පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වි&#3482

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වි&#3482

    පිටසක්වල ජීවීන් සිටිනවාමයි – චන්ද්‍රා වික‍්‍රමසිංහ

    Chandra-Wickramasinghe.png


    පෘථිවියෙන් පිට ජීවය තිබෙන බවට ඔප්පු කිරීමට මේ වන විට සාධක විශාල ප‍්‍රමාණයක් ඇති බවත් ජීවය බිහිවූයේ පෘථිවියේ නොව විශ්වයේ බවත් මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසයි.

    අද සූර්‌යා කේන්ද්‍ර කරගනිමින් සෞරග‍්‍රහ මණ්ඩලය ඇති බව පිළිනොගන්නා අයෙකු නොමැති වුවද මීට අවුරුදු 500 කට පෙර ඒ මතය පිළිගැනීමට කිසිවකුවත් නොසිටි බවත්පවසන ඔහු තමාගේ මතය දැන් නොපිළිගත්තද තවත් වසර 10කින් පිළිගන්නා බවද කියා සිටී.

    ජීව විද්‍යා හා භූ විද්‍යා ආදී කේෂත‍්‍ර ගණනාවක සාක්ෂි ඇසුරින් ජීවය පිටසක්වල පවතින බව කිව හැකි බවද පෙන්වා දෙන ඒ මහතා ජීවයේ උපත පෘථිවියේ උපතට වඩා පැරණි බව මේවන විට හෙළිවී ඇති බවද කියා සිටී.


    Source: http://lankacnews.com/sinhala/news/93618/

    පසුගිය 2012 වසරේ දෙසැම්බර් මාසයේදී පොළොන්නරුව – අරලගංවිල ප‍්‍රදේශයට පතිත වූ පාෂාණ කොටස් පිටසක්වලින් පැමිණි ඒවාම බව සහතික යයි මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි.

    එංගලන්තයේ බකිංහැම් සරසවියේ තාරකා ජීව විද්‍යාඥයකු වන ඒ මහතා කොළඹදී මාධ්‍යය අමතමින් කියා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්යවරුන් සිදුකරන ප‍්‍රකාශ තමන් තරයේ ප‍්‍රතික්ෂේප කරන බවයි.

    තමන් විසින් කරන ලද පර්යේෂණවලින් මේ බව තහවුරු වූ බවද පවසන ඒ මහතා පේරාදේණියේ මහාචාර්යවරුන් කුමන පදනමක සිට තම මතය ප‍්‍රතික්‍ෂෙප කරන්නේදැයි නොදන්නා බවද කියා සිටී.
     
    Last edited:

    Similar threads