පින් කල ගවයන් හා සිල් ගත් ගවයන් .

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    පින් කල ගවයන් හා සිල් ගත් ගවයන් .

    සාදු! සාදු!සාදු!

    බුදු දහමින් පරිනතව අපේ වැසියෝ වීදියක් වීදියක් ගානේ සුදු වතින් සැරිසී පන්සිල් පද මුමනමින් එහා මෙහා යති. ඔවුන්ගේ මුවින් වන බජනය කනට
    මිහිරක්ද සිතට නිවනක්ද ගෙන දෙයි. මේ වරක් වැන්දොත් පව් සේදෙන
    කැලෙනි පුරයි. මිනිසුන් හා සමානව ගවයන්ද ඉතා ශාන්තව කැලෙනි පුර සරි සරයි. ගවයන්ට දැන් මිනිසුන්ට වැඩිය අයිතිවාසිකම් ඇත. මිනිසුන් මැරීම, මිනිසුන්ට ගුටිබැට දීමට කිසිම බාධාවක් මෙහි නැත. පවතින ආණ්ඩුව විසින් ඒ සැප අපේ ජනතාවට ලබා දී ඇත. කැලණියේ පරපුර ට ඉතා සතුටුය. නීතිය සහ චන්ඩි නීතිය ගවයා රැක මිනිසා නිවටයෙකු කර ඇත. මේ නිවටයාට මෙය නම් ආශ්චර්යකි. දකින දකින තැන බුදු දහම, ආමිස පුජාවන්ය. තෝරන්, කොඩි, ජයන්ති. සහ ශබ්ද විකාශන වලින් අපට බණ පද මතක් කරදේ. පිට ඔපෙන් දෑස් නිලංකාර වී ඇත.





    ඒ වුනාට කමක් නැත, කැලණියේ චන්ඩියා අන්ධ වූ වැසියන් (වැස්සියන් නොවේ) අතින් අල්වාගෙන හරි මග ගෙනියයි. ගව මස් නොකන්නේ දැන් බයටය. කෑවොත් අත්‍ කපයි ද? වික්කොත් කකුල් කපයිද? මේවා මාරාන්තික ප්‍රශ්නය. ගවයන්ට ඔය ප්‍රශ්න නැත. චන්ඩි ඩොක්ටර් මේවා එයාගේ නීති බව කියන්නේ රජයේ පුවත් පත් සහ රුපවාහිනී ජාල හරහාය. රටේ නීතිය, හා පොලිසිය දඩුවම් හා චෝදනා කරන්නේ ආණ්ඩු පක්ෂයේද කියා බලලය. නැතිනම් ස්ථාන මාරු ෂුවර්ය. එහෙමත් නැතිනම් අමන ඇමතිම ඇවිත් කනට ගැසීමට තියෙන ඉඩකඩ වැඩිය. ලෝකයේම වැඩිම බලයක් ඇති විධායක ජනාධිපතිටත් නීතිය ක්‍රියාවේ නගන්න හොරය. ඒ මන්ද කියා අපේ චන්ද දායකයෝ දන්නවා ඇතැයි අපට සිතෙයි. නිවටව මන්ද බුද්ධිකව මේ චන්ඩිගෙන් වන අගතිය සුගතියක් ලෙස දකිමින් උන් කියන ආකාරයටම ලොක්කන්ගේ කකුල් ලෙවමින් ගවයාට වඩා කීකරු, චන්ද කතිරය නමැති තම අයිතිය වාසි තකා අධමයන්ට පුජා කොට චන්ඩි රජ කොට අපේ කැලණියේ සිල්වන්තු වට වන්දනාවක යාමටයි මේ ලක ලෑස්තිය.
    ගුටි බැට කකා 'ලස්සන' කොළොඹ නරඹා ඉන්දීය හා චීන්නුන්ගේ ඉඩම් හරහා මේ අය හම්බන්තොට බලා යති. එක හිගන්නෙක් දැන් කොළොඹ නැත, රජුගේ සහෝදරයාගේ ගැන්සිය හිඟන්නා අතුරුදහන් කර ඇත. ඔලු පොඩිවෙච්ච තැන් වල ඇති ලේ පැල්ලම් ලස්සන ලස්සන පාට පාට මල් හා සැරසිලි වලින් වහලාය. රූපවාහිනියේ ඇක්ෂන් ජැක්සොන් අපට බුදුන්ගේ පෙළපත හා නෑකම් ගැන මිහිරි බසින් අධෝනාවක් කරගෙන යයි. මෙය කොළොඹ අලංකාරය තව තවත් ඔප නංවයි. අපේ කට්ටිය දැන් සෝවාන් වන්නට ඔන්න මෙන්නය. සිල් ගත්ත කැලණියේ පිරිස් රැගත් බස්රිය දෙහිවල ගුවන් පාලම අසලට පැමිණෙයි. සාදු කාරයක් එකාවන්ව දී ගුවන් පාලම උඩින් යාමට ලක ලෑස්ති වුවද බසය බර වැඩි බව ලෙන්ගතුව පොලිස් අයිය කෙනෙක් කියා දෙයි. ඒ අපේ දියුණුවේ තරමය. වියදම පාලම් තුනක් සැදිය හැකි බව පිරිත් අස්සේ කවුරුද මුමුණනවා ඇසිනි. එත් පිරිත් හඩින් ඒ ප්‍රශ්නය නෑසී ගොස් අහපු
    පින්වතා නොපෙනී ගියේය. බසය නැවතත් ගාලු පාර ඔස්සේ හම්බන්තොට පුරවරය බලා යයි. ගව චන්ඩියාගේ පුතා සහ ආරක්ෂාව අධීක්ෂණය කරන
    පුතා ද බසයට නැග තරගෙට පිරිත් කුඩු පැකට් සද්ධාවන්තයන්ට බෙදයි. කුඩු දුමින්දගේ ඔලුවේ හිල ගොට්ටකින් වහගෙනය. පොලිසිය අහක බලාගෙන ගවයන්ට
    හදිකරන එවුන් සොයමින් සිටී. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ආත්ම
    ගරුත්වයකින් යුත් පොලිසියක් රජතුමාගේ මල්ලි අපට දී ඇත. රටේ ආශ්චර්ය අතින් ඇල්ලිය
    හැකිය. එතරම් ගනකමය. බසයේ රියදුරු මහතා තම ගුවන් විදුලියෙන් දවසේ ප්‍රවෘත්ති අසයි. එල්ලුම් ගහක් බෞද්ධ රටට අඩුවකට තිබුනේය.
    ගවයන්ට අත තිබ්බොත් එල්ලන්න හරි හැටි තැනක් නොතිබුන නිසාය. මෙච්චර කල් භාවිතා කලේ පරණ ටයර්, කඩු, තුවක්කු සහ හමුදාවේ සහ පොලිසියේ හිතවත් කට්ටියවය. දැන් අපරාධ වැඩි බව පන්සිල් රකින අපේ රටේ අයට තේරිලාය. විරුද්ධ මත දැරීම, ප්‍රශ්න කිරීම, පුවත් දැන ගැනීමේ අයිතිය, ආණ්ඩුව විවේචනය, මේ අයට කැලණියට යාම, අදහස් පළකිරීමේ අයිතිය, තම නිදහස, තම අයිතීන් වෙනුවෙන් හඬ ගෑම සහ ආණ්ඩු පාක්ෂිකයෙක් නොවීම එල්ලන්න වටින වරදක් බව කැලණියේ කට්ටියට පැහැදිලිය. සියල්ලන්ම අළුගෝසු තනතුරට ඉල්ලුම් පත් පුරවයි. මේ අපරාධ වලට ආණ්ඩු පක්ෂයේ අය අසු නොවන බව දන්නේ මේ සිල්වන්තුය. විරුද්ධවාදී ඕනෑම කෙනෙකු වරදකාරයෙකු කිරීමට සැදී පැහැදී සිටින අධිකරණයක් (සිවිල් සහ යුද) අපේ රජතුමා සිය තනි කැමත්තෙම්ම පත්කරගෙන රටේ නීතිය ඉතා ශිෂ්ට සම්පන්න තැනකට ගෙනල්ලාය. එල්ලුම් ගහ වැදගත් වන්නේ මේ උත්තරීතර තැනින් දෙන දඩුවම් ක්‍රියාවට නැගීමට බණ පොතේ එන දෙයක් නිසා වීමට පුළුවන්ය. මේ බුදුන්ගේ බණක් විය නොහැක. මේ බන අය්යා මලෝ සහ මර්වින් දුමින්දලගේ බන පොතේය, ඒ පොතේ බන තේරෙන්නේ චන්දෙ දෙන අපේ සිල්වන්තුටය. තවත් සාදු කාරයක් බසය පුරා රැවු දෙයි. ජොන්ස්ටන් පින්වතා බඩු මල්ලකුත් රැගෙන බසයට නැගලය. සියලු බඩු ඉන්දියාවෙනි. කුකුල් මස් වල කුණු ගඳක් ආවත්'ඉම්පොර්ටඩ්' නිසා අපේ කට්ටියට කටට කෙල ඉනුවේය. තමන් ගුරුවරුන්ගේ අත පා කඩා ඔවුනට ගුරු උපහාර දැක්වූ බව අප සිල්වත් මන්ත්‍රී තුමා ආසියාවේ ආශ්චර්ය නම්වූ බණ පොතෙන් පිටුවක් උපුටා දක්වයි. බසේ නඩය දැහැනකට සම වැදී මෙන් සාදු කාර දෙයි. බසය දැන් අධි වේගී මාර්ගයේය. ඉස්සර තිබු කැත, දුප්පත් මිනිස්සු
    දැන් පෙන්න වත් නැත. පිටරට වලින් පැමිණි අපේ ඈයෝ රූන් කියා වේගයෙන් ගමන් කරයි. පාර මාර ඔපය. පිටරට වසන අපේ දේශප්‍රේමියෝ බෝඩ් ලෑලි අසල පින්තුර ගනී. දැන් හම්බන්තොටට ඇවිල්ලාය. පාර දෙපැත්තේම පින්වන්තුන්ගේ දැවැන්ත පෝස්ටර්ය. අපේ අය තරගෙට සාදු කාර දෙයි. සාදුකාරදෙන තරමටලු ලැබෙන්නේ. තැබෑරුම් ලයිසොන්, තීරු බදු ලිහිල් කිරීම් වැනි වරප්‍රසාද ගැනීමට දැන් ඉංග්‍රීසියෙනුත් සාදු කාරදෙති.
    බසය නැවු තොටුපොළට ඇතුල් වෙයි. සාදු කාරය කන් බිහිරි කරවයි. ප්‍රව්ර්ති වලින් ආශ්චර්යයේ තවත් පින්කමක් අදුන්වා දෙයි. රජ ගෙදර ඇමති සිල්වතෙකු මේ නැව් තටාකය මේ වසරට මිලියෙන දහඅටක් උපයා ඇති බව නඩය දැනුවත් කරයි. දැන් නම් බුදුන් නොදැක්කත් කම් නැත.
    නැව් තටාකයේ රෙදි අපුල්ලමින් සිටි ගමේ දුප්පත් ගැහැනියක් පැමිණ කට කැඩිච්ච කතාවක් නඩයට කියා ඉතා උණුසුම් අවස්ථාවක් ඇති වුනේය. ඒ ගැහැණිය විසින් මේ තටාකේ තැනීමට ගිය වියදම මිලියන හාරසීය ඉක්මවා ඇති බවත් උපන් දිනයට වතුර පිරවූ නිසා උන පාඩුව සහ වැඩි වියදම මිලියන දෙසීයකට කිට්ටු බවත් කටුක නමුත් ඇත්ත ජාතක කතාවක් අපේ පින්වතුන්ට මතක් කර දීම නිසාය.
    සාදු කාරය අඩු වී සිල් රෙදි වලින් වසා ගෙන සිටි පංචායුධයෙන් ගැහැණියට පහර දුන්නේය. මැය බටහිර බලවේගයන්ගේ ඔත්තු කාරියක් බවත්,
    කොටින්ට සම්බන්ද ඩයස්පෝරාවේ මුදල් මතින් යැපෙන්නියක් බවත් පංචායුධය ඇස දුටු සාක්කි
    ඇතිව ඔප්පුකර පෙන්නුවේය.
    සාක්කි වලට කැඳවුයේ අද කල්‍යාණ මිතුරෙකු වන 'කේ පී' ධානපති සිල්වතා සහ දැන් රුපවාහිනියේ ඉඳහිට සිංහල සින්දු කියන පොලිස් නිලධාරීන් සිය ගණනකගේ අතිජාති මිතුරෙකු වන 'කරුණා' පින්වතාය. 'පිල්ලයාන්' සිල් මහතා අධිකරණ විනිසුරු මඩුල්ල ජනපති මැදුරේ සිට ගෙන ආවේ ඔහුට රාජ මල්ලි තිලිණ කළ හෙලිකොප්ටරයකිනි. සාක්කි හමුවේ විනිසුරු මඩුල්ලට තම රාජකාරිය කිරීමට ඉතා පහසු විය. ගැහැණිය රාජ්‍ය ද්‍රෝහී බවත්, පණ යනතෙක් එල්ලා මැරිය යුතු බවත් තීන්දු කළේය.
    සිල් ගත් අළුගෝසු නඩය රටම පුබුදු කරවන අන්දමේ සාදු කාරයක් දුන්නේය. හීන මානයෙන්බෞද්ධ රටක් යැයි උඩගුව උච්චාරණය කරන අපේ සිල්වන්තු මෙම ගැහැණිය එල්ලා මැරීමට නොපැකිලිව ඉදිරිපත් විය.
    වැඩේ අහවර කල අපේ නඩය බෝතල් කළ ජාති ආලයෙන් හොදින් සප්පායම්ව නැවත කොළොඹ බලා පිටත් වුයේ නන්දා මාලිනියගේ ගීයක් වන 'දැන් සැල් දොරෙහි නැත යදියෝ' යන ගීතය එකා වගේ මිහිරිව ගයමින්ය.
    එල්ලුම් ගහේ එල්ලා ඇති ගැහැණිය පණ අදියි. තරුණ කොල්ලන් සහ කෙල්ලන් පිරිසක් මැය වටා රොක්වී ඇයව ඔසවයි. බිම තිබු ඇයගේ පරණ හැදුනුම් පතේ නම "ලක් මව" ලෙස සටහන්ව ඇති බව පෙනේ. තොණ්ඩුව බෙල්ලෙන් ගලවන තරුණ පිරිස් ගැහැණියට වතුර පොවයි. හමා එන සිසිල් සුළග ගතට සුවයක් ගෙන දෙයි. පුංචි බලාපොරොත්තුවක් හිතේ ඇති කරවයි.
    ඒ මා ගවයන්ට වඩා මිනිසුන්ට ආදරේ බැවිනි.
    තෙරුවන් සරණයි.
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,267
    2,723
    113
    London
    Nice post

    PS:why I like Sebastian show he is a member of the inner
    Circle isn't it and a villain also if my memory serves me right