පිටිදූවේ සිරිධම්ම හිමියන්ට අවවාදයක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ.

    ඊයේ (31) මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද මාධ්‍ය හමුවක දී සඳහන් කළහ.

    ඒ අනුව ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමියන් පොරොන්දු වූ බව ද අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කරති.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    මල්වතු පාර්ශවේ පොන්ස්ලට උන්ගෙ මල් වත්ත බලාගෙන ඉන්න බැරි හැටි. ඕකුන්ට දානෙ ලැබෙනවා තරු පහේ කෑම. ඒත් රටේ ඉන්න දුප්පත් මිනිහා ගැන කවදාවත් කට හොල්ලන්නෙ නෑ. :)
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    චිකේ මොඩයොම පිරුන රටක් උනානේ මේක
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මල්වතු පාර්ශවේ පොන්ස්ලට උන්ගෙ මල් වත්ත බලාගෙන ඉන්න බැරි හැටි. ඕකුන්ට දානෙ ලැබෙනවා තරු පහේ කෑම. ඒත් රටේ ඉන්න දුප්පත් මිනිහා ගැන කවදාවත් කට හොල්ලන්නෙ නෑ. :)
    කාඩිනල්, ජෙරොම් මොනවද දන්නෑ හොල්ලන්නෙ නේද පොන්ස්
     
    • Love
    • Wow
    Reactions: NRTG and Candid-B

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මම නැවතුන බික්ශුවක්.

    මේ බික්ශුව කවදාකවත් සංසාරයේ නැවත අනුන් නිසා පින්වතුනී එක දසමයක්වත් දික් කරගන්නේ නෑ.මං දැස් පියාගෙන දකිනවා දෙයියනේ මේ සංසාරයේ මා මේ සා දීර්ඝ පටිච්ච සම්පන්න ගමනක් මැරෙමින්, ඉපදෙමින් ආවේ අණුන් නිසාමයි.අණුන් බනිද්දි මම බනින්න ගියා,අනුන් විවේචනය කරද්දී මම විවේච්නය කලා, පින්වතුනී මම දැං නැවතුන බික්ශුවක් මම නැවතිලා ඉන්නෙ කවුරූ විවෙචනය කලත්,මම විවේචනය කරන්නේ නෑ,කවුරූ බැන්නත් මම බනින්න යන්නේ නහැ,කවුරූ ද්වෙශ කලත් ද්වෙශ කරන්නේ නෑ පින්වතුනී.මම නැවතිලා ඉන්නවා.මම කවදාවත් නැවත අනුන් නිසා පින්වතුනි,මගේ බව ගමන දීර්ග කරගන්නෙ නෑ.මොකද සාරාසංඛ් කල්ප ලක්ෂ ගාණක් අනුන් නිසා අපි පටිච්ච සම්පන්නව ඇවිල්ල තියනවා.ඒ නිසා ඔබ දක්ශ වෙන්න,ඔබ දක්ෂ වෙන්න.මම ඔබෙන් අහනවා මේ මොහොතේ නෙවෙයි මේ මොහොතේ ඔබ සප්ත බොජ්ජංග වැඩිලා ඉන්නේ ඔබ පංචනීවරනයන් තුල ජීවත් වෙන වෙලාවක පින්වතුනි,ඕනම කෙනෙකුට පුලුවන් ඔබව කෙන්ති ගස්ස්සන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රිදවන්න.ඕනම කෙනෙකුට පුලුවන් ඔබව රංඩුවකට පටලවගන්න.ඇයි පින්වතුනි ?අපී තාමත් අනුන් නිසා භවය සකස් කරගන්න තැනක ඉන්නේ.අපී තාමත් අනුන් නිසා සංසාරය දික් කරගන්න තැනක ඉන්නේ.ඒ නිසා පින්වතුනි අනුන් නිසා ඔබ ඔබේ සංසාරය දික් කරගන්න එපා.අනුන් නිසා ඔබ අකුසල් මූලයන් ජීවිතයට එකතු කරගන්න එපා.අනුන් නිසා වින්දාවූ දුක් ඇති පින්වතුනී.

    කෙනෙක් ඔබට ද්වෙශ කරද්දී සුවපත් වේවා කියලා හිතන්න,ඔහුට යන්න දෙන්න.ඔබ නවතින්න.කෙනෙක් ඔබව විවේචනය කරද්දි.ඔහු සුවපත් වේවා කියල හිතන්න.ඔහුට යන්න දෙන්න ඔබ නවතින්න.සාරාසංඛ් කල්ප ලක්ශ සියක්කෝටී ප්‍රකෝටී ගණනක් මේ පටිච්ච සමුප්පනව ලෝකයේ යන කෙනෙකුට යන්න පුලුවන් පින්වතුනී .ඒ නිසා යන කෙනෙකුට යන්න දෙන්න.ඔබ මේ සුන්දර වෙසක් දවසේ අනුන් නිසා නොදුවන කෙනෙක් වෙනවා කියලා අධිශ්ඨානය ඇති කරගන්න පින්වතුනී.සුන්දර සම්මා සංකප්පයන්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,248
    113
    ඔය මිනිහා තමා ඉරාජ් ඵක්ක ඵකතු වෙලා රටේ ප්‍රශ්ණ අැති කරන්නේ..අර කතෝලික කෙල්ලෙක් දාල බුද්ධාගම ගැන ප්‍රශ්ණ අැහුවෙත් සමන්තගේ ගෝලයෙක් ගෙන්..මේ පාර මුස්ලිම් නෙමෙයි කතෝලික සිංහල ගැටුමක් හදන්න ට්‍රයි ඵක..🤭
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් විසින් ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් කරන අනර්ථ දේශනයන් පැවැත්වීමෙන් වළකින ලෙස පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන්ට මල්වතු පාර්ශ්වයේ මහනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා විසින් අවවාද කර තිබේ.

    ඊයේ (31) මල්වතු මහා විහාරයට කැඳවූ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමියන් වෙත මෙසේ අවවාද සිදු කළ බවත් උන්වහන්සේ එම අවවාද අනුශාසනා පිළිගත් බවත් මල්වතු පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ අද මාධ්‍ය හමුවක දී සඳහන් කළහ.

    ඒ අනුව ඉදිරියේ දී උන්වහන්සේ ගේ දේශනා ආගම දහමට අනුකූල ව සිදු කරන බවට සිරිධම්ම හිමියන් පොරොන්දු වූ බව ද අතිපූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමියෝ සඳහන් කරති.
    කුලේ බලල උපසම්පදාව දෙන්නේ ඇයි කියන එකත් ඕකුන් ගෙන් ඇහුව නම් හරි.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කුලේ බලල උපසම්පදාව දෙන්නේ ඇයි කියන එකත් ඕකුන් ගෙන් ඇහුව නම් හරි.
    වඩුග රජුගේ පහත් කුලවල අයට වැදීමට තිබූ අකමැත්ත නිසා ලු.
     
    • Wow
    Reactions: NRTG