1.වැඩ කරන්න සෙට් උන මිනිස්සු.
තමන් කරන රැකියාවට සුදුසුකම් තියන අය තමයි ඉන්නේ. බොරුවට රඟපාලා PHD තියන උන් වගේ පෙන්නන්න යන්නේ නෑ. ඒ වගේම සුදුසුකම් නැති අය රැකියාවට අරගෙනත් නෑ. නොදන්නා දෙයක් කතා කරන්න, අහ ගන්න ලේසියි. අපි දෙයක් දන්නේ නෑ කියල දැනුනොත් අපිව මෝඩයෝ කියල හිතන්නේ නෑ. ඔෆිස් එකෙන් පිටතදී යාලුවෝ වගේ සෙට් වෙලා ට්‍රිප් යන්න, කෑමකට යන්න සෙට් වෙනවා.
2.workload එක .
අපි තමයි ඒක බැලන්ස් කරගන්න ඕන. ලංකාවේ වගේ නිවාඩු දවසට ඔන්ලයින් මීටින් වත්, පැය 24ම වැඩ කරලා project deadline එකට කලින් වැඩේ ඉවර කරන්නවත් නෑ.
3.worklife balance.
හොඳටම හොඳයි. ඉල්ලන පමාවට නිවාඩු ලැබෙනවා, mental health වගේ දේවල් ගැන ලොකුවට හිතනවා. ඒ වගේම ගොඩක් benefits තියනවා. මම නම් සතියට දවස් 4යි වැඩ. හවස 6ට වැඩ ඉවරවෙන්නේ. ඔෆිස් එකෙන් එලියට ගියාම ආයේ වැඩ ගැන හිතන්න දෙයක් නෑ. ඒ දවස් හතරෙනුත් දවසට පැයක් කලින් ඕෆ් වෙනවා, හේතුව මට අවුරුදු 3ට වඩා අඩු ළමයෙක් සිටීම. එයත් එක්ක කාලය ගත කරන්න කියල දෙන benefit එකක්.
4.office politics.
නෑ කියල කියන්නම බෑ. තියනවා. company එකෙන් කියල නෙවෙයි, ඉහල මට්ටම් වල ඉන්න පුද්ගලයෝ නිසා තමයි ඉතින්.
5. overall experience
සතුටෙන් ජිවත් වෙනවා. අපිට අවශ්‍ය විදියට ජීවත්වෙන්න, අවශ්‍ය දෙයක් මිලදී ගන්න පුළුවන් තරමට පඩියක් ලැබෙනවා. රැකියාව ගැන තෘප්තිමත්, අලුත් දේවල් ඉගෙනගන්නවා.