පින්තූර කථාවක්

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    පින්තූර කථාවක්

    අල්ලට සිගාවත් රස නැති කැවිලි කකා
    වල්කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
    කල්ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් වකා
    ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා

    වේවැල් කෝටු නාරං සියඹලා අතු
    කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු
    මෙවැනි ඉපල් මගෙ දැසට නොපෑ යුතු
    පමා නොවී එමි අකුරට මෙයින් මතු

    තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා
    එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
    කෝප වුවත් රජ මැතිදුන් ගත නොහෙනා
    උගත මනා ශිල්පයමයි මතු රැකෙනා


    මේවා අපි පොඩි සන්දියෙ නිතර දෙවේලෙ අහපු / හඩ නගා කියපු කවි...අද පරම්පරාවෙ ශිෂ්‍යයො නම් සමහර විට මේ කවි කවදාවත් අහලා නැතුව ඇති. ඒ ගැන පුදුමයකුත් නෑ...ගුණ ධර්ම මග හලාගෙන පිම්මෙ රේස් එකක් දුවන නුතන අධිවේගී සමාජ ක්‍ර‍මය තුල අධ්‍යාපනය විතරක් උඩු ගං බලා යන්න විදියක් නෑ නොවැ. මේ කවි පෙළ වදන් කවි පොතෙන් උපුටා ගත් එවා...


    අතීත සමාජයේ ගුරුවරයා හා ශිෂ්‍යා අතර තිබූ අනෝන්‍ය බැදියාව හා චර්යාවන් සියුම් ලෙස ග්‍ර‍හණයට ගත් රචනාවක් ලෙස අපට ඇතැම් කවි හදුනාගත හැකියි. ඒ අනුව පමා වී පාසලට පැමිණී කල දඩුවම් ලබා දීමට පාවිච්චි කල උපකරණ පිළිබදවත් යම් හැදින්වීමක් මේ කවියක අන්තර්ගතයි. කුමන දුකක් හෝ විද දරාගෙන අනාගත සුභ සිද්ධිය උදෙසා අධ්‍යාපනය ලැබිය යුතු බවට ශිෂ්‍යන් වෙත යම් අවධාරනයක් කරන්නේ පරිණත වැඩිහිටියෙකුගේ කෝණයෙන් බවයි මගේ අදහස. තමන්ගේ වැරදි උදෙසා කෙරෙන දඩුවම් මගින් වැලකීමට තමා තුලම අධිෂ්ඨානය ඇති කරගත් පැරණි ශිෂ්‍යා ප්‍ර‍ජාවගෙන් නූතන ශිෂ්‍යයන් වෙනස් වන්නේ ශිෂ්‍යයාගේ වරදට දඩුවම් කරන ගුරුවරුන් නීතිය හමුවට පමුණුවාලීමට ඔවුන් කටයුතු කරන හෙයිනි.

    කුමන බාධකය ආවත්..ඒවා මැඩගෙන අධ්‍යාපනය ලැබිය යුතු බවත්, එලෙසින් ලබන අධ්‍යාපනය මතු කලෙක ප්‍රයෝජනවත් වන ආකාරයත් ශිෂ්‍ය මනසට ගෝචර වන පරිද රචනා කර ඇති අන්දම අපූරුයි. හැම් බේකන්, චීස්, බටර්, අනුභව කර සුඛෝපභෝගී බෙන්ස්, BMW රථ ඇසුරේ පාසල් යන එන දරු පැටව් ඇති ලෝකයක, තමන් උපන් දේශයේ දරිද්‍ර‍තාවයේ සෙවනැලි වලින් පීඩාවට පත් දරුවන්ද සිටින වග අප අමතක කල යුතු නොවේ. එය අපේ ලංකාවට පමණක් සීමා වූ කාරණයක්ද නොවේ.

    ඉහතින් දැක්වූ කවි පෙලේ අරුත යලිත් වතාවක් මට හොදින් පසක් වුනේ මේ සමග ඇති ඡායාරූප සමූහය දැකීමෙන්. තෙවෙනි ලෝකයට අයත් රටවල වැසියනගේ දුවා දරුවන් පාලකයන්ගෙ නිද්‍රාශීලී ප්‍ර‍තිපත්ති හේතුවෙන් මේ අයුරින් පීඩාවට පත්වී තිබෙනවා...වරද කාගේ වුවත් මේ දරුවන් තම දිවි පරදුවට තබා...අධ්‍යාපනය ලබාගන්නට දරන වෙහෙස පිළිබදව ඇතිවෙන්නෙ සංවේගය මුසු වූ සතුටක්.

    යටිතල පහසුකම් වල පවතින ඌණතාවයන් හමුවේ නොසැලී කෙසේ හෝ මතු දියුණුව උදෙසා ධෛර්යයෙන් අකුරට යන මේ පොඩි පැටව් පිළිබද ඡායාරූප මට ලැබුනේ විද්යුත් තැපෑලෙන්...මිතුරෙකු මාර්ගයෙන්... වචන දහසකින් කිව යුතු දේ එක් පින්තූරයකට පැවසිය හැකියැයි කියවෙන නිසාවෙන්...තවත් වචන නාස්ති නොකර ඒ සියල්ල නැරඹීමටත්...ඒ තුලින් කියවෙන දරිද්‍ර‍තාවයේ හෝ ඌණ යටිතල පහසුකම් පිළිබද කථාවත් ...ඒ හමුවේ බිද නොවැටුනු සිසු දරුවන්ගේ ඉගෙනීමේ ආශාව පිළිබදවත් සිතා බලන්න... ලෝකයේ කොහේ සිටියත් ඔව්හුද දරුවෝය...ඉගෙනගැනීමට ඇති අයිතිය උදෙසා ඔවුන් දරණ මහන්සිය කෙතරම් දුක්ඛසහගතද ?


    ATT00001..jpg


    ATT00003..jpg


    ATT00002..jpg


    ATT00004..jpg


    ATT00006..jpg


    ATT00008..jpg


    ATT00005..jpg


    ATT00007..jpg


    ATT00009..jpg


    ATT00010..jpg


    ATT00011..jpg


    ATT00012..jpg




    උපුටා ගත්තේ සිරාගේ කාමරෙන්