කොළඹ සල්ලිකාර ‘රොබින්හුඩ්’ දූ පුත්තු හැමදාම රෑට කරන ලොකුම ලොකු පින්කම
By mawbima
2019-01-20
මේ ළැම ඉස්සුණු ළමිස්සියන්ගේ සහ ඉළන්දාරීන්ගේ ගෞරවාන්විත කල්ලි ගැසීමකි. කල්ලි ගැසීම මඟින් සිදුව ඇත්තේ පන්ති පරතරය අකා මකා දැමීමකි. සරල අර්ථයෙන් එය එලෙසය. මෙම කල්ලිය ඔවුනොවුන් හඳුන්වා ගනු ලබන්නේ රොබින්හුඩ් ආමි ලෙසය. එය සැබැවි. ඒ නම මොවුන්ගේ කල්ලියට හොඳින් පෑහේ. යහපත සහ නපුරු බලවේග අතරේ මෙකල ඇත්තේ අඩමාන තුලනයකි. රොබින්හුඩ් කල්ලිය ඉදිරියට රැගෙන එන්නේ යමකුගේ බඩගින්දර නිවීම යන යහපතය. ඒ ඉන් නපුර පාලනය කළ හැකි යැයි යන විශ්වාසය පෙරදැරිවය. එක අරමුණක් වටා මෙලෙස මේ කුඩා කොල්ලන්ට කෙල්ලන්ට කල්ලි ගැසීමට හැකිව ඇත්තේ කෙලෙසද? එය නම් ආශ්චර්යයකි. එය අරුතින් ගත් කල මෙම කල්ලිය දේශපාලන පක්ෂයකට වඩා ඉහත්තෑවේ සිටින්නේය. සමාජ මෙහෙවරකද යෙදෙන්නේය. කල්ලියේ දෙතොල් මත නළියන්නේ අනුන්ගේ බඩගින්දරය. ඔවුන් දිවා කල ගෙවා දමන්නේ එළැඹෙන රාත්‍රියේ තව අයෙක්ගේ බඩගින්දර නිවා දමන්නේ කෙලෙසද යන ගැටලුවකට පිළිතුරු සොයමිනි. මොවුන් අතරින් කවරෙක් හෝ සවස් යාමයේදී ගිටාරයක් අතට ගෙන රසාත්මක ගීවලින් අවට අවකාශය පුරවා දමන්නේ නැත. අනුරාගය සමහන් කිරීම සඳහා පූචානම් ප්‍රේම කතාවල ප්‍රේම යාචකයන් වන්නේද නැත. තමන්ගේ පාතරාසය මත යහමින් ලුණු ඉස ඇත්තේද යන වග සොයා බලන්නේද නැත.
ඒ සියල්ල අහකට විසික්කා කර දමා ඇත්තේ අන් අයකුගේ බඩගින්දර නිසාවෙනි. ඒ අරුතින් මොවුන් සැබෑ මනුෂ්‍යයන්ය. රොබින්හුඩ් කණ්ඩායම කලඑළි බසින්නේ රාත්‍රි 8.30න් පසුවය. කොළඹ නගරය අවට ඇති තරු පන්තියේ ආපන ශාලා සමඟ ඇති කරගෙන තිබෙන ඇයි හොඳයිය මත ඔවුන් රාත්‍රි 8.30න් පසු එම ආපන ශාලාවලින් ඉවත් කරන ආහාර පාන රැඟෙන ගමන් කරන්නේ ඔවුන් කල්ලි ගැසෙනා පාන් පාන් හෝටලයටය. එහිදී කණ්ඩායම් සාමාජිකයන් විසින් කොළඹ නගරයේ කරක් ගසා රැගෙන එන ලද ආහාර පාන ප්‍රමිතිගත දැයි සොයා බලනු ලබයි. ඉන්පසුව එක් පුද්ගලයකුගේ රාත්‍රි ආහාර වේලට සරිලන ලෙස ඒවා ඇසුරුම් කරනු ලබයි. එවිට රොබින්හුඩ් සාමාජිකයන් සැබෑවටම කෙළිදෙලෙන් ජීවිතය ගෙවනා කොල්ලන් කෙල්ලන්ය.
තමුන්ගේ වයස පරයා නැඟී ඇති අදහස් ගොන්නක් මත සිටියත් තමන් තවදුරටත් යෞවනය විඳින්නන් බවට පෙන්වා දෙමින් ඔවුන් එකී කාර්යයේ නිරත වේ. එය සැබැවින්ම ප්‍රියජනක දර්ශනයකි. තවත් අයකුගේ කුස ගින්දර නිවීම සඳහා ලක ලෑස්ති කරන ආහාර ප්‍රමිතියට අනුකූලදැයි සොයා බැලීම සඳහා ඔවුන් දරන්නේ විශාල උත්සාහයකි.
එකී උත්සාහයට සාධාරණයක් කරනු වස් මෙම ආහාර ලබා දෙන ආපන ශාලා හිමිකරුවෝ ඒවා තවදුරටත් පරිභෝජනය සඳහා වූ ඒවා බවද සහතික කරනු ලබයි. එම නිසා ඔවුන්ගේ උත්සාහය කිසිවිටෙකදී අපතේ ගිය උත්සාහයක් නොවේ. පාන් පාන් ආපන ශාලාවේදී එලෙස ඇසුරුම් ගත කරනු ලැබූ ආහාර පාන රැගෙන ඔවුන් වීදි බසින්නේ රාත්‍රි 9න් පසුවය. උදාහරණයක් ලෙස රාත්‍රි 8.30 වන විට යම් ආපන ශාලාවක පාන් ගෙඩි 50-60ක් ඉතිරි වී තිබේ නම් එම පාන් ඔවුන් පාන් ලෙසම ලබා දෙන්නේ නැත. පාන්වලට සරිලන ලෙස සකස් කළ වෑංජනයක් සමඟින් එය ලබා දෙන්නට ඔවුන් තැත් දරයි. වෑංජනය සඳහා වැයවන සියලු මුදල් රොබින්හුඩ් සාමාජිකයන්ගේය. ඉන්පසුව අසුරණ සමඟ වීථි බහිනා ඔවුන් කොළඹ නගරයේ අඳුරු අහුමුලු කරා ඇස් යොමමින් සොයන්නේ බඩගින්නේ සිටිනා අයවලුන්ය. පුද්ගලයන් බාහිර පෙනුමෙන් සන්නද්ධව සිටියත් ඔවුන්ගේ අඳුරු අධ්‍යාත්මයට අත පෙවීම එක්තරා දුරකට අසීරු කාර්යයකි.
නමුත් රොබින් හුඩ් සාමාජිකයෝ ඒ අවදානම පවා ගනී. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිටිනා යාචකයන් අතරින් බොහෝ දෙනෙක් රොබින්හුඩ් කල්ලියේ සාමාජිකයන් අතින් තමන්ගේ රාත්‍රි ආහාරය ලබා ගැනීමට හුරුපුරුදුව සිටී. එම රාත්‍රි ආහාරය කොළඹ 7 තරු පහේ හෝටලයකින් ලැබෙන්නා සේ ඔවුන් අතට ලැබෙන බව දැනීමද එයට හේතුවකි. රොබින්හුඩ් සාමාජිකයන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින්නේ සැබෑවටම බඩගින්දර හඳුනන බඩගින්දරේ සිටින්නන්ය. කල්ලියේ සාමාජිකයන් අතින් ආහාර අසුරණයක් ලබා ගත්තායින් පසු ඔවුන්ගේ මුහුණේ මැවෙන්නේ තවදුරටත් බඩගින්දර පිළිබඳ හැඟීමක් නම් නොවේ. එය මානුෂිකය. විටෙකදී ආවේගශීලීය. කොටුව දුම්රිය ස්ථානය තම නිවහන කරගත් පුද්ගලයන් කීප දෙනෙක් රොබින්හුඩ් කල්ලිය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසකි.
"ඒ ළමයි හැමදාම 9-9.15 අතර මෙතෙන්ට එනවා. ඇවිල්ලා කෑවද බිව්වද කියලා අහලා අපට කෑම ජාති ලබලා දෙනවා. සාමාන්‍යයෙන් ඒ කෑම ජාති කඩේකින් මිලට අරගෙන කවදාවත් කාලා නෑ. කෑම ජාති විතරක් නෙවෙයි බොන්න වතුරත් ඒ අය දෙනවා. බොහොම වැදගත් ළමයි. දැන් සාමාන්‍යයෙන් පොහොසත් අය දුප්පත් අයගේ ඕනෑ එපාකම් අඳුනන්නේ නෑ කියලනේ කියන්නේ. ඒත් මේ ළමයි හැම වෙලාවකදීම අපේ දුක අඳුන ගන්න තමයි කතා බහ කරන්නේ. අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලත් අහනවා. අහලා ඒවටත් කරන්න පුළුවන් උදවු කරනවා.
මේ ස්ටේෂන් එක ගාව කොහොමත් රෑට 100-200ක් හිඟන අය ඉන්නවා. දුර පළාත්වලට යන්න ඇවිල්ලා යා ගන්න බැරුව අතරමං වුණු අය ඉන්නවා. පෙළක් අය අතේ සල්ලි නෑ. සල්ලි තියෙන්නේ එක්කෝ බස් එකට, කෝච්චියට හරි යන්න විතරයි. පෙළක් අය ඉන්නවා පිට පළාත්වලින් කොළඹට හදිසි ලෙඩ්ඩු අරගෙන ආපු. ඒ වගේ එක එක කරදර හින්දා ඉන්න තැනක් නැතුව මේ ස්ටේෂන් එක ඉස්සරහා ආරක්ෂාකාරී විදියට රැය ගෙවලා දාන අය තමයි ගොඩක් ඉන්නේ. ඒ අය කෑමක් බීමක් ගැන හිතන් නෑ. මොකද ඊට වඩා කරන්න වැඩ තියෙන හින්දා.
එහෙම අසරණ වෙලා ඉන්න කාට වුණත් නොවරදවාම රෑ 9 - 9.30ත් අතර කෑම වේලක් ලැබෙනවා කියන එක කොච්චර දෙයක්ද. ඒ විශ්වාසය උඩ රොබින්හුඩ් කල්ලිය එනකන් මිනිස්සු මෙතන මඟ බලාගෙන ඉන්නවා. අනික ලංකාවේ අහකට විසිකරන දෙයක්වත් තව කෙනකුට දෙන්නැති මිනිස්සුනේ ඉන්නේ. මේ ළමයි හොඳම කෑම ජාති තෝරලා ඒවා වෙනම අසුරණයක දාලා බොහොම වැදගත් විදියට තමයි අපි අතට දෙන්නේ. මම හිතන්නේ දෙයක් දෙන්න ඕන මනුස්සයෙක්ගේ හිත සතුටු වෙන්න. කෑමකින් වුණත් පිරෙන්නෙත් බඩ නෙවෙයි හිත.
මේ අය කතා කරන විදිහ බොහොම වැදගත්. මේ අය දැක්ක ගමන් කියන්න පුළුවන් මෙයාලා ලංකාවේ හොඳ පවුල්වල දරුවෝ කියලා. අනික් කාරණය තමයි මේ රොබින්හුඩ් කල්ලියේ එක එක ආගම්වල අය ඉන්නවා. සිංහල, මුස්ලිම්, දෙමළ හැමෝම කෑම අරගෙන මෙතනට එනවා. ඒ හින්දා මෙතන ඉන්න හැම ජාතියකම අසරණ මිනිස්සුත් එක්ක බොහොම ළඟින් කතා බහ කරන්න ඒ අයට පුළුවන්. දානපතියෝ ඉන්නවා ඒගොල්ලෝ අවුරුද්දේ එක දවසක දාන මාන සිදුකරන. හැබැයි මේ දරුවෝ සතියේ හැම දවසකම රෑ 9 - 9.15ත් අතර නොවරදවාම ඇවිල්ලා අපට කන්න බොන්න දීලා යනවා. ඒක ලොකු දෙයක්. ලොකු පිනක්. අර එහා පැත්තේ ඉන්නේ දෙමළ පවුලක උදවිය. හෙට තෛපොංගල්. (14දා රාත්‍රියේ කළ සංචාරයකි.) මේගොල්ලෝ කොළඹට ඇවිල්ලා තියෙන්නේ ඒ අයගේ ඊපීඑෆ් පාරිතෝෂික දීමනා ගැන සොයලා බලන්න. ඒ අයට යන්න විදියක් නෑ. ආයේ කෝච්චියක් තියෙන්නේ උදේ. ඉතින් ඒ අය ස්ටේෂන් එක ඉස්සරහා නතර වෙලා. එයාලගේ අවුරුද්ද එළැඹෙන වෙලාවේ ඒ අයව බඩගින්නේ නොතියා ඒ අයට කෑම වේලක් දෙන්න කොළඹ නගරයේ ඉන්නේ රොබින්හුඩ් කල්ලිය විතරයි.
රොබින්හුඩ් කල්ලියේ ආරම්භය 2016 අවුරුද්දේ අගෝස්තු 15දා සිදුවූවකි. කණ්ඩායම් සාමාජිකයන් අතරින් ප්‍රථම සාමාජිකයෝ සිය කාර්යභාරය ලෙස වටහා ගෙන ඇත්තේ තව අයෙක් බඩගින්නේ නොතියමු යන්නය. එය සුළු පටු කාර්යයක් නොවේ. වගවීමක් සහ කැපවීමක් ඒ සඳහා අවැසිය. සාමාජිකයන් තුන් හතර දෙනෙක් අතරින් තමන්ට ඇති සම්බන්ධතා ප්‍රයෝජනයට ගෙන මෙම ගැටලුව සඳහා පිළිතුරු සොයන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කර තිබේ. සුපිරි ආපන ශාලාවලින් ප්‍රමිතියකට අනුකූලව තිබියදී ඉවත දමන ආහාර පිළිබඳ ඔවුන් සැලකිලිමත් වන්නට ගෙන ඇත්තේ ඉන් පසුවය. වැල්ලවත්ත රෝයල් බේකරිය, පාන් බේකරිය සමඟ ඔවුන් සාකච්ඡා කරන්නට ගන්නේ එම ප්‍රශ්නය සඳහා පිළිතුරක් සොයාගන්නටය.
එම බේකරිවල පාලනාධිකාරිය ඔවුන්ට පවසා සිටින්නේ රාත්‍රි 8.45න් පසු ඉතිරිවන ආහාරයට සුදුසු මට්ටමේ පවතින සියලුම ආහාර ද්‍රව්‍ය රොබින්හුඩ් කල්ලියට ලබාදිය හැකි බවය. ඒ අනුව සාමාජිකයන් තිදෙනෙක්ගෙන් ආරම්භ වන රොබින් හුඩ් කල්ලිය සෙනසුරාදා රාත්‍රියේ පමණක් කොළඹ අවට සිටින්නන්ට රාත්‍රි ආහාරය ලබාදීමට ක්‍රියා කරන අතර කණ්ඩායමේ සාමාජිකයන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීමට පටන් ගැනීමෙන් පසුව එය සතියේ දින 7 පුරාම නොකඩවා සිදු කරන්නක් බවට පත් කරගෙන තිබේ. සාමාන්‍යයෙන් මෙම කල්ලිය එක රාත්‍රියකදී පුද්ගලයන් 300කට පමණ මෙලෙස කෑම පාර්සල් ලබාදේ. එය විටෙකදී පුද්ගලයන් 500 දක්වා ඉහළ යන අවස්ථා තිබේ. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ තම සම්පත් දායකයන්ට හානියක් නොවන අයුරින් පුද්ගල සංඛ්‍යාව දිනෙන් දින වැඩිකර ගැනීමටය. මෙලෙස පුරා දින 7ක් පුද්ගලයන්ට ආහාර ලබා දීමෙන් නොනැවතී ඔවුන් විශේෂ අවස්ථාවලදී අසරණභාවයට පත්වන පිරිස් ඉලක්ක කරගනිමින් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. ඒවා බොහෝ විට මඩකළපුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය වැනි
දුෂ්කර ප්‍රදේශ මුල් කරගෙන සිදුවන ක්‍රියාකාරකම්ය.
රොබින්හුඩ් කණ්ඩායම සැබැවින්ම පුංචි කොල්ලන් කෙල්ලන්ගේ එකතුවකි. නමුත් ඔවුන්ගේ හදවත් විශාලය. තව කෙනකුගේ දුක එම හදවත් උරාගෙන හමාරය. ඉක්බාල් මොහිදීන්, දිලා වීරසිංහ, කුමී, නෝමිනී, නිරෝෂ්, රෂ්මිණී මෙම කණ්ඩායමේ පෙරටුගාමීන්ය. ඔවුන් තම කණ්ඩායම සඳහා කදිම නායකත්වයක් ලබාදෙති. කණ්ඩායම තුළ විනය පවත්වාගෙන යනු ලබයි. එය වඩා වැදගත් කාරණයක් වන්නේ කොළඹ නගරය තුළ විවිධ සමාජ මට්ටම්වල පුද්ගලයන් සමඟ මහ රාත්‍රියේ රොබින් හුඩ් කල්ලියට ගනුදෙනු කිරීමට සිදුවන නිසාය.
රොබින්හුඩ් කල්ලියේ අරමුණ වන්නේ තමන් විසින් සිදුකරන මෙම සද්කාර්ය තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමය. ඒ සඳහා ඔවුන් බඩගින්න හඳුනන මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් නොව ආහාරපානය. ඒ ආහාරපාන බඩගින්නේ සිටිනා කවරෙක් හට හෝ ලබාදීමේ වගකීම රොබින් හුඩ් කල්ලිය භාරගැනීමට කැමැත්තක් දක්වන්නේ එය සිය වගකීමක් ලෙස සලකමිනි. මෙවන් විසල් හදවත් ඇත්තන් සමඟ එක්කාසු වීමට කැමැත්තක් දක්වන අයෙක් වෙතොත් 077 - 1855535 දුරකථන අංකයෙන් රොබින්හුඩ් කණ්ඩායම ඇමැතිය හැකිය.
කතාව - ප්‍රභාත් අත්තනායක
පින්තූර - එෂාන් දසනායක
Other 98 Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
කාමයේ වරදවා හැසිරීමේ විපාක[/SIZE]
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්‌මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්‍රතිෂ්‍යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
Home Queen-Wife
මී පැණි
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
අවමගුල් අගෝස්තුව ද?
ඇත්තටම පිට යන්නෙ ඇයි?
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
කෝටිපතියාගේ ජීවිත කතාව
Whats app Lokka-Jan Koum
Cargills Food City Owner Story
Good Heart
අම්මේ මම ආවේ මේ.. ලයිට් කපන්න
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
කුසලතාවය
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Lasith Malinga -Slinger Malinga