පින හා කුසලය

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

[FONT=&quot]සමහරුන් පින හා කුසල් යන්න එකක් ලෙසත් සමහරුන් මේ දෙක දෙකක් ලෙසත් දක්වයි. ඇත්තටම මේ පින හා කුසල් යන්න එකක්ද? නැත්නම් වෙනස් ධර්ම දෙකක්ද? [/FONT]

[FONT=&quot]"යමෙක් පිනක් කරගන්නේ නම් නැවත නැවතත් ඒ පින කරගත යුතුය. පින කරගන්නේ නැති විටදී කුසලස්කන්ධය සිතිය යුතුයි. ඒ මක් නිසාද යත් කුසලධර්මයන් නැවත නැවත රැස් කර ගැනීම් සැප රැස් කර ගැනීමක් වන බැවිනි." [/FONT]
[FONT=&quot]
සමහරු පින යනු සිත පිනවීම ලෙස දක්වයි. නැත්නම් දිව්‍ය මනුෂ්‍ය ලෞකික සැප ලැබීම සඳහා කරන දේ ලෙස දක්වයි. සිත පිනවන ගතිය ලෝභ සහිත වූ සිත්වලද පවතී. නමුත් එය බුද්ධ දේශනාවට අනුව නම් පින යනු කය නොව සිත පිරිසිදු කිරීමයි. පිනේ බලයෙන් ඒ පින නිතර සිහි කරන විටදී ලැබෙන පින් විපාක පිරිසිදු කර දේ. එය හරියට පහනක් දැල්වෙන විට ඉන් එළිය පැතිරෙන්නා මෙනි.[/FONT]

[FONT=&quot]
කුසල් කියන්නේත් මේකමද? සමහරු කුසල් කියන්නේ නිර්වාණගාමී යහපත් දේ පමණක් යයි කියයි. නමුත් බුද්ධ දේශනාවට අනුව මෙය නිවැරදි නොවේ. ඒ අනුව කුසල් යන්නේ අර්ථය වන්නේ වෙනකක් නොව කෙලෙසුන් නැති කරන්නා වූ ධර්ම ස්වභාවය කුසලය යි. එය හරියට පහනකින් එළිය විහිදෙන විට අඳුර නැති කරන්නාක් මෙනි. [/FONT]

[FONT=&quot]
මේ අනුව පින හා කුසල් යනු පැහැදිලිවම ධර්ම දෙකක් බව පැහැදිලිය.

උදාහරණයකින් කියන්නේ නම් පහන දැල්වූ විට ඉන් එළියක් පැතිරේ. ඒ පැතිරෙන එළිය නිසා අඳුර නැති වෙයි. මේ අනුව පහනේ එළිය නිසා කරුණු 2ක් සිදු වෙන බව පැහැදිලිය.[/FONT]

[FONT=&quot]
සිත පිරිසිදු වන සිතිවිලි වලට පින් කියා කියන අතර ඒ හිත් වල නීවරණ ධර්ම යටපත් කිරීමට හැකිවන්නා වූ සිත් වලට කුසල යයි කියයි. [/FONT]

[FONT=&quot]
කෙසේ වෙතත් මේ ධර්ම දෙකම එනම් පින හා කුසල යන දෙකම අපට නිවන් දැකීම සඳහා රැස් කර ගැනීම අත්‍යවශ්‍ය ය. ඒ බව සිත්හි තබා ධාර්මිකව ධර්මයේ හැසිරෙන්න. සම්මා දෘෂ්ටිය ඇති කර ගන්න. [/FONT]


 

Kasem

Member
Apr 29, 2010
665
52
0
බොහොම ස්තූතියි!
හුගක් හොද ලිපියක් සහෝ...:D
මේ ගැන සදහන් වන සූත්‍ර දේශනා මොනවද...:rolleyes:
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
බොහොම ස්තූතියි!
හුගක් හොද ලිපියක් සහෝ...:D
මේ ගැන සදහන් වන සූත්‍ර දේශනා මොනවද...:rolleyes:

හුඟක් සූත්‍ර තියෙනවා. නමුත් මේ ටික මන් ලිව්වේ එක්තරා ගාථාවක් මුල් කරන්. අහලා තියෙනවානේද අර එක්තරා කාන්තාවක් මහාකාශ්‍යප හාමුදුරුවො නිසා දෙව් ලොව ඉපදිලා ඉන් පස්සේ උන් වහන්සේගේ පන්සල අතු ගානවා හැම දාම උදේ පාන්දරින්. පස්සේ හාමුදුරුවො මේක දැන ගෙන කියනවා මීට වඩා හොඳ පින් කම් තියෙනවා ඒවා කරන්න.මීට පස්සේ මේ වැඩේ කරන්න එපා කියලා. ඒ දේවතාවිය දුකින් අහසින් යද්දි බුදු හාමුදුරුවෝ මේ බව දැකලා ගාථාවක් කියනවා.ඒ ගාථාව මුල් කරන් තමයි මන් මේක ලිව්වේ.
 

kingrawana

Member
Jan 17, 2009
100
15
0
සිංහලේ
මේකත් බලන්න, පින් හා කුසල්..

ඕක දැක්කම තමයි මටත් මේක ලියන්න හිතුනේ...

පින් හා කුසල් කියන්නේ දෙකක් බව තමයි අපෙත් වැටහීම, තවත් ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරන එක අපි කාටත් ප්‍රයෝජනවත් වෙයි. බොහොම ස්තුතියි.
 

UniMatrixZero

Member
Oct 16, 2008
233
22
0
51
Kottawa
පින් හා කුසල් කියන්නේ දෙකක් බව තමයි අපෙත් වැටහීම, තවත් ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරන එක අපි කාටත් ප්‍රයෝජනවත් වෙයි. බොහොම ස්තුතියි.

පින සහ කුසලය කියන්නෙ දෙකක් ... මෙතනත් වැඩි විස්තර තියෙනවා

http://blog.hiddendhamma.net/2010/06/pina-saha-kusalaya/
 

kingrawana

Member
Jan 17, 2009
100
15
0
සිංහලේ
පින සහ කුසලය කියන්නෙ දෙකක් ... මෙතනත් වැඩි විස්තර තියෙනවා

http://blog.hiddendhamma.net/2010/06/pina-saha-kusalaya/

බොහොම ස්තුතියි, මාත් මේ ඉන්ටර්නෙට් එකෙන් ඒ ගෙන විස්තර හොයා ගන්න තැනක් හොයා හොයා හිටියේ, බොහොම පින්!!
 

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara

අපි කවදාහරි නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා නම් පින් හා කුසල් යන දෙකම කර ගන්න වෙනවා. පින හා කුසල් වල එකතුව තමයි මාර්ගය විදියට සලකන්න වෙන්නේ. දන්නවානේ බුද්ධ දේශනාවේදී මාර්ගය කියලා සලකන්නේ හතර වෙනි ආර්ය සත්‍යය බව කියලා. මේ හතර වෙනි ආර්ය සත්‍යය තමයි අපිට උදව් වෙන්නේ තුන් වැනි ආර්ය සත්‍යය දකින්න වගේම අත් විඳින්න. ඒ නිසා මාර්ගයේ ගමන් කරන්න ඕනා කවුරු හරි ඉන්නවානම් වෙන කරන්න කිසිම දෙයක් නෑ, එයාට කරන්න කියෙන එකම දේ තමයි පින් හා කුසල් රැස් කර ගන්න එක. දන්නවානේ කුසල් කියන්නේ සරලව ගත්තම අවබෝධයෙන් මාර්ගයේ ගමන් කරන එක. මාර්ගයේ ගමන් කරන්න අපිට තියෙන වාහනය තමයි පින්. ඉතින් වාහනය අප්සට් නම් ගමන කචල්. මේ බව තේරුම් අරන් නිවන් බලා ගමන් කරන්න ඔබ සැමටම හැකියාව ලැබෙන්න මන් ප්‍රාර්ථනා කරනවා.

තුණුරුවන් සරණයි.