පිටි කිලෝවක් 40කින් ඉහළට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද සිට රු 40 කින් ඉහල දමන ලෙසට ප්‍රීමා සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.

    ඒ අනුව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිගු පිටි කිලෝවක් රු 243.50 දක්වා ඉහළ යනු ඇත.

    තිරිගු පිටි මිල වැඩි විම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රු දස දහසකට වැඩි මුදලක් පිරිවැයක් ලෙස දැරිමට සිදු වන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩි විම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති බවද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ පවසති.

    ලංකාදීප
     
    • Sad
    Reactions: Rankira