පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

cat123

Well-known member
  • Sep 25, 2007
    2,709
    4,460
    113
    ගඟට කපන ඉනි ගඟදිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ළඟාවෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුණාම
    ගතේ රුසිරු නැතිවෙයි රැලි වැටුණාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුණාම
    දුන්දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිර්වාණෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා

    ගී පද -ඇරැව්වල නන්දිමිත්‍ර
    ගී තනු - ආචාර්ය රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අවිද්‍යා පච්චයා සංකාරා

    අවිද්‍යාව ඇති විට වෙන පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියම තමයි ඔය "ඉතුරු වෙනවා කියලා හිතන් ඉන්න පින්/ පව්". මේක කියවද්දි වෙන්නෙත් ඔය පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියමයි.

    සංකාරා වලින් ආයෙත් සසරට තමයි වැටෙන්නේ. සසරෙන් මිදීමක් නැහැ. අවිද්‍යාව නැති තැන සංකාරා නැහැ. කර්ම-කර්මඵලත් නැහැ. පටිච්ච සමුප්පන්නත් නැහැ.

    ඔය ඉතුරු වෙනවා කියලා හිතන් ඉන්න පින්/ පව් මුකුත් ඔය හිතන් ඉන්න විදිහට වෙන්නේ නැහැ. උපාදානය ඔස්සේ හිතන තැනම අවිද්‍යාව. අකුසල්.

    https://elakiri.com/threads/පිං-සහ-පව්.2209548/
    ------ Post added on Jun 6, 2025 at 10:30 PM