පිටසක්වල_ජීවීන්(UFO)
කලින් කලට අලුත් වන නැවතත් යටපත් වන ජනප‍්‍රිය මාතෘකාවකි පියාඹන පීරිසි සහ පිටසක්වල ජීවීන්. මෑතක දී තණමල්විල ප‍්‍රදේශයේ ජනතාව මහත් ආන්දෝලනයකට පත්කළේ පිටසක්වලින් පැමිණි අමුත්තන් පිරිසක්ද? මේ ගැන හරිහැටි නිගමනයකට පැමිණීමට තවමත් අපි අපොහොසත් වී සිටිමු. පෘථිවියේ අපි මෙහි ආවේ කොහි සිට ද? සමහර විද්‍යාඥයන් පවසන පරිදි අඟහරුවලින් ද? නැතිනම් අප ඈත විශ්වයේ බුද්ධිමත් ජීවින් පිරිසක ගේ ක්ලෝන තාක්ෂණයෙන් නිමැවුණු පිරිසක් ද? බයිබලයේ එන ආදම් සහ ඔහුගේ ඉල අස්ථියකින් නිමවූ ඒවා. එම ක්ලෝනකරණයේ ප‍්‍රථම නිර්මාණය ද? නොඑසේ නම් විශ්වයේ වෙනත් ග‍්‍රහලොවක දී ක්ලෝනකරණය කරන ලදුව අභ්‍යවකාශ යානා මගින් දහස් ගණනින් අපව මේ පෘථිවියට ගෙනත් ඇරලුවා ද? එසේ කළේ නම් ඒ කුමකටද? අපේම ස්වරූපය ඇති මෙතෙක් හමු නොවූ අපේ නෑයන් විශ්වයේ වෙනත් ග‍්‍රහලොවක වෙසෙත් ද? පෘථිවි වාසී අපගේ දුක සැප බැලීමට යලි කවදා හෝ දිනයක ඔවුන් පෘථිවියට පැමිණේ ද? නැතිනම් දැනටමත් ඇවිත් යන්නේ ද? එසේත් නැතිනම් මේ සියල්ල මිථ්‍යාවක් ද? ඩාවින් පවසන අන්දමට පරිණාමවාදයෙන් හෝ එවැනි කි‍්‍රයාවලියකින් අප බිහිවිණි ද?පෘථිවියෙන් එපිට ඇති විශ්වයේ ජීවයක් පවතී ද අප විශ්වයේ තනිවූ පිරිසක්ද වැනි ගැටලු රාශියකට නිවැරදිව පිළිතුරු දීමට තවමත් අපට පුලුවන් වී නැත. පිටසක්වල යානා ගැන හෝ පිටසක්වල ජීවින් ගැන කථා කිරීමට ප‍්‍රථම පිටසක්වල ගැන අවබෝධයක් ලබා ගැනීම මෙහිදී වැදගත් ය.
අප වසන පෘථිවිය ගෝලාකාර ය. එය තමා වටා ද කැරකැවෙමින් ඉර වටා ද කැරකැවෙයි. මෙසේ තමා වටා කරකැවෙමින් ඉර වටේ යන ග‍්‍රහ වස්තූන් නවයක් ඇත. අප ග‍්‍රහලෝක ලෙස හඳුන්වන්නේ මේවා යි. බුධ, සිකුරු, පෘථිවිය, අඟහරු, බ‍්‍රහස්පතී, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් සහ ප්ලූටෝ ලෙස පෘථිවි වැසියන් වන අපි මෙම ග‍්‍රහලෝකවලට නම් තබා ඇත්තෙමු. මෙසේ ග‍්‍රහලෝකවලින් සහ එය කේන්ද්‍රකොට ගෙන ඇති ඉරෙන් සැදුම්ලත් පද්ධතිය "සෞරග‍්‍රහ මණ්ඩලය" ලෙස හඳුන්වනු ලැබේ. ඒ ඒ ග‍්‍රහලෝක සූූර්යාගේ සිට සැතපුම් කෝටි ගණනක් ඈතින් පිහිටා තිබේ.එක් ග‍්‍රහ ලොවක සිට තවත් ග‍්‍රහ ලෝකයකට ඇති දුර සැතපුම් කෝටි ගණනකි. මේ හැරුණු විට මෙම ග‍්‍රහ වස්තුවල ස්වරූපයද එකිනෙකට වෙනස් ය. සමහරක් ඉරට කිට්ටුවෙන්ද, සමහරක් ඉරට බොහෝ ඈතින් ද පිහිටා තිබේ. සමහරක් කුඩා වන අතර තවත් සමහරක්් ඉතා විශාල ය. ඉරට කිට්ටුවෙන් ම ඇත්තේ "බුධ" ග‍්‍රහයා ය. ඈතින් ම ඇත්තේ සැවො ම දන්නා පරිදි "ප්ලූටෝ" ග‍්‍රහයා ය. නමුත්් 2003 ජූලි මස 29 වෙනිදා ප්ලූටෝට එපිටින් තවත් විශාල ස්කන්ධයක්් සහිත ග‍්‍රහලොවක් සොයා බව අසන්නට ලැබුණි. තාවකාලිකව එය නම් කර ඇත්තේ 2003 -උඕ 313 ලෙසයි. ග‍්‍රහයන්ට උප ග‍්‍රහයන් ද සිටිති. අප සියලු දෙනා දන්නා "හඳ" පෘථිවියේ උපග‍්‍රහයා ය. අඟහරුට චන්ද්‍රයන් දෙදෙනෙකි. ඒ "ෂෝ බෝස" සහ "ඩී මෝස් ය. විශාලත ම උපග‍්‍රහයා සිටින්නේ සෙනසුරු ග‍්‍රහයාට ය. එය "ටයිටන්" ලෙස නම් කොට ඇත.
ඒ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය පිළිබඳ කෙටි විස්තරයකි. එහෙත් අභ්‍යවකාශය හෝ විශ්වය මේ සෞරග‍්‍රහ මණ්ඩලයට සීමා නොවේ. අපේ ඉරත් ඒ වටා ඇති ග‍්‍රහ ලෝකවලින් සැදුම්ලත් ග‍්‍රහමණ්ඩලයත් හැරුණු විට තවත් ඉරවල් ද ඒවා වටා ග‍්‍රහමණ්ඩල ද විශ්වයේ ඇත. ඒවා පිහිටා ඇති දුර ප‍්‍රමාණය ඉලක්කම් වලින් දැක්විය නො හැක. මේ සඳහා "ආලෝක වර්ෂ" යැයි මිම්මක් ඇත්තේ ඒ නිසා ය. ආලෝකයට තත්පරයට සැතපුම් 1,86,000 ක් වේගයෙන් ගමන් කරයි. මේ අනුව ආලෝක වර්ෂයක දුර ප‍්‍රමාණය සැතපුම් 186000ය60ය60ය24ය 365ට සමාන ය.මෙසේ අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට එපිට පිහිටා ඇති අපේ පොළවට නුදුරුවම ඇති අනෙක් ඉර "ඇල්ෆා සෙන්චොරි ලෙස හඳුන්වනු ලැබේ. මෙම ඉරට පොළොවේ සිට ඇති දුර ප‍්‍රමාණය ආලෝක වර්ෂ 4 1/2 කි. මෙය ති‍්‍රත්ව තාරකාවකි. මින් පේරාක්සිමා සෙන්ටියුරි තාරකාව අපට වඩාත් ම ආසන්න ය. එයට ඇති දුර ආලෝකවර්ෂ 4.2 ක් පමණ වේ. සෙන්ටියුරි ලෙස එහි ග‍්‍රහ මණ්ඩලය හඳුන්වනු ලබයි. ඊළඟට නො දුරුම ඉර ඇත්තේ අපට ආලෝක වර්ෂ 6 ක්් ඈතිනි. මෙය ’බර්නාඩ්’ යනුවෙන්් හැඳින්වෙයි. 1916 වසරේ දී එඩ්වඩ් එමර්සන් බර්නාඩ් විසින්් සොයාගත් නිසා එයට ’බර්නාඩ්’ ලෙස නම් තැබිණි. එයට අයත් ග‍්‍රහමණ්ඩලය ’ඔපිහියුවස්’ වේ. ආලෝක වර්ෂ 8 ක් ඈතින් ඉරවල් 3 ක් ඇත. ආලෝක වර්ෂ 9 ක් ඈතින් ’සීරියස්’ නමින් තවත් ඉරකි.
අන්තර්ජාලය ඇසුරිනි
.
පෘතුවිවාසින් සොයා එන පිටසක්වල ජීවීන්