පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ


    ගෞතම බුද්ධ ශාසනයේ වැඩ සිටි තවත් උතුම් රහතන් වහන්සේ නමක් තමයි පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ. ‘මහණෙනි, මාගේ ශ්‍රාවකයන් අතර සිංහනාද කරන භික්ෂූන් අතර අග්‍ර වන්නේ පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්’ යැයි භාග්‍යවතුන් වහන්සේ අග තනතුරු ද ප්‍රදානය කළ සේක.

    උදේනි රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ පුතු ලෙස උපත ලැබූ භාරද්වාජ කුමරු කෙටි කලකින්ම ත්‍රිවේදය ඉගෙන ගත්තා. ඉන්පසු පන්සීයක් පමණ බ්‍රාහ්මණ තරුණයින්ට ත්‍රිවේදය ඉගැන්වූවා. රජගහනුවර දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ දහම් අසා පැහැදුණ භාරද්වාජ කුමරුන් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව බුදු සසුනේ පැවිදි බව ලබා ගත්තා. පැවිදි බව ලබා කෙලෙස් තවන වීර්යයෙන් යුතුව විදර්ශනා වඩා කෙටි කලකින්ම චතුපටිසම්භිදාලාභී රහතන් වහන්සේ නමක් බවට පත්වුණා. අරහත්වයට පත් වූ භාරද්වාජ තෙරුන් රහත් වූ දින පටන් විහාරයේ යතුරු කැරැල්ල රැගෙන විහාරයෙන් විහාරයට යමින් දොරවල් හැර ‘යම් කෙනෙකුට නිවන්මඟ ගැන හෝ ඵලයන් ගැන හෝ යම් සැකයක් ඇත්නම් මගෙන් විමසත්වා! යැයි කියා ශ්‍රාවකයන් මැද අභීත සිංහනාද පැවැත්වුවා. තථාගතයන් වහන්සේට වන්දනා කොට භාග්‍යවතුන් වහන්ස, මම බුද්ධ ශාසනය සම්පූර්ණ කර ගත්තා යැයි සිංහනාද කළා. එම නිසා ශ්‍රාවකයන්ට අගතනතුරු පිරිනමන විට ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛූනං සීහනාදං නදිතං යදිදං පිණ්ඩෝල භාරද්වාජෝ’ ති කියා සිංහනාද පවත්වන ශ්‍රාවකයන් අතර අගතනතුර ප්‍රදානය කළා. ධූතාංගධාරී අල්පේච්ඡ දිවියක් ගත කළ භාරද්වාජ රහතන් වහන්සේ දිනක් අරහත්ඵල සමාපත්තියට සමවැදි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි වැඩ සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේගේ මුවින් මේ සොඳුරු උදානය පැන නැඟුණා

    අනුපවාදෝ අනුපඝාතෝ
    පාතිමොක්ඛේ ච සංවරෝ
    මිත්තඤ්ඤතා ච භත්තස්මිං
    පන්නඤ්ච සේනාසනං
    අධිචිත්තේ ච ආයෝගෝ
    ඒතං බුද්ධාන සාසනං’ති

    අන් අයට නින්දා අපහාස නො කිරීමත්, අනුන්ට පීඩා නොකිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැනගෙන වැළදීමත් දුර ඈත වන සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන කරුණු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව වන්නේ යැයි වදාළා.

    z_p06-pin.jpg


    දිනක් පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් උදේනි රජතුමාගේ සුන්දර වන උයනේ දිවා විහරණය ගත කරමින් වැඩ සිටියා. එදින උදේනි රජු හොඳටම මත් බීමත්ව අන්ත:පුර ස්ත්‍රින්ද සමඟින් උයනට පැමිණුනා. මත් වී සිටි රජතුමාට නින්ද ගිය විට ඒ ස්ත්‍රීන් උයන් සිරි විඳිමින් ඇවිද යද්දී තෙරණුවන් දැක පැහැදී දහම් සාකච්ඡවක යෙදුණා. රජතුමා නැගිට ඔවුන් සොයද්දී එය දැක හොඳටම කිපී දිමි ගොඩුවක් කඩා තෙරුන්ගේ ඇඟට වීසි කළා. භාරද්වාජ තෙරණුවෝ ක්ෂණයෙන් අහසට පැන නැගී අහසේ සිට රජතුමාට ධර්මාවවාද සිදුකළා. භාරද්වාජ රහතන් වහන්සේ කෙරෙහි අතිශයින්ම පැහැදුණ රජතුමා තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත්ව සසුනට බෙහෝ ඇප උපකාර කළා.

    වරක් රජගහනුවර සිටුතුමා සඳුන් පාත්‍රයක් තනා උණ ගස් කීපයක් එකට තබා බැඳ එහි මුදුණේ සඳුන් පාත්‍රය තබා එය අහසේ රැඳවූවා. ඉන්පසු ‘ඉතින් ලෝකයේ සෘද්ධිමතුන්, රහතුන් සිටිත් නම් අහසින් පැමිණ මාගේ මේ සඳුන් පාත්‍රය ගනිත්වා යි ප්‍රචාරය කළා. ව්‍යාජ සෘද්ධිමත් බවක් රහත් බවක් ලොවට පෙන්වා මිනිසුන් මුලා කළ නිඝණ්ඨනාථපුත්ථ ආදී අන්‍ය තිර්ථකයන් පසු බා ගියා. එනමුත් මුගලන් මහ රහතන් වහනසේගේ ඉල්ලීම පරිදි පිණ්ඩෝල භාරද්වාජ තෙරණුවෝ සෘද්ධියෙන් වැඩම කොට රැස්ව සිටි දහස් සංඛ්‍යාත පිරිසගේ සාධුකාර මැද පාත්‍රය අරගත්තා. ඊට පළමුව තමන් වැඩසිටි ගල්තලාව සෘද්ධි බලයෙන් ඔසවාගෙන රජගහනුවර වටා ආකාසයේ තුන්වරක් සැරිසැරුවා. ඒ විශාල ගල්තලාවට පා පහරක් දී එය තිබූ තැනම තැන්පත් කළා. ඉන්පසු රැස් වූ මිනිසුන්ගේ ඉල්ලීම පරිදි විදුලි වේගයෙන් නැවත වරක් අහසට පැන නැඟී විටෙක කයෙන් දුම් පිට කරමින්ද, විටෙක මුළු කයම බබුළුවමින්ද, විටෙක ආකාසයේ සක්මන් කරමින්ද බොහෝ ප්‍රාතිහාර්යයන් දැක්වූවා. ඒසා අසිරිමත් ප්‍රාතිහාර්යය බලයකින් සමන්විතවයි උන්වහන්සේ වැඩ සිටියේ. දිනක් භාරද්වාජ රහතන් වහන්සේගේ ගිහිකළ යාහළුවෙකු වූ මිත්‍යාදෘෂ්ඨික මසුරු බ්‍රාහ්මණයෙක් තෙරුන් වෙත පැමිණුනා. ඔහුට අනුකම්පාවෙන් දන් දීමේ වටිනාකම් ගැන දහම් දෙසූ විට ‘මේ තෙරුන් මාගේ ධනය නාස්ති කිරීමට කියනවා’’ යැයි වැරැදි මතයක් ගත්තා. ඇතැමුන් මැබ හකුළුවාගෙන ඔබ වහන්සේට එක බතක් දෙමි කීවා.

    එවිට තෙරුන් වහන්සේ ඒ බත සංඝයාට පූජා කරන්න මා හට නො දෙන්න’ යැයි පැවසුවා. මගේ දානය බොහෝ දෙනෙකු උදෙසා දෙන්නට කීවා යැයි බමුණා තවත් අපැහැදීමට පත්වුණා. එනමුත් ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරතන් වහන්සේ ගෙන් දානානිශංස ශ්‍රවණය කළ බමුණා පැහැදුණ සිතින් තෙරුවන් සරණ ගියා. සැදැහැති උපාසකයෙකු බවට පත් වූ ඒ බ්‍රාහ්මණයාට කරුණු වදාළ භාරද්වාජ තෙරුණුවෝ ථේර ථේරී ගාථා හි ඇතුළත් මේ ගාථා දේශනා කොට වදාළා.

    නයිදං අනයෙන ජිවිතං
    නාහාරෝ භදයස්ස සන්තිකෝ
    ආහාරට්ඨිතිකෝ සමුස්සයෝ
    ඉති දිස්වාන වරාමි ඒසනං

    ආහාර නැති වුණොත් ජීවිතය පවතින්නේ නැහැ. නමුත් ආහාරවලින් හිතේ සැනසිල්ල නම් උදා කරන්නේ නැහැ. ආහාරයෙන් කරන්නේ ශරීරයේ පැවැත්මට උදව්දීම. මේ කාරණය තේරුම් අරගෙන තමයි මා පිණ්ඩපාතයේ වඩින්නේ.

    පංකෝති හී නං අවේදයුං
    යායං වන්දනපූජා කුලේසු
    සුඛුමං සල්ලං දුරුබ්බහං
    සක්කාරෝ කාපුරිසේන දුජ්ජහෝ

    මේ සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් ගැන බුද්ධාදී උතුමන් දැනගෙන සිටියේ මඩ ගොහොරුවක් හැටියට යි. එයට තිබෙන ඇලීම වනාහී උදුරා දමන්නට දුෂ්කර වූ සූක්ෂ්ම යකඩ හුලක් වගේ. අසත්පුරුෂයාට මේ ලාභ සත්කාර අත්හරින්න බැහැ.’

    නිකෙලෙස් සිතින් යුතුව ධූතාංගධාරීව දුර ඈත වන සෙනසුන වල සමාපත්ති සුවයෙන් කල් ගෙවූ පිණ්ඩෝල භාරද්වාජ රහතන් වහන්සේ තමන් වහන්සේ ලද විමුක්ති සුව ගැන මෙසේ උදන් ඇනුවා. ‘මා විසින් රාග, ද්වේශ, මෝහාදි සියලු කෙලෙසුන් ප්‍රහාණය කළා. සියලු භවයන් සිඳ බිඳ දැම්මා. සියලු බැමි සිඳ බිඳ දැමූ ඇත්රජකු මෙන් සියලු ආශ්‍රව නසා දමා ආශ්‍රව රහිත නිකෙලෙස් සිතිනුයි මම වැඩ සිටින්නේ.

    බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙතට සපැමිණි මට යහපතක්ම සිද්ධ වුණා. පුබ්බේ නිවාසානුස්සති ඤාණය, චුතුපපාත ඥාණය, ආසවක්ඛ්‍ය ඤාණය යන ත්‍රිවිද්‍යාවන් මා ලබා ගත්තා. අර්ථ, ධම්ම, නිරුක්ති පටිභාන යන සිව්පිළිසිඹියාවන් ද ලබා ගත්තා. අෂ්ටවිමෝක්ෂයන් ද සාක්ෂාත් කළා. ෂඩ් අභිඤ්ඤාවන්ද අඩුවක් නැතිව ලබා ගත්තා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මැනවින් සිදු කළා.

    භාග්‍යවතුන් වහන්සේගේ උත්තම ශාස්තෘත්වයේ පිහිට, පිළිසරණ ලබා නිකෙලෙස් සිතින් විමුක්ති සුව විඳිමින් වැඩසිටි ඒ රහතන් වහන්සේලා ගැන වඩ වඩාත් සිත පහදවා ගනිමු. පහන් සිතින් යුතුව සරණ යමු. අග්‍ර වූ පුද පූජාවන් සිදු කරන්න. සීලයෙන්, සමාධියෙන් ප්‍රඥාවෙන් සමන්විත රහතුන් වැඩීමග ඔස්සේ අපේ දිවිය ද හසුරුවාගෙන ගෞතම බුදුසසුනේ සනාතන පිළිසරණ ලබමු.

    පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපු නිර්මාතෘ
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ සිද්ධියෙන් පස්සේ භික්ෂුන්ට ප්‍රාතිහාර්ය පෑමට සීමා පැනවුනා කියන කතාව හරිද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොපි පේස් කරාට බොහොම ස්තුතියි.:):)
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ සිද්ධියෙන් පස්සේ භික්ෂුන්ට ප්‍රාතිහාර්ය පෑමට සීමා පැනවුනා කියන කතාව හරිද?

    ඔව් ඔතනින් පස්සෙ තමයි බුදුන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑම වාරනය කරන්නේ.. :yes:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ගුඩ් පොස්ට් උබ සැහෙන දහම් කරුණු දන්නවනේ

    මේවා මම කියවලා තිබ්බට මේවා ලියලා තියන්නේ වෙනත් හාමුදුරුවන් වහන්සේලා.. මම මේ දවස් වල මජ්ජිම නිකාය නැවත කියවනවා.. ඒකේ සමහර සුත්‍ර හිතට තදින් දැනුනම ඒ ගැන ඉන්ටනෙට් එකේ සර්ච් කරලා හොඳ ලිපියක් ලැබුනොත් දානවා.. ඒ අතර ඒ ලිපි හොයනකොට හම්බෙන අනිත් හොඳ ලිපිත් දානවා.. තනියෙන් කියවනවට වඩා තව එක්කෙනක් හරි කියවලා ශ්‍රද්ධාව ඇති කරගන්නවනම් ඒකත් ලොකු දෙයක්නේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    චතුපටිසම්භිදාලාභී kiyanne mokakda bn?

    අර්ථ,ධර්ම,නිරුක්ති,ප්‍රතිහාර්ය යන සතර පිළිබඳ ඇති විශේෂ නුවණට තමයි චතුපටිසම්භිදා කියන්නේ ඕකට සිවු පිළිසිඹියාව කියලත් කියනවා..
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    නැකැත් රාල;17198332 said:
    අර්ථ,ධර්ම,නිරුක්ති,ප්‍රතිහාර්ය යන සතර පිළිබඳ ඇති විශේෂ නුවණට තමයි චතුපටිසම්භිදා කියන්නේ ඕකට සිවු පිළිසිඹියාව කියලත් කියනවා..


    Thanks a lot machan