පිටිදුවේ හිමි නැවතත් කරලියට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පිටිදුවේ හිමි නැවතත් කරලියට

    මගේ ධර්ම ඥානය පරදවන්න කිසිවෙක් නෑ මේ මනුෂ්‍ය ලෝකයේ නෑ

    සෝමා එදිරිසිංහ පැමිණ මාව පරීක්ෂා කළා


    මීට පෙර පොහොය දිනයන්හිදී රූපවාහිනී වැඩසටහන් වලට නැතිවම බැරි කෙනෙක් වූ පිටිදූවේ සිරිධම්ම හිමියන් පසුගිය අවුරුද්දකට වැඩි කාලයක් රූපවාහිනියේ දක්නට ලැබුණේ නෑ.

    ඒ උන්වහන්සේ විසින් මාර්ගඵල අවබෝධකරගෙන ඇති බවට ගෙනගිය ව්‍යාජ ප්‍රචාරය නිසාය.

    පසුව උන්වහන්සේම එම ප්‍රකාශ ගැන පවසා තිබුනේ මම ඔව්වා කිව්වේ බොරුවට. මුන් රැවටුනා යනුවෙනි.

    කෙසේ හෝ දීර්ග කාලයක සිට රූපවාහිනියේ දක්නට නොලැබුණු පිටිදූවේ සිරිධම හිමියන් මීට මාස 2කට පෙර සිට ස්වර්ණවාහිනියෙන් මතුවුනේ උදෑසන 6.00ට විකාශය වන "ඒහිපස්සිකෝ" වැඩසටහන තුළිනි.

    ඊයේ පොහොය දිනයේ පාන්දර ඒහිපස්සිකෝ වැඩසටහන්ට සිරිධම්ම හිමියන් පැමිණි අතර ස්වර්ණවාහිහිනියෙන් පෝදා විකාශය කරන ධර්ම වැඩසටහනද සජීවීව විකාශය කළේ පිටිදූවේ හිමියන්ගේ බෙල්ලන්තර සදහම් ආශ්‍රමයේ සිටයි.

    එයට සෝමා ඉදිරිසිංහ, මර්වින් සිල්වා, හර්ෂද සිල්වා, රනිල් වික්‍රමසිංහ, විජේදාස රාජපක්ෂ, රවී කරුණානායක ද සහභාගී විය.

    එම සජීවී විකාශයේදී නැවතත් උන්වහන්සේ තමන් පිළිබඳව නැවතත් අධිමානයෙන් කතා කරනු ලැබුවා. එහිදී පිටිදූවේ හිමියන් ප්‍රකාශ කර සිටියේ උන්වහන්සේගේ ධර්ම ඥානය පැරදවිය හැකි කිසිවෙක් මේ මනුෂ්‍ය ලෝකයේ නැති බවයි. එමෙන්ම සෝමා එදිරිසිංහ පැමිණ උන්වහන්සේගේ සකෘද්ධාගාමී බව පරීක්ෂා කල බවයි.

    "මිනිස්සු මට චෝදනා කරන්නේ, නින්දා කරන්නේ, බොරු කියන්නේ මට මගේ දක්ෂතාවය පිළිගන්න තියන අකමැත්ත නිසයි. ඒක තමයි ඇත්ත. අකමැත්තෙන් වුනත් පිළිගන්න වෙනවා.

    ඒවා සේරම බොරු චෝදනා හිස් ප්‍රලාප. ඒ කටකතා වලින් පිළිගන්නව නම් මෝඩයි. අපි ගිහින් පරීක්ෂා කරලා බලන්න ඕනේ, දැන් මෙතන විශාල පිරිසක් ඉන්නවා මේ අය ඒ කතා කිව්වට පිළිගත්තේ නෑ. සෝමා ඉදිරිසිංහ මැතිණිය පිළිගත්තේ නෑ කිව්වට. ඒ ගොල්ලෝ ඇවිල්ලා පරීක්ෂා කලා. මේ චෝදනා ඇත්තද කියලා. එතකොට ඒ ගොල්ලන්ට තේරුණා මේ සේරම හදපු කථා කියලා.

    අපි කාට හරි චෝදනා කරන්නේ අපිට එයත් එක්ක වාද කරන්න බැරි නිසානේ. එයාගෙන් ප්‍රශ්න අහලා ධර්ම ඥානය පරීක්ෂා කරන්න ඕනේ, අවබෝධ ඥානය පරීක්ෂා කරන්න ඕනේ.

    මගේ ධර්ම ඥානය වත්, අවබෝධ ඥානයවත් පරදවන්න කිසිවෙක් නෑ මේ මනුෂ්‍ය ලෝකයේ.

    මජ්ජිම නිකායේ සූත්‍රයක් තියනවා "චබ්බිසෝදන සූත්‍රය" කියලා. ඒකේ තියන්නේ මෙහෙමයි, යම් කිසි භිෂුවක් මාර්ගය ප්‍රත්‍යක්ෂ කිරීම හෝ රහත් බව ප්‍රකාශ කිරීම හෝ කලහොත් අනිත් භික්ෂූන් එය පිළිනොගත යුතුයි. එමෙන්ම එය ප්‍රතික්ෂේපද නොකල යුතුය, ඇවිත් පරීක්ෂාකොට බලා පිළිගත යුතුයි.

    ඕනෑම කෙනෙකුට මාව පරීක්ෂා කරන්න ඉඩ තියනවා. උගතුන්, ඥානවන්තයන්, ශාස්ත්‍රවන්තයන්, ධර්මදරයන්, විද්යාඥ්යන්, දේශපාලඥයන්, සමාජයේ සියළුම තරාතිරම් වල මිනිස්සු මාව සභාවකට කැඳවලා මගෙන් ප්‍රශ්න කරලා පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මාව පරද්දන්න. කිසිවෙකුට මාව පරාජයට පත්කල නොහැක.

    ඉතින් පරාජයට පත් කරන්න බැරි මිනිහෙක්ට ගහනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

    කැලණිතිස්ස රහතන්වහන්සේ කුමන්ත්‍රණයක් කරලා උණු තෙලට දාලා බැද්දා. ඒ සිද්ධිය වෙලා දින 7ක් තුලත මේ කැළණියම් මුළු කොළඹම ජලයෙන් යට වුණා. ඒක තමයි සාපය..! ඒක තමයි සාපය...!!"

    එම වීඩියෝව පහතින්.


     
    Last edited:
    • Like
    Reactions: ablla2007

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    සෝමා එදිරිසිංහ පැමිණ මාව පරීක්ෂා


    කළා
    78506281.jpg



    Eya iwwanam hariyatama hari ati ne...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොහොමහරි හාමුදුරුවො ඊයේ උදේ බණ කිව්වා පුදුම ලස්සනට.කිව්වා අපහාස උපහාස වලට හොඳම පිළිතුර නිෂ්ශබ්දතාවයයි කියලා.පහුගිය දේවල් කොහොම වුනත් හාමුදුරුවන්ගෙ මිනිස්සුන්ගේ හිතට කාවදින විදිහට පැහැදිලිව අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව නන් අතිවිශිෂ්ඨයි.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොහොමහරි හාමුදුරුවො ඊයේ උදේ බණ කිව්වා පුදුම ලස්සනට.කිව්වා අපහාස උපහාස වලට හොඳම පිළිතුර නිෂ්ශබ්දතාවයයි කියලා.පහුගිය දේවල් කොහොම වුනත් හාමුදුරුවන්ගෙ මිනිස්සුන්ගේ හිතට කාවදින විදිහට පැහැදිලිව අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව නන් අතිවිශිෂ්ඨයි.

    Pitiduwe+Siridamma-33000lk-++(3).jpg


     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ane manda ban issara bana scientific widiyata kivva math ahuwa...man hituwe hoda inteligent hamuduru kenek kiyala....monawa welada manda...ekko apita terenne ne..nattan mokak hari awulak gihin
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    I don't know much about this person, but i can say one thing clearly. even if Buddha born again in sri lanka our sri lankan Buddhists would do the same and ignored him ,coz we think we are greater than Buddhaa or knows everything, that is why we cannot expect another Buddha, another jesus, another Einstein again, they are simply ignored
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    I don't much about this person, but i can say one thing clearly. even if Buddha born again in sri lanka our sri lankan Buddhists would do the same and ignored him ,coz we think we are greater than Buddhaa or knows everything, that is why we cannot expect another Buddha, another jesus, another Einstein again, they are simply ignored
    පොස්තු මෑන් ඇවිත් :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    I don't know much about this person, but i can say one thing clearly. even if Buddha born again in sri lanka our sri lankan Buddhists would do the same and ignored him ,coz we think we are greater than Buddhaa or knows everything, that is why we cannot expect another Buddha, another jesus, another Einstein again, they are simply ignored

    e kathaweth aththak thiyenawa machan. ane manda ban. monawa wunath hariyata oppu wenakan wishwasa karana eka waradiy. galleth innawa ban budu wechcha dial ekak.

    siriwardhana.jpg