පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කථාවෙත් සඳහන් වෙන්නේ පිනක ඇති අසිරිය ගැනමයි. මේවා කියවන්න කියවන්න නුවණැති කෙනාට පින් කරන්න ආසා හිතෙනවා. ඒ වගේම අවබෝධයෙන්ම පින් කරන්නත් අවස්ථාව ලැබෙනවා. පින් කළ යුත්තේ ඒ ඒ පිනට ලැබෙන විපාක ගැන අවබෝධයෙන් යුක්තවයි. එතකොට තමයි ඒ පින නියම විදිහට සකස් වෙන්නේ.
ඉතින් ඈත අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ යුගය තිබුණා. උන්වහන්සේගේ ධර්මය ඇසූ බොහෝ අය අවබෝධයෙන්ම පින් කරන්න පුරුදු වුණා. පින්වල ඇති වෙනස්කම් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීම නිසා තමයි කෙනෙකුට නියම විදිහට පින් කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ධර්මයේ මෙහෙම සඳහන් වෙනවා.
සමහරු මෙහෙම හිතනවා, ‘අපි දන් දෙන්නේ අපේ දෙයක් නෙව. ඉතින් ඒකට අනුන්ව පටලවා ගන්නේ මොකටද?’ කියලා. ඒ තැනැත්තා තමන්ගේ දේ දන් දෙනවා. හැබැයි අනුන්ව දානයෙහි සමාදන් කරවන්නේ නෑ. ඔහු උපනූපන් තැන භෝග සම්පත් ලැබෙනවා. හැබැයි පිරිවර සම්පත් නෑ.
තවත් උදවිය ඉන්නවා. තමන් දන් දෙන්නෙ නෑ. අනුන්ව දන් දෙන්න පොළොඹවනවා. දානයෙහි අනුසස් කියනවා. එයටත් සහභාගී වෙනවා. තමන් වියදම් කරන්නේ නෑ. ඒ තැනැත්තා උපනුපන් තැන්වල පිරිවර සම්පත් ලබනවා. භෝග සම්පත් ලබන්නේ නෑ.
තවත් උදවිය ඉන්නවා. ඔවුන් දෙන්නෙත් නෑ. අනුන්ට දෙන්න දෙන්නෙත් නෑ. එය වළක්වනවා. උපනුපන් තැන්වල තමුන්ට කිසිවක් ඇත්තෙත් නෑ. පිරිවරත් නෑ. හූල්ල හූල්ල ඉන්නවා.
හැබැයි නුවණ තියෙන අය තමනුත් දන් දෙනවා. අනුන්වත් දන් දීමට යොදවනවා. අගය කරනවා. ප්‍රශංසා කරනවා. ඔහු උපනුපන් තැන භෝග සම්පත් ලබනවා. පිරිවර සම්පතුත් ලබනවා.
ඔය විදිහට බණ අහන්න ලැබුණු එක නුවණැති තරුණයෙක් මෙහෙම හිතුවා.
‘හරි! මමත් පින් කරන්න ඕන නුවණැත්තෙක් විදිහටයි. පිරිස පිරිවරාගෙන මගේ දෙයත් වියදම් කරලා පින් කරන්න ඕන.’
ඉතින් මේ තරුණයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ගොස් බුදුන් ප්රමුඛ විසිදහසක් භික්ෂූන්ට හෙට දවසේ දානය පිණිස ආරාධනා කළා. ඊට පස්සේ ගමට ගියා. එක එක්කෙනාට දානය පිණිස භික්ෂූන් වෙන් කළා. ඒ පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් භාර ගත්තා.
“අපි දහනමකට දෙන්නම්… අපි විසි නමකට දෙන්නම්… අපි සිය නමකට දෙන්නම්… අපි පන්සිය නමකට දෙන්නම්….” කියලා බොහෝ දෙනෙක් භාර ගත්තා.
ඉතින් ඔය නගරයේ ඉතාමත්ම දිළිඳු, අන්ත දුගී පුරුෂයෙක් හිටියා. මේ තරුණයා ඔහු ළඟටත් ගියා.
“මාමේ… ඔයා දුප්පත් බව හැබෑව. ගොඩාක්ම දුප්පත් බව හැබෑව. නමුත් ඔයාටත් පින් කරගන්න අවස්ථාවක් තියෙනවා. හෙට සියලු නගරවාසීන් බුදුන් ප්රමුඛ මහා සංඝයාට දන් පූජා කරනවා. ඔයත් මොනවා හරි පූජා කරගන්න. භික්ෂූන් වහන්සේලා කී නමකට දන් දෙන්න ඔයා කැමතිද?”
“අනේ, පින්වත් ආර්ය පුත්‍රයන් වහන්ස, මට භික්ෂූන් කොහෙන් ලබන්නද? මට හෙට කැඳ උගුරක් බොන්නවත් හාල් මිටක් නෑ…. කුලියකට වැඩක් පලක් කරගෙන යැපෙන මට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.”
“අනේ… දුගී තැනැත්ත, මේ නගරයේ සැප සේ වසන කොයිතරම් සෙනඟක් ඉන්නවාද? ඔබට කුලී වැඩක් කරලත් බඩ පිරෙන්න කෑමක් නොලැබෙන්නේ සසරේ නොදීපු නිසා නේද? ඒක තේරෙන්නෙ නැද්ද?”
“අනේ… පින්වත් ආර්ය පුත්‍රයන් වහන්ස, ඒක මං දන්නවා…”
“එහෙම නම් දුගී තැනැත්ත, අතට ආපු පින අත්හරින්නේ කවුද? කුලී වැඩක් කරන්න ඇඟේ පතේ හයිය තියෙනවා නෙව. ඒ නිසා අද කොහොම හරි කුලී වැඩක් කරන්න. කීයක් හරි හොයාගන්න. ශක්ති පමණින් දානයක් දෙන්න. මෙවැනි අවස්ථාවක් ආයෙ ලැබෙයිදැයි කවුද දන්නේ…”
අර දුගී පුද්ගලයා කල්පනා කළා.
“ඒකත් ඇත්ත තමයි. මේ වෙලාවේ පිනක් කරගන්න බැරිවුණොත් ආයෙ නම් මට කවදා නම් මෙවැනි අවස්ථාවක් ලැබෙයිද දන්නෙ නෑ…. එහෙම නම් පින්වත් ආර්ය පුත්‍රයන් වහන්ස, මට එක නමක් දෙන්න. මං කොහොම හරි දානෙ ටිකක් පූජා කරගන්නම්.”
ඉතින් අර දුගී පුද්ගලයා ගෙදර ගිහින් බිරිඳට කිව්වා,
“සොඳුරිය, හෙට නගරවාසීන් සියලු දෙනාම මහා සංඝගත දක්ෂිණාවක් දෙනවා. මාත් ඒකෙ කොටස්කාරයෙක් වුණා. එක නමක් මට දීපන් කියලා මං ඉල්ල ගත්තා.”
“අනේ කොච්චර දෙයක්ද? අපි කොහොම හරි මහන්සි වෙලා එක ස්වාමීන් වහන්සේ නමකට හරි දානෙ ටිකක් පූජා කරගනිමු. මමත් ඉක්මනින් කුලී වැඩක් කරන්නම්” කියලා දෙන්නම කුලී වැඩක් හොයාගෙන පිටත් වුණා.
සිටුවරයෙක් මේ දෙදෙනාව දැක්කා. අඬගැහුවා. අර දිළින්දාට මෙහෙම කිව්වා.
“මට නුඹගෙන් උදව් අවශ්‍යයි. මං පඩියක් ගෙවන්නම්. හෙට භික්ෂූන් තුන්සිය නමකට මං දානෙ පූජා කරනවා. දානෙට දර පලන්න පුළුවන්ද?”
මේ පුද්ගලයා බොහොම සතුටු වුණා. මහන්සි නොබලා දහඩිය වගුරවමින් වේගයෙන් දර පලනවා. සිටුතුමා බලන් හිටියා.
“අද මොකද නුඹ මහා වීරියක් අරගෙන… කඩිමුඩියේ දර පලන්නේ? කිසි මහන්සියක් නෑ… කතා බහක් නෑ…. බුලත් හප ගැහිල්ලක් නෑ… වතුර බීමක් නෑ…. මොකද මේ නුඹ…?”
“අනේ ස්වාමීනී…, අපටත් හරි වාසනාවක් පෑදුණානේ… අපේ ගෙදරටත් හෙට එක නමක් දානෙට වඩිනවා.”
සිටු බිරිඳ අර දිළිඳු තැතැත්තිය කැඳවා ගත්තා. වී කොටන්න භාර දුන්නා. ඇයට හරිම සතුටුයි. ඇය වී කොටන්නෙ නට නටා වගෙයි. ප්‍රීතියෙන් උද්දාම වෙලා.
“අද නුඹ අමුතු වෙලා… අමුතු ප්‍රීතියක්… තනියම හිනා වෙනවා…. වෙහෙසක් නෑ… මොකද ඔය…?”
“අනේ… උත්තමාවිය, අපටත් හරි ලාභයක් ලැබුණා නෙව. හෙට අපේ ගෙදරට සංඝරත්නයෙන් එක නමක් වඩිනවා….”
ඉතින් මේ දෙදෙනාට කුලිය වශයෙන් සහල් නැලි හතළිහ ගානෙ ලැබුණා. අර දිළින්දා බිරිඳට මෙහෙම කිව්වා.
“මට ලැබිච්ච හාල් වලින් දානෙ හදමු. ඔයාට ලැබිච්ච හාල් වලින් අපි ගිතෙල්, මී පැණි ආදිය ගමු.”
දැන් මේ උදවිය හරි සතුටෙන් දානය පිළියෙල කරමින් හිටියා. බිරිඳ මෙහෙම කිව්වා.
“ඔයා ගිහින් අපිට කොළ ටිකක් කඩාගෙන එන්න. කොළ මැල්ලුමක් හදාගමු අපි දෙන්නට.”
ඉතින් ඔහු සින්දු කිය කියා කොළ කඩන්න ගඟ අයිනට ගියා. මාළු අල්ලන කෙනෙකුට මොහුගේ ගායනය ඇහුණා.
“හා…! දුගියා… මොකද ඔය…? ගී ගයමින් කොළ කඩන්නේ…? මොකවත් විශේෂයක් වුණාද?”
“අනේ යහළුවේ…. නැති බැරි වුණා කියලා අපිත් අවාසනාවන්ත නෑ. අපේ ගෙදරටත් එක භික්ෂූන් වහන්සේ නමක් වඩිනවා. මටත් මාළු ටිකක් ඕන.”
එදා ඒ මාළු අල්ලන මිනිසාගේ මාළු ඉක්මනින් ඉවර වුණා. ඔහු මෙහෙම කිව්වා.
“මං අපේ ගෙදර කෑමට ගන්න රෝහිත කියන මාළු හතර දෙනෙක් වැලිගොඬේ වැළලුවා. දැන් ඔහේත් එක භික්ෂුවකට දානෙ පූජා කරනවා නෙව. මේ මාළු ටික අරගෙන යන්න” කියලා ඔහුට ඒ රෝහිත නම් මාළු දානය පිණිස දුන්නා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ අසරණ දුගී තැනැත්තා දානයක් සඳහා වෙහෙසෙන අයුරු දැක්කා. දැක ඒ දුගියාගේ නිවසට වඩින්න අධිෂ්ඨාන කරගත්තා. මෙය දුටු සක් දෙවිඳුත් ඒ නිවසට සාමාන්‍ය මිනිසෙකුගේ වේශයෙන් පිටත් වුණා.
“යාළුවේ… මමත් මොනවා හරි කරලා දෙන්නද?” කියලා ඇහුවා. දැන් ඔහුත් දානයට හවුල් වුණා.
දැන් දානය සූදානම් වෙනවා. අර දුගියා තමන්ට භික්ෂූන් වහන්සේව පැවරූ තරුණයා හොයාගෙන ගියා.
“පින්වත, අනේ මට දෙනවා කියපු ස්වාමීන් වහන්සේව දෙන්න. මං දානය පිළියෙල කරලයි තියෙන්නේ.”
“අයියෝ! ඔබටත් එක නමක් දෙන්න මං පොරොන්දු වුණා තමයි. නමුත් මට අමතක වුණා නෙව. ස්වාමීන් වහන්සේලා ඒ ඒ තැන්වලට වැඩලා ඉවරයි.”
අර මහා දුගියා වැළපෙන්න පටන් ගත්තා.
“අනේ… ස්වාමීනී, ඇයි මට මෙහෙම කළේ. මාව විනාශ කරන්න එපා! මං බිරිඳත් එක්ක දවස පුරා කුලී වැඩ කරලා වෙහෙස මහන්සි වෙලයි දන් පැන් හැදුවේ… අනේ… මට එහෙම කරන්න එපා! මට කොහොම හරි එක නමක් දෙන්න.”
ඒ වෙලාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩියා. රාජරාජ මහාඅමාත්යවරු බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගන්න බලාගෙන හිටියා. තමන්ට භික්ෂුවක් නැති ශෝකයෙන් හඬමින් අර දුගියා ගන්ධ කුටිය දෙසට පියවර මැන්නා. රාජරාජ අමාත්‍යවරු දුගියාව බැහැර කළා.
“යනවා යන්න… ඔහේ මොකද මෙතන කරන්නේ..?”
“අනේ මං ආවෙ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්නයි” කියලා අර දුගියා ඈත තියා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරියට වැඩලා අර දුගියාගේ අත මත පාත්‍රය තබා වදාළා. රාජරාජ අමාත්‍යවරු එකිනෙකාගේ මූණ බලාගත්තා. ශාස්තෘන් වහන්සේ දුන්න පාත්‍රය වෙන කෙනෙකුට ගන්න කිසිසේත්ම පුළුවන්කමක් නෑ. රාජරාජ අමාත්‍යවරු අර දුගියා පිරිවරා ගත්තා.
“හා…. පින්වත් යහළුව, ඔහේව දැක්ක කල්… මං මේ කියන්නේ ඔහේට ඉල්ලන ගාණක් දෙන්නම්… ඔය පාත්‍රය අපේ අතට දෙනවද?”
“නෑ… නෑ… නෑ… මට ධනය ඕන නෑ…. අද මං ශාස්තෘන් වහන්සේට දන් පිළිගන්වනවා….”
ඊට පස්සේ රාජරාජ අමාත්‍යවරු රහසේ කතා වුණා.
“මේ හිඟන්නට පිස්සුද? තමන්ට වත් කන්න නැතුව මොනවද දෙන්න තියෙන්නේ? නිකං කැඳ පොඞ්ඩක් දේවි… අපි පිටිපස්සෙන් යමු… දානෙ අඩුපාඩු කියලා අපේ නිවසට වඩම්මා ගනිමු.”
ඒ පිරිසත් පස්සෙන් ගියා. අර දිළින්දාගේ ගෙට පිවිසෙන්න අමාරුයි. උළුවස්ස ගොඩක් මිටියි. නැවිලයි යන්න තියෙන්නේ. අර මහා දුගියා දුවගෙන ගිහින් ගේ ඇතුළේ ඉඳලා වන්දනා කරමින් කෑ ගැහුවා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, වඩින සේක්වා!” කියලා.
හරි පුදුමයි! බුදුරජාණන් වහන්සේ නොනැමීම ඉතාමත් පහසුවෙන් ඒ නිවසට ඇතුළු වුණා. පණවන ලද ආසනයේ වැඩසිටියා. රජවරු පිටිපස්සෙන් ගෙට රිංගුවා. රහසේ දුගියාට බනින්න ගත්තා.
“ඒයි! දැනගනින්…. නුඹට පුළුවන් දේ කරපන්…! මෙච්චර කියද්දිත් ශාස්තෘන්වහන්සේගේ පාත්තරය අපට දුන්නෙ නෑ… හරි! අපි බලාගන්නම්! ශාස්තෘන් වහන්සේට සළකන හැටි බලමුකෝ…”
ඒ දුගියා දන් බඳුන්වල වසුන් හැර දානය බෙදද්දී එහි මිහිරි සුගන්ධය සකළ නගරය පුරා පැතිර ගියා. රජවරු ඇස් ලොකු කරගෙන වෑංජන දිහා බලාගෙන හිටියා.
“අනේ ස්වාමීනී… හරි පුදුමයි නෙව. මෙතෙක් කාලෙකට මෙවැනි සුවඳක් හමන දානයක් ගැන අපි නම් දන්නෙ නෑ…. අපිට සතුටුයි. අපි හිටියොත් මෙතන මෙයාට හරියට දානෙ දීගන්න බැරිවෙයි. අපි යන්නම් ස්වාමීනී” කියලා වන්දනා කොට පිටත් වුණා.
ශාස්තෘන් වහන්සේ දන් වැළඳුවා. සාමාන්‍ය මිනිසෙකුගේ වේශයෙන් සිටි සක් දෙවිඳු අර දුගියාගේ අතට පාත්‍රය දුන්නා. ඔහු ශාස්තෘන් වහන්සේ පිටුපසින් යන්න පිටත් වුණා. ඒ මොහොතේ සක් දෙවිඳු අර දුගියාගේ පැල්පත ඉදිරියේ හිටගෙන අහස දිහා බැලුවා. එකෙණෙහිම අහසින් මැණික් වරුසා හතක් වැස්සා. ඒ පැල්පතේ තියෙන සියලු බඳුන් පිරී ගියා.
අර දුගියා ශාස්තෘන් වහන්සේ සමඟ වෙහෙරට ගොස් පාත්‍රය පිළිගන්වා ආපසු පැමිණියා. ගෙදර පිරිස හරි සතුටින් ඉන්නවා.
“පියාණෙනි, ගේ පුරාම මුතු මැණික් පිරිලා…”
ඉතින් ඔහු කෙලින්ම රජතුමා ළඟට ගියා.
“දේවයන් වහන්ස, මගේ නිවසේ මුතු මැණික් පිරිලා තියෙනවා. ඒවා ගනු මැනැව.”
රජතුමා මෙහෙම කිව්වා,