පිත්තාශයේ ගල්...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මගේ යාලුවෙක් ඔය ගල් නිසා බිත්ති දිගේ බඩගෑව . පස්සේ වෙදෙක් පොරට බෙහෙත් දාපු තැඹිලිගෙඩියක් රැය පහන් වෙනකම් එලියේ තියකා උදේ හිස් බඩ ගහන්න කිව්වා . මුගේ ගල් ටික ඔක්කම චූ එක්ක ගියා . මූ කිව්වා යන්න පටන් ගත්තම දැනෙනවලු කෑලි යනවා . පස්සේ xray කරා ඔක්කම ගිහින් බටහිර වෙදාල මවිත වෙලා
    ඒ මුත්‍රාශයේ ගල්නෙ...
    ඒවටනං බේත් බීල ගොඩදාන්න පුලුවන් ලෙඩ.
    පිත්තාශයේ කතන්දරේ වෙනස්...
     

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ගම්පහ අවට ඕන තරම් පාරම්පරික සහ ආයුර්වේද වෛද්‍යවරු ඉන්නවා. ඒ කෙනෙක් ලඟට යන්න.

    ගම්පහ හරියටම කොහෙද කියල කිව්වොත් කිට්ටුව තැනක් හොයල දෙන්න පුළුවන්
    මාම ඉන්නෙ බැලුම්මහර
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    එකට ඔපරේශන් කරන්නම ඕනේද අක්කේ
    මටනං දීපු එකම ඔප්ශන් එක ඔපරේශන් එක...
    අපේ තාත්ත ටිකක් අමාරු තත්වෙ හිටියෙ. ඩොක්ට හසන්ජය ලඟට ගෙනිහින් ලෙඩේ අඳුරගන්නෙ නැතුව වැඩේ ඔඩුදුවල තිබුණෙ.
    අර කාලෙකට කලින් කෙල්ලෙකුත් මැරුණලු නේද ඔය ඔපෙරශන් එක කරද්දි? (Source)
    මේක කරෙත් හසන්ජය ගොයියම තමයි.
    ඊට පස්සෙ අරන්ගියා නවලෝකෙ ඩො.මයියා ගුණසේකර ලඟට. එයා තමයි වැඩේ කරේ...





    සිංහල වෙදකම ඉතිං ශුවර් කරන්න බෑනෙ. හොර යක්කු තමයි ඉන්නෙ වැඩිපුර...
    ගියාට පස්සෙ බඩට තෙල් ටිකක් ගාල එවයි, වැඩේ අල වෙනකල් දන්නෙම නෑ... වගකීමෙන් වැඩේ කරන හොඳ වෙදෙක් සෙට්වුනොත් අවුලක් නෑ...
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    අපේ අම්මාගේ පිත්තාෂයේ නාලයක ගලක් ( පොඩි ගෙඩියක් වගේ) තිබිලා අයින් කරා 2021 දෙසැම්බර් වගේ. පිත්තාශයේ ගල් තියෙනවනම් පිත්තාෂයම අයින් කර්න්න ඕනෑලු,නැත්නම් අය කාලෙකදි පිත්තාෂය හැකිලෙනවලු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    මටනං දීපු එකම ඔප්ශන් එක ඔපරේශන් එක...
    අපේ තාත්ත ටිකක් අමාරු තත්වෙ හිටියෙ. ඩොක්ට හසන්ජය ලඟට ගෙනිහින් ලෙඩේ අඳුරගන්නෙ නැතුව වැඩේ ඔඩුදුවල තිබුණෙ.

    මේක කරෙත් හසන්ජය ගොයියම තමයි.
    ඊට පස්සෙ අරන්ගියා නවලෝකෙ ඩො.මයියා ගුණසේකර ලඟට. එයා තමයි වැඩේ කරේ...
    මේමයි ඕකෙන් ඉතින් වැඩේ වෙනවා . ඒත් ඉතින් අපේ වෙදකමේ ඕවට දෙයක් නැති වෙන්න බෑ. ඔය කරල් බෙහෙත් හදන්නෙත් පරිසරයේ දේවල් එකතු කරලනේ
     
    • Like
    Reactions: PHBhagya

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Usually, the surgery is done as a laparoscopic surgery. If complications arise, it requires an open surgery. I had this surgery a few years ago with no complications. The only problem is that if you do not eat for a while (a day), you may have diarrhea due to the excess bile in the intestine. But it is a minor nuisance that you will rarely encounter.
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    686
    2,001
    93
    33
    පිත්තාශය ගල් Gallstones හැදෙන්නේ cholesterol හරි රුධිර වර්ණක ස්පටික crystals හැදිලා. ඒක එක type ගල් වර්ග තියෙනවා. ඕකට කරන operation එක ගොඩක් වෙලාවට laparoscopic cholecystectomy කියන්නේ. Open cholesystectomy යන්නේ බඩ කපලා කරන ඒක. Laparoscopic surgery වල බඩේ පොඩි හිල් කීපයකින් කැමරා සහ අනෙක් උපකරණ යවල කරන්නේ. ටිකක් ලොකු ඔපරේෂන් එකක් වුනාට රජයේ රෝහල් වල නම් සතියට 3-4ක් කරනවා. ඕකේ අවුල ඔය ගල් තියාගෙන ඉන්න කාලේ වැඩි වෙන්න වෙන්න chornic cholesistitis එනවා. ඒ කියන්නේ පිත්තාශය නිතර ප්‍රදාහය වෙනවා. එතකොට පස්සේ ඔය operation එක කරන්න අමාරු වෙනවා. පිත්තාශය හැම තැනම ඇලිලා තියෙන නිසා. මුලදිම කලොත් surgeon ට පිත්තාශය වෙන කර ගන්න ලේසි.

    අනෙක් ප්‍රශ්නේ ඔය ගලක් එළියට ගිහිල්ලා අග්න්‍යාශයට අදාළ නාලයක හිර වුණොත් acute pancreatitis එනවා. එතකොට surgery කරන එක කොහොමත් අවදානම්. Acute pancreatitis එකෙන්ම ලෙඩා මැරෙන්න පුළුවන්. ERPC එකක් ඒ කියන්නේ කටින් බටයක් යවල ගල් extract කරලා pancreatitis සුව වුණාට පස්සේ surgery එකට යන්නත් පුළුවන්. තව අක්මාවට අදාළ common bile duct එකේ ගල හිර වුණොත් acute cholangitis හැදිලා ලේ වලට විෂබීජ ගිහින් මැරෙන්නත් පුළුවන්. ඒ වෙලාවට surgery කළා කියලා වැඩක් නෑ. Surgery කරන්නේ unstable ලෙඩේක්ට නම් theater එකේදිම මැරෙන්න පුළුවන්. එතකොට surgery එකේ වෙච්ච අවුල නෙවෙයි. අවුල් ලෙඩෙක් surgery එක කරපු කාරණාවම ඇති ජිවිතේ නැති වෙන්න. ඔය මැරුණ කියලා ප්‍රසිද්ධ වෙච්ච ලෙඩාත් මාසෙකට කලින් ලෙඩේ අදුර ගෙන හොඳටම අමාරු වුණාට පස්සෙ ඇවිල්ලා තිබ්බේ. ඒ වගේ වෙලාවක ඕනෑම surgery එකක් කියන්නේ කොහොමත් අවදානම්. ඔවා ලෙඩ්ඩු දන්නේ නෑනේ. Surgeon අනවශ්ය අවදානම් ගන්නේ නැතුව surgery postpone කරණ එක ඒ වෙලාවට කරන්නේ.

    ඔය surgery එක නොකළා කියලා ලෙඩා මැරෙන්නේ නෑ. හැබැයි පහුවෙලා කරද්දී අර ප්‍රශ්න ටික මතු වෙනවා. අනික gallstones තිබ්බා පලියට surgery කරන්න ඕනේ නෑ. අපිටත් නොදැනී මැරෙනකම් ගලක් දෙකක් තියෙන්න පුළුවන්. හැබැයි ගල් නිසා පිත්තාශය ප්‍රදාහය ඇවිල්ල acute cholecystitis එනවා නම් surgery එක කරන්න ඕනේ.

    සිංහල ද බටහිර වෙදකම් ද කරන්නේ නොකරන ඒක ලෙඩාගේ තීරණයක්. ඒ තීරණය ගන්න කලින් ලෙඩේ ගැන දැනුවත් වෙලා ඉන්න
     
    Last edited:

    sasi1017

    Active member
  • Oct 12, 2013
    360
    206
    43
    මේකයි මචං කතාව.
    මගේ වයිෆ්ට අවුරුද්දක් විතර සැරෙන් සැරේ තද බඩේ කැක්කුමක් ආවා.ඒ එන එන වේලාවට දන්න දන්න තැන්වලින් බෙහෙත් ගත්තා.බලපු ඔක්කොම ඩොක්ටර්ස්ලා කිව්වේ ගැස්ට්‍ර‍ිටිස් කියලා තමයි බෙහෙත් දුන්නේ.බෙහෙත් වේලක් දෙකක් බිවවහම ලෙඩේ හොදයි.ආයිමත් මස 3කින් විතර තමයි කැක්කුම එන්නේ.
    ගිය දෙසම්බර් මසේ මුල හරියේ තදින්ම කැක්කුම ආවාහම ලග ඉන්න ඩොක්ටර් කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තා. එයා කිව්වෙත් ගැස්ට්‍ර‍ිටිස් කියලා.එත් බෙහෙත් ටික බොන්නවත් බැහැ වමනේ යනවා.කැක්කුමත් එහෙමමයි.ඊට පස්සේ මම ජයවර්ධනපුර අරන් ගියා.එහෙදිත් ඩොක්ටර්ස්ලා බලලා සේලයින් එකක් එහෙම දිලා ගෙදර එව්වා.ආයිත් එදා රෑම අමාරුවුනා.මම එහෙම්ම ජයවරධනපුර ඇඩ්මිට් කරහම ඉලග දවසේ කිව්වා රිපොට්ස් සහ ස්කැන් බලලා වයිගෛ් පිත්තාශයේ 2cm විතර ගලක් තියෙනවා එක දැන්ම අයින් කරන්න බැහැ කියලා.පිත්තාශය ඉදිමිලා තියෙන්නේ එක පිපිරුවෙත් ලොකු ප්‍ර‍ශ්ණයක් කියලා ඉන්ජක්ශන් කොස් එකක් දවස් 5ක් දිලා ගෙදර එව්වා පිත්තාශය සාමාන්‍ය තත්වයට ආවාහම ඔපරේශන් කරලා එක අයින් කරමු කියලා.
    එහෙම සැරෙන් සැරේ ලිවර් ෆොරෆයිල් අරන් අන්තිමට කිව්වා දැන් නොමල් ඹපරේශන් එක පෙබරවාරි මැද කරමු කියලා.ඔය අතර වයෆ්ගේ අයියා කිව්වා ඒ පැත්තේ කෙනේක්ගේ මුත්ත්‍ර‍යේ ගල් අටක් තිබිලා වෙදමහත්තයෙක් පත්තුවක් බැදලා අයින් වෙලා කියලා.මම නම් සිංහල වෙදකම පිලිගත්තේම නැහැ.වයිෆ්ට බැහැ කියන්න බැරි හින්දම මම කිව්වා ඔයාම කථාකරලා බලන්න කියලා.
    ඊට පස්සේ වෙදමහත්තයා කියලා තිබුනා එයා පිත්තාශයේ ගල් වලට නම් බෙහෙත් බැදලා නැහැ.එත් විස්වාශයක් තියෙනවනම් බෙහෙත් බැදලා බලමු කියලා.
    වයිෆ්ගේ ගෙවල් තියෙන්නේ තබුත්තේගම.වෙද මහත්තයා ගෙදරටම ඇවිත් එක දවසක් පත්තුව බැදලා තව දවස් 4ක් විතර දිගටම හවසට බැදලා උදේට ගලවන්න කියලා බෙහෙත් දිලා ගියා.මම වයිෆ්වයි පොඩි දෙන්නයි ගමේ තියලා පත්තුව බැදගන්න කියලා කොළඹ ආවා. දවස් පහක් බැදලා එක්කන් ඇවිත් ඊයේ ස්කැන් කරලා බැලුවා.ස්කැන් එකෙන් ඩොක්ටර් කියාපි මචෝ ගල නැහැ කියලා.වැලි වගේ පොඩ්ඩක් තියෙනවා එක ඔපරේශන් කරන්න ඔන තත්වයක් නෙමේ කියලා.
    ඔක මගේ කනට ඇහෙනකන්ම මම සිංහල වෙදකම ගැන කිසිම විස්වාශයක් තිබුනේ නැහැ.මේ වෙදමහත්තයා ඉන්නේ දොලුකන්දේලු.මම එහේ ගියේ නැහැ වෙදමහත්තයා වයිෆලගේ ගෙදරටම ඇවිත් බෙහෙත් ටික මුල් දවසේ බැදලා ඉතුරුටික දවස් 5ක් විතර බදින්න කියලා ගියා.වයිෆ්ගේ ගෙවල් තඹුත්තේගම ඒ පැත්තේ බෙහෙත් කරපු අයගේ ගල් නැතිවෙලා තියෙනවා.වෙදමහත්තයා බෙහෙත්වලට ගානක් කියන් නැහැ.මම නම් 5000ක් දුන්නා.මොකද ඉස්සේල්ලා බෙහෙත් කරපු අයත් ඒ ගාන දිලා තිබුනු නිසා.
    මම මේ සම්පුර්ණ විස්තරේම දැම්මේ මේක කියවලා උබලම තිරණය කරපල්ලා මෙතෙන්ට යනවද නැද්ද කියලා.
    මගේ වයිෆ්ගේ වැඩේනම් හරියටම හරි.බොරුවට කපලා කොටලා දානවට වඩා මේ නිසා කොච්චර පහසුවුනාද.
    මේ තියෙන්නේ ෆොන් නම්බර්ස් 0173410055-0722985054.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    @pitiye.appu නාවින්නේ ආයුවේදේ මුස්ලිම් ඩොක්ටර් කෙනෙක් කරපු පිත්තාශේ ගලයින් කරපු එකක් ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා නේද