පිට රට vs ලංකාවේ IT jobs

thomian

Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    මචං කාලයක් ලංකාවේ IT ජොබ් එකක් කරලා. වෙන රටකට ගිහින් IT ජොබ් එකක් කරද්දී උඹලගේ අත්දැකීම් කොහොමද ? ලංකාවේ වැඩ කරපු කම්පනි එක්ක compare කරලා බැලුවම ?

    1.වැඩ කරන්න සෙට් උන මිනිස්සු.
    2.workload එක .
    3.worklife balance.
    4.office politics.

    5. overall experience
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    1.වැඩ කරන්න සෙට් උන මිනිස්සු.
    මුන්ගැහුණු ගොඩක් දෙනා දක්ෂ අය, යමක් නොතේරෙන කෙනෙක් තමන් නොදන්න බව කියලා අපි ලඟට ඇවිල්ලා ඉගන ගන්නවා.

    2.workload එක .
    කරන්න පුළුවන් ප්‍රමනෙට විතරයි වැඩ තියෙන්නෙ. ඒක ප්ලෑන් කරන්න වෙනම ඩිපාට්මන්ට් (planning & performance) එකක් තියනවා.

    3.worklife balance.
    ඔෆිස් එකෙන්ම work life balance කරන්න උනන්දු කරනවා. වැඩිපුර වැඩ කරන්න දෙන්නෙ නෑ.

    4.office politics.
    නැත්තෙත් නෑ. එහෙම කියලා ලංකාවෙදි වගේ දිය යටින් ගින්දර ගෙනියන එවුන්නම් සෙට් වෙලා නෑ.

    5. overall experience
    ඉතා හොඳයි. ඉදිරියට යන්න, පර්සනල් ඩිවලප්මන්ට් වලට ගොඩක් උනන්දු කරවනවා. ඉන්න කම්පැනි එකට වඩා හොඳ opportunites තිබුනොත් මගෙම manager ඒ වගේ ජොබ් වල විස්තර මට එවලා තියනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    වැඩ කරන්න සෙට් උන මිනිස්සු.

    වැඩ්ඩෝ , ටෙක් දැනුම තියනවා ලෙසටම

    2.workload එක .

    එක එකා එක එක වෙලාවට ඇවිත් උන්ට කැමති වෙලාවල් ඉදලා යනවා පැය 7-8 ඉන්නවා . සමහරු භාගයක් ගෙදර වැඩ බාගයක් ඔෆිස් . පෑලැනිග් වලට වැඩ පුක දීගෙන ප්‍රමෝශන් ගන්න ලොක්කට පේන්න වැඩ නෑ

    3.worklife balance.

    බැලන්ස්

    4.office politics.

    ඇත්තේම නැත

    5. overall experience

    පසනල් ඩෙවෙල්ප්මන්ට් වෙනවා .
    ඔෆිස් උන් පසනලි ෆිට් වෙන එක අඩුයි
    එන්ටටේන්ට්මන්ට් ඇත බීම සහ කෑම , පූල්, බෝලිං, ක්ලබින්

    ට්‍රිප් යන එක නම් අඩුයි
    ගොඩක් ටෙක් ගැනමයි කතාව ඉට පරිබාහිර මාතෘකා කතාකරනව අඩුයි , ඇක්ටිවිස් කරන උන් නැත්තෙම නෑ

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    වැඩ කරන්න සෙට් උන මිනිස්සු.

    වැඩ්ඩෝ , ටෙක් දැනුම තියනවා ලෙසටම

    2.workload එක .

    එක එකා එක එක වෙලාවට ඇවිත් උන්ට කැමති වෙලාවල් ඉදලා යනවා පැය 7-8 ඉන්නවා . සමහරු භාගයක් ගෙදර වැඩ බාගයක් ඔෆිස් . පෑලැනිග් වලට වැඩ පුක දීගෙන ප්‍රමෝශන් ගන්න ලොක්කට පේන්න වැඩ නෑ

    3.worklife balance.

    බැලන්ස්

    4.office politics.

    ඇත්තේම නැත

    5. overall experience

    පසනල් ඩෙවෙල්ප්මන්ට් වෙනවා .
    ඔෆිස් උන් පසනලි ෆිට් වෙන එක අඩුයි
    එන්ටටේන්ට්මන්ට් ඇත බීම සහ කෑම , පූල්, බෝලිං, ක්ලබින්

    ට්‍රිප් යන එක නම් අඩුයි
    ගොඩක් ටෙක් ගැනමයි කතාව ඉට පරිබාහිර මාතෘකා කතාකරනව අඩුයි , ඇක්ටිවිස් කරන උන් නැත්තෙම නෑ
    Agreed

    1. වැඩ්ඩෝ , ටෙක් දැනුම තියනවා ලෙසටම
    2. Scrim based. Sprint ඒකට අනුව වැඩ දෙනව හැබය් busy නැහ
    3.Totally balanced. Office එකෙන් එලියට ආවට පස්සෙ work load ගැන හිතන්න ඕනා නැහ. අපි වැඩේ හරියට ඉවර කර්නවනම් කිසි ාවුලක් නැහ. Lunch time එකත් more than 1 hour ගන්න පුලුවන්.
    4.No office politics, No Racisms
    5. Overall - Personal development එක සිද්ද වෙනවා
    ටෙක් කතා බහ අඩුය් හැබය් තියෙනව වෙලාවට රෙවෙන්නම කතා වෙනව.
    වෙනත් දේවල් ගන කතා වෙනව. උදා : කැම, වාහන, රටවල් ගැන, TV Shows, Movies
     
    • Love
    • Like
    Reactions: Rontmir and thomian

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,559
    17,608
    113
    Auckland
    ලංකාවෙ මම වැඩ කරනකොට මම ගියේ මට ඔනෙ වෙලාවට වැඩට. සමහර දවසට මම රෑ 8-9 වෙනකන් ඉන්නව ඔෆිස් එකේ. ඊට පස්සෙ පර්ෆොමන්ස් මනින පට්ට ගොන් පාට් එකක් ගෙනාව. වැඩට එන වෙලාවට ලකුනු මෙච්චරයි අනන් මනන් මට ලකුනු කැපෙන්න ඒක හැදුවෙ. මම තමා අඩුම පර්ෆෝමන්ස් කියල ආවෙ. ලොල්.

    දැන් ඉන්න රටේ නම් ඔය බයිල නෑ. වැඩ කරන තැන සතියක් දවස් තුනක් ගෙදර සතියක් දවස් 2ක් ගෙදර මාරුවෙන් මාරුවට. සිකුරාදට කැසුවල්. 4ට වැඩ ඉවරයි. පබ් එකට ගියා බියර් එකක් බිවා කට්ටිය කැපුනා. ගෙදර ගියාම ආය වැඩ ගැන හිතන්නෙම නෑ. ජොබ් එක ගෙදර ගෙනියන්නෙ නෑ. හිත නිදහස් ඉතින්.

    එක එක රටවලින් ආපු සහ එක ඒක් විදියෙ මිනිස්සු මුන ගැහෙනව. දැනුම තියනවට වඩා ගොඩක් වෙලාවට ඔනෙම දෙයක් ඉක්මනට තේරුම් අරන් ඒ අදාල දේ කරන්න පුලුවන් අය තමා ගොඩක්ම ඉන්නෙ. කවුරුත් උන්ගෙ නම් වල BSC HONS PONS කියල ගහගෙන නෑ. කියවන්නෙත් නෑ. කියවන එකම දේ මොකක් හරි ස්පෝට් එකක් ගැන වගේ තමා. වෙන පඩ පම්පෝරි නෑ

    තව දෙයක් එකතු කරන්න ඔනෙ.

    හැමෝම වගේ කියන්න පැකිලෙන්නෙ නෑ ඒ අය පාට් ටයිම් විදියට කරල තියන ජොබ් ගැන එහෙම. පහු ගිය දවසක ඔෆිස් එකේ අපි අලුත් මොනිටර් සෙට් එකක් ගෙනත් මගෙ බොස් කියනව ඉස්සර ෆෘට් පිකින් ගිහින් පෙට්ටි අරන් ගියා වගේ කියල. ඊට පස්සෙ අපි කතා උනා කරල තියන අමාරුම ජොබ් ජොබ් ගැන. මෙහෙ ගොඩක් අය ඉගනගන්නකොට මුල්ම ජොබ් කරල තියෙන්නෙ පොඩි දේවල්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක නිසා රෙස්ටුරන්ට් ඒකකට ගියත් ඒකෙ වේටර්ව මරාගෙන කන්නෙ නෑ.

    මාත් එහෙමයි. ලෝහ කර්මාන්තශාලාවක මම පලවෙනි ජොබ් එක කරේ ඉගන ගන්න කාලෙ. අවුරුදු 5කට කලින් (helping with CNC machine, Spot welding, metal press) සෑහෙන දෙයක් ඉගන ගත්තා
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    1.වැඩ කරන්න සෙට් උන මිනිස්සු.
    තමන් කරන රැකියාවට සුදුසුකම් තියන අය තමයි ඉන්නේ. බොරුවට රඟපාලා PHD තියන උන් වගේ පෙන්නන්න යන්නේ නෑ. ඒ වගේම සුදුසුකම් නැති අය රැකියාවට අරගෙනත් නෑ. නොදන්නා දෙයක් කතා කරන්න, අහ ගන්න ලේසියි. අපි දෙයක් දන්නේ නෑ කියල දැනුනොත් අපිව මෝඩයෝ කියල හිතන්නේ නෑ. ඔෆිස් එකෙන් පිටතදී යාලුවෝ වගේ සෙට් වෙලා ට්‍රිප් යන්න, කෑමකට යන්න සෙට් වෙනවා.

    2.workload එක .
    අපි තමයි ඒක බැලන්ස් කරගන්න ඕන. ලංකාවේ වගේ නිවාඩු දවසට ඔන්ලයින් මීටින් වත්, පැය 24ම වැඩ කරලා project deadline එකට කලින් වැඩේ ඉවර කරන්නවත් නෑ.

    3.worklife balance.
    හොඳටම හොඳයි. ඉල්ලන පමාවට නිවාඩු ලැබෙනවා, mental health වගේ දේවල් ගැන ලොකුවට හිතනවා. ඒ වගේම ගොඩක් benefits තියනවා. මම නම් සතියට දවස් 4යි වැඩ. හවස 6ට වැඩ ඉවරවෙන්නේ. ඔෆිස් එකෙන් එලියට ගියාම ආයේ වැඩ ගැන හිතන්න දෙයක් නෑ. ඒ දවස් හතරෙනුත් දවසට පැයක් කලින් ඕෆ් වෙනවා, හේතුව මට අවුරුදු 3ට වඩා අඩු ළමයෙක් සිටීම. එයත් එක්ක කාලය ගත කරන්න කියල දෙන benefit එකක්.

    4.office politics.
    නෑ කියල කියන්නම බෑ. තියනවා. company එකෙන් කියල නෙවෙයි, ඉහල මට්ටම් වල ඉන්න පුද්ගලයෝ නිසා තමයි ඉතින්.

    5. overall experience
    සතුටෙන් ජිවත් වෙනවා. අපිට අවශ්‍ය විදියට ජීවත්වෙන්න, අවශ්‍ය දෙයක් මිලදී ගන්න පුළුවන් තරමට පඩියක් ලැබෙනවා. රැකියාව ගැන තෘප්තිමත්, අලුත් දේවල් ඉගෙනගන්නවා.
     
    Last edited:

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,042
    2,844
    113
    වැඩි විස්තරයක් නම් දන්නේ නෑ

    Onsite ගියාම දැක්කේ උන් වැඩකරන වෙලාවට වැඩ විතරයි කරන්නේ අඩුගානේ news site එකකටවත් යන්නේ නෑ

    Off වෙන වෙලාවට off මොන දෙයක් උනත්
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    1.වැඩ කරන්න සෙට් උන මිනිස්සු.
    තමන් කරන රැකියාවට සුදුසුකම් තියන අය තමයි ඉන්නේ. බොරුවට රඟපාලා PHD තියන උන් වගේ පෙන්නන්න යන්නේ නෑ. ඒ වගේම සුදුසුකම් නැති අය රැකියාවට අරගෙනත් නෑ. නොදන්නා දෙයක් කතා කරන්න, අහ ගන්න ලේසියි. අපි දෙයක් දන්නේ නෑ කියල දැනුනොත් අපිව මෝඩයෝ කියල හිතන්නේ නෑ. ඔෆිස් එකෙන් පිටතදී යාලුවෝ වගේ සෙට් වෙලා ට්‍රිප් යන්න, කෑමකට යන්න සෙට් වෙනවා.

    2.workload එක .
    අපි තමයි ඒක බැලන්ස් කරගන්න ඕන. ලංකාවේ වගේ නිවාඩු දවසට ඔන්ලයින් මීටින් වත්, පැය 24ම වැඩ කරලා project deadline එකට කලින් වැඩේ ඉවර කරන්නවත් නෑ.

    3.worklife balance.
    හොඳටම හොඳයි. ඉල්ලන පමාවට නිවාඩු ලැබෙනවා, mental health වගේ දේවල් ගැන ලොකුවට හිතනවා. ඒ වගේම ගොඩක් benefits තියනවා. මම නම් සතියට දවස් 4යි වැඩ. හවස 6ට වැඩ ඉවරවෙන්නේ. ඔෆිස් එකෙන් එලියට ගියාම ආයේ වැඩ ගැන හිතන්න දෙයක් නෑ. ඒ දවස් හතරෙනුත් දවසට පැයක් කලින් ඕෆ් වෙනවා, හේතුව මට අවුරුදු 3ට වඩා අඩු ළමයෙක් සිටීම. එයත් එක්ක කාලය ගත කරන්න කියල දෙන benefit එකක්.

    4.office politics.
    නෑ කියල කියන්නම බෑ. තියනවා. company එකෙන් කියල නෙවෙයි, ඉහල මට්ටම් වල ඉන්න පුද්ගලයෝ නිසා තමයි ඉතින්.

    5. overall experience
    සතුටෙන් ජිවත් වෙනවා. අපිට අවශ්‍ය විදියට ජීවත්වෙන්න, අවශ්‍ය දෙයක් මිලදී ගන්න පුළුවන් තරමට පඩියක් ලැබෙනවා. රැකියාව ගැන තෘප්තිමත්, අලුත් දේවල් ඉගෙනගන්නවා.
    Patta 😀

    mokadda rata mcn