ඒ_කාලේ_අවුරුදු
දැන් අපේගෙදර වයිවාරන්න තෙල්කෑම අවුරුද්දට හැදෙනවා බොහොම අඩුවුනත් ඒ කාලෙ බොහොම වෙනස් ...
අපේ ගමේ ගෙදරට අවුරුද්දට කොච්චර කට්ටිය එනවද කිව්වොත් උදේ අරින තේ මේසෙ රීකන්ඩිෂන් කරමින් දවස පුරාමවගෙ තියෙන්නෙ වැල නොකැඩී මිනිස්සු එන නිසයි ....
වතුර කේතලේට දරදාල ලිපේ දුම් දම දමා තමා තියෙන්නෙ ...
ඒකට හපං ආපහු ඒ ගෙවල්වලට නෑගම් යාම ...ටිකදවසක් යනකං අවුරුදු එපාවෙන තරමට කැවෙනවා ....
ඉස්තරං කෑම එපාවෙලා සුදුහාලෙ බතයි සම්බෝලෙයි අල කිරි හොද්දයි කරෝල බැදුමයි වාගෙ එකක් අමුර්තෙ වාගෙ වෙන්නෙ බඩට හෑල්ලු හින්දමයි ...
මුලිම්ම හදන්නෙ ආස්මී ...
අවුරුද්දට සති තුනකට විතර ඉස්සර තමාඒව හදන්නෙ ...
පස්සෙ තෙල් බහින්න කියල මහ විසාල බාජංවල දාල කඩවැසුම් බැඳල දුමේ තියනවද කොහේද...
ඉස්තරම්ම විදිහට කැවිලි හදෝන ඇම්මක් අපේ තාත්තට තිබුන ...ඒ හිංද අවසානෙදි ආස්මී ගෙඩියක දිග අඟල් දහ අටකට කිට්ටුවෙන්න තියෙන්න ඕනෙ ...
අවුරුද්දට කිට්ටුවෙනකොට අර තෙල්බැහැපු ආස්මී ආපහු බදින්න ඕනෙ එතකොටයි ඒව පුපුරල මෙලෙක් වෙන්නෙ ....
ඊට පස්සෙ ඒව උඩිං බරසාරෙට පැණි අදිනව.... අපේ ගෙදර පැණි උනුකලා ඒ හින්ද ඉටිවාගෙ පැණිවලට තව මොනවාදෝ දාල තමා මිස්රනේ හදන්නෙ
දවුල් කුරුඳු කොටල ගන්න සාරෙ ඕනෙ ආස්මීවලට ....
ලොකු පොල්කටුවක් සම්පූර්නෙන්ම වාගෙ තියෙන්න අමුතු හැඩේ මිටක් ගහල ඉඳියාප්ප වංගෙඩිය වාගෙ හැමතැනම හිල් විදල අමුතුම විදිහට තමා ආස්මී හැන්ද හදල තියෙන්නෙ ...
අවුරුද්ද පහුවෙලා සති දෙකක් විතර ගියාම පැණි නොඇදපු එකසැරයක් බැදපු ආස්මී දෙසරෙ බැදල පැණි අදිනව ....
කොකිසුත් දෙසැරෙ බදිනව ඒ ඉතුරු තෙල්වලින්....
ගල්වුනු කොණ්ඩ කැවුං නං එක්කො වන්ඩුවෙ තම්බල ගතෑකි ...
නැත්තං බත ඉදීගෙන එනකොට බත් උඩිං තියෙනව ...හුමාලෙං ඉදෙන්න .
මෙහෙම ගන්න කැවුංවල තෙල් බිංදුවක්වත් නෑ ....බොහොම මෙලෙකයි ...
මේව පුදුම රහයි ...
දෙසැරෙ බැදපු ආස්මී
දෙසැරෙ බැදපු කොකිස්
වනේ තම්බපු කැවුං නියමෙට මෙලෙක්....පුදුම රහක්......
හැබැයි මේව නියම බඩු දාල කිං සයිස් එකට අපේම ගෙදර හදපු ඒව වෙන්නම ඕනෙ ...
ආස්මී හා කෝලිකුට්ටු තමා කියාපු බඩු ...බට කුඹල වාගෙ හිටියට ..ඒ කාලෙ බත්පිඟං දෙක තුනකට වඩා අපිට කන්නත් අමාරුයි .....
කොල්ලොන්ට කන්න දුන්නම උං ජොන්සන් බලනව ....
.ඒ කියන්නෙ හොඳ මාලු කුකුල්මස් එහෙම කෑලි තුන හතරක් දීසියෙ තියෙනකොට ඒක තමුංගෙ පිඟනට අල්ලල දීසිය අනික් පැත්ත හරෝල දීසියෙ අඩියෙ ජොන්සන් මාක් එක තියෙනවද බලනව ....
කන්නම බැරි ගොයියො තමා ඒ කාල හිටියෙ ....අනික මාලු දීසියෙ ජොන්සන් බලනව .....
අම්ම හිනාවෙවෙවී තව ගෙනත් පුරෝනව ....
බඩ පැලෙනකං කාල
ඒකට උඩිං අයිස් කිරිං
ගෙදර වත්තෙම පලතුරු
බැරි බැරි ගානෙ කෑම මේසෙ කතාකර කර ඉන්නකොට අපේ අම්මගෙ හිත නරක්කොරන්න බෑ ....
නොකෑවොත් තරහ වෙයි කියකියා දීල අදින කිරිපැණි ......
පැය බාගෙ යන්න ඉස්සර සැර කෝපි උගුරක් දෙනව බඩට හොඳා කියල ......
අපේ තාත්තට අම්මට කාටහරි කන්න දෙන්න තිබුනෙ පුදුම උණක්...
අද ඒ දෙවිවරු නෑ ..
පරලොව ගිහිං .....
අඹ කඩෝල ගෝනිවල තුනීකරල ඉදෙන්න
රඹුටන් කඩෝල
පේර ...නාරං ..ගස්ලබු ...
කෝලිකුට්ටු සුවඳැල් පුවාලු ඇම්බොං .....එලෝ කෝටියක් කෙහෙල් ....
අපේ තාත්ත කියන්නෙ ඉදිච්චි කෙහෙල් කැනක් කුස්සිය පැත්තෙ එල්ලල තියෙන්න ඕනෙලු කොල්ලො එහාට මෙහාට යනකොට කඩං කන්න ...
පැන්සොං අරගෙන ගමට ඇවිල්ල මේව වවෝල විකුනල තමුනුත් කාල අනුන්ටත් පිනටත් දීල ඒගොල්ලො විඳින්න ඇත්තෙ පුදුම සතුටක් ...
බත් එහෙම කාල ඉදිච්ච අඹ විස්සක් තිහක් අපට තෝරගෙන හෝදගෙන එන්න කියනව....
අපි රස්සාවට යන කාලෙත් දැලි පිහිය වාගෙ කැපෙන පිහියෙන් අඹ කපන්නෙත් තාත්තමයි ....
ඉතුරුවන ඇටයි ලෙලියි රබර් කිරි හදන්න ගන්න ඇලුමිනියම් තැටියෙන් එකයි ....
හැබැයි පුතේ මං නැති කාලෙක උඹලට තේරෙයි මගෙ අගේ.....
අපි මෙච්චර වයසට ගිහිල්ල ලොකු මහත්වුන දරුවොත් ඉන්න මේ කාලෙත් තාත්ත අම්ම නැති අඩුව අදත් තේරෙනව හිතට වාගෙම බඩටත්
මාටිං සීයා
පිංතූරු අංතරජාලෙං

Dan awuruddath Valentine dawasa wage wela.minissu shoping yanawa withari.