පිටසක්‌වල ජීවීන්...

පිටසක්‌වල ජීවීන්...

පිටසක්‌වල ජීවීන් ගැන ඇමරිකානු හමුදාවෙන් අලුත් කතාවක්‌ :rolleyes:

පිටසක්‌වල ජීවීන් පිළිබඳ කතාව දැන් නැවත වරක්‌ කරලියට පැමිණ ඇත. මෙයට හේතු වූයේ ඇමරිකාවේ හමුදා නිලධාරීන් පිරිසක්‌ විසින් කරන ලද හෙළිදරව්වකි.

මෙම ප්‍රකාශයන්ට අනුව පිටසක්‌වල ජීවීන් එක්‌සත් ජනපදයේ සහ බ්‍රිතාන්‍යයේ න්‍යෂ්ටික මිසයිලවලට යම් යම් අවස්‌ථාවන්හිදී බාධා පමුණුවා ඇත.

මෙම පිරිස අතර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් හය දෙනෙක්‌ සහ කොමිෂන් නොලත් එක්‌ නිලධාරියෙක්‌ද වේ.

මේ අයට අමතරව හමුදාවලට අනුයුක්‌තව කටයුතු කළ තවත් එකසිය විසි දෙනකු මෙය සනාථකර ඇත. ඔවුන් පවසන අන්දමට 2003 වැනි මෑත කාලයේදී ද පිටසක්‌වල ජීවීන් මෙසේ ගොඩබැස ඇත.

කවපෙත්තක හැඩය ගත් යම් වස්‌තුවක්‌ තමන් සිටි ස්‌ථානය අවට සැරිසරමින් තිබියදී න්‍යෂ්ටික අවි ක්‍රියාත්මක කිරීමේ පද්ධති හරියාකාරව ක්‍රියා නොකළ බව බැලස්‌ටික්‌ මිසයිල දියත් කිරීමේ නිලධාරියකු ලෙස කටයුතු කළ කපිතාන් රොබට්‌ සාලස්‌ සඳහන් කර ඇත. 1967 වසරේදී මෙම සිද්ධිය වාර්තා වී ඇත්තේ මොන්ටානා ගුවන් හමුදා කඳවුරේදීය. මෙවැනිම සිද්ධියක්‌ සතියකට පසු තවත් මිසයිල පද්ධති සහිත ස්‌ථානයකින් වාර්තා වී ඇත.

මෙම සිද්ධිය පිළිබඳව කිසිම සාකච්ඡාවක්‌ නොකරන ලෙස තමාට නියෝග කළ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙවැනිම සිද්ධියක්‌ චාල්ස්‌ හෝල්ට්‌ නම් කර්නල්වරයෙක්‌ද ප්‍රකාශ කර ඇත. ඔහු කියා සිටින්නේ 1980 දී හඳුනා ගැනීමට අපහසු පියාඹන වස්‌තු කිහිපයක්‌ රාජකීය ගුවන් හමුදාවේ (බ්‍රිතාන්‍යයේ) බෙන්ට්‌ වෝටර්ස්‌ කඳවුරට ආලෝකධාරා එල්ල කළ බවය.

මෙම සිද්ධිය මෙන්ම මෑතදී වාර්තා වූ එවැනිම සිද්ධීන් ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය ආරක්‌ෂක අංශ වසං කරන බව මෙම කර්නල්වරයා ප්‍රකාශ කර ඇත.

හඳුනා නොගත් පියාසර වස්‌තූන් පිළිබඳව පර්යේෂණ කටයුතුවල යෙදෙන රොබට්‌ හේස්‌ටිංග්ස්‌ පවසන්නේ ඇමරිකාව සහ සෝවියට්‌ දේශය අතර සීතල යුද්ධය පැවැති යුගයේදී පිටසක්‌වල ජීවීන් දෙරටටම දුන් පණිවිඩය වූයේ ගින්දර සමග (න්‍යෂ්ටික අවි) සෙල්ලම් නොකරන ලෙසයි. එය ඔහු සනාථ කරන්නේ දෙරටෙහිම ඇති න්‍යෂ්ටික අවිවලට විවිධාකාර කඩාකප්පල් ක්‍රියා කිරීමෙන් බවය.

වොෂිංටනයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඔහු මෙසේ සඳහන් කර ඇත. "මෙම ග්‍රහයාට වෙනත් ග්‍රහයන්ගෙන් අමුත්තන් පැමිණෙනවා. හේතුව කුමක්‌ වුවත් මෙම ජීවීන් න්‍යෂ්ටික අවි තරගය පිළිබඳව යම් උනන්දුවක්‌ දැක්‌වීමට පටන් ගෙන තිබෙනවා."

මෙසේ ඔහු සඳහන් කරන්නේ හමුදා සේවයට සම්බන්ධව සිටි හෝ සිටින පුද්ගලයන් 127 කුගේ අත්දැකීම් තමා සතුව ඇති බවය.

සමහර අවස්‌ථාවන්හිදී කවපෙත්තකට සමානව වස්‌තුවක්‌ අහසෙහි පියාඹමින් තිබූ අවස්‌ථාවක න්‍යෂ්ටික මිසයිල නිවැරදිව ක්‍රියාකරවීමට අපහසු වී ඇත. ඔවුන්ගේ අත්දැකීම් පිළිබඳව අලුතින් දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කළද මෙම සිද්ධීන් බොහොමයක්‌ වාර්තා වී ඇත්තේ 1960 ගණන්වලදීය. මෙම සිද්ධීන් පිළිබඳව වාර්තා ඒ කාලයේදීම පළ වී ඇත.

හේස්‌ටිංග්ස්‌ තවදුරටත් සඳහන් කරන්නේ මෙම පිටසක්‌වල ජීවීන් සෝවියට්‌ දේශයේ අවි සමග යම් යම් වැද්දුම් කර ඇති බවය. ඇමරිකාවට සහ සෝවියට්‌ දේශයට ඔවුන්ගේ පණිවිඩය වූයේ තමන් සෙල්ලම් කරන්නේ ගින්දර සමග බව වටහා දීම බව හේස්‌ටිංග්ස්‌ගේ මතයයි.

බ්‍රිතාන්‍ය කර්නල්වරයා පවසන්නේ තමාගේ ආරක්‌ෂක නිලධාරීන් රතු පැහැයෙන් යුත් විශාල ඇසක්‌ වැනි දෙයක්‌ පාවෙමින් තිබෙනවා දැක ඇති බවය. ටික වේලාවකට පසු මෙම වස්‌තුවෙන් උණුකළ ලෝහ වැනි දෙයක්‌ පිටවීමට පටන්ගත් බවත් පසුව එය කුඩා කැබලිවලට වෙන්වී සෑම දිශාවකටම විහිදී ගිය බවය.

එහෙත් මේ පිළිබඳව තවත් පිරිසක්‌ සඳහන් කරන්නේ මේ සියල්ල ඒ අසල ඇති ප්‍රදීපාගාරයෙහි එළිය බවයි. :rolleyes:
 

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif
    8.gif