පිණි බිදු .....

HareendraS

Member
Sep 8, 2009
4,711
304
0
36
-_|MaTaRa|_-
පිණි බිදු .....


nx722r.jpg




එදා නුඹේ දෑසින් දැක්ක ලෝකය ...
හිත පුරා නැඟගෙන ආ
තනි හිතට දරා ගන්න බැරි තරම්...
මහමෙරක ආදරය ගැන ..
සිහින දැකපු මගේ හිත ලග නැවතිලා ..
ලස්සන කතන්දර ලිව්වා මං ...
ඒ නුඹෙ හිතත් මගෙ හිතත් එකට එක්ව බැදුනු
අපමණක ආදරය එක්කයි කියල...
මම කොහොම වටහල දෙන්නද ?


හ්ම් ......
ඔයා දන්නවද .....
සඳසාවීය බැස යන
තරු කැටත් නිදියන යාමයේ ...
ගතම සීතලෙන වෙලා .. .
පිපෙන කුසුමන් සිපගෙන පිණි බිදු වැසි වැටෙන වග...
ඒත් .....
හිරු කුමරුන් ගිරි කුලෙන් නැගෙත්ම ...
පිණි බිදු ...
කාටත් හොරෙන් දුන් සිසිලත් රැගෙන ...
නොමැකෙන මතක සනිටුවන් කොට ...
සැගව යන වග...


හ්ම්....
නුඹත් හරියට මේ වාගේ පැටියො ...
මගෙ හිත අහසටම පුන් සඳක් වෙලා ...
එපා අදුරු වලාවකට සැග වෙන්න ...
පිණි බිදු වාගේ ...
පිබිදි සිත් මල සිපගෙන ආදරය තුරුලු කර ...
පැතුම් මල් වැසි වැටෙද්දී ...
මතක ලොව දස අත පායා ...
නුබ එපා කී ආදරය තනිකර නුබ දුර ගොසින් අද ...
එත් ඇයි ඒ ? .....


එපා පැටියො .. මේ වාගේ වෙන්න ...
මගෙ හිතට කදුලක් වෙන්න ...
මේ ලොව නුබ හට වඩාම..
බැදී ජීවිතය කැපකල ..
හදවත හිමි මා හට බව නුබට දැනුනු දාක ...
නුබෙ ඔය සද වාගේම ලස්සන ආදරය
අද මෙන් හෙටත් සිසිලස රැගෙන ඒවි ...
සත්තයි ...
එදාට හැමදාම අඩන මගෙ නෙතින් සතුටු කදුලක් වැටේවි ...





මේ නිර්මානය ගැන නුඹේ අදහස් දක්වන්න .................... :)



 
Last edited: