පිටසක්වල_ජීවීන්(UFO)

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    පිටසක්වල_ජීවීන්(UFO)

    පෘතුවිවාසින් සොයා එන පිටසක්වල ජීවීන්


    alien_asgard_stargate.jpg




    කලින් කලට අලුත් වන නැවතත් යටපත් වන ජනප‍්‍රිය මාතෘකාවකි පියාඹන පීරිසි සහ පිටසක්වල ජීවීන්. මෑතක දී තණමල්විල ප‍්‍රදේශයේ ජනතාව මහත් ආන්දෝලනයකට පත්කළේ පිටසක්වලින් පැමිණි අමුත්තන් පිරිසක්ද? මේ ගැන හරිහැටි නිගමනයකට පැමිණීමට තවමත් අපි අපොහොසත් වී සිටිමු. පෘථිවියේ අපි මෙහි ආවේ කොහි සිට ද? සමහර විද්‍යාඥයන් පවසන පරිදි අඟහරුවලින් ද? නැතිනම් අප ඈත විශ්වයේ බුද්ධිමත් ජීවින් පිරිසක ගේ ක්ලෝන තාක්ෂණයෙන් නිමැවුණු පිරිසක් ද? බයිබලයේ එන ආදම් සහ ඔහුගේ ඉල අස්ථියකින් නිමවූ ඒවා. එම ක්ලෝනකරණයේ ප‍්‍රථම නිර්මාණය ද? නොඑසේ නම් විශ්වයේ වෙනත් ග‍්‍රහලොවක දී ක්ලෝනකරණය කරන ලදුව අභ්‍යවකාශ යානා මගින් දහස් ගණනින් අපව මේ පෘථිවියට ගෙනත් ඇරලුවා ද? එසේ කළේ නම් ඒ කුමකටද? අපේම ස්වරූපය ඇති මෙතෙක් හමු නොවූ අපේ නෑයන් විශ්වයේ වෙනත් ග‍්‍රහලොවක වෙසෙත් ද? පෘථිවි වාසී අපගේ දුක සැප බැලීමට යලි කවදා හෝ දිනයක ඔවුන් පෘථිවියට පැමිණේ ද? නැතිනම් දැනටමත් ඇවිත් යන්නේ ද? එසේත් නැතිනම් මේ සියල්ල මිථ්‍යාවක් ද? ඩාවින් පවසන අන්දමට පරිණාමවාදයෙන් හෝ එවැනි කි‍්‍රයාවලියකින් අප බිහිවිණි ද?පෘථිවියෙන් එපිට ඇති විශ්වයේ ජීවයක් පවතී ද අප විශ්වයේ තනිවූ පිරිසක්ද වැනි ගැටලු රාශියකට නිවැරදිව පිළිතුරු දීමට තවමත් අපට පුලුවන් වී නැත. පිටසක්වල යානා ගැන හෝ පිටසක්වල ජීවින් ගැන කථා කිරීමට ප‍්‍රථම පිටසක්වල ගැන අවබෝධයක් ලබා ගැනීම මෙහිදී වැදගත් ය.

    අප වසන පෘථිවිය ගෝලාකාර ය. එය තමා වටා ද කැරකැවෙමින් ඉර වටා ද කැරකැවෙයි. මෙසේ තමා වටා කරකැවෙමින් ඉර වටේ යන ග‍්‍රහ වස්තූන් නවයක් ඇත. අප ග‍්‍රහලෝක ලෙස හඳුන්වන්නේ මේවා යි. බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ‍්‍රහස්පතී, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ ලෙස පෘථිවි වැසියන් වන අපි මෙම ග‍්‍රහලෝකවලට නම් තබා ඇත්තෙමු. මෙසේ ග‍්‍රහලෝකවලින් සහ එය කේන්ද්‍රකොට ගෙන ඇති ඉරෙන් සැදුම්ලත් පද්ධතිය "සෞරග‍්‍රහ මණ්ඩලය" ලෙස හඳුන්වනු ලැබේ. ඒ ඒ ග‍්‍රහලෝක සූූර්යාගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පිහිටා තිබේ.එක් ග‍්‍රහ ලොවක සිට තවත් ග‍්‍රහ ලෝකයකට ඇති දුර සැතපුම් කෝටි ගණනකි. මේ හැරුණු විට මෙම ග‍්‍රහ වස්තුවල ස්වරූපයද එකිනෙකට වෙනස් ය. සමහරක් ඉරට කිට්ටුවෙන්ද, සමහරක් ඉරට බොහෝ ඈතින් ද පිහිටා තිබේ. සමහරක් කුඩා වන අතර තවත් සමහරක්් ඉතා විශාල ය. ඉරට කිට්ටුවෙන් ම ඇත්තේ "බුධ" ග‍්‍රහයා ය. ඈතින් ම ඇත්තේ සැවො ම දන්නා පරිදි "ප්ලූටෝ" ග‍්‍රහයා ය. නමුත්් 2003 ජූලි මස 29 වෙනිදා ප්ලූටෝට එපිටින් තවත් විශාල ස්කන්ධයක්් සහිත ග‍්‍රහලොවක් සොයා බව අසන්නට ලැබුණි. තාවකාලිකව එය නම් කර ඇත්තේ 2003 -උඕ 313 ලෙසයි. ග‍්‍රහයන්ට උප ග‍්‍රහයන් ද සිටිති. අප සියලු දෙනා දන්නා "හඳ" පෘථිවියේ උපග‍්‍රහයා ය. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනෙකි. ඒ "ෂෝ බෝස" සහ "ඩී මෝස් ය. විශාලත ම උපග‍්‍රහයා සිටින්නේ සෙනසුරු ග‍්‍රහයාට ය. එය "ටයිටන්" ලෙස නම් කොට ඇත.

    ඒ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය පිළිබඳ කෙටි විස්තරයකි. එහෙත් අභ්‍යවකාශය හෝ විශ්වය මේ සෞරග‍්‍රහ මණ්ඩලයට සීමා නොවේ. අපේ ඉරත් ඒ වටා ඇති ග‍්‍රහ ලෝකවලින් සැදුම්ලත් ග‍්‍රහමණ්ඩලයත් හැරුණු විට තවත් ඉරවල් ද ඒවා වටා ග‍්‍රහමණ්ඩල ද විශ්වයේ ඇත. ඒවා පිහිටා ඇති දුර ප‍්‍රමාණය ඉලක්කම් වලින් දැක්විය නො හැක. මේ සඳහා "ආලෝක වර්ෂ" යැයි මිම්මක් ඇත්තේ ඒ නිසා ය. ආලෝකයට තත්පරයට සැතපුම් 1,86,000 ක් වේගයෙන් ගමන් කරයි. මේ අනුව ආලෝක වර්ෂයක දුර ප‍්‍රමාණය සැතපුම් 186000ය60ය60ය24ය 365ට සමාන ය.මෙසේ අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට එපිට පිහිටා ඇති අපේ පොළවට නුදුරුවම ඇති අනෙක් ඉර "ඇල්ෆා සෙන්චොරි ලෙස හඳුන්වනු ලැබේ. මෙම ඉරට පොළොවේ සිට ඇති දුර ප‍්‍රමාණය ආලෝක වර්ෂ 4 1/2 කි. මෙය ති‍්‍රත්ව තාරකාවකි. මින් පෙ‍්‍රාක්සිමා සෙන්ටියුරි තාරකාව අපට වඩාත් ම ආසන්න ය. එයට ඇති දුර ආලෝකවර්ෂ 4.2 ක් පමණ වේ. සෙන්ටියුරි ලෙස එහි ග‍්‍රහ මණ්ඩලය හඳුන්වනු ලබයි. ඊළඟට නො දුරුම ඉර ඇත්තේ අපට ආලෝක වර්ෂ 6 ක්් ඈතිනි. මෙය ’බර්නාඩ්’ යනුවෙන්් හැඳින්වෙයි. 1916 වසරේ දී එඩ්වඩ් එමර්සන් බර්නාඩ් විසින්් සොයාගත් නිසා එයට ’බර්නාඩ්’ ලෙස නම් තැබිණි. එයට අයත් ග‍්‍රහමණ්ඩලය ’ඔපිහියුවස්’ වේ. ආලෝක වර්ෂ 8 ක් ඈතින් ඉරවල් 3 ක් ඇත. ආලෝක වර්ෂ 9 ක් ඈතින් ’සීරියස්’ නමින් තවත් ඉරකි.
    අන්තර්ජාලය ඇසුරිනි
    .
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    එහි ග‍්‍රහ මණ්ඩලය ’කානිස් මේජර්’ ලෙස නම් කර ඇත. අභ්‍යාවකාශයේ මෙසේ ඈතට ඈතට යන්නට යන්නට මෙවැනි සුුර්යයන් තවත්් කෝටි ගණනක් අපට හමුවේ. ඒ සුර්යන් වටා ග‍්‍රහලෝක ද ඇත. මෙසේ සුර්යයන් සහ ග‍්‍රහමණ්ඩලවලින් සදුම් ලත් ඒකකයක් චක‍්‍රාවාටයක් ලෙස නම් කෙරේ.
    අප ග‍්‍රහමණ්ඩලය අයත් වන චක‍්‍රා වාටය ක්ෂිරපථය ලෙස නම් කර ඇත. මෙහි දළ විෂ්කම්භය ආලෝක වර්ෂ 150,000 කි. මෙහි තරු ග‍්‍රහමණ්ඩල බිලියන සිය ගණනක් ද ඉරවල් කෝටි 1,50,000, විවිධ වායු ධාරා සහ දූවිලිවලින් ද සමන්විත වේ. අපගේ සෞරග‍්‍රහ මණ්ඩලය පිහිටා ඇත්තේ මේ ක්ෂිරපථයේ කොනක ය.එනම් ක්ෂිරපථයේ මැද සිට ආලෝක වර්ෂ 27,000 ක් ඈතින් නැතිනම් අප ග‍්‍රහමණ්ඩලය අයත් චක‍්‍රාවාටය කොපමණ විශාලදැයි ඔබට අවබෝධ වනු ඇත. එය විශාල බව ඇත්ත ය. එහෙත් මුලු විශ්වය හා සසඳන විට අපගේ ක්ෂිරපථය ඉතා සුලු කොටසකි. විශ්වය මෙවන් තවත් චක‍්‍රාවාට කෝටි ගණනාවකින් සැදුම්ගෙන ඇත.අපට නොදුරුම අනෙක් චක‍්‍රාවාටය ඇත්තේ ආලෝක වර්ෂ මිලියන දෙකක් (200,000) පමණ දුරිනි.

    මෙය "ඇන්ඩෙ‍්‍රීමීඩා" ලෙස නම් කර ඇත. මෙතැනින් තවත් ඈතට යත්ම තවත් චක‍්‍රාවාට සිය දහස් ගණනක් දැකිය හැකි ය. රාතී‍්‍ර කාලයේ අහස දෙස බැලුවොත් අපෙ චක‍්‍රාවාටයේ පමණක් නොව සමීප සෙසු චක‍්‍රාවාටවල ද ඇති සූර්යයන් ඔබට දැක ගත හැකිවනු ඇත.මුලු විශ්වයම නිරන්තරයෙන් චලිතවෙයි. පෘථිවිය තමා වටා කරකැවෙමින් ඉරවටා යයි. සෙසු ග‍්‍රහයෝ ද එසේ යි. සුර්යයා තම ග‍්‍රහමණ්ඩලය සමග අපගේ චක‍්‍රාවාසය වටා යයි. චක‍්‍රාවාට ද මේ කෝටි ගණනක් වූ තරු ග‍්‍රහලෝක පිරිවරාගෙන විශ්වය වටා යයි. අලුත් ම මතය අනුව විශ්වයන් ද රාශියකි. විශ්වය මේ සියලු චක‍්‍රාවාට පිරිවරාගෙන අභ්‍යාවකාෂයේ ගමන් කරයි.විශ්වයේ සීමාව කොතෙක් ද? මෙය තවමත්් කිසිවෙකු සොයාගෙන නැත.

    අපේ විශ්වයේ සීමාව ආලෝක වර්ෂ වර්ෂ දස කෝටියක් පමණ වේ යැයි අයිසැක් නිව්ටන් වරක් කල්පනා කළේය. එහෙත් මහාචාර්ය ඇන් වින්කොස්සකි නමැති ශ්‍රේෂ්ඨ තාරකා විද්‍යාඥයා කියන අන්දමට විශ්වයේ සීමාව ආලෝක වර්ෂ 36,00,00,00,00,00,00,00,00,00,000 පමණ වෙයි. ඇල්බට් අයින්ස්ටයින් ගණන් බලා ඇති අන්දමට විශ්වයේ විෂ්කම්භය සැතපුම් 2,00,00,00,00,00,00,00,00,00,00,000 ක් පමණ වෙයි. එසේම මේ සියල්ල අවිනිශ්චිත සංඛ්‍යා යැයි හරි නිගමනයකට ඒමට තවමත් කිසිවෙකුත්් සමත්් වී නොමැත.මිනිසාට මෙතෙක්් ජයගත හැකිව ඇත්්තේ චන්ද්‍රයා පමණි. නමුත් අනාගතයේදී ඔහු ඈත ග‍්‍රහලෝක කරා ද යනු ඇත. එහෙත් මෙහි අප සඳහන් කළ ආලෝක වර්ෂ සිය දහස් ගණනක්් ඈත චක‍්‍රාවාටවලට හෝ ග‍්‍රහ ලෝක කරා යන්නට ඔහු සමත් වේද යන්න ප‍්‍රශ්නයකි.පිටසක්වලින් එනම් විශ්වයේ ඈත එපිට ඇති ග‍්‍රහලෝකවලින් අප පෘථිවියට අමුත්තන් පැමිණේ නම් ඔවුන් නිසැකවම ආලෝකයේ වේගය ජයගත්තෝ විය යුතු ය. නැතිනම් එවන් දුර බැහැර ගමන්් සඳහා ඔවුන්ගේ ආයුකාලය ප‍්‍රමාණවත්් වේ ද යන්න ගැන ප‍්‍රශ්නයක්් මතු වනු ඇත. පෘථිවියේ සිටින අපට අප දන්නා තාක්ෂණය සහ විද්‍යා ඥානයට අනුව කිසිම වස්තුවකට ආලෝකයේ වේගය අභිභවා ගමන් කළ හැකිවේද යන්න ගැටලුවකි. මෙතෙක්් පිළිගෙන ඇති සම්මතවලට අනුව නම් එය කළ නොහැකිය.

    කිසියම් වස්තුවක් ආලෝකයේ වේගයට ළංවන විට එම වස්තුවේ බර (ස්කන්ධය) වැඩි වී එය ඉදිරියට යන වේගය අඩුවන්නේ යැයි කාලයේ සාපේක්ෂතාව පිළිබඳ සුප‍්‍රකට න්‍යාය සොයාගත් ඇල්බට් අයින්ස්ටයින් ඔප්පු කොට තිබේ. ඒ යුගයේ දී ම මෙයට විවිධ විවේචන එල්ල වූ අතර එකල ප‍්‍රංශ තාරකා විද්‍යාඥයකු වු කැමිල් පිලොමාරියෙන්් විසින් ’ලුමෙක්’ යානය ආලෝකයේ වේගය අභිභවා ගමන් කරයි, මේ කථාව විවේචනය කරමින් අයින්ස්ටයින් කීවේ විද්‍යානුකූලව එවැන්නක් කිසිසේත් විය නොහැකි බව ය.නමුත් ඕනෑ ම සම්මත විද්‍යාත්මක මතයක්් යුගයෙන් යුගයට වෙනස් විය හැකිය. විද්‍යාවේ අප නොදන්නා බොහෝ දේ අනාගතයේදී අප දැන ගනු ඇත. එබැවින් ආලෝකයේ වේගය අභිබවා යාමට වර්තමානයේ නොහැකි වුවත් අනාගතයේදී එය ජයගැනීමට හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි. දිව්‍යලෝකයේ කාලය අපගේ් ලෝකයේ කාලයට වඩා බොහෝ සෙමින් යන බව සඳහන් පුරාවෘත්ත අපගේ ජනප‍්‍රවාද අතර තිබීමෙන් වැටහෙන්නේ කාලයේ සාපේක්ෂතාවය පිළිබඳව අයින්ස්ටයින් සොයා ගැනීමට පෙර සිට ම අපගේ පැරුන්නන්් ඒ ගැන දැන සිට ඇත.බුදු දහමේද බොහෝ තැන්වල අපගේ පෘථිවියට හැර වෙනත් ග‍්‍රහලෝක ගැන නිරන්තරව සඳහන් වේ. බ‍්‍රහ්මලෝක. දිව්‍යලෝකවලින් එය පිරී පවතී. බුදුන් වහන්සේ මාතෘ දිව්‍යරාජයාට ධර්මදේශනා කිරීම සඳහා තව්තිසා දිව්‍යලෝකයට වැඩිය බව පැවසේ.

    විවිධ කරුණු කාරනා නිරාකරණය කරගැනීමට සක්වල විවිධ ග‍්‍රහලෝකවලින් දෙවිවරුන්ද බුදුන් වහන්සේ හමුවීමට පැමිණ ඇති අවස්ථා ද එමට ය. බුදුන් සමයෙහි විසූ මාතංග සිටුවරයා ’සඳෙහි’ වාසය කළ බවද පැවසේ. මුගලන් තෙරුන් විශ්වයේ කෙළවරක් සෙවීමට ගොස් අතරමංව පසුව බුදුන් වහන්සේගේ මැදිහත් වීමෙන් නැවතත් මෙලොවට ගෙන්වාගත් බවද ප‍්‍රකටය.
    21 වැනි සියවසේ ලෝකයේ සෑම දෙයක් ගැනම විද්‍යානුකූලව බැලීමට යොමුවන බැවින් නොදන්නා ජීවීන් කොටසක් හෝ සත්ව විශේෂයක් ගැන පරීක්ෂණ පවත්වන්නට ඒ සඳහා විෂයක් වෙන් වී ඇත. එම විද්‍යාව හඳුන්වනු ලබන්නේ කි‍්‍රප්ටොසූලොජි ලෙසිනි. මේ දක්වා කර ඇති පරීක්ෂණ වාර්තා අනුව ඔවුහු පිටසක්වලින් පැමිණි අමුත්තන් වර්ග කරති. ඒ අනුව ඔවුන් විශ්වයේ කුමණ ග‍්‍රහමණ්ඩලයකින් පැමිණෙන්නේ ද යන්න තීරණය කරනු ඇත.

    මීට අමතරව පිටසක්වල ජීවින් ඇසින් දුටුවන් සහ ඔවුන්ගේ විවිධ බලපෑම්වලට ලක්වූවන් ද පරීක්ෂණවලට භාජනය කරණු ලබති. ඒ අනුව විවිධ ග‍්‍රහමණ්ඩලවලින් පෘථිවියට පැමිණෙන පිටසක්වල අමුත්තන් ස්ථිර ලෙස ම වර්ග හඳුනා ගැනීමට හැකිවී ඇතැයි කීවොත් ඔබ පුදුම වනු ඇත
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    anee mandaa...metika kiyawwata passee prashna kotiyaiii...
    ela thread eka...

    Thankz For Sharing Bro ~ !