මේ තියෙන්නෙ තූතන්කාමුන් පාරාවෝ රජුගෙ සොහොනෙන් හොයා ගත්ත කිනිස්සක්. පිහියක් කියමුකො. (නැත්තන් උඩින් පල්ලෙන් කියවන අය වෙන එකක් කියයි
)
පහල තියෙන පිහිය වැදගත් වෙන්නෙ යකඩෙන් හදල තියෙන නිසා. තූතන්කාමන් හිටියෙ කි.පූ 14වන (~1340BC)සියවසේ. අවුරුදු 3300කට විතර කලින්. ඒ කියන්නෙ ලෝකඩ යුගයේ. යකඩ උණු කරල එක එක දේවල් හදන එක පටන් ගත්තෙ ඊට අවුරුදු දෙතුන් සීයකට පස්සෙ. මේක මුල්ම කාලෙ හදපු එකක් කියල කෙනෙක්ට කියන්න පුලුවන්. හැබැයි වැඩේ කියන්නෙ එහෙම කියන්න බැරි හේතුවක් තියෙනව. ඒ මේ පිහියෙ නිමාව. ඉස්තරම් කොලිටි යකඩ. අවුරුදු තුන්දාහක් ගියත් මලකඩ කාල නෑ. මේ පිහිය ටේස්ට් කරල බැලුවම මේකෙ නිකල් පර්සන්ටේජ් එක වැඩියි. පොලවෙ හම්බෙන යකඩ:නිකල් අනුපාත වලට වඩා වෙනස්. ඒක නිසා උල්කාපාතයක් වැටුන තැනකින් ගත්ත යකඩ කියල හිතන්නෙ. ඒ කියන්නෙ පිටසක්වල යකඩ.
පිහියෙ නිමාවත් ඉස්තරම්. වැඩ දාල හදල තියෙන්නෙ. රජෙක්ට දෙන එකක්නෙ. නිකන් රජෙක් නෙමෙයි ඒ කාලෙ ලෝකෙ බලවත්ම මිනිහ.