000 ක් වගේ වෙනවා. ඒ අතින් ගත්තාම ගෙවල් දොරවල් අතින් ලන්කාව ගොඩක් පෝසත් මචන්ලා. ලස්සන මිදුලක් තියෙන මන්දිර නැතුවාම නොවේ හැබැයි විරලයි

    දරුවන් සහ දෙමාපිය සම්බන්දතා නම් කුජීතයි. අවුරුදු 16 උනා කියන්නේ හිතු මතේ ජීවිත.
    අම්මට තාත්තට බොයි ප්‍රෙන්ඩ් කෙනෙක් ගර්ල්ප්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න එක මෙහෙ උන්ට ප්‍රශ්න නෙමේ මචන්ල, ඉතින් දරුවො ගැන අහන්න දෙයක් නෑනේ.. හොද ලස්සනට ජීවත් වෙන පවුල් තියෙනවා හැබැයි 0.01% ක් වගේ ඒ තරමට විරලයි.


    සිගරට් අරක්කු කියන ඒවා කෑම කනවටත් වඩා පාවිච්චි කරනවා. මට මේ කාලෙට බොන්නේ නැති කෙල්ලෙක් හෝ කොල්ලෙක් හමු වී නැති බව කරුනාවෙන් සලකන්න. ඒ තරමට බෙබාලා.. ඔය හෙල්ත් ඇප්ලිකේෂන් තියෙනව, ඒවගේ තියෙන්නේ අරක්කු පොඩඩක් බොනවද ගොඩක් බොනවද කියලා( යුනිට් ගාන ) බොන්නේ නෑ කියල ඔප්ෂන් එකක් නෑ. දැන් උබලට හිතෙනවා ඇති කොච්චර බොනවද කියලා, නැ මචන්ලා ඔය හිතනවටත් වඩා උන් බොනවා. මෙහෙ ගෑනු මචන් බොන අතින් පිරිමින්ට දෙවනි නෑ. පස්සේ තේරෙයි ඇයි එහෙම කියන්නේ කියලා.

    මම ඉන්න සිටි එක තමා යූකේ වල නයිට් ලයිෆ් එකට සුපිරිම, රාත්‍රී සමාජ ශාලා අඩියෙන් අඩියට.. රෑට ලන්කාවේ එකෙක් පාන් ගන්න කඩේට යනවා වගේ මෙහෙ උන් යන්නේ ක්ලබ්න්. මොකද හම්බ කරන එක ඉතුරු කරගන්න සුද්දෝ දගලන්නේ නෑ බන් අපි වගේ.. (හැබැයි රට රටවල් වල සවාරි යන්න උන් එකතු කරනවා).ඉතුරු කරන්නේ නැත්තේ ඇයි කියල පස්සේ කියන්නම්.

    සඳුදා සිට බ්‍රහස්පතින්දා වෙනකන් ඔය 18-23ත් අතර උන් තමා ක්ලබ් යන්නේ වැඩිපුරම. කෙල්ලෝ ක්ලබින් යනවා කොල්ලන්ට වඩා. උන් බිවාම බොක හැත්තෑවයි. සිහියක් නෑ සමහර උන්ට හෙලුවෙන් දුවන්නේ පාරවල් වල. උබලට හිතෙනව ඇති යකෝ පොලීසියෙන් නැද්ද කියල, ඉන්නවා මචන්ලා මෙහෙ බීලා දගලන ඒවට අවුලක් නෑ වැඩි උන එවුන්ව ගෙදරටත් ගිහින් දානවා, තව පිස්සු කෙලල අත පය ලෙලි ගහ ගන්න උන්ට බෙහෙත් කරන්න ඇම්බියුලන්ස් පවා තියෙනවා.


    article-2255587-16B59A04000005DC-181_634x723.jpg
    64222.jpg


    SNN2611A--280_1381505a.jpg
    7BpagHZ.jpg


    සෙනසුරාදට ඉරිදට කල්බ් එන්නේ ඩීසන් උන් මචන්..ඔය ලොකු ලොකු උදවිය. සාමාන්යෙන් සැටර්ඩේ නයිට් එකක මේසයක් විකිනෙන්නේ අවම ලක්ෂ 2කට වගේ.. පකිස්තාන් කාරයෝ පන්ජාබි කාරයෝ තමයි මචන් පඩ ෂෝ දාන්නේ ලක්ෂ 5, 6යේ බෝතල් ගන්නේ ගේමක් නැතුව. කෙල්ලොත් එහෙමයි මචන් හිතපන්කෝ ටේබල් එකක කෙල්ලො 5යි කියලා. උන් ගන්නවා බෝතල් 8ක් විතර එකවර,ඔන්න එන්ගලන්ත කෙල්ලෝ බොන විදිහ. කෙල්ලොනම් මචන් ලස්සනයි බොරු කියන්න ඔනේ නෑනේ කල්බ් එකක් ඇතුලට ගියාම එක එක මෝස්තර ආසාවේ බෑ. අවසානෙට කවුරු හරි සෙට් කරගෙන සුව විදින්න යන උනුත් එමටයි.

    bijoux-bar.jpg
    players.jpg
    Bijoux.jpg


    තව විස්තර පසුවට දෙන්නම් මචන්ලා...